News Lanka http://www.newslanka.info News Lanka Officail Wed, 19 Aug 2020 10:58:48 +0000 en hourly 1 https://wordpress.org/?v=5.5.1 සිසුන් 200ට වැඩි පාසැල් සතියේ දින පහේම පැවැත්වීමට අවසර http://www.newslanka.info/?p=312 Wed, 19 Aug 2020 10:58:48 +0000 http://www.newslanka.info/?p=312 කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබා දුන් රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය

The post සිසුන් 200ට වැඩි පාසැල් සතියේ දින පහේම පැවැත්වීමට අවසර appeared first on News Lanka.

]]>
කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබා දුන් රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව, පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි වුව ද සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් , ශිෂ්‍ය පරතරය හා පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යා හැකි නම් සහ ප්‍රමාණවත් පන්ති කාමර, ගුරුවරුන් ඇත්නම් සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් එවැනි පාසල්වල සියලුම ශ්‍රේණි සඳහා පාසල් නැවත ආරම්භ කිරීමට පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන්, විදුහල්පතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.

The post සිසුන් 200ට වැඩි පාසැල් සතියේ දින පහේම පැවැත්වීමට අවසර appeared first on News Lanka.

]]>
” දැන් ගෙදර යන්න : තවත් 10,000 කට රැකියා දෙන්න තීරණය කළා” – විරෝධයේ යෙදි සිටි උපාධිධාරින්ට ජනපති කියයි http://www.newslanka.info/?p=309 Wed, 19 Aug 2020 10:56:12 +0000 http://www.newslanka.info/?p=309 රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හඳුන්වාදුන් වැඩසටහන යටතේ තවත් උපාධිධාරීන් දස දහසකට රැකියා ප්‍රදානය

The post ” දැන් ගෙදර යන්න : තවත් 10,000 කට රැකියා දෙන්න තීරණය කළා” – විරෝධයේ යෙදි සිටි උපාධිධාරින්ට ජනපති කියයි appeared first on News Lanka.

]]>
රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හඳුන්වාදුන් වැඩසටහන යටතේ තවත් උපාධිධාරීන් දස දහසකට රැකියා ප්‍රදානය කිරීමට අද (19) කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබි තිබෙනවා.

මහ මැතිවරණය නිසා නතර කෙරුණු උපාධිධාරී රැකියා සම්පාදන ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීම පසුගිය සිකුරාදා ආරම්භ කරනු ලැබුවා. ඒ යටතේ උපාධිධාරීන් 50,000කට පත්වීම් ප්‍රදානය කෙරුණා.

අද තීරණයට අනුව තවත් දස දහසක් එම පිරිසට එක් වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද ජනාධිපති කාර්යාලය අසළ විරෝධතාවක නිරතව සිටියා.

කැබිනට් මණ්ඩල රැස්වීම නිමවා යමින් සිටි ජනාධිපතිතුමා ඔවුන් අසළ සිය වාහනය නතර කොට සියලු උපාධිධාරීන්ට රැකියා ප්‍රදානය කරන බව සඳහන් කර සිටියා.

“දැන් ගෙදර යන්න. තවත් දස දහසකට රැකියා දෙන්න අද අනුමත කළා” ජනාධිපතිතුමා විරෝධතාවයේ යෙදී සිටි පිරිසට කියා සිටියා.

The post ” දැන් ගෙදර යන්න : තවත් 10,000 කට රැකියා දෙන්න තීරණය කළා” – විරෝධයේ යෙදි සිටි උපාධිධාරින්ට ජනපති කියයි appeared first on News Lanka.

]]>
මන්ත‍්‍රිකම ඥාණසාර හිමිට දිය යුතුයි.. මුලින් රතන හිමි එසේ පොරොන්දු වූවා..- සෝපිත හිමි http://www.newslanka.info/?p=305 Wed, 19 Aug 2020 10:53:02 +0000 http://www.newslanka.info/?p=305 මැතිවරණයට පෙර අතුරලියේ රතන හිමියන් විසින් පැවසූ පරිදි අපේ ජන බල පක්ෂය ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදීමට

The post මන්ත‍්‍රිකම ඥාණසාර හිමිට දිය යුතුයි.. මුලින් රතන හිමි එසේ පොරොන්දු වූවා..- සෝපිත හිමි appeared first on News Lanka.

]]>
මැතිවරණයට පෙර අතුරලියේ රතන හිමියන් විසින් පැවසූ පරිදි අපේ ජන බල පක්ෂය ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදීමට කටයුතු කල යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

පාර්ලිමේන්තු යැවීමට සුදුසු ඥාණසාර හිමියන් බවත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය උන් වහන්සේ ලබා දෙන බවත් රතන හිමියන් මැතිවරණය පෙර පැහැදිලිව පැවසූ බවත් සෝභිත හිමියන් පැවසූය.

ඒ ප‍්‍රකාශය අනුව දැන් කටයුතු කිරීම උන් වහන්සේගේ වගකීමක් බවත් සෝභිත හිමියෝ කියා සිටියහ.

ඇඹිලිපිටිය දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

මන්ත‍්‍රී ධුරයක් වෙනුවෙන් මේ ආකාරයෙන් මතබේද ඇති කර ගැනීම ඡුන්දය දුන් අයටත් නොදුන් අයටත් කණස්සල්ලට කාරණාවක් මෙන්ම ශාසනයටද අපකීර්තියක් බවත් එහිමියෝ වැඩි දුරටත් කියා සිටියහ.

The post මන්ත‍්‍රිකම ඥාණසාර හිමිට දිය යුතුයි.. මුලින් රතන හිමි එසේ පොරොන්දු වූවා..- සෝපිත හිමි appeared first on News Lanka.

]]>
ප්‍රවාහන සේවා සංවර්ධනය බස් රථය හෝදන තැනින් පටන් ගන්න” ප්‍රවාහන බලධාරීන්ට ජනපති කියයි http://www.newslanka.info/?p=301 Tue, 18 Aug 2020 16:44:34 +0000 http://www.newslanka.info/?p=301 මගීන්ට යහපත් මානසිකත්වයකින් බස් රථයේ හෝ දුම්රියේ ගමන් කිරීමට පසුබිම සකසමින් ප‍්‍රවාහන සේවාව නගාසිටුවීම අරඹන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා

The post ප්‍රවාහන සේවා සංවර්ධනය බස් රථය හෝදන තැනින් පටන් ගන්න” ප්‍රවාහන බලධාරීන්ට ජනපති කියයි appeared first on News Lanka.

]]>
මගීන්ට යහපත් මානසිකත්වයකින් බස් රථයේ හෝ දුම්රියේ ගමන් කිරීමට පසුබිම සකසමින් ප‍්‍රවාහන සේවාව නගාසිටුවීම අරඹන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රවාහන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඉතා කුඩා ආරම්භයකින් ලොකු වෙනසක් කළ හැකි බැවින් බස් රථය සෝදා පිරිසිදු කර මගීන්ට අසුන්ගෙන යාමට සැලසීම හෙට සිටම අරඹන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

“ඉතා කුඩා ආරම්භයකින් ලොකු වෙනසක් කරන්න පිළිවන්. බස් රථය සෝදා පිරිසිදු කර මගීන්ට අසුන්ගෙන යාමට සැලසීම හෙටම පටන් ගන්න” ජනාධිපතිතුමා උපදෙස් දෙයි.

ප‍්‍රවාහන අමාත්‍යාංශයේ සහ රථ වාහන නියාමනය, බස් රථ ප‍්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

මෝටර් රථයෙන් පැමිණ එය නතර කර බස් රථයෙන් සේවා ස්ථානයට ගමන් කිරීමේ පාර්ක් ඇන්ඞ් ඩ‍්‍රයිව් ක‍්‍රමය කඩිනමින් කි‍්‍රයාත්මක කර මාර්ග තදබදය විසඳීමේ අවශ්‍යතාව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

”දුම්රිය සහ බස් රථ ඒකාබද්ධ සේවා සහ බස් රථ ඒකාබද්ධ ධාවන කාලසටහන නොපමාව ආරම්භ කිරීමට සහ කාර්යක්ෂම මගී ප‍්‍රවාහන සේවාවක් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයටම පෙර ගෙවුම් කාඞ්පත් ක‍්‍රමය කඩිනමින් හඳුන්වාදීමට ද එහිදී තීරණය කර තිබෙනවා.

හොඳ තත්ත්වයේ ඇති සාමාන්‍ය බස් රථ අධිවේගී මාර්ගයේ ධාවනයට එක් කිරීමෙන් අඩු මුදලකට මගීන් විශාල පිරිසකට ගමන් පහසුකම් සැලසීමේ හැකියාව ද ජනාධිපතිවරයාගේ අවධානයට යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

The post ප්‍රවාහන සේවා සංවර්ධනය බස් රථය හෝදන තැනින් පටන් ගන්න” ප්‍රවාහන බලධාරීන්ට ජනපති කියයි appeared first on News Lanka.

]]>
කොඩියේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට මං නඩු දානවා..- රතන හිමි http://www.newslanka.info/?p=298 Tue, 18 Aug 2020 16:38:35 +0000 http://www.newslanka.info/?p=298 අපේ ජන බල පක්ෂය ඇතිවී තිබෙන ගැටලුව විසඳා ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එම පක්‍ෂයෙන් තරග වැද පරාජයට පත්

The post කොඩියේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට මං නඩු දානවා..- රතන හිමි appeared first on News Lanka.

]]>
අපේ ජන බල පක්ෂය ඇතිවී තිබෙන ගැටලුව විසඳා ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එම පක්‍ෂයෙන් තරග වැද පරාජයට පත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

මෙම කාරණය ඇගේ හයියෙන් හෝ චන්ඩි කමින් බේරාගත හැකි දෙයක් නොවන බව ද නීතිය විසින් තීරණය කරනු ඇතැයි ද උන්වහන්සේ පවසති.

තමන් වහන්සේට මන්ත්‍රී දුරයේ උවමනාවක් නැති නමුත් තමන්ට පක්ෂයට ඡන්දය දුන් මිනිස්සුන්ට සාධාරණයක් විය යුතු නිසා මෙම තීරණය ගත් බවද උන්වහන්සේ සඳහන් කළහ.

ජාතික ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා මන්ත්‍රීධූරයක් ඇතත් නැතත් එය සිදු කළ හැකි බවද උන්වහන්සේ කියති.

තමන් වහන්සේ සැඟවී සිටිතැයි පැතිර යන වාර්තා අසත්‍ය බවත් කී හිමියන් මේ දින සියල්ලේ තමන් රාජගිරියේ පිහිටි සදහම් සෙවනේ වැඩ වාසය කල බවද පැවසූහ.

අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් රතන හිමියන් මේ බව සඳහන් කළහ.

The post කොඩියේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට මං නඩු දානවා..- රතන හිමි appeared first on News Lanka.

]]>
රනිල්ට සමකල හැකි කිසිවෙකු පාර්ලිමේන්තුවේ නෑ..- SJB මන්ත‍්‍රී නලින් බණ්ඩාර http://www.newslanka.info/?p=295 Tue, 18 Aug 2020 13:08:33 +0000 http://www.newslanka.info/?p=295 එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සමකළ හැකි කිසිවකු පාර්ලිමේන්තුවේ නැති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

The post රනිල්ට සමකල හැකි කිසිවෙකු පාර්ලිමේන්තුවේ නෑ..- SJB මන්ත‍්‍රී නලින් බණ්ඩාර appeared first on News Lanka.

]]>
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සමකළ හැකි කිසිවකු පාර්ලිමේන්තුවේ නැති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

වික‍්‍රමසිංහ මහතාගේ අත්දැකීම පළපුරුද්ද සහ භාවිතය සමඟ පාර්ලිමේන්තුවේ කිසිවෙකුට සමකල නොහැකි යැයිද ඔහු පවසයි.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී නොමැකෙන සලකුණක් වූ වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නොසිටීම ගැන කණගාටුවන බවද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයට හිමිවී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුසුම පුද්ගලයා වික්‍රමසිංහ මහතා බව ද ඉදිරි වසර පහේදී ඔහුගේ භාවිතය තිබෙන්නේ නම් එය විශාල වාසියක් බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග මූලස්ථානය වීරයෝ මාධ්‍ය හමුවක් අමතමිනි.

The post රනිල්ට සමකල හැකි කිසිවෙකු පාර්ලිමේන්තුවේ නෑ..- SJB මන්ත‍්‍රී නලින් බණ්ඩාර appeared first on News Lanka.

]]>
කලාප 04කට බෙදා රට පුරා විදුලිය කපා හැරේ.. කාලසටහන මෙන්න.. http://www.newslanka.info/?p=292 Tue, 18 Aug 2020 12:39:59 +0000 http://www.newslanka.info/?p=292 අද සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා දිනකට පැයක කාලයක් විදුලිය විසන්ධි කරයි. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ දිවයිනම කලාප

The post කලාප 04කට බෙදා රට පුරා විදුලිය කපා හැරේ.. කාලසටහන මෙන්න.. appeared first on News Lanka.

]]>
අද සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා දිනකට පැයක කාලයක් විදුලිය විසන්ධි කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ දිවයිනම කලාප හතරකට වෙන් කර අවස්ථා දෙකකදී එම විදුලිය විසන්ධි කිරීම සිදු කරන බවයි.

ඒ අනුව කලාප දෙකකට පස්වරු 06.00-07.00 කාලයේදීත්, අනෙක් කලාප දෙකට පස්වරු 07.00-08.00 දක්වාත් විදුලිය විසන්ධි කරයි.

විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කරන්නේ පද්ධතියේ ජනන සැපයුම යථා තත්ත්වයට පත්වන තෙක් දින හතරක පමණ කාලයක් මෙම විදුලි විසන්දි කිරීම සිදුවන බවයි.

ඊයේ දිනයේ සිදුවූ විදුලිය බිද වැටීමෙන් පසු නොරොච්චෝලේ බලාගාරය අක‍්‍රිය වීම නිසා එය යලි සක‍්‍රිය වන තෙක් මෙම විදුලිය සිදලීම ක‍්‍රියාත්මකය.

The post කලාප 04කට බෙදා රට පුරා විදුලිය කපා හැරේ.. කාලසටහන මෙන්න.. appeared first on News Lanka.

]]>
පොලිස් ලොක්කෙක් මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සමග නිල නිවසේ මත්පැන් සාදයක.. http://www.newslanka.info/?p=288 Tue, 18 Aug 2020 07:47:30 +0000 http://www.newslanka.info/?p=288 වැඩ තහනමට ලක්ව සිටින කිරිදිවැල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා තම නිල නිවසේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ මත්පැන් සාදයක් පවත්වා ඇතැයි හෙළි

The post පොලිස් ලොක්කෙක් මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සමග නිල නිවසේ මත්පැන් සාදයක.. appeared first on News Lanka.

]]>
වැඩ තහනමට ලක්ව සිටින කිරිදිවැල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා තම නිල නිවසේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ මත්පැන් සාදයක් පවත්වා ඇතැයි හෙළි වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පාතාල නායකයකු සම්බන්ධයෙන් තොරතුරු දැන සිටිය දී ඔහුට එරෙහිව පියවරක් නොගැනීම සම්බන්ධයෙන් ද මෙම ස්ථානාධිපතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

මත්පැන් සාදයට සහභාගී වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ඉල්ලීම් අනුව එසේ කර කටයුතු කර ඇතැයි ද පරීක්ෂණ වලින් හෙළි වී ඇත.

ස්ථානාදිපතිගේ වැඩ තහනමට ලක්කර ඇත්තේ ඉහත සිදුවීම් පදනම් කරගෙනයි.

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

The post පොලිස් ලොක්කෙක් මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සමග නිල නිවසේ මත්පැන් සාදයක.. appeared first on News Lanka.

]]>
ජනාධිපතිට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. http://www.newslanka.info/?p=284 Mon, 17 Aug 2020 17:12:36 +0000 http://www.newslanka.info/?p=284 ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ඇමතිධූරය සහ බුද්ධශාසන ඇමැති ධුරය දැරිය යුතු යැයි ප්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්

The post ජනාධිපතිට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. appeared first on News Lanka.

]]>
ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ඇමතිධූරය සහ බුද්ධශාසන ඇමැති ධුරය දැරිය යුතු යැයි ප්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

නීතිඥ අරුණ ලක්සිරි විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර ජනාධිපතිවරයා සහ නීතිපතිවරයා එහි වග උත්තරකරුවන් කර ඇත.

ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව බුද්ධ ශාසන අමාත්‍යාංශය වෙනත් කිසිවකුට පැවරීමට ජනාධිපතිවරයාට නොහැකි යයි ඔහු සඳහන් කරයි.

ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපති තබාගෙන බුද්ධ ශාසන අමාත්‍යාංශය පවරා නොගැනීම මත ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි ප්‍රකාශයට පත් කරන්නැයි පෙත්සම්කරු ඉල්ලා සිටියි.

The post ජනාධිපතිට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. appeared first on News Lanka.

]]>
උදේට වැඩිවෙන හවසට http://www.newslanka.info/?p=272 Sun, 05 Jul 2020 04:51:16 +0000 http://www.newslanka.info/?p=272 වයසට යන විට සිරුරේ දැනෙන, විවිධ වේදනා බොහෝමයි. තුනටිය කැක්කුම ඒ අතර ප්‍රධානයි. ඒ සඳහා විවිධ හේතු තිබිය හැකියි. නමුත්

The post උදේට වැඩිවෙන හවසට appeared first on News Lanka.

]]>
වයසට යන විට සිරුරේ දැනෙන, විවිධ වේදනා බොහෝමයි. තුනටිය කැක්කුම ඒ අතර ප්‍රධානයි. ඒ සඳහා විවිධ හේතු තිබිය හැකියි. නමුත් බහුලවම දක්නට ලැබෙන උදේට දරන්න බැරි වේදනාවක් හටගෙන ටිකෙන් ටික අඩුවෙන තුනටියේ කැක්කුම වෛද්‍යවරු හඳුන්වන්නේ ‘’ස්පොන්ඩිලෝසිස්’ (Lumbar spondylosis), නැතිනම් කටී ප්‍රදේශයේ ස්පොන්ඩිලෝසිස් රෝගය හැටියටයි. අද අපි සොයා බලමු ඒ ගැන. 

මොකක්ද මේ Lumber Spondylosis රෝග තත්ත්වය? මෙය තුනටිය කියලා සාමාන්‍යයෙන් හඳුන්වන කටී කශේරුකාවේ ඇති ස්පොන්ජි වැනි  අන්තර් කශේරුක මඬල සහ ඒ ආශ්‍රිත සන්ධි පරිහානියට පත්වීම සහ ඒ අතරින් නව අස්ථී කොටස් ඇතිවීම නිසා ඇතිවන රෝග තත්ත්වයකි.

මෙම රෝග තත්ත්වයේදී කටී කශේරුකාවල සහ අන්තර් කශේරැක මඬල්වල ඇතිවන වෙනස්කම් මොනවාද? මෙහිදී වයස්ගත වීමත් සමඟ මෙම වෙනස්කම් ඇතිවේ. කශේරුකා වලින් පිටතට Osteophytes ලෙස හඳුන්වන කූරු වැනි අස්ථි කොටස් වර්ධනය වේ. මේවා බහුලවම වර්ධනය වන්නේ කශේරුකාවල ඉදිරිපස සහ දෙපසයි. වයසට යන විට අන්තර් කශේරුක මඬලවල පිටත තන්තුමය කොටස ඝන වන අතර ඒවායේ ප්‍රත්‍යස්ථභාවය අඩු වේ. එම නිසා මැද ඇති ජෙලිමය ද්‍රව්‍ය පිටතට නෙරා ඒම සිදුවේ.කශේරුකා අතර අස්ථි වර්ධනය නිසා කශේරුකාවල චලන අඩු වී කොන්දේ නම්‍යශීලීභාවය නැති වී යයි. (bamboo spine)

රෝග ලක්ෂණ මොනවාද?

මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය තුනටිය ප්‍රදේශයේ ඇතිවන වේදනාවයි. මෙම වේදනාව උදෑසනදී වැඩියි. දෛනික ක්‍රියාකාරකම් සමඟ අඩු වේ. දැඩි වෙහෙසක් ගෙන දෙන ක්‍රියාකාරකම් නිසා මෙම වේදනාව වැඩි වේ. කොන්දේ තද ගතිය (stiffness) ඇතිවෙන අතරම එහිදි කශේරුකාවල ඇතිවන අස්ථිමය වර්ධනයන් නිසා සුෂුම්නාව හෝ ස්නායුමුල තෙරපෙන විට මෙම කොන්දේ වේදනාව තට්ටම ප්‍රදේශය හෝ පාදය දක්වා විහිදී යයි.මෙම රෝගය  නිසා ඇතිවිය හැකි සංකූලතා : – Lumber radiculopathy තත්ත්වය Spondylolysis හෙවත් අස්ථි එකිනෙක මත ලිස්සා යාම පාදවල මාංශපේශි දුර්වල වීම. (myelopathy) Lumber Spinal stenosis හෙවත් සුෂුම්නාව ගමන් කරන අස්ථිමය නාලයේ වපසරිය අඩු වේ.

මෙහිදී රෝග විනිශ්චය කරන්නේ කෙසේද?

රෝගියා විසින් පවසන රෝග ඉතිහාසයට අනුව සහ ශාරීරික පරීක්ෂාවෙන් සොයාගන්නා තොරතුරු අනුව මෙම රෝග තත්ත්වය සායනිකව රෝග විනිශ්චය සිදු කළ හැක. රෝග තත්ත්වය තහවුරු කිරීම සඳහා කොන්දේ එක්ස්-රේ පරීක්ෂණ සහ MRI පරීක්ෂණ උපයෝගී කර ගනී.

මෙම රෝග තත්ත්වය සදහා හේතුවන කරුණු මොනවාද?
මෙම රෝග තත්ත්වය ඇතිවීම සඳහා හේතුවන බවට තහවුරු වී ඇති එකම කරුණ වන්නේ වයස්ගත වීමයි.

මෙම රෝග තත්ත්වයට සිදුකරන ප්‍රතිකාර මොනවාද? මේ සඳහා ඖෂධීය නොවන ව්‍යායාම ප්‍රතිකාර ක්‍රම, මෙන්ම ඖෂධ සහ සැත්කම් ද තිබේ.ඖෂධීය නොවන ප්‍රතිකාර : කොන්දේ මාංශපේශි ශක්තිමත් කිරීම සඳහා ව්‍යායාම භෞත චිකිත්සක ප්‍රතිකාර තුනටියට Lumber corset එකක් පැළඳීම කොන්දේ වේදනාව ඇති කරන ක්‍රියාකාරකම් සීමා කිරීම ඖෂධීය ප්‍රතිකාර: කොන්දේ ඇතිවන දැඩි වේදනාව පාලනය සඳහා වේදනා නාශක භාවිතය සහ කොන්දේ තද භාවය අඩු කරන ඖෂධ භාවිතය.කොන්දේ සිදුකරන සැත්කම්: මෙය රෝග තත්ත්වය උග්‍රවී සුෂුම්නාව හෝ ස්නායු මුල තෙරපීමකට ලක්වූ විට කොන්දේ සිදු කරන ශල්‍යකර්ම මගින් ප්‍රතිකාර සිදු කරනු ලබයි.

The post උදේට වැඩිවෙන හවසට appeared first on News Lanka.

]]>