බාර්ලි වල ඔබ නොදත් ගුණ

රෝගියකු බැලීමට යන විට මෝල්ට් අඩංගු කිරි පැකැට්ටුවක් රැගෙන යාම සිරිතක් වශයෙන් සිදු කෙරෙන්නක්. සමහරු මෝල්ට් රසැති කිරි පානයක රස බලන්නේත් රෝගී වූ විටයි. එය එපමණටම ඉස්තරම් සුවිශේෂී පානයක් ලෙස සලකනවා. බාර්ලි එවැනි පානයක ප‍්‍රධාන සංඝටකයයි. බාර්ලි අපට නැතිවම බැරි තවත් අවස්ථාවක් වන්නේ මුත‍්‍රා පිට කිරීමේ අපහසුතාවයක් ඇති වූ විටයි. එවිට බාර්ලි ඇට තැම්බූ ජලය පානයෙන් ඉක්මන් සහනයක් ලබා ගන්න පුළුවන්. බාර්ලිවලින් තැනූ සුප්, පාන්, ලාංකික අපට ආගන්තුක වුවත් බටහිර රටවල නම් ඒවා ජනප්‍රිය ආහාර පානයි. බොහෝ ධාන්‍ය වර්ග මෙන්ම බාර්ලි ද පෝෂණ ගුණයෙන් අනූනයි. ඉතා දුලබ පෝෂක ගණනාවක්ම බාර්ලි මගින් ලබා ගන්න පුළුවන්. කෙඳී, සිලේනියම්, පොස්පරස්, තඹ, මැංගනීස් ඒ අතරින් ප‍්‍රධානයි. කෙඳීවල පෝෂණය බාර්ලිවල අඩංගු කෙඳී අහිතකර කොලෙස්ටරෝල් අඩු කරනවා. බඩවැල් ආරක්ෂා කරනවා.

බඩවැල් පිළිකා, අර්ශස් වැනි රෝග තත්ත්ව අවම කර ගැනීමට බාර්ලි ආහාරයට ගන්නා අයට පුළුවන්. මහබඩ වැලෙහි ජීවත් වන හිතකර බැක්ටීරියාවලට බාර්ලිවල අඩංගු කෙඳී හොඳ ආහාරයක්. හිතකර බැක්ටීරියා නිපදවන මේද අම්ල මහ බඩවැලේ සෛලවලට කදිම ඉන්ධනයක්. මෙමගින් මහ බඩවැලේ නීරෝගී බව වර්ධනය වෙනවා. ප‍්‍රයෝජනවත් බැක්ටීරියා නිපදවන මේද අම්ල අක්මාවේ හා මාංසපේශින්වල සෛලවලට ඉන්ධනයක්. බාර්ලිවල කෙඳී මගින් නිපදවෙන තවත් අම්ල වර්ගක් සතුව අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීමේ හැකියාවක් තිබෙනවා. මීට අමතරව බාර්ලිවල අඩංගු කෙඳී බීටා ග්ලූකන්වලින් ඉහළයි. බීටා ග්ලූකන් අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීමට උපකාරී වන්නේ ඒවා මළ සමඟ පිට වන්නට සැලැස්වීමෙනි. සිරුරේ අධිකව අහිතකර කොලෙස්ටරෝල් අඩංගු ගැහැනු, පිරිමි සියලු දෙනාටම බාර්ලි මගින් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගන්න පුළුවන්. විවිධාකාරයෙන් අහිතකර කොලෙස්ටරෝල් අඩු කරන නිසා බාර්ලි හදවත් රෝගවලින් බේරා ගන්නා හොඳ ආරක්ෂකයෙක්. කෙඳීවලට අමතරව නියැසින් නම් බී විටමිනය ද මෙහි හොඳින් අඩංගුයි.

නියැසින් හදවතෙහි නීරෝගී බව සුරකිනවා. රුධිර කැටි ගැසීම වැළැක්වීටමේ ගුණයක් ද බාර්ලි සතුයි. බාර්ලි කෝප්පයකින් දෛනික නියැසින් අවශ්‍යතාවයෙන් 14.2% ක් සපුරා ගන්න පුළුවන්. ආර්තවහරණය සිදු වු කාන්තාවකට සොබා දහමින් දී ඇති අපූරු දායායක් බාර්ලි එසේ කියන්නේ සතියකට අඩු වශයෙන් හයවරක් වත් බාර්ලි ආහාරයට එක් කර ගැනීමෙන් අධික රුධිර පීඩනය, අධික කොලොස්ටරෝල් මට්ටම වැඩිවීමේ අවදානමින් මිදෙන්න පුළුවන් නිසයි. අනෙකුත් ධාන්‍ය හා බාර්ලි සතුව දියවැඩියා අවදානම අඩු කිරීමේ ගුණයක් ද පවතිනවා. පිත්තාශයේ ගල්වලට විසඳුමක් බාර්ලි වැනි අධික ලෙස කෙඳී අඩංගු ආහාරවලින් කාන්තාවන්ගේ පිත්තාශයේ ගල් ඇතිවීම වළක්වනවා. පර්යේෂණවලින් හෙළි වී ඇති අන්දමට ළමා වියේ හට ගන්නා ඇදුම රෝගයෙන් බාර්ලි හා මාළු කෑමෙන් ආරක්‍ෂා වීමට පුළුවන්. අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ එම ආහාරවලට 50% ක් ඇදුම වැළදීමේ අවදාම අඩු කළ හැකි බවයි.

කෙඳී, සිලේනියම් සංයෝගය හොඳ ශරීර සෞඛ්‍යයකට බාර්ලි සතු කෙඳී, සිලේනියම් සංයෝගය ප‍්‍රබල ආධාරකයක්. බඩවැලේ පිළිකා කාරක ද්‍රව්‍ය ඉවත් කිරීමට බාර්ලිවල අඩංගු කෙඳී උපකාරී වෙනවා. පිසූ බාර්ලි කෝප්පයකින් සිලේනියම් 52% ක් ලබාගන්න පුළුවන්. බොහෝ දෙනකුට නොලැබී යන එහෙත් අත්‍යාවශ්‍ය පෝෂකයක් ලෙස සිලේනියම් හඳුන්වන්න පුළුවන්. සිරුරේ බොහොමයක් කි‍්‍රයාවන්ට සිලේනියම් නැතිවම බැහැ. තයිරොයිඩ් හෝර්මෝන පරිවෘත්තිය විස නාශක පද්ධති පතිශක්තිකරණ පද්ධතිය හොඳීන් ක්‍රියාත්මක වීමට සිලේනියම් අවශ්‍යයි. පිළිකා ඇති වීමේ බලය බිඳ දැමීමේ අපූරු හැකියාවක් සිලේනියම් සතුව තිබෙනවා. පිළිකා පමණක් නොව හදවත් රෝග ද, ඇදුම හා ආතරයිටීස් ද සිලේනියම් මගින් වළක්වනවා. සමහර එළවළු, පලතුරුවලට ද වඩා සෞඛයට හිතකර පෝෂක බාර්ලිවල අඩංගුයි. ෆයිටොනියුට්‍රියන්ට්ස් ඒ අතරින් ප‍්‍රධානයි. පියයුරු පිළිකා වැළැක්වීමේ හැකියාව බාර්ලි වැනි යහමින් කෙඳි අඩංගු ධාන්‍ය ගැනීමෙන් 52 % න් පියයුරු පිළිකා ඇති වීමේ අවදානමින් මිදෙන්න පුළුවන්.

ආතරයිටීස් රෝගීන්ට මෙහි අඩංගු තඹ නම් ක්ෂුද්‍ර පෝෂකය රුමැටොයිඩ් ආතරයිටීස් රෝගීන්ට සහනයක් ගෙන දෙනවා. පිසූ බාර්ලි කෝප්පයකින් දෛනික තඹ අවශ්‍යතාවයෙන් 32 % ක් සපුරා ගන්න පුළුවන්. සිරුරේ අලුත් වැඩියාව පොස්පරස් බාර්ලිවල යහමින් අඩංගු පෝෂකයක්, සෑම සෛලයක්ම ගොඩ නැගීමට, අස්ථි සෑදීමට පොස්පරස් අත්‍යාවශ්‍යයි. බාර්ලිවල නිජ බිම ඉතියෝපියාව හා අග්නිදිග ආසියාවයි. මිලදී ගැනීම තෙතමනයකින් යුතු බාර්ලි කිසි වටිකත් මිලදී ගනු එපා බාර්ලි ඇසිරිය යුත්තේ වාතය නොයන පරිදි වැසූ වීදුරු භාජනයකයි. උණුසුම් කාල ගුණයක් පවතින විට බාර්ලි ශීතකරණයේ තැන්පත් කරන්න. බාර්ලිවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ පිසූ බාර්ලි කෝප්පයක – කෙඳි, සිලේනියම්, තඹ, මැංගනීස්, පොස්පරස්, ජලය, සීනි, කාබෝහයිඩ්‍රේට්, මේදය අඩංගුව තිබෙනවා

ජනාධිපතිවරණයේ අලුත්ම පුරෝකතනය

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. එක්සත් ජාතික පක්ෂය ගාලු මුවදොර රැළියක් පවත්වා තමන්ගේ ශක්තිය පෙන්ව මා මිත්‍ර අජිත් පෙරේරා මහතාගේ වචනවලින් කියනවා නම් ලක්ෂ පහක සෙනගක් ගේනව. නමුත් එතුමා දන්නෙ නැති කතන්දරය තමයි බොහොම අමාරුවෙන් ලක්ෂ 5ක් ඡන්ද හදාගන්න ජනතා විමුක්ති පෙරමුණත් ඔතන පිරෙව්වා. ඒ වගේම අප තමයි පිරිලා ඉතිරිලා යන්න ගාලුමෝදර රැස්වීම් කළේ. ඔය පිට්ටනියේ සම්පූර්ණ හැකියාව ගැන අපට නම් හොඳ අවබෝධයක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ නම් ඈතින් ඈතින් පුටු දාලා තමයි ගාලු මුවදොර පිට්ටනිය පිරෙව්වේ.

ඒ විදිහට ජනතා විමුක්ති පෙරමුණ පිට්ටනිය පිරෙව්ව අවස්ථාවේ අපි ගණන් හදලා බැලුවහම පුටු 20,000 කින් තමයි ගාලුමෝදර පිට්ටනිය පුරවා තිබුණේ. ගාලුමුවදොර පිට්ටනියෙන් තුනෙන් එකකටත් වඩා මෙහාට අරගෙන තමයි එජාපය වේදිකාව ඉදි කරන්නේ. එජාපය අද හැත්තෑපන් දහසක් අරන් ආවොත් ඔවුන් වේදිකාව ඉදි කරලා තියෙන තැන දිහා බලද්දි යන්තමින් ගාලුමුවදොර පිට්ටනිය පුරවා ගන්න පුළුවන්. අපි වගේ අර කිටිකිටියේ පිරිලා ගාලු පාර වැහෙන්න නම් ඔවුන්ට දැවැන්ත සෙනඟක් ගේන්න වෙනවා. ඒ නිසා ලක්ෂ හතළිහක් පුංචි ඡන්දයේදී ඡන්ද ගත්ත එක්සත් ජාතික පෙරමුණ ගාලු මුවදුර පිට්ටනිය පුරවලා තමන් දිනනවා කියලා පෙන්නන්න බෑ. ඒක ඉලක්කම් වලින් පෙන්නන්නට ඕන. අපි කොහොමද අපි දිනනවා කියලා පෙන්වන්නේ. අපි ඉලක්කම් වලින් හදලා පෙන්වනවා අවම වශයෙන් 61% ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ වන විටත් තියෙනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු සංධානය 5,140,411 ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන තිබෙනවා. 42% ප්‍රතිශතයක් එයට තියෙනවා. ඒක හැදෙන්නේ කොහොමද ? පහත දැක්වෙන ආකාරයටයි එය හැදිලා තියෙන්නේ.
ලිපිය පහල ඇති 1.රූපය බලන්න. එක්සත් ජනතා නිදහස් සන්ධානය ද ඒ ආකාරයෙන්ම සන්ධාන ගත වෙනවා. එම සන්ධානය සමග ඒ අවස්ථාවේ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය, ජාතික කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය, ලිබරල් පක්ෂය ඉන්නවා. ඔවුන් එක්ක හිටපු හිස්බුල්ලා මන්ත්‍රීතුමන් දැන් එතැනින් ඉවත් වෙලා ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා. එතුමා ඒ ප්‍රදේශවල ගත්ත සියලුම ඡන්ද අපි එතුමාටම ලියලා දීලා අපි ඡන්ද 35000ක් ඉවත් කරමින් ගණනය කලා. ඒය අපට මෙලෙසින් දැක්විය හැකියි. ලිපිය පහල ඇති 2.රූපය බලන්න.

14% ඡන්ද ප්‍රතිශතයක් මෙයට අයත් වෙනවා. 42% සහ 14% එකතු වූ විට 6,844,595 යි. එය 56% ප්‍රතිශතයක්. 56% අපි ගන්නවා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ 6% ද අයින් කළහම අලුත් ඡන්ද ඔක්කොම ගත්තත් ස්වාධීන කණ්ඩායම් සියල්ලේම ඡන්ද එකතු කරගත්තත් එජාප සන්ධානයට ලබා ගත හැකි උපරිම ඡන්ද ප්‍රමාණය වන්නේ 38% යි. අනෙකුත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 4% ලබාගෙන තියෙනවා පුංචි ඡන්දයේ දී. ඒ 4% න් සාතිශය බහුතරය අපට මේ වන විටත් සහයෝගය දක්වා තියෙනවා. මේ ගණනය කිරීමේදී එයත් අප සමානව 2% බැගින් දෙපසට බෙදා ගණනය කළා. 2012 වසරේ සිදු කරන ලද අවසන් ජන සංගණනයට අනුව කතෝලික සහ ක්‍රිස්තියානි ජනතාව 8% සිටිනවා. මේ 8% සාමාන්‍ය එක්සත් ජාතික පක්ෂයට බරවයි තිබුණේ. සාම්ප්‍රදායික කතෝලික ඡන්ද වැඩි ප්‍රදේශවල එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වීමෙන් එය පැහැදිලි වෙනවා. ඒ නිසා එම කතෝලික ඡන්ද 8% න් අපට තිබුණේ 3% සහ එජාපයට 5% ලෙස තිබුණු බව සිතමු.

නමුත් ආණ්ඩුව පාස්කු ප්‍රහාරය වළක්වාගැනීමට හැකියාව තිබියදීත් ඒ වලක්වා නොගැනීම සහ වාස්තු ප්‍රහාරයට සම්බන්ධ ආණ්ඩුවේ ඇමතිවරුන් නීතිය ක්‍රියාත්මක නොකිරීම කියන කාරණා දෙක මත කතෝලික ඡන්දයේ දැවැන්ත වෙනස්වීමක් තිබෙනවා. ඒ කතෝලික මන්ත්‍රීවරුන් පවා ප්‍රකාශ කරනවා. ඒ නිසා අපට තිබූ 3% ඡන්ද ප්‍රතිශතය 6% දක්වා වර්ධනය වෙතැයි ගත්තොත් අපට තවත් ඡන්ද 3% ක් එකතු වෙනවා. ඒ අනුව සියල්ලෙහි එකතුව ගත්විට 61% චන්ද ප්‍රතිශතයක් තිබෙනවා. ලිපිය පහල ඇති 3.රූපය බලන්න. ආර්ථිකය කඩා වැටීම, පාස්කු බෝම්බ ප්‍රහාරය, ආණ්ඩුවේ හොරකම් මැරකම් එළියට පැමිණීම යනාදිය නිසා කලකිරුනු සිංහල බෞද්ධ ඡන්ද එකක්වත් අප මෙතනදි සලකා බලා නැහැ. මේ ගණනය කිරීම් කරන්නේ 2018 පෙබරවාරි තිබුණු ඡන්ද ටිකම එහෙට මෙහෙට වීම විතරක් සලකා බලලා. නමුත් ජාතික ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නය මත එක්සත් ජාතික පක්ෂයේ තවත් චලනය වීම් සිදුවී තිබෙනවා. මා මිත්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමා කතා පවත්වන්න පවත්වන්න අපේ ඡන්ද වැඩි වෙනවා. මධ්‍යම පන්තියට ඡන්දය දීමට හිරිකිතයක් ඇතිවෙනවා එතුමා කියන විහිළු කතා ඇහුවහම.

හිස් මිනිසෙකු, පිළිවෙළක් නැති වැඩ පිළිවෙළක් ඇති මිනිසෙකු බව එතුමා ඔප්පු කරමින් සිටිනවා. ඒ වගේම එජාපයේ නායකයින් සජිත් ප්‍රේමදාස මහතාගේ කකුලෙන් ඇද ගෙන යෑමේ ව්‍යාපෘතිය සිදුවෙමින් පවතිනවා. එනිසාම එජාපයට හිතවත් මාධ්‍ය ආයතන අපට ගහනවාටත් වඩා වේගයෙන් එජාපයෙන් නායකයන්ට පහර දෙමින් සිටිනවා. මෙලෙස එජාපයේ අභ්‍යන්තර බෙදීමෙන් මෙතනට විතැන් වෙන ඡන්ද පිළිබඳව කිසිදු ගණනය කිරීමක් සිදු නොකර තමයි 61% ඡන්ද ප්‍රතිශතය ගැන අප කතා කරන්නේ. අද මැතිවරණයක් පැවැතුණහොත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිටින්නේ 61% කේ. ගාලු මුවදොර පිටියට හැත්තෑපන් දහසක් විතර පුරවලා අප දිනනවා කියන්නෙ නැතුව තමන් දිනන ක්‍රමවේදය සංඛ්‍යාලේඛන සහිතව ඉලක්කම් සහිතව ඉදිරිපත් කරන්න, ගණන් හදලා පෙන්නන්න කියලා විශේෂයෙන්ම මේ මැතිවරණය මෙහෙයවන සජිත් පිලට අප අභියෝග කරනවා.

අංක එකේ ශල්‍යවෛද්‍යවරයා

වර්තමානයේ ලොව සිටින සාර්ථකම අක්මා බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා වන්නේ මහාචාර්ය මොහොමඞ් රෙලා මහතාය. ඔහු ශ‍්‍රී ලංකාවේ අසල්වාසී රාජ්‍ය වන ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ උපත ලද, ගිනස්වාර්තා තැබූ නූතන ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පතාකයෙකි. ඔහු විසින් මෙතෙක් සිදුකර ඇති සජීවී අක්මා බද්ධ කිරීමේ ශල්‍ය කර්ම සංඛ්‍යාව පන්දහසකට ආසන්න වේ. පසුගියදා මොහු ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වුයේ, මෙරට අක්මා රෝග සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍යවරුන්ගේ හමුවකට හා ඔහු විසින් දස වසරක් තුළ අක්මා බද්ධ සැත්කම කළ මෙරට රෝගීන්ගේ සැමරුම් උත්සවයකට සහභාගී වීම සඳහා ය. කොළඹ shangri -LA හෝටලයේ පැවති මෙම වෛද්‍ය හමුව ශ‍්‍රී ලංකාවේ සජීවී අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා වන උත්සහයේ පළමු ප‍්‍රවේශය ලෙස හඳුනා ගත හැකිය. මෙම වෛද්‍ය හමුවේදී මහාචාර්ය මොහොමඞ් රෙලා මහතා සමග ද කෙටි පිළිසඳරක නිරත විය. පහත දැක්වෙන්නේ එහිදී ඔහු විසින් දැක්වූ අදහස්ය. ඇත්තටම මම ශ‍්‍රී ලංකාවට පැමිණියේ කාරණා කිහිපයක් පදනම් කරගෙන. විශේෂයෙන්ම අද ලෝකයේ දක්ෂතම අක්මා බද්ධ කිරීමේ වෛද්‍ය කණ්ඩායම සිටින්නේ මා සමඟ. අපි උත්සහ කරනවා ලංකාවේ වෛද්‍යවරු සමග ශ‍්‍රී ලංකාව තුළ අලූත් වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන්න. ඒ කියන්නෙ ලංකාවේ අක්මා රෝග සඳහා ප‍්‍රතිකාර කරන වෛද්‍යවරු සමග දැනුම හා තාක්ෂණය හුවමාරු කරගැනීමට මම ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ මයිලදුතිරිය, ප‍්‍රදේශයේ කිළිනූර් කියන අතිදුෂ්කර ගම්මානයේ ඉපදුනේ. චෙන්නායි බෙයන්ට් තියෝෆිකල් උසස් පාසලේ මූලික අධ්‍යාපනය හැදෑරුව. ඊට පසු stanly Medical university එකට ඇතුළත් වෙලා මූලික වෛද්‍ය විද්‍යා උපාධිය ලබා ගත්තා.

වැඩිදුරට අධ්‍යාපනය සඳහා මට 1985 වසරේ මහා බි‍්‍රතාන්‍යයට, යාමට අවස්ථාව උදාවෙනවා. ඒක මගේ ජීවිතයේ පරිවර්තනීය අවස්ථාවක්. බි‍්‍රතාන්‍යයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා උපාධිය ලබා ගෙන, ලන්ඩනයේ කිංග්ස් කොලේජ් හොස්පිටල් රෝහලේ සේවය කළා. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වන්නේ කිංග්ස් යුනිවර්සිටි කොලේජ් රෝහලේ සාමාජිකත්වය ලබා ගැනීම. එහිදී, පර්යේෂණ මට්ටමේ තිබුණ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා මා නිරන්තරයෙන් සහභාගි වුණා. 1985, දී මම එංගලන්තයට යන විට, නැවත මව්බිමට එන්න අවශ්‍ය වෙයි කියල කොහෙත්ම හිතුවෙ නැහැ. අපි වගේ රටවල බොහෝ තරුණයින්ගේ හීනයක් තියෙනවා යුරෝපය හෝ බටහිර සමාජයට අවතීර්ණ වෙන්න. මටත් එදා ඒ වගේ හීනයක් තිබුණ. කිංග්ස් යුනිවර්සිටි එක කියන්නෙ අක්මා රෝග සම්බන්ධයෙන්, දිගින් දිගටම පර්යේෂණ පවත්වපු තැනක්. ඒ සෑම අවස්ථාවකටම මම සහභාගි වුණා. අවසානයේ දී අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුකිරීමේ අති සංකීර්ණ ක‍්‍රියාවලිය මා වෙත පැවරුණ. ඒක හරි පුදුම සහගත සිද්ධියක්. යුරෝපය හා බටහිර වෛද්‍යවරු සමග මා වැඩ කළේ ගොඩාක් සතුටින්. ඒ හැමෝම මට සහාය වුණා. ඒ අය දැන ගත්ත, අක්මාව බද්ධ කිරීමේ රිදීමය, මගේ ඇෙඟ් තියෙන දෙයක් කියල. කොහොම වුණත් මම වසර 22ක් කිංග්ස් යුනිවර්සිටි කොලේජ් රෝහලේ වැඩ කළා. ඒ කාලය තුළ සජීවී අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම හයදහසක් රෝහල තුළ සිදු කෙරිල තිබුණ. ඒ ශල්‍යකර්ම වලින් දෙදහසක් සිදුකළේ මමයි.

එහිදී මා දුටුවා මේ ශල්‍යකර්මය සඳහා පැමිණෙන රෝගීන්, මුහුණ දෙන අභියෝග. ප‍්‍රධාන වශයෙන් මුදල්, සාමාන්‍යයෙන් යුරෝපයේ හෝ බටහිර රටක, පිළිගත් රෝහලක අක්මා බද්ධ ශල්‍යකර්මයක් සිදුකිරීමට අඩුම තරමින් ඩොලර් ලක්ෂ තුනක්වත් අවශ්‍ය වෙනව. ඒක අපි වගේ රටක රෝගියෙකුට කෙසේවත් දරාගන්න බැහැ. සමහර රෝගීන් මරණය අභියස විශාල සිත් තැවුලකින් පසුවන අවස්ථා මගේ ඇස් දෙකට දැක්ක. මම සාමාන්‍ය පවුලකින් පැවත එන කෙනෙක් විදිහට මේව ගැන යළි යළිත් හිතන්න පටන් ගත්ත. බොහෝ අවස්ථාවලදී මම කල්පනා කළා, මගේ සේවය යුරෝපයට හෝ බටහිරට පමණක් සීමා වෙලා තිබෙන්නෙ ඇයි කියල. එවැනි සිතුවිලි අතරේ මම තීරණයක් ගන්නව, සුදු අධිරාජ්‍ය හැර දමා මව්බිමට එන්න. ඒ අනුව මම ඉන්දියාවට පැමිණීමට හිතුව, ඒකට හිත හදා ගැනීමට මට මහා පරිශ‍්‍රමයක් දරන්න වුණා. මොකද කිංග්ස් විශ්වවිද්‍යාලයේ මගේ සමකාලීන වෛද්‍යවරු දිගින් දිගටම කිව්වා ඔයා ඉන්දියාවට යන්න එපා, යුරෝපය තුළ තිබෙන ස්ථාවරය හොඳයි කියල. ඉන්දියාවේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය මීට පෙර බොහෝ දෙනෙක් ආරම්භ කරන්න උත්සහ කළද ඒව අසාර්ථකයි කියල ඔවුන් කිව්වා. ඒ නිසා කිංග්ස් යුනිවර්සිටිය හැර දමා ඉන්දියාවට පැමිණීම නොකළ යුතු තීරණයක් බව පවසමින් ඔවුන් දිගින් දිගටම මාව අධෛර්යමත් කළා. මේ මේ නිසා මව්බිමට පැමිණීම ගැන මම දෙපාරක් හිතන්න පටන් ගත්ත. ඒ අනුව කිංග්ස් විශ්වවිද්‍යාලය මුළුමනින්ම අත්නොහැර ඉන්දියාවට පැමිණියා. දැනටමත් මම කිංග්ස් විශ්වවිද්‍යාලයේ අක්මා බද්ධ කිරීමේ ඒකකයේ මහාචාර්යවරයා ලෙස කටයුතු කරනවා.

මට අවශ්‍ය වුණේ සිරෝසිස් වැළඳීමෙන් මරණ මංචකයේ සිටින ජීවිත වලට යළි පණ දෙන්න. ඒක අද සාර්ථක වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් මගෙන් අහන ප‍්‍රශ්නයක් තමයි අක්මා බද්ධ කිරීමකින් පසුව රෝගියෙකුට මොන තරම් කාලයක් ජීවත් වීමට වරම් තියෙනවද කියල. ඒක සාධාරණ ප‍්‍රශ්න කිරීමක්, මොකද විශාල මුදලක් වැය කරල, ජීවිත අවදානම් අභියෝගයකට මුහුණ දීල, මේ අක්මාව බද්ධ කර මාස හයක් හෝ අවුරුද්දක් ජීවත් වෙලා ඵලක් නැහැ. 1997 දී, කිංග්ස් යුනිවර්සිටි කොලේජ් රෝහලේ මා විසින් අති සංකීර්ණ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදුකළා. අයර්ලන්ත කුඩා දැරියක්, ඉපදිලා දින 5 ක්, වෙනව. අක්මාව මුළුමනින්ම වගේ විනාශ වෙලා තිබුණේ. පැය 25 කට අධික කාලයක් තුළ, සිදුකළ දීර්ඝ සජිවී අක්මා බද්ධ ශල්‍ය කර්මයෙන් පසුව, ඒ දැරිය ජීවත් කරන්න හැකිවුණා. අද ඇය අයර්ලන්තයේ නීතිඥ වරියක් ලෙස කටයුතු කරනවා. අක්මාව බද්ධ කිරීමෙන් පසුව ජීවත් වීමේ කාලය ගැන කිසිවෙක් මගෙන් විමසුවහොත් මම දෙන පිළිතුර ඒක සහ මේ වගේ අත්දැකීම් බොහෝ තියෙනවා. ඇත්තටම මේ සිද්ධිය ගිනස් වාර්තාවටත් ඇතුළත් කෙරුණා. ඉන්දියාවේ සජීවී අක්මාව බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා කිසිදු අදහසක් නොතිබුණු මොහොතක තමා මම මේ ව්‍යායාමය ඉන්දියාව කේන්ද්‍ර කර ගෙන ආරම්භ කළේ. ඉන්දියාවේ දී මම රෝහල් කිහිපයක සේවය කළා.

ආසන්නතම රෝහල ලෙස ග්ලෝබල් රෝහලේ අක්මා බද්ධ ශල්‍යකර්මය විශාල වශයෙන් සිදු කළා. එතැන දී, මට හිතුනා මගේම, රෝහලක් ආරම්භ කරන්න, එතකොට තවත් මේ, ශල්‍යකර්මය සඳහා වැය වන, අධික මුදල් අවම කර ගන්න පුළුවන්, ඒක අද සිරෝසිස් රෝගීන්ට, මහත් පිටිවහලක් වෙලා තියෙනවා. ඒ අනුව 2018 වසරේ රෙලා ඉන්ස්ටිටිව්ට් ඇන්ඞ් මෙඩිකල් සෙන්ටර් රෝහල පටන් ගත්ත. අද මෙම රෝහල ලෝකයේ උසස්ම තාක්ෂණය භාවිතා කරන ආසියාවේ විශාලතම අවයව බද්ධ කිරීමේ රෝහල. අධි තාක්ෂණික ශල්‍යාගාර 14 ක්, ඇඳන් 130 කින්, සමන්විත දැඩි සත්කාර ඒකකයක්, අවයව බද්ධ රෝගීන් සඳහාම වෙන් වූ, රෝහල් කාමර 450 කින්, මෙය සමන්විතයි. එමෙන්ම සම්පූර්ණයෙන්ම, අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා, එංගලන්තයේ කිංග්ස් යුනිවර්සිටි කොලේජ් රෝහලේ පුහුණුවලත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් කටයුතු කරනවා. වර්තමානයේ සජීවී අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ලංකාවේ හෝ ඉන්දියාවේ, විතරක් නොවේ ආසියානු කලාපයේ කිසිවෙක් යුරෝපයට හෝ බටහිරට, යා යුතු නැහැ. යුරෝපයට හෝ බටහිර රටවලට, වඩා අපේ සේවය ඉහළ ගුණාත්මක තත්ත්වයක තියෙනවා.

මේ වන විට මා විසින් සජීවී අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම 5000 කට, ආසන්නව සිදුකර තිබෙනවා. ලංකාවේ 100 කට වඩා පිරිසක් ඒ අතර වනවා. ඇත්තටම ලංකාවේ වෛද්‍යවරු මා සමග වසර දහයක පමණ කාලයක සිට කටයුතු කරනවා, මා විසින් සිදුකරන සජීවී අක්මා බද්ධ කිරීම් සිදුකළ රෝගීන්, වැඩිදුරටත් බලාගැනීම ලංකාවේ වෛද්‍යවරු විසින් සිදුකරනවා. මගේ අරමුණ වන්නේ මගේ වෛද්‍ය කණ්ඩායම සමඟ ලංකාවේ වෛද්‍යවරු සම්බන්ධ කරගන්න. ඒවගේම අපට හැකියාව තියෙනවා ශ‍්‍රී ලංකා රජය නිසි පදනමක් යටතේ අපට ආරාධනා කළහොත්, ලංකාවට පැමිණ සජිවී අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුකරන්න. ඒක ලංකාවට හොඳ අවස්ථාක්. එවිට ඒ සඳහා යන අධික වියදම, සැලකිය යුතු ලෙස අඩුකරගන්න පුළුවන්. මම මේ යෝජනාව ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමැතිවරයාට පෙන්වා දුන්නා. මම හිතන්නෙ එතුමා ඒ ගැන හිතල බලාවි. අපි සූදානම් හැම මොහොතකම ශ‍්‍රී ලංකාවට උපරිම සහාය වෙන්න, ඒක තාක්ෂණය වෙන්න පුළුවන්, දැනුම අතින් වෙන්න පුළුවන්. ඒකට අපේ කණ්ඩායමට, නිසි සැලැස්මක් යටතේ නිල ආරාධනාවක් තිබිය යුතුයි.

අද සජීවී අක්මා බද්ධ කිරීමේ දී, ඊට පවුලේ සාමාජිකයෙක් ඉදිරිපත් වීම වැදගත්. ඒත් බොහෝ දෙනෙක් හිතනවා, අක්මාවෙන් කොටසක් ලබාදීම තුළින් ඒ දායකයාට කිසියම් හානියක් වෙයි කියල. ඒක මිත්‍යා මතයක්, මොකද අක්මාව කියන්නෙ, නැවත ලියලන අවයවයක්. සති තුනක් හතරක් ඇතුළත අක්මාව ලියලනවා. එම නිසා නිරෝගී පුද්ගලයකු, තමන්ගේ පවුලේ, අක්මාව බද්ධ කිරීමට අපේක්ෂාවෙන් සිටින සාමාජිකයකු සඳහා අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කිරීමට කිසි සේත්ම බියට පත් විය යුතු නැහැ. අනෙක් කාරණාව ඔහුගෙන්, හෝ ඇයගෙන්, අක්මාවේ කොටසක් ලබාගැනීමට පෙර, පූර්ණ පර්යේෂණ ක‍්‍රියාවලියකට භාජනය කෙරෙනවා. එම පර්යේෂණ (100%) සියයට සියයක්ම, ගුණාත්මක මට්ටමක තිබෙනවා නම් පමණයි, පරිත්‍යාග කරන්නාගේ අක්මාවෙන් කොටසක් ලබාගන්නෙ. ඔහු හෝ ඇය මාසයක් ඇතුළත සාමාන්‍ය තත්ත්වයකට පත්වෙනවා. මා විශේෂයෙන් කියන්න අවශ්‍යයි මේ විෂයේදී, ශ‍්‍රී ලංකාවේත් සිටිනවා දක්ෂ වෛද්‍යවරු, ඔවුන් ඉන්දියාවේ වෛද්‍යවරු වගේම දක්ෂයි. අනාගතයේදී, ඔවුන්ට අවකාශ ලැබේවි සජීවී අක්මා බද්ධ කිරීම පටන්ගන්න. මම ඒ සඳහා පූර්ණ සහය දෙනව, ඒක මගේ අසල්වැසි, රට වෙනුවෙන් කරන ගෞරවාන්විත හා ආදරණීය පරිත්‍යාගයක්.” සිසිර විජේසිංහ – දිවයින

නිදහස් පක්ෂය ගෝටාභයට සහාය දෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරේදා (7 වැනිදා) සහ ඊයේ (8 වැනිදා) පැවැත් වූ සාකච්ඡා වට කීපයකින් පසු තීන්දු කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (7 වැනිදා) පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් සාකච්ඡාවක් පැවැත් වූ අතර ඊයේ (8 වැනිදා) ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පැවැත්විණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල මහා රැලිය පැවැත්වෙන අද (9 වැනිදා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ නියෝජිතයකු ලෙස ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සහභාගි වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී මෙම රැලිය පැවැත්වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මෙම රැලියේදී විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වීමේ ගිවිසුම අත්සන් කිරීමට තවත් දින කිහිපයක් කල්ගතවනු ඇත. සන්ධාන ගිවිසුම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අතර ඊයේ (8 වැනිදා) ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතව තිබුණි. සන්ධාන ගිවිසුමේ පවතින ගැටලු පිළිබඳ මෙහිදී එකඟතාවක් ඇති කර ගැනීමට නියමිතව ඇත. පක්ෂ දෙක සන්ධානගත වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ස්වාධීනව සිටීමට තීරණය කර තිබේ.

ලෝකයේ බලවත්ම ස්ථානය ලංකාව

ඇමෙරිකාවේ NASA ආයතනය හා ජර්මානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය එක්ව වසර 2002 මාර්තු මස යුගල චන්ද්‍රිකාවක් නිපදවා කක්ෂගත කෙරුණි. එහි අරමුණ වුයේ පොලව මතුපිට තිබෙන ගුර්ත්වාකර්ශනයබලය වඩාත් නිවැරදි ලෙස මැන බලමින් කාලගුණය හා පොළවේ අභ්‍යන්තරව සිදුවෙන වෙනස්කම් අද්‍යනය කිරීමය. මෙම මෙහෙයුම GRACE (Gravity Recovery And Climate Experiment ) ලෙස හැදින්වූ අතර මේ වනතුරු සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.GRACEපොලවට කිලෝමීටර500 ක් ඉහලින් ගමන්කරන මේ චන්ද්‍රිකා යුගල එකම පථයක සමාන්තරව ගමන්කරයි. චන්ද්‍රිකා යුගල අතර දුර කිලෝමීටර 200 ක් වන අතර එහි ඇති සුක්ෂම විද්‍යුත් උපකරණවලින් චන්ද්‍රිකා අතර දුර කෙස් ගසක පමණ (10 microns) වෙනසක් වුවද මැනීමට සමත්ය. එලෙසම එම තොරතුරු පොළවට වාර්තා කිරීමට තාක්ෂණික පහසුකම් වලින් ද සමන්විතය. පොලව මතුපිට ස්ථරය හා අභ්‍යන්තරය ඒකාකාරී නොවේ. විද්ධ මූලද්‍රව්‍ය විවිධ ඝනත්වයන් ගෙන් යුතුව විවිද අනුපාතයන් වලින් පවතී . එලෙසම පොලවේ මතුපිට හා අභ්‍යන්තර ජාල හා ද්‍රව පැතිරීමට එකාකාරි නොවේ. එබැවින් පොලවේ ගුරුත්වාකර්ෂණ බලය සුළු වශයෙන් අඩු හා වැඩි වශයෙන් වෙනස් වේ. මෙය සාමාන්‍ය මිනිසාට බලපාන මුත් එය අපට දැකගැනීමට හෝ මැන ගැනීමට නොහැක . කිලෝමීටර 500 ක් පොළවෙන් ඈත අභ්‍යවකාශයේ ඇති මෙම චන්ද්‍රිකා යුගල ටද මෙය බලපායි . එබැවින් පහල ගුරුත්වය අනුව චද්රිකාවේ වේගය අඩුවැඩි වේ. ඒ අනුව චන්ද්‍රිකා යුගල අතර දුර සියුම් ලෙස වෙනස් වේ. එම වෙනස්කම් ගුරුත්වයට අනුලෝමව සමානුපාතික වන අතර සංකීර්ණ ගනයක කිරීම් තුලින් පොලවේ “ගුරුත්ව” සිතියමක් ලබා ගැනීමට හැකිවී තිබේ.gravityමෙය අප දන්නා සමෝච්ච රේඛා සිතියමට සමානය. මෙහි සම ගුරුත්ව ඇති ස්ථාන සම පාටින් දක්වන අතර අඩුම ගුරුත්වය නිල් පැහැයේ සිට වැඩිම ගුරුත්වය රතු පැහැය ලෙස ගෙන වර්ණ ගන්වා ඇත.

මෙම සිතියමේ අඩුම ගුරුත්වය ඇති ස්ථානය තුල ලංකාව පිහිටීම අරුමයක් නොවේද? මෙහි පරාසය දක්වා ඇත්තේ මීටර වලිනි. අඩුම හා වැඩිම තැන අතර දුර මීටර 200ක් පමණ වෙනු ඇත. මෙය මීටර වලින් දැක්වීම ඔබට ගැටළුවක් වෙනු ඇත. අඩු ගුරුත්වය ඇති ලංකාවේ සිට වැඩි ගුරුත්වය ඇති මැලේසියාව ආශ්‍රිත පෙදෙසට නැවක් ගමන් ගනී නම් . එයට මීටර 200 පමණ ඉහලට යාමක් සිදුවේ. සරලව දක්වතොත් අද ලංකාව තිබුනේ තද රතුපාටින් නම්, ඊට අදාල මුහුදු මට්ටම අද තිබෙන ප්‍රමාණයට මීටර 200 ක් පමණ උසකින් වැඩි විය යුතුය. එනම් පහත රට යටවී උඩරට පමණක් ඉතිරි වෙනු ඇත. මෙම ගුරුත්ව වෙනසට අනුව ලෝකයේ උපරිම හා අවම අගයන් ගතහොත් යම් වස්තුවක බර 0.6% කින් පමණ වෙනස්වීමට ඉඩ තිබේ . ලංකාවේ මෙම විශේෂ පිහිටුම මීට වසර තිහ හතළිහකට කලින් ම සිට හදුනාගෙන තිබුණි. ලාංකියන් මේ ගැන වැඩිවශයෙන් දැනුවත් නොසිටි මුත්, අද වනවිට අපට වඩා තාක්ෂණයෙන් දියුණු රටවල් මේ පිලිබදව වැඩි උනන්දුවක් දක්වා ඇත. වසර 1956 දී Arthur C. Clarke මහතා ලංකාවට පැමිණ පදිංචිවීම ඉන් එක කරුණක් ය.පෘතුවි පෘෂ්ට්යේ සිට ඇතුලට යනවිට ගුරුත්වය අඩුවේ , එනම් පෘතුවි කේන්ද්‍රයේ ගුරුත්වාකර්ෂණය ශුන්‍යය. නමුත් පීඩන අධිකය. පෘතුවි තලය මත ගුරුත්වය අඩුම තැන ලංකාව වන බැවින් ලෝක තලයේ කේන්ද්‍රය නොහොත් ලෝකයේ හරිමැද ලංකාව පිහිට්යේ යි කීම නිවැරදිය. මෙම කරුණ අද පමණක් නොව වසර දහස් ගණනක සිට අපේ මුතුන් මිත්තන් දැනසිටි බවට ශාක්ෂි හමුවේ. ත්‍රිපිටකයේ මෙන්ම පුජාවලිය, රාජාවලිය, දඹදෙණි අසන, වන්නි රාජාවලිය හා දොරකොඩ අස්න යන ලේඛණ වල පෘතුවි තලය මත ශ්‍රෙෂ්ඨ හා බලවත් මිනිසුන් බිහිවෙන භූමියක් ඇති බවත් එය මධ්‍ය මණ්ඩලය ලෙසත් දක්වා ඇත. එහි බිහිවන ශ්‍රෙෂ්ඨ හා බලවත් මිනිසුන් ලෙස “සියලු බුදුවරුන්” හා සියලු “සක්විති රජවරුන්” දක්වා ඇත. මෙම මධ්ය මණ්ඩලයෙන් භාහිර රටවල් “පරසම්ය දේශ” වශයෙන් නම් කර විශාල රටවල් ප්‍රමාණක් දක්වා ඇත. ඒවා අතර නේපාලය, බංගලිදේශය, කාශ්මීරය, ලාට රට, සින්ධුර දේශය, කර්ණාටක, ගුජරාට, කාම්බෝජය, යෝනක දේශය, සොලිරට, රෝමය හා ස්පාඤඤය වැනි රටවල් ඇත, ලෝකයේ රටවල පිහිටීමට අනුව විද්‍යාත්මකව අසාමාන්‍ය පිහිටුමක් ඇති එකම රට ලංකාවය.අපට ආසන්නයේ ඇති විශාලම වස්තුව සද ය. එහිගුරුත්වය පොලවේ ගුරුත්වය වඩා අඩුය.

දල වශයෙන් 0.16 ක් වේ. පොලවෙ සිට 384,400 km දුරකින්, අඩු ගුරුත්වයක් ඇති සද , වඩදිය හා බාදිය ඇති කරමින් පොලවට බලපෑම් කරනු ලැබේ. සමහර ස්ථානවල, වඩ හා බා දිය අතර වෙනස අඩි 50 ක් පමණ වෙන බවට සොයාගෙන ඇත. ඒ හා සමාන බලපෑමක් සුර්යයා ගෙන් ද ඇති වේ. සුර්යයාගේ ගුරුත්වය පොලව මෙන් 28 ගුණයකි එනමුත් 149,600,000 km දුරින් ඇති නිසා එයින් ඇතිවන්නේ සදේ බලපෑම මෙන් අඩකි .සද පොලව වටා යාමට ගතවන කාලය දවස් විසි අටකි එය චන්ද්‍ර මාසය නම් වේ. මුහුදු ජලය මත පමණක් නොව මිනිස් සිරුර තුල ඇති තරල මෙන් ම හෝමෝන සහ මිනිස් මොලයේ කිරියාකරිත්වයට ද සද බලපායි . දින විසි අටකට වරක් සිදුවන කාන්තාවන්ගේ ආර්තවහරණය මෙයට හොදම නිදසුනයි . පොහොය දවසට මනසේ ක්‍රියාකාරිත්වය වැඩිවන බවට පිළිගැනීමක් ඇත. එලෙසම රුධිර ගමනාගමනය වැඩි වී ලේ කැටි ගැසීම අඩු වේයි විශ්වාසයක් පවතින බැවින් සමහර වෙදදුරන් පොහෝ දින ශල්‍යකරම නොකරති . මෙය බුදු දහමින් තවත් පිලිබිබු වේ. පොහොය දින පින්දහම් කිරීමට යොදාගන්නේ එම නිසාය. එලෙසම මෙලොව පහලවූ උසස්ම මිනිසාගේ තෙමගුල මෙන්ම විශේෂ අවස්තාවන්, පොහොය දින සිදුවීම බොද්ධ සාහිත්‍යයේ ඇතුලත්ය.විදේශීය ජනප්‍රවාද සහ ජනකතාවල පොහොදින විශේෂ බව සදහන් කරයි . සුර්යක් ග්‍රහණය යනු මෙහි උපරිම අවස්ථාවයි . එවිට සූර්යය හා චන්ද්‍රයා එකම රෙඛාවක පිහිටන අතර පොලවේ ගුරුත්වාකර්ශනයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකරමින්. පොලවේ බලය අඩු කරයි. බයිබලය යක්ෂයා ලෙසද, බුදු දහම මාරයා ලෙසද පොලවේ බලය හදුන්වයි. මරණය යනු මාරයාගෙන් ලබාගත් ණය ය. අප කවදාහෝ මරණය ගෙවා, නැවතත් ණය ලබාගනිමින් ඉපදේ. මනුෂ්‍යයා මනසින් මෙන්ම ශරීරයෙන් ද පොලවට බැදී සිටි. මාරයාගේ බලය දස ආකාරයකින් ක්‍රියාත්මකය. ඒවා පොලවට නොහොත් “බ්මට” බරය, දස බිම්බර මාර සෙනග නමින් හදුන්වන්නේ එයය. දැන් මා ඔබෙන් පැනයක් අසමි. පොහොය දිනක දසබිම්බර මාරසෙනග “පසුවෙන්ම” පැරදිය හැකි වන්නේ ලෝකයේ කුමන ස්ථානයක සිටද ? නැතහොත් කුමන රටේ වැසියෙකුටද ? බුද්ධත්වය නම් වූ එම ශ්‍රෙෂ්ඨ මානසික තත්වයට පහසුවෙන් ම පත් විය හැක්කේ කුමන රටේ වැසියෙකුටද? බොහෝ විද්වතුන් මෙන්ම බුද්ධ දේශනාව අනුව ද , මිනිසා ලොව ඇතිවන්නේ. ඕපපාතිකව නොව පිටසක්වල ආගමනයක් නිසාවෙනි. බුදු වදනේ මෙය ආබස්සර බඹ ලොව ලෙස හදුන්වති. දැන් මම ඔබෙන් තවත් ප්‍රශ්නයක් අසමි.

පිටසක්වල ජීවියෙකු හට පෘතුවියට පහසුවෙන් පැමිණිය හැක්කේ හා පිටවිය හැක්කේ ලෝක ගෝලයේ කුමන ස්ථානයෙන් ද ? නොඑසේ නම් කුමන රටින් ද ? ලෝකයේ පලමු ජීවය ඇතිවන්නට පහසු මොන රටේ ද? ලංකාව තුල බාහිර ලෝක හා සම්බධ විය හැකි සක්විති රජවරු මෙන්ම තාක්ෂණයද තිබු බව අපගේ ඉතිහාසය හා පුරා විද්‍යාව කියාපායි . එහි හොදම උදාහරණය වන්නේ අනුරාධපුර රන්මසු උයනේ ඇති තාරකා දොරටු ලාංචනයි. මේ හා සමාන ලාංචන ලොව ඇත්තේ, එකක් ඊජිප්තුවේ හා මැක්සිකෝවේ පමණි. රාවන යනු එවන් සක්විති රජ පරපුරක අවසාන පුරුකය. ලංකාව යනු ඉදිරි අනාගත්දී අඩු ඉන්දන ශක්ති ප්‍රභවයකින් අභ්‍යවකාශයට යා හැකි හොදම ස්ථානය බව දැන් ලෝකයේ සම්මත වී කතාබහ වෙමින් පවතී. අනාගතයේ පමණක් නොව අතීතයෙහි පවා එසේ වන්නට ඇත . උස්සන්ගොඩ යනු එවන් ස්ථානයක් බවට ජනමතයක් පවතී . මෙම තත්වය අයහපත් ආකාරයටද බලපායි. මනසේ ක්‍රියාකාරිත්වය නිසා ගැටුම් වැඩිවීමටද ඉඩ තිබේ. ලෝකයේ වැඩිම මානසික ක්‍රියාකාරී පිරිසක් ඇති ලංකාව, දිවිනසා ගැනීම් වලින් පළමු තැනට පත්වන්නේ එම නිසාය. බුදුන් කොහේ සිටියත් එම ස්ථානයේ දෙවදත්තද සිටියේය. එලෙසම ලාංකිකයන් පාලනය කිරීම අපහසුය. දේශපාලනයේ නිතර ගැටුම් ඇතිවේ, යුධ ඇතිවේ. සුර අසුර, රාම රාවන, ශාක්‍ය කෝලිය, එළාර දුටුගැමුණු ආදී කාලයේ සිට අද දක්වා එය පැවතෙන බව ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇත. ලාංකිකයන් ඇත්තටම දක්ෂ වන්නේ මේ ගුරුත්ව පිහිටුම නිසාය. ලෝකයේ ජනගහන අනුපාතය ගත්කල ලංන්කිකයන් ලොවපුරා ඉහල තනතුරුවල සිටින්නේ එම නිසාය. ලංකාවේ මේ විශේෂ පිහිටුම ගැන, විදේශ වෙබ් අඩවි කිහිපයකම කතාකරනු දක්නට ලැබේ. මනා කලමනාකරණයක් හරහා ලොව දිවුනුම රට බවට මේ රට පත්කිරීමට මෙන්ම, මෙම පිහිටුම නිසා සංචාරකයන් වැඩි කරගැනීමටත් හැකිවෙනු ඇත. කෙසේ වෙතත් ලංකා සංචාරක මණ්ඩලය මේය දන්නා බවක් දක්නට නොලැබුණි. ඔවුන් උනන්දු වන්නේ හනුමන් හා සීතා කෝවිල් ඉදිකර ඉන්දියානු සංචාරකයන් ගෙන්වීම වැනි පසුකාලීනව ප්‍රශ්න ඇතිවන වියාපාරන් කෙරෙහි බව අසන්නට ලැබුණි.

අවසාන වශයෙන් තවත් වැදගත් දෙයක් පෙන්වාදෙනු කැමැත්තෙමි. අද ලෝකයේ බෞද්ධ , මුස්ලිම්, හා කතෝලික වශයෙන් ප්‍රධාන ආගම් තුනක් ඇත. මෙම ආගම තුනෙහිම බැතිමතුන් එකට වන්දනා කරන ලොව එකම ස්තානය ඇත්තේ ලංකාවේය, විදේශ පොතපතෙහි මීට වසර දහස් ගණනකට පෙර මහා ඇලෙක්සැන්ඩර් රජු වැදපුදාගත් බව ලියවෙන, ලොව ප්‍රථම මිනිස් වාසය බිහිවූ ස්ථානය ලෙස අන්‍ය ආගමිකයන් අදත් සලකන ස්තානය තියෙන්නේ අප උපන් හෙළබිම තුලය.

මුහුදු වතුර මුහුදු ජීවින් බොන්නේ කොහොමද

ලෝකයේ විවිධ ස්වභාවික සංසිද්ධීන් පිළිබඳ අපට විවිධ ප‍්‍රශ්න මතු වෙනවා. සමහර අවස්ථාවල එම ප‍්‍රශ්න නිරාකරණය කරගැනීම පහසු වෙන්නේ නැහැ.ඒක එහෙම වෙන්නෙ කොහොමද, ඇයි මේක මෙහෙම වුණේ වැනි ප‍්‍රශ්නවලට විසඳුම් ලබාගැනීමට නම් පර්යේෂණ කරන්නටම සිදුවෙනවා. අපට නැඟෙන සමහර ප‍්‍රශ්න ඒ ඒ ක්ෂේත‍්‍රවල නිපුණත්වයක් ඇති අයට නැගුණොත් ඒ අය ඒ පිළිබඳ පර්යේෂණ කර විසඳුම් සොයාගන්නවා. ඇමෙරිකාවේ රෝඞ් අයිලන්ඞ් විශ්වවිද්‍යාලයේ සමුද්‍ර ජීව විද්‍යාඥයෙකු වූ රොබර්ට් කෙනී විසින් අපට කටටවත් ගන්නට බැරි ලූණු වතුර මුහුදු ජීවීන් මුළු ජීවිත කාලය පුරාම බොන්නෙ කොහොමද ?යන ප‍්‍රශ්නයට පිළිතුරු සොයා ගෙන තිබෙනවා. අපිට ලුණු මිශ‍්‍ර ජලය වැඩිපුර පානය කළහොත් ජල පිපාසය තව තවත් වැඩි වන බවට අත්දැකීමෙන් දන්නවා. එයට ප‍්‍රධාන හේතුව වන්නේ අප පානය කරන ලුණු මිශ‍්‍ර ජලයේ ඇති ලුණුවල සාන්ද්‍රණය අඩු කිරීම සඳහා සිරුරේ සෛල තුළින් පිරිසිදු ජලය වැඩි වැඩියෙන් අවශ්‍ය වීමයි. මේ නිසා අපේ සිරුරේ ද්‍රවමය පටක සහ සෛලවල ඇති ජලය වැඩි වැඩියෙන් අවශෝෂණය කරගනිමින් ලුණු සාන්ද්‍රණය අඩු කිරීම පරිවෘත්තීය ක‍්‍රියාවේදී සිදු වෙනවා. එහිදී සිදු වෙන්නේ පටක සහ සෛල ජලයෙන් විශූන වීමයි.

එනම් සෛලවල ඇති ජලය පිටතට ඇදී යාමයි. සෛල ජලයෙන් විශූන වීම නිසා අපට පිපාසයක් ඇතිවෙනවා. ඒ අයුරින් සාන්ද්‍රණය අඩු කර ගත් ලුණු අපේ මුත‍්‍රා සමඟ පිට වී යනවා. නමුත් මුහුදු ජීවීන්ගේ ක‍්‍රියාකාරිත්වය මෙයට වඩා බොහෝ සෙයින් වෙනස්. මුහුදු ජීවීන්ට මුහුදු ආහාර ගන්නා විට ඒ සමඟ විශාල ධාරිතාවකින් මුහුදු ජලය පෙවෙනවා. මුහුදු ජීවීන් කොපමණ මුහුදු ජලය පානය කළත් එහි ඇති ලුණු සාන්ද්‍රණය අඩු කරන්නට පිටතින් පිරිසිදු ජලය අවශ්‍ය වෙන්නෙ නැහැ. ඔවුන් මුත‍්‍රා සමඟ අධික ලුණු සාන්ද්‍රණයක් පිට කරනවා. ඔවුන්ගේ මුත‍්‍රා සමඟ ලුණු පිටවීම භූමියේ ජීවත්වන සතුන්ට වඩා අට ගුණයකින් පමණ වැඩි බවයි සමුද්‍ර ජීව විද්‍යාඥයන් පවසන්නේ. තල්මසුන්, ඩොල්ෆින් වැනි ජීවීන් අධික ලෙස මුහුදු ජලය පානය කරනවා. එසේම ඔවුන්ගේ වකුගඩු ප‍්‍රමාණයෙන් ඉතාම විශාලව හැඩ ගැසී තිබෙනවා. මෙම අති දැවැන්ත වකුගඩුවලට පිරිසිදු ජලය පාවිච්චි නොකර ලුණුවල සාන්ද්‍රණය අඩු කිරීමේ විශ්මිත හැකියාවක් තිබෙනවා. ඒ නිසා ඔවුන් කොපමණ ලුණු මිශ‍්‍ර වතුර බිව්වත් මිනිසාට වගේ එම සතුන්ට ප‍්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

මිනිස් සිරුරෙන් ලවණ මිශ‍්‍ර ජලය පිටවන අවස්ථා කීපයක්ම තිබෙනවා. මුත‍්‍රා ලෙස පිටවීම හැරුණු කොට දහදිය ලෙසත් ප‍්‍රාශ්වාස වාතය ලෙසත් ශරීරයෙන් ලවණ මිශ‍්‍ර ජලය පිටවෙනවා. ප‍්‍රාශ්වාසයේ දී අප පිටකරන වාතයේ කාබන්ඩයොක්සයිඞ් අණු මෙන්ම ජල අණු ද තිබෙනවා. නමුත් මුහුදු ජීවීන් දහදිය ලෙස හෝ ප‍්‍රාශ්වාසයේ දි හෝ ලවණ මිශ‍්‍ර ජලය පිට කරන්නේ නැහැ. ඔවුන්ගේ සිරුරෙන් ලවණ මිශ‍්‍ර ජලය බැහැර වෙන්නේ මුත‍්‍රා විදිහට විතරයි.එසේ බැහැර වෙන මුත‍්‍රා සමග අධික ලුණු සාන්ද්‍රණයක් පිටවීම පුදුමයට කරුණක් නොවෙයි. සමහර මුහුදු ජීවීන් මුළු ජීවිත කාලය පුරාම ලුණු වතුර පානය කළත් සමහර මුහුදු ජීවීන් පිරිසිදු ජලය සොයාගෙන ධ‍්‍රැවීය ප‍්‍රදේශවලට පිහිනා යන අවස්ථාත් තිබෙනවා. ඔවුන් එසේ ධ‍්‍රැවීය ප‍්‍රදේශවලට ගියත් ඇත්ත වශයෙන්ම ධ‍්‍රැවීය ප‍්‍රදේශවල පිරිසිදු ජලය ඇත්තේ නැහැ. නමුත් එම ප‍්‍රදේශවල ඕනෑතරම් හිම මිදෙනවා. මෙම හිම ආහාරයට ගැනීමෙන් ලුණු රහිත පිරිසිදු ජලය ලබාගන්න පුළුවන්. මේ නිසා සීල් මත්ස්‍යයින් අවුරුද්දේ එක් කාලයකට ධ‍්‍රැවීය ප‍්‍රදේශවලට ගමන් කරනවා. නමුත් මේ ගමන ඉතාම දුෂ්කර ගමනක්. ඒ නිසා සීල් මසුන් හැරුණු විට බොහොමයක් මුහුදු ජීවීන්ට එය ඒ තරම් පහසු ගමනක් නෙවෙයි. නමුත් මේ ගමනේ දුෂ්කර බව නිසාම එසේ ගමන් ගන්නා මුහුදු ජීවීන්ට ධ‍්‍රැවීය ප‍්‍රදේශවලට ළං වන්නට මත්තෙන් ජීවිතයෙන් සමුගන්නට සිදුවීම හෝ ආපසු එන ගමනේ දී ජීවිතයෙන් සමුගන්නට සිදුවීම සාමාන්‍ය සංසිද්ධියක් බවට මේ වන විට පත්ව තිබෙනවා.

ඔක්තෝබර් 15 සිට 25දක්වා විමසිල්ලෙන් සිටින්න

දරුවන්ට අම්මා තාත්ත නැති කරමින් අම්මා තාත්තට දරුවෝ නැති කරමින් නෑදෑයෝන්ට නෑදෑයෝ නැති කරමින්.යාලුවොන්ට යාලුවෝ නැති කරමින් මිට මාස හතකට පමණ පෙර අපේ රටේ වුනු විශාලම දුක්කිත සිදුවික් ගැන. අන්න ඒ සිදුවීම ගොඩක් දෙනෙක් සිත සං-වේදී කළා. ඒ එහි තිබු අවාසනාවන්ත කම නිසා. මේ වගේ ගොඩක් දේ අපිට අහිමි කල රටක් නිහඬ කරන්නට ඒ සිදුවීම කාගේත් අවධානය ගත්තා.මෙලෙසින් මිනිසුන් 350කටත් වැඩිය පිරිසක් නිහඬ කරමින් ඇති විශාල පිරිසක් ඊට වැඩ වේද-නාකාරී පීඩනයකට ලක් කරමින්. මේ සිදුවීම කාගේත් සිත් නිහඬ කරන්නට හේතු වුනා. අපි අදටත් බයයි ඒ වගේ දෙයක් තවත් වෙනවට. අන්න ඒ වගේ දෙයක් කියන්නයි මේ සුදානම්. ඉදිරියේදී එවන් සිදුවීමක් ගැන තවත් අනාවරණයක්. ඉදිරි දින කිහිපයේදී නැවතත් ත‍්‍ර-ස්ත ප‍්‍ර-හාරයක් එල්ල වීමේ සූදානමක් ඇති බව සිංහලේ සංවිධානය සදහන් කර සිටියා.. අගර-දගුරු තුමන් විසින්ද මේ සම්බන්දයෙන් කරුණු විමසා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි එම සංවිධානයේ සංවිධායක ප‍්‍රදීප් සංජීව මහතා කියා සිටී.. මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් තොරතුරු වාර්තා කර ඇති බවද ඔහු තව දුරටත් සදහන් කලේය.

උපුටා ගැනීම. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි. 2019 ඔක්තෝබර් මස 01 දින බුද්ධි සම්බන්දිකරන සාකච්චාව හා සබැඳේ. 1. කොළඹ අගර-ද ගුරු ඇති උතුම් මැ-ල්ක ම් කා දි න ල් හිමිපාණන් විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලිපියක් මගින් ඔක්තෝබර් මස 15 දින සිට 25 දින අතර කාල පරාසය තුල කිතුනු දෙවතන තුල යලිත් වරක් කිසියම් හිං-සාකාරී ප්‍ර-හාරයක් එල්ලවීමේ තර්-ජනයක් ඇති බවට අනතුරු ඇඟවීම ලැබී ඇති බවට සඳහන් කෙරේ. 2. තවද ඇතැම් කොටස් රට තුල දිගින් දිගටම කලබ-ලකාරී වාතාවරණයක් ඇති කරමින් මැතිවරණය උණුසුම පවතින කල සිමාව තුල තත්වය තවත් ව්‍යාකුල කිරීමේ හැකියාව පැවතිය හැකි බැවිනි. ඉදිරි මාස කිහිපය පුරා පා-ස්කු දිනට පසු කිතු-නු දේව-ස්ථාන සඳහා ත්‍රිවිද හමුදාව හා පොලිසිය අනුයුක්ත කොට ක්‍රියාත්මක කර තිබු ආරක්ෂක වැඩපිළිවෙල යලිත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් සිදුකර ඇත. 3. එබැවින් යොමුගත සාකච්චාවේදී ලබාදුන් උපදෙස් පරිදි සහ ඉහත සඳහන් කාලසීමාවන් ආවරණය වෙන පරිදි දේව-ස්ථානය හා පුද්ගලයන් ආරක්ෂාව තහවුරු වන පරිදි සුදුසු ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව දන්වා සිටිනු ලැබේ. උපුටා ගැනීම අවසන්. මේ සියල්ලගෙන් තවත් කිසි කෙනෙකුට දුකක් විදින්න ඉඩතියන්න එපා.. ඔබත් හැකි පමණින් පරිසරය ගැන සැලකිල්ලෙන් වැඩ කරන්න. මොකද ආයෙත් මේ වගේ දෙයක් සිදුවීමට ඉඩ තියන්න එපා.

ආසියාවේ විශාලම මුඩුක්කුව

ඉන්දියාවේ මුම්බායි නුවර ‘ධරාවි’ පැල්පත් නිවාස නැරඹීමට ගිය සංචාරකයකු තම අත්දැකීම පිළිබව තැබූ සටහනක එසේ ලියා තිබුණි. එම සටහන අවසන් කර තිබුණේ මෙසේය. හැම කෙනෙක්‌ම මිත්‍රශීලියි. කිසිවකු හිඟමන් යදින්නේ නැත. ‘ධරාවි’ ආසියාවේ විශාලතම මුඩුක්‌කුවයි. ඉහත සටහන තැබූ සංචාරකයා ‘ධරාවි’ නැරඹීමට ලොව දසතින් පැමිණෙන දහස්‌ සංඛ්‍යාත සංචාරකයන් අතරින් එක්‌ අයකු පමණි. සංචාරක ව්‍යාපාරය තුළ මෙම නව නැඹුරුතාව විදහාපාන්න වන නමුත් දරිද්‍රතාවයේ සැබෑ තත්ත්වය සියැසින් දැකබලා ගැනීමට සංචාරකයෝ මුඩුක්‌කු කරා ඇදී එති. ‘ධරාවි’ මුඩුක්‌කු අතර වැටී ඇති පටු මාවත් ඔස්‌සේ සංචාරකයන් රැගෙන යැම සංවිධානය කරන එක්‌ සංචාරක වෙබ් අඩවියක සටහන් කර තිබුණේ මෙය ඉන්දියාවේ ජනප්‍රියම සංචාරක අත්දැකීම වන අතර ටාඡ් මහලටත් වඩා ජනප්‍රිය බවය. ඔවුන් එම සටහන තබා ඇත්තේ ට්‍රිප් ඇඩ්වයිසර් වෙබ් අඩවිය උපුටා දක්‌වමිනි. වැඩිම සංචාරකයන් පිරිසක්‌ එන්නේ එක්‌සත් ජනපදය, එක්‌සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රිෂ්ණා පූජාරි පවසයි. ඔහු විදෙස්‌ සංචාරකයන් සඳහා ගමන් සංවිධානය කරන සංචාරක සමාගමක්‌ පවත්වාගෙන යන්නෙකි.

‘ධරාවි’ මුඩුක්‌කු සංචාරය සඳහා මෙම සමාගම විශාල ප්‍රසිද්ධියක්‌ උසුලයි. මගේ සමාගමේ සම අයිතිකරු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්‌. අපි මුඩුක්‌කු සංචාර හඳුන්වා දෙමු කියල ඔහු මුලින්ම යෝජනා කළ විට මට තේරුම් ගන්න බැරි වුණා. මුඩුක්‌කුවක සංචාරකයන්ට බලන්න තියෙන්නේ මොනවද? කියල. පස්‌සේ මම තේරුම් ගත්ත එහි බලන්නත් ඉගෙන ගන්නත් බොහෝ දේ තියෙනවා කියලා. ක්‍රිෂ්ණා පැවසීය. ‘ධරාවි’ මුඩුක්‌කුව පැතිරී ඇත්තේ ‘මුම්බායි’ නුවර මධ්‍යයේ පවතින ඉහළ වටිනාකමක්‌ සහිත බිම් ප්‍රදේශයක්‌ මතය. එහි නිමක්‌ කොනක්‌ නොමැති පටු මං එමටය. පැල්පත් නිවාස පමණක්‌ නොව අනේක විධ වැඩපොළ ද රැසකි. දස ලක්‍ෂයකට ආසන්න මිනිස්‌ ගහනයක්‌ ඒ තුළ දිවි ගෙවති. වැසිකිළි සහ ජල කරාම ඇති බව සැබවි. නමුත් සනීපාරක්‍ෂාව ඉතා පහළ මට්‌ටමකය. වැසිකිළිවලින් පිටවන මළාපවහනය දොරකඩ අද්දරින් ගලා යන්නේ පටු මං දෙපසිනි. මේ පැල්පත්වාසීන් බොහෝ දෙනෙක්‌ මුඩුක්‌කුව තුළම සරුවට කුඩා ව්‍යාපාර කරගෙන යති. එම්බ්‍රොයිඩර් ඇඳුම් ආයිත්තම්, අපනයන තත්ත්වයේ සම් භාණ්‌ඩ, මැටි භාණ්‌ඩ, ප්ලාස්‌ටික්‌ භාණ්‌ඩ මේ මුඩුක්‌කු තුළ නිමැවෙයි. ඉන් ජනිත වන වාර්ෂික ආදායම ඩොලර් මිලියන 650 කට අධික බවට ඇස්‌තමේන්තු සාක්‍ෂි දරයි.

නමුත් මේ මුඩුක්‌කුව තුළ කසළ ශෝධකයෝ ද බොහෝ වෙති. මුම්බායි නගරය පිරිසිදු වන්නේ ඔවුන්ගේ දැතිනි. කම්කරුවන්, කුලී රථ රියෑදුරන් එමටය. මුම්බායි නුවර පැවැත්මට ඔවුන්ගෙන් වන සේවය අති මහත්ය. ඔවුහූ කිසිදා ඇගයීමකට ලක්‌ නොවෙති. විවේකයකින් තොරව ඔවුන්ගේ දෛනික දිවි පෙවෙත ඔහේ ගෙවී යයි. එවන් ජීවන වටපිටාවක්‌ සහිත මුඩුක්‌කුවක්‌ තුළ සංචාරකයකුට වැදගත් විය හැකි අත්දැකීම කුමක්‌ද? අතේ ඇති මුදල අනුව තෝරා ගත හැකි ‘පැකේජ’ වලින් සමන්විත මෙම මුඩුක්‌කු සංචාර ඉතා සංවිධානාත්මකය. අවැසි නම් වායු සමනය කළ ප්‍රවාහන පහසුකම් ද සැපයෙනු ඇත. “අගනා සංස්‌කෘතික හුවමාරුවක්‌” අත්විඳීම සඳහා මුඩුක්‌කු නිවාසයක්‌ තුළ ආහාර වේළක රස බැලීමේ අවස්‌ථාව ද ලබාගත හැකි සංචාරක ‘පැකේජ’ පවතී. ඇත්ත වශයෙන්ම මෙම මුඩුක්‌කු සංචාර බ්‍රසීලයේ සහ දකුණු අප්‍රිකාවේ කලක පටන් පවතින ව්‍යාපාරයකි. එම රටවලට සාපේක්‍ෂව ඉන්දියාවට මෙම සංචාරක පැතිකඩ පැමිණියේ මෑතකදීය. අනෙක්‌ සංචාරකයන් වගේම මමත් ‘ධරාවි’ බලන්න ගියේ මුඩුක්‌කු ජීවිතයේ සැබෑ තත්ත්වය ගැන වැඩි අවබෝධයක්‌ ලබාගන්න. ‘ධරාවි’ තුළ පැය හයක සංචාරයක්‌ කළ මෙලිසා ලිස්‌බෙට්‌ පැවසුවාය. ඇය එම සංචාරයට එක්‌වූයේ 2016 දීය. නමුත් එහිදී අසන්නට දකින්නට ලැබුණු දැ ඇයට ප්‍රශ්නකාරී විය. මුඩුක්‌කු කියන්නේ ප්‍රශ්නයක්‌ නැති දෙයක්‌ ලෙස ඉදිරිපත් කෙරුණා. දුප්පත්කම සාමාන්‍ය දෙයක්‌ නැත්නම් ස්‌වභාවික දෙයක්‌ ලෙස පෙන්නුම් කෙරුණා. ඇතැම් විට එය සත්‍යයට වඩා අලංකාරයට බර කොට හුවා දැක්‌වූවා” ඇය ප්‍රකාශ කළාය

අවම වයස අවුරුදු 13යි

මිලියන් 14 ක ජනතාවක්‌ වෙසෙන ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නගරය ලොව විශාලතම නගරවලින් එකකි. තම දේශපාලන බලවත්භාවය නිසාම මැද පෙරදිග කලාපයේ වැඩිම කතා බහට ලක්‌වන රටක්‌ වන ඉරානය ගැන අප අතර ඇත්තේ එකිනෙකට පරස්‌ පර මතයන්ය. බටහිර මාධ්‍යයන් විසින් පවසන කරුණු නිරීක්‌ෂණයට ලක්‌කළ විට ඉරානයට සංචාරයක්‌ සඳහා යැම බියකරු අත්දැකීමක්‌ වේ. වීසා බලපත්‍ර ලබදෙයිද? ඔබව ඉරානයේදී අත් අඩංගුවට ගනීද? ඉරානයට ගියත් ඔබ පසුපස ඉරාන රහස්‌ සේවාව ලුහුබඳීද? බටහිර මාධ්‍යයන්ගේ මෙවැනි අදහස්‌ නිසා යුරෝපීය රටවල්වලින් ඉරානයට පැමිණෙන්නේ ඉතාමත් අල්ප සංචාරකයන් පිරිසකි.

ඉරානය විසින් වයස අවුරුදු 13 වැඩි තමන්ගේම දියණිය විවාහ කර ගැනීමට නීතියෙන් පියාට අවසර දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් මේ වන විට නීතිමය අවසර ලබා දෙන පනතක් සම්මත කර තිබෙන බවයි වාර්තා වන්නෙ. මෙම පනත මගින් පවුලේ භාරකාරයාට තම සහකරුගේ හෝ සහකාරියගේ හදාගත් දරුවන් ද විවාහ කර ගැනීමට හැකියාව ලබා දී තිබෙනවා. මෙවැනි විවාහයක් සිදු කළ හැක්කේ දැරියගේ වයස අවුරුදු 13 පිරුණු කල්හි බැවින්, මෙම පනතේ අරමුණ ළමා අයිතිවාසිකම් සුරැකීම බව ඉරාන රජය පවසනවා.

පාර්ලිමේන්තුව විසින් සම්මත කරගනු ලබන කිසියම් නීතියක් වලංගු වීමට එය ඉස්ලාම් නීතියට සහ රටේ ව්‍යවස්ථාවට අනුකූල ද යන්න ඉරාන කැපකරු සභාව විසින් විමසා බලනු ලැබිය යුතු වනවා. පූජකවරුන් සහ විනිසුරුවන්ගෙන් සමන්විත එම සභාව මෙම මතභේදනීය නීතිය පිළිබඳ අවසාන තීන්දුව තවමත් ප්‍රකාශයට පත් කර නැහැ. ඉරාන කැපකරු සභාව මෙම නීතිය දැරියන්ට හිතකර ලෙස පිළිගනු ඇතැයි ‘ද ගාර්ඩියන්’ පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී මානව හිමිකම් නීතිවේදිනී ෂාදි සාද්ර් බිය පළ කර තිබෙනවා.

මෙය සම්මත වුවහොත් ළමා අපයෝජනය නීත්‍යනුකූල වනු ඇතැයි ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා. ඉරාන ජනරජය තුළ මේ වනවිට ගැහැනු ළමයකුට ඇගේ පියාගේ අවසරය ලැබෙතොත් වයස අවුරුදු 13දී ද, පිරිමි ළමයකුට වයස අවුරුදු 15දී ද විවාහ විය හැකියි. විනිසුරුවකුගේ අවසරය ලැබේ නම් අවුරුදු 13ට අඩු දැරියක පවා විවාහ කර දීමේ හැකියාව පවතිනවා. ඉරානයේ Tabnak පුවත් වෙබ් අඩවියට අනුව 2010 වසරේදී අවුරුදු 10ත් 14ත් අතර ඉරාන දැරියන් 42,000ක් ද, වයස 10න් පහළ දැරියන් 75 දෙනකු ද විවාහ කර දෙනු ලැබ තිබෙනවා.

ඇය මාස 18 ක් තුල කිලෝ 89ක් බර අඩු කරගත්තා

අපි අද කියන්න යන්නේ තරුණ කාන්තාවක් ගැන ඔයාට විශ්වාස කරන්නත් අපහසු ඇත්ත කතාවක්. මීට අවරුදු දෙකකට කලින් ඇයගේ බර 150KG කට වඩා වැඩිවෙලයි තිබුනේ. ඇය වයස අවරුදු 17දී තමයි ගැබ්ගත්තේ. එදා ඉඳන් ඇය කිසිම පාලනයක් නැතුව ආහාර ගන්න පටන් ගත්තා. ඉතින් ඇය පිලිබදව වෛද්‍ය වරුන් 30 දෙනකුගේ පමණ අදහස උනේ මේ විදිහට දිගටම පාලනයක් නැතුව ආහාර ගත්තොත් ඇය තව අවුරුද්දකට වඩා ජිවත් වෙන එකක් නැහැ කියලා. ඉතින් ඇය තේරුම්ගත්තා මම මේ කරන්නේ මගේ වටිනා ජීවිතය තමන් විසින්ම නැතිකරගන්න එක නේද කියලා.

ඊට පස්සේ ඇය ඇගෙ සම්පුර්ණ ජීවන රටාවම වෙනස් කරා. පිසින ලද පෝෂ්යදායි ආහාර සහ බීම වර්ග පමණක් ආහාරයට ගන්න ඇය පුරුදු උනා. මාස 18ක් වගේ කාලයක් ඇතුලත ඇයට පුළුවන් උනා. කාබොහයිඞ්රේට එහෙම නැත්නම් පිෂ්ඨය සහ සීනි අඩංගු ආහාර සම්පුර්ණයෙන්ම කන එක නවත්තල කිලෝ 89කින් ශරීර බර අඩු කරගන්න. මොකක්ද ඇත්තටම ඇය අනුගමනය කල ආහාර වට්ටෝරුව. මේ තියෙන්නේ ඇගේ දෛනික ආහාර වේල.

උදේ ආහාරය – බිත්තර දෙකයි, හතු, තක්කාලි සහ කුඩා මස් කෑල්ලක්. දිවා ආහාරය – පිලිස්සු හෝ තැම්බු අල සමග මිරිස් සහ කුඩා මස් කෑල්ලක්. අමතර ස්නැක් ලෙස – යෝගට් සමග පලතුරු. රාති‍්‍ර ආහාරය – spaghetti (පාස්තා වර්ගයක්) සමග චීස් සහ තක්කාලි සෝර්ස්. වයස අවරුදු 30දී ඇගේ අධික බරත් එක්ක කොන්දේ වේදනාවක් ඇතිඋන නිසා ඇවිදගන්නත් බැරි උනා. නමුත් දැන් ඇය වසරේ කාන්තාව ලෙස ඇමෙරිකාවේ ස්ථුලතාවය සඳහා ප්රතිකාර කරන මධ්‍යස්ථානයකින් සම්මානයකුත් දිනාගෙන. ඇගේ අධික බර දැන් නැතිවෙලා සාමාන්ය පරිදි සිය කටයුතු කරගනිමින් සාර්ථක ජිවිතයක් ගතකරනවා. මේ කතාව කියවපු ඔයාත් ඔයාගේ ජිවිතයට වටිනා ආදර්ශයක් ගත්තනම් අපේ බලාපොරොත්තුවත් ඉටුවෙලා. සිහින පස්සේ හබා යන්න. ඔයාගේ ජීවිතයත් සාර්ථක කරගන්න අදම වෙනස් විදිහට ජීවිතය දකින්න ආරාධනා කරනවා.