කොඩියේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට මං නඩු දානවා..- රතන හිමි

අපේ ජන බල පක්ෂය ඇතිවී තිබෙන ගැටලුව විසඳා ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එම පක්‍ෂයෙන් තරග වැද පරාජයට පත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

මෙම කාරණය ඇගේ හයියෙන් හෝ චන්ඩි කමින් බේරාගත හැකි දෙයක් නොවන බව ද නීතිය විසින් තීරණය කරනු ඇතැයි ද උන්වහන්සේ පවසති.

තමන් වහන්සේට මන්ත්‍රී දුරයේ උවමනාවක් නැති නමුත් තමන්ට පක්ෂයට ඡන්දය දුන් මිනිස්සුන්ට සාධාරණයක් විය යුතු නිසා මෙම තීරණය ගත් බවද උන්වහන්සේ සඳහන් කළහ.

ජාතික ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා මන්ත්‍රීධූරයක් ඇතත් නැතත් එය සිදු කළ හැකි බවද උන්වහන්සේ කියති.

තමන් වහන්සේ සැඟවී සිටිතැයි පැතිර යන වාර්තා අසත්‍ය බවත් කී හිමියන් මේ දින සියල්ලේ තමන් රාජගිරියේ පිහිටි සදහම් සෙවනේ වැඩ වාසය කල බවද පැවසූහ.

අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් රතන හිමියන් මේ බව සඳහන් කළහ.