මන්ත‍්‍රිකම ඥාණසාර හිමිට දිය යුතුයි.. මුලින් රතන හිමි එසේ පොරොන්දු වූවා..- සෝපිත හිමි

මැතිවරණයට පෙර අතුරලියේ රතන හිමියන් විසින් පැවසූ පරිදි අපේ ජන බල පක්ෂය ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදීමට කටයුතු කල යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

පාර්ලිමේන්තු යැවීමට සුදුසු ඥාණසාර හිමියන් බවත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය උන් වහන්සේ ලබා දෙන බවත් රතන හිමියන් මැතිවරණය පෙර පැහැදිලිව පැවසූ බවත් සෝභිත හිමියන් පැවසූය.

ඒ ප‍්‍රකාශය අනුව දැන් කටයුතු කිරීම උන් වහන්සේගේ වගකීමක් බවත් සෝභිත හිමියෝ කියා සිටියහ.

ඇඹිලිපිටිය දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

මන්ත‍්‍රී ධුරයක් වෙනුවෙන් මේ ආකාරයෙන් මතබේද ඇති කර ගැනීම ඡුන්දය දුන් අයටත් නොදුන් අයටත් කණස්සල්ලට කාරණාවක් මෙන්ම ශාසනයටද අපකීර්තියක් බවත් එහිමියෝ වැඩි දුරටත් කියා සිටියහ.