චීන ජනාධිපති

චීනයේ දේශපාලන නායකයින්ගෙන් බොහෝ දෙනෙක් විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන්

චීන රජය මතකයට එන විට, ඔබ සාමාන්‍යයෙන් සිතන්නේ කුමක්ද? ඔබ බොහෝ දෙනා කියනු ඇත්තේ මහා ප්‍රාකාරය, ෆෙන්ෂුයි, ඔවුන්ගේ ආහාර, පැන්ඩා, ලාභ නිෂ්පාදන, කොමියුනිස්ට්වාදය සහ සටන් කලාව යනාදියයි. චීනය ඇත්ත වශයෙන්ම එවැනි ඒවාට ප්‍රසිද්ධ බැවින් මේ සියල්ල වලංගු නිරීක්ෂණ වේ. නමුත් මම එම ලැයිස්තුවට යමක් එකතු කිරීමට අද අපි කැමැත්තෙමු , එය ඉතා දුර්ලභ දෙයක් වන අතර ඒ සඳහා අනිවාර්යයෙන් ඔබ චීනය මතක තබා ගත යුතුය: චීනයේ දේශපාලන නායකයින්ගෙන් බොහෝ දෙනෙක් විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් බව ඔබ දැන සිටියාද ??

එම කරුණ සනාථ කිරීම සඳහා, අපි ඉක්මන් ක්‍රීඩාවක් කරමු. ඔබගේ රටේ ඉහළ රජයේ නිලධාරීන්ගෙන් විද්‍යාඥයකු හෝ ඉංජිනේරුවෙකු නම් කිරීමට කිසිවකු ඔබගෙන් විමසුවහොත් එක විටම එයට පිළිතුරක් දීමට ඔබට තරමක් අපහසු වනවාට නිසැකය ඒ ඔවුන් පිළිබඳව එතරම් දැනීමක් අප තුල නොමැති වීම හේතුවෙනි දැන් ඔබ සැක කරන්නේ ඔබ විශේෂයෙන් එක්සත් ජනපදයේ සිටී නම් චීනයේ හැර වෙනත් කිසිඳු රටක විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන්ට මහජනතාවගේ ගෞරවය හා පිළිගැනීම කොතැනකවත් දැකිය නොහැකි බවයි. මෙය අප දන්නා කරුණකි. ඔවුන් එවැනි වෘත්තිකයන් කොතරම් අගය කරනවාද කියනවා නම් ඔවුන් දේශපාලන කටයුතුවල යෙදීමට සුදුසුකම් ඇති අය බවට සුදුසුකම් ලබයි. චීන ජනතාව විශ්වාස කරන්නේ විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් අවසානයේ නිරායාසයෙන්ම තාක්‍ෂණවේදීන් බවට පත්වන අතර එය රජයේ කාර්යයන් ඉටු කිරීමට ඔවුන් තුල ඉතා විනයගරුක මනසක් ඇති කරවන බවය.

වත්මන් චීනයේ ඉහළම රාජ්‍ය නිලධාරීන් 9 දෙනාගෙන් 8 දෙනෙකුම විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් ය. මෙම නායකත්වය නව්‍යකරණය කෙරෙහි තදින්ම අවධානය යොමු කර ඇති අතර චීනයේ ශ්‍රමයෙන් වැඩි ප්‍රමාණයක් විද්‍යාව, තාක්‍ෂණය සහ ඉංජිනේරු විද්‍යාව කේන්ද්‍රගත කර ඇත. පැවති ක්‍රමයෙන් මදක් ලිහිල් වූ වත්මන් දේශපාලන පෙළගැස්ම මෙය අනුගමනය කළේය.කෙසේ වෙතත්, විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් චීනයේ ඉහළම දේශපාලන කාර්යාල කිහිපයක් හිමි කර ගනී. මෙම කාර්යාල දෙකක් ෂී ජින්පින් සහ යූ ෂෙන් ෂෙන් විසින් දරනු ලැබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම නායකයා සහ මහජන චීන සමූහාණ්ඩුවේ සභාපති ෂී ජින්පින් බීජිං හි සිංහුවා විශ්ව විද්‍යාලයේ රසායනික ඉංජිනේරු විද්‍යාව හැදෑරූ අතර එය පෙර චීන ජනාධිපති හූ ජින්ටාවෝ ජල විදුලි ඉංජිනේරු උපාධිය සඳහා ගිය විශ්වවිද්‍යාලයයි. ෂී මාක්ස්වාදී උපාධියක් මෙන්ම සිංහුවා හියුමනිටිස් ආයතනයේ නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක්ද ලබා ගත් අතර, එවැනි උපාධියක් ලබාගත් චීනයේ පළමු ජාතික නායකයා බවට පත්විය.

චීන ජනතාවගේ දේශපාලන උපදේශන සමුළුවේ ජාතික කමිටුවේ සභාපති යූ ෂෙන් ෂෙන්ග් ඉංජිනේරුවෙකි.ඔහු හාර්බින් මිලිටරි ඉංජිනේරු ආයතනයේ මිසයිල ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ බැලිස්ටික් මිසයිල ස්වයංක්‍රීය පාලනයේ විශේෂ උපාධිය ලබා ගත්තේය.1980 ගණන්වල ඉලෙක්ට්‍රොනික් කර්මාන්ත අමාත්‍යාංශයට බැඳීමට පෙර යූ ඉලෙක්ට්‍රොනික් කර්මාන්තයේ වසර විස්සකට ආසන්න කාලයක් ගත කළේය.චීනයේ ඉහළ දේශපාලන කාර්යාලවල පමණක් නොව විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් චීන රජයේ සෑම මට්ටමක ආධිපත්‍යය දරන අවස්ථා සොයාගත හැකිය.

චීන ජනතාව විසින් තම පාලකයන් තෝරා පත් කර ගැනීමේදී හෝ ඔවුන්ගේ මැතිවරණ ක්‍රමය නිසා තෝරා ගැනීමට බොහෝ කලක සිට විද්‍යා හෝ ඉංජිනේරු පසුබිමක් ඇති දේශපාලකයන් නිරීක්ෂණය වී තිබේ. ලී චෙං සහ ලින් වයිට් විසින් කරන ලද අධ්‍යයනයක් “චීනයේ සහ තායිවානයේ ප්‍රධාන භූමියේ ප්‍රභූ පරිවර්තනය සහ නවීන වෙනස:ආනුභවික දත්ත සහ තාක්‍ෂණික න්‍යාය ”චීන දේශපාලන ප්‍රභූවේ විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන්ගේ ආධිපත්‍යය විස්තර කරයි.කතුවරුන් මෙම අධ්‍යයනය සිදු කරන අවස්ථාවේ මිලියනයකට අධික නගරවල නගරාධිපතිවරුන් සහ පක්ෂ ලේකම්වරු,සහ මධ්‍යම කාරක සභා සාමාජිකයින් 80% තාක්‍ෂණවේදීන් බව සොයා ගන්නා ලදී. මෙයින් අදහස් කරන්නේ ඔවුන්ගෙන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකු විද්‍යාව හෝ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සිව් අවුරුදු උපාධි හෝ ඊට වැඩි උපාධි ලබා ඇති බවයි

චීනයේ පවතින මෙම ක්‍රමවේදය ඔවුන්ගේ දේශපාලන සංස්කෘතිය තුළ අන්තර්ගත වේ. කොන්ෆියුසියස්ගේ විශ්වාසවන්ත අනුගාමිකයෙකු ලෙස ප්‍රසිද්ධ වූ මැන්සි නොහොත් මැන්සියස් වරක් මෙසේ පැවසීය, “හිසෙන් වැඩ කරන අයට තම දෑතින් වෙහෙස මහන්සි වී වැඩ කරන අයව පාලනය කිරීමට ඉඩ දෙන්න.ක්‍රි.පූ. 4 වන හෝ 3 වන සියවසේදී මෙය ප්‍රකාශ කරන ලදී. එවකට ලෝකඩ වාත්තු කිරීම, ස්කැප්ලා මැන්සි සහ ප්ලාස්ට්‍රෝමන්සි වැනි තාක්‍ෂණය ෂැං රාජවංශයේ ශාස්ත්‍රීය පූජකවරුන් විසින් පාලනය කරන ලදී. එවන් පාලන ක්‍රමයක් අප රටේ ඇති කර ගැනීමටනම් අනාදීමත් කාලයක සිටි අප රජවරුන්ගේ ක්‍රියාකාරකම් ගැන උදම් අනමින් නොසිට වර්තමානයේ ජනතාව මුල් බැස ගත් පක්ෂ දේශපලනයෙන් මිදී තාර්කිකව තම මතය ඡන්දයේදී භාවිතා කල යුතු අතර එවැනී දිනක ශ්‍රී ලංකාවද ලෝකය තුල දියුණු රටක් ලෙස කතා බහට ලක් වනු නොඅනුමානය.

ඔබත් රට ඉදි කනවාද

තේ බොනකොට කටගැස්මට කන රසවත් ආහාරයක් මතක් කරන්න කීවොත් විශේෂයෙන්ම මතක් වෙන පලතුරක් තමයි රට ඉඳි කියන්නේ. තනි කෑමක් ලෙස වගේම පලතුරු සලාද, කේක්, රසකැවිලි සහ පුඩින් වර්ග වගේ ආහාර රසවත් කරන්නත් රට ඉඳි නැතිවම බැරි තරම්.පිටරට තරම් රසවත් රට ඉඳි අපේ රටේ හැදුණෙ නැති වුණාට ලංකාවට රට ඉඳි ආනයනය කිරීම ඉතාමත් ඉහළයි. එයට හේතුව තමයි ලංකාවෙ බොහෝ දෙනෙක් රට ඉඳි බහුල වශයෙන් භාවිත කිරීම.

මුස්ලිම් ජනතාව රාමසාන් උපවාසය අවසන් කර ආහාර ගැනීම ආරම්භ කරන්නේ රට ඉඳි ගෙඩියක් කාලා වතුර බීමෙන් පසුවයි. එයට හේතු කිහිපයක් තිබෙනවා. බොහෝ වේලාවක් බඩගින්නේ සිට ආහාර ගත් විට ඒක ශරීර සෞඛ්‍යයට අහිතකරයි. දරා ගන්න අපහසුයි. ඒ වාතාවරණය නැති කරන්න සුදුසුම දේ තමයි රට ඉඳි. ඒ නිසයි බොහෝ කලක් උපවාස කර ආහාර ගැනීමට පෙර මේ පලතුර ආහාරයට ගෙන වතුර වීදුරුවක් බී ආහාර ගන්නේ. එමගින් අධික ලෙස ආහාර ගැනීමත් පාලනය කරනවා. රට ඉඳි කියන්නේ පුංචි කෑමක් වුණාට ඉක්මනින් බඩ පුරවන ආහාරයක්. රට ඉඳිවල පවතින සුවිශේෂී ගුණයක් තමයි ක්ෂණිකව සිරුරට ශක්තිය ලබා දීමේ විශේෂ හැකියාවක් මේ ආහාරයේ පවතිනවා. ඒ නිසාම අඛණ්ඩව මහන්සි වුණු අයට (ගම හරහා දිවූ අවස්ථාවකදී) කෘත‍්‍රිම නිෂ්පාදන වෙනුවට රට ඉඳි මදුළු කිහිපයක් ආහාරයට දෙන්නත් පුළුවන්. එය ඉක්මනින්ම ශරීරයට උරාගෙන ක්ෂණික පෝෂණ ගුණයක් ලබා දෙනවා.

ඇත්තටම පොදුවේ ගත්තොත් රට ඉඳි කියන්නේ හොඳ ඖෂධයක්. ඛර්ජුරි, ඛර්ජුරිකා වැනි නම්වලින් දේශීය වෛද්‍ය විද්‍යාවේදී රට ඉඳි හඳුන්වනු ලබනවා. රට ඉඳි ප‍්‍රභේද හතරක් තිබෙනවා. ඒ හතර තමයි රාජ් ඛර්ජුරි, පිණ්ඩ ඛර්ජුරි, මධු ඛර්ජුරි සහ භූමි ඛර්ජුරි. මේ අතරින් භූමි ඛර්ජුරි කියන්නේ ලංකාවටම පමණක් ආවේණික ඉඳි විශේෂයක්. රට ඉඳිවලට වඩා තරමක් වෙනස් දම් පැහැති, රතු පැහැති ගෙඩිවලින් සමන්විත ලංකා ඉඳි දකුණේ මුහුදුබඩ ප‍්‍රදේශවල බහුල වශයෙන් දැකගන්න පුළුවන්. ගොරහැඩි කඩතොලූ සහිත පුවක් ගහකට සමාන මේ ලංකා ඉඳි (භූමි ඛර්ජුරි* ගහේ ඉඳි සෑදෙන්නේ පොකුරු ආකාරයට. මේ ඉඳි වර්ගයත් රට ඉඳි හා සමානවම රසින් යුක්තයි.

රාජ ඛර්ජුරි, පිණ්ඩ ඛර්ජුරි ලංකාවට ගෙන්වන්නෙ අරාබියෙන්. මේවා බහුල වශයෙන් මසින් පිරුණු ගෙඩිවලින් සමන්විතයි. කෙසේ නමුත් පොදුවේ රට ඉඳි, ලංකා ඉඳි රසින් ගුණයෙන් සමන්විතයි. අරාබිකරයේ රෝපිත රට ඉඳි මේ වන විට ලංකාවේ මන්නාරම් ප‍්‍රදේශයේ සුළු වශයෙන් රෝපණය කර තිබෙනවා. ඒවා සාර්ථක ලෙස පල නෙළාගෙන තිබෙනවා. රට ඉඳි ගෙඩි, බොඩ (ගොබය), මුල් ඖෂධ පිණිස යොදා ගන්නවා. පොදුවේ ගත්තොත් රට ඉඳි කියන්නේ මල බද්ධයට ඉතාමත්ම සුවදායක ඖෂධයක්. රට ඉඳිවල තිබෙන කෙඳි ස්වභාවය නිසාම පහසුවෙන් මල පිට කිරීමේ ගුණයක් මේ ඖෂධයේ පවතිනවා. ඒ නිසාම මල බද්ධය පවතින රෝගීන් රට ඉඳි ආහාරයට ගන්නව නම් ඒ රෝගය සුව කරන්න ඉතාමත් ගුණදායකයි. රට ඉඳි සාමාන්‍ය ලෙස ආහාරයට ගන්නවට වඩා රට ඉඳිවල ඇට ඉවත් කර රැුයක් ඇල් දියේ ගිල්වා උදේට ආහාරයට ගන්නව නම් මලබද්ධතාව සුව කරන්න එය ඉතාම ගුණදායකයි. මෙය දින කිහිපයක් උදෑසන කළොත් ඔබට පැහැදිලි වෙනසක් දැනේවි.

ඇතැම් පුද්ගලයන්ගේ බඬේ ආහාර දිරවීමේ අක‍්‍රමිකතා ඇතිවන්න පුළුවන්. එයට හේතුව දිරවීම පමා වීම. එවන් රෝගීන් රට ඉඳි ආහාරයක් ලෙස ගන්නව නම් ජීර්ණ පද්ධතිය ආශ‍්‍රීතව හටගත් සෑම රෝගයකටම ගුණදායකයි. ආහාර ජීර්ණ පද්ධතියේ අක‍්‍රමිකතා මග හරවන්න වගේම ආමාශගත පිළිකා අවදානම වළක්වන්නත් රට ඉඳි ඉතාමත්ම ගුණදායකයි. මෙහිදී විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණක් තමයි දියවැඩියා රෝගීන්ට රට ඉඳි වැඩි වශයෙන් ආහාරයට ගැනීම නම් සුදුසු නැහැ. ඒ පිළිබඳ සැලකිලිමත් වීමත් වැදගත්. රට ඉඳිවල පවතින පෝෂණ ගුණය ගත් විට ඉතා දුර්ලභ පෝෂණ ගුණ රැසකින් මේ ඖෂධය සමන්විතයි. විටමින්, කැල්සියම්, යකඩ, පොටෑසියම්, පොස්පරස් සහ කොපර් වැනි නිරෝගී දිවියකට අවශ්‍ය අති දුර්ලභ පෝෂ්‍ය පදාර්ථ ඖෂධීය පලතුරේ අන්තර්ගතයි. රට ඉඳිවල කැල්සියම් වැනි අනර්ඝතම පෝෂණ ගුණයන් අඩංගු නිසා එමගින් ශරීරයේ අස්ථි ශක්තිමත් වෙනවා. බොහෝ දෙනකුට වයසත් සමග අස්ථි දිරාපත් වීම සිදු වෙනවා. එයට බාහිරව විවිධ කැල්සියම් ගන්නවට වඩා රට ඉඳි ආහාරයට ගැනීම යෝග්‍යයි. නමුත් දියවැඩියා රෝගය පවතින අයට මෙය නිර්දේශ කරන්න බැරි රට ඉඳිවල අධික ලෙස සීනි අඩංගු නිසයි.

සමහර පුද්ගලයන් ඉන්නවා ශරීරයේ බර ගොඩක් අඩුයි. එහෙම නැතිනම් ගොඩක් කෙට්ටුයි. බර වැඩි කර ගන්නත්, ඇග මහත් කර ගන්නත් රට ඉඳි ඉතාමත්ම ගුණදායක ඔසුවක්. දිනකට රට ඉඳි මදුළු 07ක් ආහාරයට ගන්නවා නම් එහෙමත් නැති නම් රට ඉඳි ඇට ඉවත් කරල මදුළු 07ක පමණ ප‍්‍රමාණයක් එළකිරිත් එක්ක දිනපතා බොනව නම් ශරීරයේ බර වැඩි කර ගන්නත්, ශරීරය මහත් කර ගන්නත් පුළුවන්. ඒ වගේම කාර්යබහුලව රැුකියා කරන කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම මුහුණපෑමට සිදුවන ගැටලූවක් තමයි ශාරීරික සහ මානසික වෙහෙසකාරී බව. එවන් පුද්ගලයන් දිනපතා රට ඉඳි මදුළු කිහිපයක් ආහාරයට ගන්නව නම් ඒ ගතිය මගහැරෙනවා. හෘදයාබාධ කියන්නේ අද වන විට සමාජයේ මුල් බැසගත් වේදනාකාරී අර්බුදයක්. වැලැඳුණු හෘදයාබාධ සුව කරන්නත්, හෘදයාබාධ වැලැඳීමේ අවදානම නැති කරන්නත් සුදුසුම ඖෂධීය ආහාරයක් තමයි රට ඉඳි. සතියකට දෙවරක් වත් රට ඉඳි මදුළු කිහිපයක් ආහාරයට ගැනීමෙන් වැලඳුණු හෘදයාබාධ සුවතට ගන්නත්, හෘදයාබාධ වැලැඳීමේ ප‍්‍රවණතාව මගහරවන්නත් පුළුවන්. ඒ වගේම අංශභාගය දක්වා ඇතිවන බලපෑමත් රට ඉඳි කෑමෙන් වළක්වා ගන්න පුළුවන්.

ශරීරයට ඇතුළු වන විවිධ විස වර්ග නැති කරන්නත් රට ඉඳිවලට පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් බොහෝ දෙනෙක් හිතාමතාම ශරීරයට ඇතුළු කර ගන්නා මද්‍යසාර විස නිසා අක්මාවේ රෝග ඇතිවනවා. මානසික විකෘතිතා ඇති වෙනවා. එවන් රෝගීන්ට ආයුර්වේදයේ අගනා ඖෂධයක් නිර්දේශ කර තිබෙනවා. එය නමින් “ඛර්ජුරාදි මන්තය” ලෙසින් හඳුන්වනවා. අධික ලෙස මත් වුණු අයගේ මත් බව නැති කරන්නත්, අක්මා රෝග සුවපත් කරන්නත් මේ ඖෂධය ඉතා ගුණදායකයි. ඛර්ජුරාදී මන්තය සාදාගන්නෙ මෙහෙමයි. ඇට ඉවත් කරන ලද රට ඉඳි, දෙළුම් ඇට, මුද්දරප්පලම්, රට ගොරකා මද (කහ පැහැති ගොරකා මද), සියඹලා, නෙල්ලි, උගුරැුස්ස සමව ගෙන හොඳින් කපා ඒ වගේ හතර ගුණයක් වතුර මිශ‍්‍ර කර හොඳින් බ්ලෙන්ඩර් කරන්න. බ්ලෙන්ඩර් කර හොඳින් පෙරා අධික මත් බවින් ඉන්න අයට ඒ පානය (ඛර්ජුරාදි මන්තය) බොන්න දෙන්න. ඉක්මනින් වෙරි මත බහිනවා. බීම නිසා අක්මාවේ ඇතිවුණු විස තත්ත්වයන් මගහරවන්නත් මේ රසවත් ඖෂධීය පානය ගුණදායකයි. නමුත් එකක් මතක තබා ගත යුතුයි. මද්‍යසාර බිබී ඛර්ජුරාදි මන්තය පානය කිරීමෙන් නම් කිසිම පලක් වෙන්නෙ නැහැ. මද්‍යසාර වෙනුවට ඛර්ජුරාදි මන්තය බොන්න. එය ශරීර සෞඛ්‍යයටත් හොඳයි. හානිදායකත් නැහැ.

පිළිකා නාශක ගුණයක් පවා රට ඉඳිවලට ලැබී ඇත්තේ මෙය ස්වාභාවික ශාකසාර ඖෂධයක් නිසයි. මේ ශාකසාර ඖෂධීය ගුණ නිසාම සම පැහැපත් කරන්නත් සම නිරෝගී කරන්නත් රට ඉඳි ඉතාමත් ගුණදායක ඖෂධයක්. පැහැපත් සමක් ලබන්න ඔබ කළ යුත්තේ දිනකට රට ඉඳි මදුළු හතක් බැගින් දිනපතාම රට ඉඳි ආහාරයට ගැනීම පමණයි. සති කිහිපයකදී ඔබට ඔබේ සමේ පැහැදිලි වෙනසක් අත්විඳින්න පුළුවන් වේවි. හිසරුජාව, ආහාර අරුචිය ආදී විවිධ අවස්ථා නිසා ඇතැම් විට වමනය තත්ත්වයන් හට ගන්න පුළුවන්. එවන් අවස්ථාවකදී රට ඉඳි මදුළු කිහිපයක් අරගෙන ඇට ඉවත් කර මුට්ටියකට දමා එයට වතුර කෝප්ප හතරක් මිශ‍්‍ර කර පත එකට සිඳුවා හොඳින් පෙරා බීමට ගන්න. වමනය යෑම වළක්වන්න වගේම මේ ඖෂධීය කෂාය බඩඑළිය යෑම වළක්වන්නත් ගුණදායකයි.

විජලනය හෙවත් ශරීරයේ ජලය නැති වීමේ රෝගය වැළැක්වීමටත් රට ඉඳි ගුණදායකයි. සිරුරේ තෙතමනයක් නැති වීම හරහා මෙම තත්ත්වය හට ගන්න පුළුවන්. එවන් රෝගීන් දිනපතා රට ඉඳි ආහාරයක් ලෙස ගන්නව නම් විජලනයෙන් මිදෙන්න පුළුවන්. ඒ වගේම කුඩා දරුවන්ටත්, ගැබිනි මාතාවන්ටත් මෙය හොඳ ඖෂධයක්. දරු ප‍්‍රසූතියකට සූදානම් වන ගැබිනි මවුවරුන්ගේ ගර්භාෂ මාංස පේශි ශක්තිමත් කිරීමට දිනපතා රට ඉඳි කෑම හරහා පුළුවන්. ඒ වගේම දරු ප‍්‍රසූතියකින් පසුව මවුවරුන්ගේ කිරි වර්ධනය කරගන්නත් රට ඉඳි ආහාරයට ගැනීම ගුණදායකයි. තද අව්වක ගියොත් බොහෝ දෙනකුට හිසරදයක් හට ගන්නවා. සමහර විට ආහාර ක‍්‍රමවේදයේ ගැටලූ නිසාත් මෙවන් තත්ත්ව ඇති වෙනවා. මේ වගේ අවස්ථාවකදී උළුහාල් ස්වල්පයකට වතුර පත හතරක් දමා එය පත එකක් වන සේ සිඳගෙන කෂාය සාදා ගන්න. ඒ කෂායට රට ඉඳි මදුළු කිහිපයක් තළා දමා (ඇට ඉවත් කර) හොඳින් මිශ‍්‍ර කර බීමට ගන්න. හිස රුජාවට මේ ඖෂධීය පානය ඉතාමත්ම ගුණදායකයි.

දෙබර, බඹර, මී මැසි වැනි සත්ත්ව දෂ්ටනවලදී රට ඉඳි ඇට හොඳින් කුඩු කර ඒ දෂ්ටනය වුණු ස්ථානයේ ගාන්න. එමගින් විෂ නාශනය වීමක් වෙනවා. ඒ වගේම රට ඉඳි ඇට වියළා කබලේ බැද (කෝපි ඇට මෙන්) හොඳින් කුඩු කර දිනපතා උදේ සවස කෝපි වගේ බීමෙන් පෙර සඳහන් කළ සෑම රෝගයකටම සුවයක් ලබන්නත්, රෝග වැලඳීමේ අවදානම නැති කරන්නත් එයින් පුළුවන්. ඒ වගේම මේ ඖෂධීය පානය ඉතාම රසවත්. සන්ධි ආශ‍්‍රිත වේදනා ඇති අයටත් මේ පානය හොඳ වේදනා නාශකයක්. මුත‍්‍රා පිට නොවීම, මුත‍්‍රා දැවිල්ල වගේ ආසාදන නිසා අද සමාජයේ බොහෝ දෙනෙක් අපහසුතාවට පත්ව සිටිනවා. එවන් පුද්ගලයන් හොඳින් උණු කර නටවා ගත් වතුර වීදුරුවකට රට ඉඳි මදුළු අටක් වගේ තළා දාලා බොන්න. හොඳින් මුත‍්‍රා පිටවෙන්නත්, මුත‍්‍රා දැවිල්ල සමනය වෙන්නත්, වකුගඩු මුත‍්‍රා ගල් දියවීමටත් එය ගුණදායකයි.

ඛර්ජුර එහෙම නැතිනම් රට ඉඳිවලින් ඉන්දියාවේ අගනා ඖෂධයක් නිෂ්පාදනය කරනවා. එහි නම “වාරුනී”. මේ බෙහෙත අරිෂ්ට, ආසව වගේ බෙහෙතක්. විවිධ රෝගාබාධවලට ප‍්‍රතිකාරයක් ලෙස භාවිත කරනවා. තවත් වැදගත්ම කරුණක් තමයි තල් සහ රට ඉඳි මගින් සාදාගත් ඖෂධීය පානයක් අතීතයේ මෙරට රජවරු පවා පානය කළ බවට ආයුර්වේද ග‍්‍රන්ථ සාක්ෂි දරනවා. තල් ගෙඩියේ පිට පොත්තෙන් ලබා ගන්නා ඉස්ම සහ රට ඉඳි පැසවලා තමයි මේ ඖෂධීය පානය සාදන්න පුළුවන්. පීනස, බඩ පිපුම, දරන්න බැරි ආර්තව වේදනාවටත් මෙය ඉතාම කදිමයි. අතීතයේ රජවරු පවා පානය කළ මේ ඖෂධීය පානය වර්තමානයේ ඉන්දියාවේ සාදන “වාරුනී” ඖෂධය විය හැකි බවට සාධක පවතිනවා. වාරුනී කියන්නේ ආහාර රුචිය වැඩි කිරීමටත් භාවිත කරන ඖෂධයක්.

මෙතෙක් වේලා අපි කතා කළේ රට ඉඳි ඖෂධය ගැන. නමුත් ලංකාවෙ හැදෙන භූමි ඛර්ජුරි හෙවත් ලංකා ඉඳි පලතුරක් ඖෂධීය ගුණ සපිරි ශාකයක්. ලංකාවටම පමණක් ආවේණික ඉඳි ගහෙන් රා මැදීම සිදු කරනවා. මෙය “රා” කී පමණින් මත් වීමට පෙරන රා වර්ගයක් කියා නම් සිතන්නට එපා. ඇත්තටම ඉඳි ගහෙන් පෙරන රා ශරීරයට ජවය, ශක්තිය ලබා දෙන ඖෂධීය පානයක්. ඒ වගේම මුත‍්‍රා පිට කිරීම වැඩි කරන්නත් මේ පානයට පුළුවන්. ඉඳි ගහේ කඳින් කපා තමයි රා පෙරීම සිදු කරන්නේ. අතීතයේ බොහෝ දෙනෙක් කාය ශක්තිය ලබන්නත් මේ ඖෂධීය පානය භාවිත කර තිබෙනවා.

අතීතයේ වගේම වර්තමානයෙත් සර්ප දෂ්ටනයකට ලක්වී සර්ප විෂ ශරීර ගත වී සිහිය නැති වුණු අයගේ සිහිය ලබා ගන්න බෙහෙත් ඔරු භාවිත කරනවා. ඒ බෙහෙත් ඔරුවලට ලංකා ඉඳි ගහේ ගොබ භාවිත කරනවා. එයට හේතුව තමයි සර්ප විෂ විනාශ කරන්න පුළුවන් සුවිශේෂී ඖෂධීය රසායන ගුණයක් මේ ඉඳි ශාකයේ පැවැතීම. ඒ වගේම ස්ත‍්‍රීන්ගේ ඇතිවන ආර්තව, රක්තප‍්‍රදර වැනි තත්ත්වවලදී ඉඳි බඩ (ඉඳි ගසේ ගොබ) අඹරා කල්කයක් ලෙස භාවිත කළොත් ඒ වේදනාවන්ගෙන් මිදෙන්නත් පුළුවන්. එය හඳුන්වන්නේ “ඉඳබොඩ කල්කය” නමින්. ඒ වගේම පුරුෂයන්ගේ පෞරුෂ ග‍්‍රන්ථිය ඉදිමීමේ රෝග අවස්ථාවලදී ඉඳි බඩ යුෂ සමග වෙළෙඳපොළ් ඇති වජ්රශාර ඖෂධය පානය කළොත් ඒ රෝග තත්ත්වයෙන් මිදෙන්නත් පුළුවන්. වජ්රශාර කියන්නේ ර්.ර්.ච්. මට්ටමෙන් ගන්න පුළුවන් ලූණු වගේ ඖෂධයක්.

විවිධ උල්, කටු සහ කීරි වැනි දෑ කකුලෙ ඇනුණම අපිට දැනෙන්නෙ දැරිය නොහැකි වේදනාවක්. සමහර විට එය පැසවීමක් දක්වා දුර ඇදෙන්නත් පුළුවන්. එවන් කටුවක්, උලක් වැනි යමක් කකුලෙ ඇනුණොත් පෙරුම්කායන් සමග ඉඳි බඩ අඹරා ඒ ද‍්‍රාවණය උල ඇනුණ ස්ථානයේ ආලේප කරන්න. කිහිපවිටක් මෙය ආලේප කළොත් කටුව මතුපිටට ඇදී ඒමක් වෙනවා. තුවාලය ඉක්මනින් සුව කිරීමටත් එය ගුණදායකයි.

ඒ වගේම දත් කැක්කුම, දත් පණුවො කෑම, විදුරුමස් දියවීම ආදී මුඛාශි‍්‍රත රෝග සුව කරන්න කදිම ඔසුවක් තමයි ඉඳි ගසේ මුල් කියන්නේ. ඔබ කළ යුත්තේ ඉඳි මුල් තම්බා එමගින් කට සේදීම පමණයි. දින කිහිපයක් මෙය කළොත් මුඛාශ‍්‍රිත රෝග සියල්ලක්ම සුවතට පත් වේවි. ඒ වගේම උණ වැනි රෝග තත්ත්වවලදී කොතෙක් කෑම ගත්තත් කටට රස දැනෙන්නෙ නැහැ. කෑම අරුචියත් දැනෙනවා වැඩියි. එවන් අවස්ථාවලදී ඉඳි ගෙඩි සහ මුද්දරප්පලම් හොඳින් අඹරා කල්කයක් සාදාගෙන කටේ තබාගෙන ඉස්ම ගිලින්න. ඉන් පසු මොහොතකින් කෑම කන්න. කෑමවල රහ දැනෙනවා වගේම ඔබට ආහාර රුචියත් එමගින් වැඩිවෙනවා.

ආයුර්වේදයේ ඉඳි යොදා සාදන තවත් කල්කයක් පවතිනවා. එහි නම “ෂෂ්ටිකාදි ගුටිකාව”. මේ කල්කය එළකිරිත් සමග ආහාරයට ගත්තොත් වයසට යෑම පමා කරන්නත්, වයසට වඩා තරුණ පෙනුමක් ලබන්නත් පුළුවන්. සම රැලි වැටීම, කෙස් ඉදීම, ඇස් ගිලීම ආදී වයසට යෑමේ පූර්ව ලක්ෂණ මෙමගින් පමා කරනවා. ෂෂ්ටිකාදි ගුටිකාව ඖෂධය ඔබට වෙළෙඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම රට ඉඳි තළා කල්කයක් වගේ ආහාරයට ගෙන මොහොතකට පසු හැටදාඇල් හාල් බත් කන්න. දිනපතා මේ ආහාරය ගත්තොත් එමගිනුත් ඔබට වයසට වඩා තරුණ පෙනුමක් ලබන්න පුළුවන්. ආයුර්වේදයේ “මධුර ත‍්‍රිපලා” නමැති කාණ්ඩය යටතට අයත් අගනා ඖෂධයක් වන රට ඉඳි සහ දේශීය ඉඳි විවිධ කෂාය, අරිෂ්ට සහ ආසව වර්ග සෑදීමට නැතිවම බැරි ඖෂධයක්. ශරීරය පුෂ්ටිමත් කිරීමට, කෑම රුචිය වැඩිවීමට සහ අජීර්ණය වැනි රෝග සුව කිරීමට ර්.ර්.ච්. මට්ටමින් පවතින “ඛර්ජුරාසවය”, “ඛර්ජුරාදි ලේහය” ආදී ඖෂධ රැසක මේ අගනා රට ඉඳි ඖෂධය අන්තර්ගතයි. ඒ වගේම කාර්යබහුලව රැකියා කරන කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම මුහුණපෑමට සිදුවන ගැටලූවක් තමයි ශාරීරික සහ මානසික වෙහෙසකාරී බව. එවන් පුද්ගලයන් දිනපතා රට ඉඳි මදුළු කිහිපයක් ආහාරයට ගන්නව නම් ඒ ගතිය මගහැරෙනවා

කෘත්‍රිම අතක් නිපද වූ පුතෙක්

වසර දහයකට පෙර පියාගේ වෙන්වුණු අත වෙනුවට කෘත්‍රිම අතක් නිපදවීමට මුලතිව් මල්ලාවී ප්‍රදේශයේ තරුණයෙකු සමත් වී තිබෙනවා. එස්.දුෂ්‍යන්තන් නැමති මෙම තරුණයා විශ්ව විද්‍යාල සිසුවකු වන අතර දීර්ඝ වශයෙන් අධ්‍යයනය කිරීමෙන් පසුව ඔහුට සිය පියා වෙනුවෙන් කෘත්‍රිම අතක් නිෂ්පාදනය කොට සිය පියාට සවි කිරීමට හැකි වී තිබෙනවා.

කනපතිපිල්ලේ පද්මනාදන් නැමති, තරුණයාගේ පියාගේ අත ටැක්ටරයක කොටසකට හසු වී මීට වසර දහයකට පෙර දරුණු ලෙස තුවාල වී ඇති අතර පසුව ශල්‍ය කර්මයක් මගින් අත කපා ඉවත් කිරීමට සිදු ව තිබෙනවා.

ශල්‍යකර්මයෙන් පසු අත අහිමි වූ සිය පියාට කෘත්‍රිම අතක් සවි කිරීමට ගිය අවස්ථාවේදී ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය වූ නිසා කෘත්‍රිම අතක් සවි කිරීම පද්මනාදන් ගේ පවුලේ උදවියට සිහිනයක් වී තිබුණා. ඒ අනුව පද්මනාදන්ගේ පුතා වූ දුෂ්‍යන්තන් එදා සිටම උත්සහ කොට ඇත්තේ කෙසේ හෝ සිය පියාට කෘත්‍රිම අතක් නිෂ්පාදනය කිරීමටයි. ඒ අනුව වසර 10 ක උත්සාහයකින් පසුව ඔහුට සිය පියා වෙනුවෙන් කෘතීම අතක් නිපදවීමට හැකියාව ලැබී තිබෙනවා.

ලංකාවේ ලාබාලතම කෝටිපති තරුණයා

මේ දිනවල අන්තර්ජාලය හරයා සංසරණය වන වීඩියෝවක් ගැන බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.ලංකිවට පැමිණි බෝරා පුද්ගලයින් පිරිසක් පන්සලකට හිසුවැසුම් සහිතව ඇතුල් වීමට උත්සාහ කිරීමේදී පන්සලකට ඇතුල් විය යුතු අන්දමින් ඔවුන්ට පැහැදිළි ආකාරයෙන්ම කියලා දෙන තරුණයෙක් තමා එහි සිටින්නේ.කවුරුත් නොදන්න එම තරුණයා නමින් දිලින දක්ෂිල.

අවුරුදු 20දීම සුපිරි BMW I8 රථයක හිමිකරුවෙකු වන ඔහුගේ එම රථයේ සඳහන් වාක්‍යයක් තමා “ ලක්ෂ ගණනින් අරහතුන් වහන්සේලා මේ පුණ්‍යභූමියේ පහළ වේවා ” ඔහු ගැන හැදින්වුවහොත් විශේශත්වය වන්නේ ඔහු මේවන විට ශ්‍රී ලංකාවේ සහ අන්තර්ජාතික වශයෙන් ඉමහත් ප්‍රසිද්ධිය්ට පත්ව ඇති මෘදුකාංග නිර්මාන ශිලිපියෙක්.කලුතර ප්‍රදේශයේ පාසලකින් ඉගෙනුම ලබා ඇති ඔහු මෙම තත්වයට පත්ව ඇත්තේ ඔහුගේ ස්වෝත්සාහයෙන්මයි.ඔහුගේ දෙමාපියන්ද සමාන්‍ය පුද්ගලයන්.

තවද කළුතර බෝධිය ලඟින් යන විට මෙම සුඛෝපබෝගී රථයෙන් බැස පඬුරක් දමා දණ ගසා වැද යන තරුණයෙක් ලෙසද ඔහු ප්‍රසිද්ධ ය. 2018 Google IO තුල ලංකාවේ හොදම ඇප් එකට හිමි කුසලානය හිමිවූයේ මෙම තරුණයාටයි.අපට දැනගන්න ලැබෙන පරිදි ඔහු ශ්‍රි ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාලය ඉගෙනුම ලබන අතර ඔහු මෘදුකාංග ක්ශේත්‍රයට පිවිස ඇත්තේ පාසල් යන අවදියේදීමයි. ඔහුගේ ඡායාරූප පෙළක් පහළින් නරඹන්න

පේර කොල සත්කාරය

හිස කේ ගැලවී යාම කියන්නේ වර්තමානය වන විට ගැහැණු පිරිමි මෙන්ම කුඩා ළමුන්ට පවා මුහුණ දීමට සිදු වෙලා තිබෙන රෝග තත්වයක්. මේ සදහා බලපාන හේතු රාශියක් තියෙනවා. විටමින් හා ඛනිජ ලවණ වල හිගකම, අයහපත් ආහාර පුරුදු, මානසික අවපීඩන තත්වයන්, ජානමය හේතු , විවිධ බෙහෙත් වර්ග ඒවායින් කිහිපයක්. නවතම වාර්තා වලට අනුව ලොව සමස්ත ජනගහණයෙන් තුනෙන් එකක් මේ පීඩාකාරී රෝග තත්වයට ගොදුරු වෙලා සිටින බව තහවුරු කරගෙන තිබෙනවා. මේ තරම් විශාල මිනිසුන් පිරිසක් බැට කන ප‍්‍රශ්නයට විසදුමක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

මෙම ලිපිය තුලින් හිස කේ වැටීම නවතාලන බලගතු හිස් ආලේපනයක් (Hair Mask) හදන හැටි කියලා දෙන්නම් . මෙම හිස් ආලේපන භාවිතා කිරීම මගින් දින කිහිපයක් තුල හිස කෙස් වැටීම නවත්වා ගන්න පුළුවන්. මේ සදහා පැ යොදා ගන්නේ එකම එක ස්වාභාවික අමුද‍්‍රව්‍යක් පමණයි. ඒ තමයි පේර කොල. ඔබ නොදැන සිටියාට පේර කොල යනු හිස කේ වැටීම පාලනය කරන ඉතාම ප‍්‍රබල ඖෂධයක්. ඒ වගේම ඩෙංගු වැළදුණු රෝගීන්ගේ රුධිර පට්ටිකා යලි වර්ධනය කර ගැනීම සදහා පේර කොල භාවිතා කරන අවස්ථා තියෙනවා. ලොව පුරා බොහෝ හිස කේ සම්බන්ධ ප‍්‍රශ්න වලට පිළියම් කරන රුපලාවන්‍ය ශිල්පින් විශ්වාස කරනවා පේර කොල යනු කොන්ඬේ යන අයට ප‍්‍රතිකාර ලෙස භාවිත කරන්න පුළුවන් හොදම ස්වාභාවික විසදුම කියලා.

හිස කේ වැටීමට එරෙහිව පේර කොල වලට සටන් කිරීමේ හැකියාව ලැබුනේ කොහොමද ? අපි ඒ ගැනත් සොයා බැලූවා. පේර කොල වල විටමින් ඊ යහමින් අඩංගු වෙනවා. විටමින් ඊ කියන්නේ පෝෂ”ය කෙස් කළඹක් සදහා අතවශ්‍ය පෝෂණ සංඝටකයක්. දැන් අපි බලමු මේ බෙහෙත් වට්ටෝරුව පිළියෙළ කර ගන්නේ කොහොමද කියලා

අවශ්‍ය ද්‍රව්‍ය පේර කොල මිටක් වතුර ලිටරයක් සාදන ක‍්‍රමය පේර කොල මිට හා වතුර ලීටරයක ප‍්‍රමානය ලිප තැබිය හැකි භාජනයකට දමා විනාඩි 20 හොදින් තම්බා ගන්න ඉන්පසුව ලිපෙන් බාගෙන මිශ‍්‍රණය නිවෙන්න හරින්න (කාමර උෂ්ණත්වයේ තබන්න) භාවිතා කරන ආකාරය මුලින්ම ඔබේ කොන්ඬේ හොදින් සෝදා ගන්න. දැන් ඔබට පුළුවන් මේක ටොනික් එකක් වගේ හිස කේ මුල් වල හා හිස් කබලේ හොදින් වදින සේ ආලේප කරන්න. විනාඩි කිහිපයක් සම්බාහනය කර පැයක් දෙකක් සිටින්න. පසුව මෘදු ෂම්පෝ වර්ගයක් භාවිතා කර සෝදා හරින්න මෙහි උපරිම ප‍්‍රයෝජනය ගැනීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් නින්දට යාමට පෙර මෙම මිශ‍්‍රනය හිස් කබලේ ආලේප කර ෂවර් කැප් එකක් පැළද නින්දට යන්න. පසු දින අවදි වී හිස සෝදා හැරීම ප‍්‍රමාණවත්.

ඇත්තටම ඔබ නිවැරදිව හා නොනවත්වා මේ පේර කොල සත්කාරය සිදු කරොත් ඉතාම කෙටි කාලයක් තුල ඔබට සතුටුදායක ප‍්‍රතිපල දක්නට ලැබේවි. කෙස් ගස් වල මුල් ශක්තිමත් වී හිස කේ වැටීම සම්පුර්ණයයෙන්ම නැවතී නව හිස කෙස් වේගයෙන් වර්ධනය වීමට පටන් ගනීවි. එහෙනම් ඔබත් මේ රෝග තත්වයෙන් පිඩා විදින කෙනෙක් නම් නිවසේදීම පහසුවෙන් කර ගත හැකි මේ ස්වාභාවික සත්කාරය අත්හදා බලන්න. ඔබට ජය

සාර්ථකම ව්‍යාපාරිකයින් 5 දෙනෙක්

ජීවිතය කියන්නෙ හරි පුදුමාකාර දෙයක්. වෙලාවකට අපිව බිඳ වැටෙනවා. සමහර වෙලාවට අපිව උඩින්ම තියනවා. එත් අපිව ඉහලට යන ප්‍රමාණයට වඩා බිඳ වැටෙන ප්‍රමාණය වැඩියි. මේ කියන්න යන්නේ එහෙම බිඳ වැටෙන වරක් පාසා දිරියෙන් නැගිටලා ජීවිතය ජයගත්ත අපුරු සාර්ථකම ව්‍යාපාරිකයින් 5 දෙනෙක්

1. වික්ටර් හෙට්ටිගොඩ – සිද්ධාලේප සමුහ ව්‍යාපාර 1937 දී ඉමදුවේ කනංකේ නම් ගමේ ඉපදිලා මාතර රාහුලයෙන් අධ්‍යාපනය ලබපු හෙට්ටිගොඩ මහත්මයා ව්‍යාපාරයක් විදියට සිද්ධාලේප නිෂ්පාදනය කරන්නට පටන් ගත්තේ 1971දීයි. පාරම්පරික ආයුර්වේද වෙදමහත්මයෙක් ගේ පුතෙක් වුන හෙට්ටිගොඩ මහත්මයා තම පියාගෙන් ලැබුණ බෙහෙත් වට්ටෝරුවකින් තමයි සිද්ධාලේප නිපදවනවා යයි පැවසෙන්නේ. වාර්තමානය වන විට සේවකයින් 1500ක් සේවය කරන සමාගම් 11ක් සහ රටවල් 40කට අධික ප්‍රමාණයක පැතුරුණු නිෂ්පාදන ජාලයක් ඔහු සතුයි. මේ සමාගම් 11 අතර රෝහල්, හෝටල්, බෙහෙත් නිෂ්පාදන, සහ අපනයන හැසිරවීම් කරන සමාගම් ඇතුලත්.

2. හේමචන්ද්‍ර වෑගපිටිය – ලාෆ්ස් සමුහ ව්‍යාපාර 2500කට වඩා වැඩි සේවක මණ්ඩලයක් සහ 15කට අධික සමාගම් ප්‍රමාණයක් හිමි ලාෆ්ස් ව්‍යාපාරයේ හිමිකරු වන වෑගපිටිය මහතා නොපසුබසින උත්සාහය ගැන දක්වන්නට පුළුවන් හොඳම උදාහරණයක් කියලා කියන්නට පුළුවන්. බලන්ගොඩටත් කිලෝමීටර් 7ක් ඈතින් පිහිටි වෑගපිටිය ගමේ, දරුවන් නව දෙනෙක් ගෙන් යුතු පවුලක බාලයා වී ඉපදී මොරහැළ බන්ඩාරනායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා විශ්ව විද්‍යාලයට තේරීපත් වන්නට වාසනාවන්ත වුනා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු පළමු රැකියාව කලේ නැව් සංස්ථාවේ පුහුණු සේවකයෙකු ලෙස දවසකට රුපියල් 20ක පඩියකට යි. කෙමෙන් සිය කුසලතා වර්ධනය කරගනිමින් ලංකාවේ බලශක්ති ව්‍යාපාරයට ඇත ගැසු ඔහු අද පුද්ගලික අංශයෙන් බලශක්ති ව්‍යාපාරයට සම්බන්ධව සිටින ප්‍රධානතම සමාගමේ සාඩම්බර හිමිකරුවායි.

මීට අමතරව ලාෆ්ස් සමාගමේ නාමය පිටුපස අපුරු රහසක් සැඟවී පවතිනවා. ඔහු ව්‍යාපාරයට අත ගැසූ මුල් කාලයේ ඔහුට මෙවැනි ව්‍යාපාර හසුරවන්නට නොහැකියි කියා ඔහුගේ තරඟකරුවන් උපහාසයෙන් සිනාසී තිබෙනවා. බොහෝ අයගේ බලාපොරොත්තුවක් වී ඇත්තේ වෑගපිටියගේ බලශක්ති සමාගම් සිහිනය, සිහිනයක්ම වේවි කියලයි. එහෙත් තරඟකරුවන්ගේ ඇස් පනාපිටම ලාෆ්ස් සමාගම වැඩෙන්නට වුයේ මහා ගසක් පරිද්දෙන්. වර්තමානයේ ලාෆ්ස් සමාගමේ 2014/2015 මුල්‍ය වර්ෂයේ ආදායම රුපියල් බිලියන 11.5ක් වීමම ඔහු ලබා ඇති සාර්ථකත්වයට නිදසුනක්.

3. ආරියසීල ද සිල්වා වික්‍රමනායක – මාස්ටර් ඩයිවර්ස් සමාගම සහ මවුබිම ලංකා පදනම ගාල්ලේ බද්දේගම ඉපිද ලක් පොළොව ජයගත් කිහිපදෙනාගෙන් එක් අයෙක් වන ආරියසීල මහත්මයාගේ මුල්ම ව්‍යාපාරයේ සේවය කලේ සේවකයින් දෙදෙන්. ඔවුන් ගෙන් ඒක අයෙක් තමා ආරියසීල මහත්මයා. ඔහු ළඟ වර්තමානයේ සේවය කරන ප්‍රමාණය සේවකයින් 10000කට අධිකයි. සියලුම නාවික අවශ්‍යතා සිදුකරන ලංකාවේ එකම පුද්ගලික සමාගමේ හිමිකරු වන ආරියසීල මහතා වර්තමානය වන විට ලංකාවේ සිටින පළපුරුදු කිමිදුම් කරුවන් කිහිපදෙනාගෙන් කෙනෙක් බව කිසිවෙකු නොදන්නා තරම්. පැලවත්ත සීනි කර්මාන්ත ශාලාව වර්තමානය වන විට ඔහු සතුයි.

4. එච්. කේ. ධර්මදාස – නවලෝක සමුහ ව්‍යාපාර මාතර සුල්තානාගොඩ ඉපිද නවලෝකයෙන් ව්‍යාපාරික ලොව ජයගත් ධර්මදාස මහත්මයා, සිය ව්‍යාපාරික ජීවතය පටන් ගත්තේ කොන්ත්‍රාත් කරුවන්ට අවශ්‍ය භාණ්ඩ සැපයීමෙන්. නවලෝක ලීමෝල, රෝහල සහ අනුබද්ධ සමාගම් 20ක හිමිකරුවෙක් වුනත් ඔහු දානපතියෙක් ලෙසයි වඩා ප්‍රසිද්ධ. 2011 අගෝස්තු 10 වෙනිදා මෙලොවින් සමුගත්තත් ඔහුගෙන් වූ සේවය අපට තවමත් ධර්මදාස නොඑසේනම් නවලෝක මුදලාලි කියන නම මතක් කරවනවා.

5. දයා ගමගේ – දයා සමුහ ව්‍යාපාර තිරාණගම දරුවන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක 5 වැනියා ලෙස උපත ලැබූ දයා ගමගේ මහතා, සිය ව්‍යාපාර අරඹන්නේ ඔහුගේ පාසල් කාලයේදී ම වූ හදිසියේ වූ සිය පියාගේ අභාවයෙන් පසුවයි. හිමිවීම් වලට වඩා අහිමිවීම් වැඩි ජීවිතයක උරුමකරුවෙක් වූ දයා ගමගේ මහතා අද වනවිට වල් වැදී තිබු තමන්ගේ පාරම්පරික දේපල සහ සිය මහන්සියෙන් උපයාගත් ධනයෙන් ගොඩ නැගු සිය සමුහ ව්‍යාපාරය තැනී ඇත්තේ 20කට අධික සමාගම් ප්‍රමාණයක් එකට එකතුවීමෙන්. මේ සමාගම් අතර ගුවන් සේවා, ඇඟලුම් කම්හල්, කොන්ත්‍රාත් සමාගම් වැනි විශාල පරාසයක් පැතිරුණුව්‍යාපාර ජාලයක හිමිකරු වන දයා ගමගේ වර්තමානයේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය ධුරය හොබවනවා.

අවුරුදු අට දාහකට කලින් මිනිසා ජිවත් වූ නගරයක්

අප ශ්‍රී ලංකාවේ ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික මානවයා වන බලංගොඩ මානවයා ද එලෙස ගල් ගුහා සිය වාසස්ථාන බවට පත්කරගෙන ජීවත් වූ මානව වර්ගයක් විය. ඔවුන්ට නූතනයේ මෙන් නගර තිබුණේ නැත. එකිනෙක ආසන්නයේ ගොඩනැගුණු නිවාස සහිත ගම්මාන තිබුණේ නැත. මේ ගල් යුගය අවසන් වී මිනිසා ශිෂ්ටාචාර ගතවීමත් සමග ක්‍රමයෙන් නිවාස සහ ගම්මාන බිහිවන්නට විය. නමුත් අදින් වසර 8000කට පමණ පෙර ගල් යුගයේ දී ද ගම්මාන නිර්මාණය කළ මානවයන් පිරිසක් පිළිබඳ අපූරු සාධකයක් නිරිත දිග බල්ගේරියාවෙන් හමුවී තිබේ. ඒ නිවාස 60කින් පමණ සමන්විත නව ශිලා යුගයේ ගම්මානයක් බව පුරාවිද්‍යාඥයෝ තහවුරු කළහ.

ග්‍රීසියේ දේශසීමාව හරහා බල්ගේරියාවේ අගනුවර වූ සොෆියා දක්වා දිවෙන ස්ට්‍රැමා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන අතරතුර මුසාලිවෝ නගරය ආසන්නයෙන් මේ ස්ථානය සොයාගෙන තිබේ. මෙහි පුරාවිද්‍යාත්මක සාධක ඇති බව දැනගත් වහාම බල්ගේරියානු කෞතුකාගාරයේ ජාතික පුරාවිද්‍යාත්මක සහ විද්‍යාත්මක අධ්‍යයන ආයතනයේ පුරාවිද්‍යාඥයෝ එහි කැණීම් ආරම්භ කළහ. මෙය අද්විතීය සොයා ගැනීමකි. මානව ඉතිහාසයේ මෙතෙක් නොසිතූ සාධකයක් හමුවීමකි. මෙම ගම්මානය ඉදිකර තිබෙන්නේ ගොවිතැනින් ජීවත් වූ පිරිසක් විසින් බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. එසේ වුව ද ඔවුන්ගේ කැණීම්වලින් හෙළි වී ඇත්තේ සමාන්තර වීදි තුනක් ඔස්සේ නිවාස සමූහය අක්කර පහක් හෙවත් වර්ග මීටර් 20,000ක ප්‍රමාණයේ ඉදිකර තිබෙන බව ද තහවුරු කරගෙන ඇත.

පුරාවිද්‍යාඥයන් මවිත කළ අනෙක් සොයා ගැනීම වූයේ මේ ගම්මානයේ තිබී ඇති දිය අගලයි. ඒ දිය අගල බෝට්ටු ගමනා ගමනයට ද යොදාගෙන ඇති බව ඔවුන්ගේ විශ්වාසය වී ඇත. මෙහි සිදුකරන කැණීම්වල දී මනාව සැකසූ මැටි භාණ්ඩ මෙන්ම ආභරණ ද සොයගෙන තිබේ. නිවෙස් ද යම් සැලැස්මක් අනුව සකසා තිබෙන්නට ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. මෙම ව්‍යාපෘතිය මෙහෙයවන මහාචාර්ය කෲම් බැව්වරෝ සහ බල්ගේරියානු විද්‍යා ඇකඩමියේ සාමාජික මහාචාර්ය නිකොලොව් පවසන්නේ මෙහි ඇති ඇතැම් නිවාස දෙමහල් නිවාස බවයි. එවායේ උස අඩි 26ක් පමණ වී ඇති බවත් පියසි දෙකකින් යුතු වහළක් පවා තිබී ඇති බවත් මහාචාර්ය බැච්වරෝ පවසයි.

“මේ නිවාස අප පුදුමයට පත් කළා. ගොඩනැගිලි වරිච්චි සහ මැටිවලින් සකස් කර තිබෙනවා. බිත්තිවල ඝනකම අඟල් අටක් පමණ වෙනවා. විශාලත්වය වර්ග අඩි 328ක්. මේ නිවාස ඉදිකළ පැරණි මිනිසුන් ලී රාමු යොදා පසුව මැටි සහ ගොම මිශ්‍රකර බිත්ති කපරාරු කර තිබෙන බවත් පැහැදිලියි. මෙය ඉතාමත් හොඳින් සැලසුම් කළ ස්ථානයක් බව පැහැදිලියි.”

පර්​ෙ‌ය්ෂකයන් පවසන්නේ මෙය නගරයක් ලෙසිනි. යුරෝපීය ශිෂ්ටාචාර බිහිවීමට පෙර යම් දියුණුවකට පත්වූ මිනිස් කොට්ඨාසයක් විසින් මේ ස්ථානය ඉදිකරන්නට ඇති බවත් එය නගරයක් මෙන් තිබෙන්නට ඇති බවත් ඔවුහු කියති. දැනට ලැබී ඇති සාධක සියුම්ව පරීක්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ මෙම නිවාසවල දෙවැනි මහල ලෑලි යොදා සකස් කර තිබී ඇති බවයි. කෙසේ වෙතත් මෙම නිවාස පද්ධතියට යටින් තවත් සාධක ඇති බව දැනටමත් තහවුරු කරගෙන සිටින පුරාවිද්‍යාඥයන් අදහස් කරන්නේ ගැඹුරට පරීක්ෂණ කටයුතු පුළුල් කිරීම සඳහා මෙතැන ඇති නිවාස කොටස් ගලවා සුරක්ෂිතව ඉවත්කර සංරක්ෂණය කළ යුතු බවයි. කැණීම් සඳහා සහභාගී වූ සංඛ්‍යාව 130කි. ඉන් 30 දෙනෙක් පුරාවිද්‍යාඥයන් වීම විශේෂත්වයකි. බල්ගේරියානු සංස්කෘතික අමාත්‍යාංශය මෙම පුරාවිද්‍යා භූමිය ආරක්ෂා කිරීම සඳහා නව සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.

ස්කොට්ලන්ත කාන්තාවගේ කතාව

ස්කොට්ලන්ත කාන්තාවගේ කතාව. ඇයගේ වයස අවුරුදු 61 යි. ඔහුගේ වයස අවුරුදු 26 යි. ඒ කියන්නේ මේ දෙන්නගේ වයස් පරතරය අවුරුදු 35 යි. ඒත් ඒ පරතරය ඇගේත් ඔහුගේත් ආදරයට කිසිම විදියක බාධාවක් වුණේ නැහැ. එහෙම වුණා කියලා මේ ආදර කතාව ලස්සනට ගලාගියාද? ඒ කතාවේ අවසානය පී‍්‍රතිමත්ද? මේ ආදර කතාව ලස්සනට ගලා ගියත් එහි අවසානය කිසිසේත්ම පී‍්‍රතිමත් වුණේ නැහැ. ඒ අවසානය ඛේදවාචකයක්.

ඩයනි ද සොයිසා කියන්නේ ස්කොට්ලන්තයේ එඩින්බර්ග් පළාතේ ජීවත් වූ 61 හැවිරිදි බි‍්‍රතාන්‍ය ජාතික කාන්තාවක්. ජාතියෙන්, බි‍්‍රතාන්‍ය වුණත් ඇය සම්භවයෙන් ශී‍්‍ර ලාංකිකයි. ඒ නිසා ඇයට ශී‍්‍ර ලංකාව ගැන ලොකු කැක්කුමක් තිබුණා. ඉතින් ඇය නිතරම ශී‍්‍ර ලංකාවේ සංචාරය කළා. ස්කොට්ලන්තයේ ඉඳන් ලංකාවට ඇවිත් සතියක් දෙකක් ඉන්නවා කියන එක ලොකු වියදමක් යන වැඩක්. එවැනි එක සංචාරයක් සඳහා රුපියල් මිලියනයක් විතර වැය වන අවස්ථා තිබෙනවා. එහෙත් මුදල් ගැන කල්පනා නොකළ ඩයනි ද සොයිසා නිතරම ලංකාවට ඇවිත් දකුණු පළාතෙත් කඳුකරයෙත් හෝටල්වල නැවැතිලා හිටියා.

මේ අනුව මෙයට වසර 8 කට පෙර ඇය ශී‍්‍ර ලංකාවේ සංචාරය කළ වාරයකදී ඇයට නවතින්න සිද්ධ වුණේ අහුන්ගල්ලේ සංචාරක හෝටලයකයි. ඒ හෝටලයේදී ඇයට සුවිශේෂී පුද්ගලයෙක් මුණගැහෙනවා. ඔහුගේ නම පි‍්‍රයන්ජන. වයස අවුැදු 26 යි. ඔවුන් අතර වයස් පරතරය අවුරුදු 35 යි. මේ දෙදෙනාගේ පළමුවන හමුවීම හරිම විසිතුරුයි. දකුණු පළාතේ නැරඹිය යුතු තැන් ගැන ඇය ඔහුගෙන් අහනවා. ඔහු ඒ තැන්වලට ඇය එක්ක යනවා. පළමු අවස්ථාවේදී ඔවුන් අතර සම්බන්ධය විදේශීය සංචාරක කාන්තාවක සහ දේශීය සංචාරක මඟ පෙන්වන්නකුට සීමා වුණා. දෙවනුව එය ක‍්‍රමයෙන් මිතුරුකමක් බවටත් පසුව පේ‍්‍රමයක් බවටත් පරිවර්තනය වුණා. ඔවුන් අතර තිබූ අවුරුදු 35 ක වයස් පරතරය ඔවුන්ගේ පේ‍්‍රමයට කිසිදු බාධාවක් වුණේ නැහැ. ඩයනි මහත්සේ පි‍්‍රයන්ජන්ට ආදරය කළා. ඒත් පි‍්‍රයන්ජන් ඩයනිට ආදරය කළාද? කොහොම නමුත් ඩයනි කල්පනා කළේ පි‍්‍රයන්ජන් ඇයට ආදරය කරන බවයි. ඒ වනවිටත් ඔවුන් අඹුසැමි සම්බන්ධය පටන්ගෙන තිබුණා.

හරියට ම අවුරුද්දක් ගතවෙද්දී ඩයනි තීරණය කළා පි‍්‍රයන්ජන් සමග දිගටම ජීවත් විය යුතුයි කියලා. ඇය මේ තීරණය ගත්තේ පි‍්‍රයන්ජන්ගේ සමග අවසන් හමුවීමෙන් පසු ස්කොට්ලන්තයට ගිය විටයි. ඒ අනුව තවත් මාස කිහිපයකට පසු ඇය ලංකාවට ඇවිත් ඒ බව පි‍්‍රයන්ජන්ට කියනවා. ඒ එක්කම පි‍්‍රයන්ජන් ඇයට කියනවා නීත්‍යනුකූලව ලංකාවේදී විවාහ වෙමු කියලා.

මුලදී ඩයනි එයට අදිමදි කරනවා. ඒත් පි‍්‍රයන්ජන්ගේ ඇවිටිල්ල බැහැර කරන්නට බැරි තැන ඇය එයට එකඟ වෙනවා. ’’ අපි කසාද බැන්දේ 2012 දී. ඒ කියන්නේ දැනට අවුරුදු හතකට ඉස්සරයි. මඟුල් දවසට කලින් දවසෙ පි‍්‍රයන්ජන් හිටියේ හුඟක්ම කලබලයෙන්. මඟුල් දවසේ රෙජිස්ට‍්‍රාර් ඉදිරිපිටදී මමත් ඔහුත් අප එකිනෙකා අඹුසැමියන් විදියට භාරගන්නා බවටත් දුකේදී මෙන්ම සැපේදීත් එක්ව සිටින බවටත් දිවුරුම් දෙනවා. මේක කොපමණ බරපතළ දෙයක් ද කියන එක හැබෑවටම මට වැටහුණේ ඒ මොහොතේදී…’’ පසුගියදා ලන්ඩනයේ පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡුාවකදී ඩයනි ද සොයිසා කියා හිටියා. තමන්ගේ විනාශය එතැනින් පටන් ගන්නා බව ඩයනි ඒ වෙලාවේදී දැනගෙන සිටියේ නැහැ. ඇය කල්පනා කළේ තමන්ගේ ජීවිතයේ සන්ධ්‍යා සමයේදී ආදරයේ හිරු පෑයූ බවයි. හැබැයි සන්ධ්‍යාවෙන් පස්සෙ ඝනාන්ධකාරය වන බවත්, හඳ එළිය නොතිබුණොත් තවත් කළුවරේ අතරමං වන බවත් ඇයට කල්පනා නොවන්නට ඇති.

මේ විවාහය ගැන ඩයනි මුලින්ම හිතුවේ මෙහෙමයි. :‘‘ පි‍්‍රයන්ජන් මට හුඟක් ආදරෙයි. අපේ වයස් පරතරයවත් නොතකා එයා මාව බඳින්න කල්පනා කරන්න ඇත්තෙත් ඒ නිසයි.’’ කොහොම වුණත් අන්තිමේදී ඇය තීරණය කරනවා ස්කොට්ලන්තය සහ ලංකාව අතර පවත්වාගෙන ගිය ජංගම ජීවිතය අත්හැර දමලා අහුන්ගල්ලේ පදිංචියට එන්න. ඒ සඳහා ඇය මුලින්ම කරන්නේ ස්කොට්ලන්තයේ තිබුණ තම දේපළ විකුණලා පවුම් ලක්‍ෂයක් (රුපියල් කෝටි 2 ක්) උපයා ගැනීමයි. වසර 2015 දී ඇය එම මුදලත්් අරගෙන ලංකාවට එනවා. එයින් පි‍්‍රයන්ජන්ට ගෙයක් හා කුඩා බස් රියක් ඇයම මිලට ගන්නවා. තවත් මුදල් තොගයක් ඔහු අතට දෙනවා. විවාහයෙන් පස්සෙත් ඩයනි දිගටම ජීවත් වුණේ අහුන්ගල්ලේ තාවකාලික නවාතැනකයි. පි‍්‍රයන්ජන්ගේ මව ඇතුළු පවුලේ අය ඩයනි මිලට ගත් නිවසේ පදිංචි වෙනවා. විවාහයෙන් පස්සේ ඔහු ඇය බලන්නට එන්නේ ඉතාම කලාතුරකින්. ඔහු රැය ගත කරන්නේ සිය මවගේ ගෙදර.

පි‍්‍රයන්ජන් සමග විවාහයෙන් අවුරුදු හතරකට පස්සේ, එනම් 2016 දී ඇයටම සිය ජීවිතයේ ශෝකජනකම ආරංචිය ලැබෙනවා. එයින් කියැවෙන්නේ පි‍්‍රයන්ජන් වෙනත් තරුණියක සමග විවාහය වී සිටින කෙනෙක් බවයි. හැබැයි ඇය මේ ගැන අහල පි‍්‍රයන්ජන් එක්ක දබර කරන්නේ නැහැ. ඒත් ඔවුන් අතර නිතරම අවුල් හට ගන්නවා. මිල මුදල් සම්බන්ධයෙන්. මේ අතර අවසන ඇයට ආරංචියක් ලැබෙනවා. දාමරිකයන් දෙදෙනෙක් පි‍්‍රයන්ජන්ට වෙඩි තබා ඇති බව. ඇය ඒ මොහොතේම රෝහලට දුවන්නේ තම තරුණ සැමියා දැක ගන්නටය. ඒත් රෝහල් භූමියේ හිටිය තරුණ කාන්තාවක් කියනවා පි‍්‍රයන්ජන් ටිකකට පෙර මියගිය බව. ඔහුගේ පපුව වෙඩි පහර දෙකකින් සිදුරු වී ඇති බවත් සිරුර මරණ පරීක්‍ෂණය සඳහා ගෙන ගිය බැවින් බලන්නට බැරි බවත් ඇය ඩයනිට කියනවා.

‘‘ඒත් හැමෝම කියන්න පටන් ගත්තා පි‍්‍රයන්ජන් බෙරු මිනීමැරුමක් මවා පාලා, හැංගිලා ඉන්නවා කියලා. මම ලංකාවෙන් ගියාම ඔහු එළියට ඒවි කියලත් ඒ අය කිව්වා…’’ ඒ තමයි ඩයනි බිඳුණු හඬින් කියන කතාව,

මේ අතර පි‍්‍රයන්ජන්ගේ මරණය ඇත්තටම සිදුවූ දෙයක් ලෙස පිළිගන්නා අයත් අහුුන්ගල්ලෙ ඉන්න බව ඩයනි කියනවා. පි‍්‍රයන්ජන් කළ වංචාවට නිසි දඬුවම තුවක්කුකරුවන්ගෙන් ඔහුට ලැබුණ බවයි. ඒ අයගෙ මතය. කොහොම වුණත් ඩයනි ද සොයිසා අද සතේ අතේ නැති ගැහැනියක්. ලංකාවේදී ඇයට හමුවූ පේ‍්‍රම පාරාදීසයෙන් හදිසියේ ආපු ඝන මීදුමකින් වැහිලා ගිහින්. ඒ මීදුම දිය කළ හැකි පේ‍්‍රමයේ හිරුරැස් ඒ පේ‍්‍රම පාරාදීසයට කවදාවත් වැටෙන්නේ නැහැ.

සෑම රටකම සංචාරය කළ පළමු කාන්තාව

අප ජීවත් වෙන මේ ලෝකේ රටවල් 196ක් තිබෙන බව සමහරවිට ඔබ අහලා ඇති. ඒත් ඒ රටවල් 196 අතරේ ඔබ තවමත් නමවත් අහලා නැති රටවල් කීයක් නම් තියනවා අද්ද? ඔබට කවදාහරි දවසක ලෝකයේ තියෙන මේ රටවල් 196 සංචාරය කල කෙනෙක් ගැන අහන්න ලැබුණොත් ඔබ අතිශය පුදුමයට පත්‍‍වෙන එක අහන්නත් දෙයක් නෙවෙයි. ඒත් මේ වගේ දැවැන්ත ලෝක සංචාරයක්, තවමත් තරුණ වියේ පසුවන කාන්තාවක් විසින් සිදුකලා කියලා යැයි කිව්වොත් ඔබට විශ්වාස කරන්න පුළුවන්ද?

ඇය Cassandra De Pecol නම් 27 හැවිරිදි ඇමරිකානු ජාතික කාන්තාවක්. 2015 වසරේ ජුලි මාසයේ දී පලාවු රාජ්‍යයෙන් ලෝකයම පුදුම කරවන මේ දැවන්ත සංචාරය ආරම්භ කලා. එතැන් සිට ආරම්භ කල සංචාරය මේවන විට රටවල් 181ක් පසුකර අවසන්ව තිබෙනවා. ඇය ඉතිරි රටවල් 15 ත් සැලසුම් කල පරිදි ඉදිරි දින 30 තුල සංචාරය කලහොත් ලෝකයේ රටවල් 196 ම සංචාරය කල පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක්වෙනවා. ඒ වගේම ලෝකයේ ඇති ස්වාධීන රාජ්‍යයන් සියල්ලේම අඩුම කාලයක් තුල සංචාරය කල පුද්ගලයාට හිමි ගිනස් වාර්තාවත්, ලොවම සංචාරය කල ලාබාලතම ඇමරිකානුවා ලෙසටත් වාර්තා අතරට එක්වෙනවා.

ඇගේ මේ අපූරු ලෝක සංචාරය නම් කර තිබෙන්නේ Expedition196 යන නමින්. ඇය මෙම සංචාරය සඳහා එක්වන්නේ, සංචාරය තුලින් අන්තර්ජාතික සාමය සඳහා වන සංවිධානයේ තානාපතිවරියක ලෙසිනි. මේ සංචාරය සඳහා ඇමරිකානු ඩොලර් 200,000 පමණ වැයවන අතර එම මුදල් අනුග්‍රාහකයින් මාර්ගයෙන් ලබාගෙන තිබෙනවා. ඒ වගේම ඇයට නොමිලේ නවාතැන් පහසුකම් සපයන හෝටල් සඳහා, ඇගේ ගිණුම ඔස්සේ ප්‍රචාරණය ලබාදීම සිදුකරනවා. ලෝක සාමය වෙනුවෙන් ඇය සිදුකරන මේ අපූරු සංචාරයට එක්වීමට නොහැකි වුනත් ඇගේ ගිණුම හරහා එක් වී ලෝකයේ සුන්දරත්වය විදගනිමින්, ලෝක සාමය ප්‍රාර්ථනා කරන ලෙස, ලෝකවාසී සියළු දෙනාගෙන් ඇය ඉල්ලා සිටිනවා.

ලංකාවේ සිටින කෝටිපතියන්

ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙස Forbes සගරාව නම් කරන්නේ ධම්මික පෙරේරා මහතායි. ඔහුගේ සියළු වත්කම් වල වටිනාකම ඩොලර් මිලියන 550ක් පමණ වෙනවා. කොළඹ කොටස් වෙළදපලින් 8% පාලනය වන්නේ ඔහුට හිමි ව්‍යාපාරයන්ගෙන බවයි පැවසෙන්න්නේ. විවිධ වර්ගමේ සමාගම් 23ක හිමිකාරීත්වය ඔහු සතුයි.

මේ අතර ලංකාවේ ප්‍රධාන පෙලේ සමාගම් වන සම්පත් බැංකුව, වැලිබල් ෆිනෑන්ස් ආයතනය්, හේලිස් සමාගම, ඩෙල්මේජ් සමාගම, රෝයල් සෙරමික්, හොරන ප්ලාන්ටේෂන්, ලංකා සෙරමික් ආයතනද තිබෙනවා.1968 වර්ශයේදී පයාගල ප්‍ර දේශයේදී උපත ලබා ඇති මෙතුමා හොරණ තක්ෂිලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයක්. සොහිල් කැප්ටන් සහ රුෂි කැප්ටන් SOHLI AND RUSI CAPTAIN

82 වියැති Sohli සහ 47 වියැති Rusi දෙදෙනා පිය පුතු දෙපළකි. ඔවුන්ගේ වත්කම ඩොලර් මිලියන 185කි. ශ්‍රී ලංකාවේ දෙවන ධනවත්ම පුද්ගලයින් දෙදෙනා ලෙස සැලකෙන්නේ කැප්ටන් පවුලේ මේ පිය පුතු දෙපළයි. ඔවුන් සුප්‍රකට ජොන් කීල්ස් සමාගමේ වැඩිම කොටස් හිමි පුද්ගලයින් දෙදෙනා වේ. මීට අමතරව තවත් පුද්ලික සමාගම් ගණනාවකම හිමිකාරීත්වය ඔවුන් සතුවේ.
හැරී ජයවර්ධන

Stassens’ group හි සභාපතීත්වය දරණ හැරී ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ධනවතුන් අතර පසුවන්නේ 4 වන ස්ථානයේයි. ඔහුට කොසටස් හිමි සමාගම් අතර Aitken Spence සමාගම සහ the Distilleries Company of Sri Lanka සමාගමද වේ.
හැරී සෙල්වනාතන් සහ මනෝ සෙල්වනාතන්

ශ්‍රී ලංකාවේ ධනවතුන් අතරින් 5 වන සහ 6 වන ස්ථානය හිමිවන්නේ 68 හැවිරිදි මනෝ සහ 66 හැවිරිදි සෙල්වනාතන් සහෝදරයින් හටයි. ඔවුන්ට Carson Cumberbatch, Bukit Darah සහ Ceylon Beverage Holdings සමාගම් වල හිමිකාරිත්වය තිබෙනවා. ඔවුන් මීට වසර 100කට පමණ පෙර ඉන්දියාවේ සිට ව්‍යාපාර සදහා ලංකාවට පැමිණි ඉන්දියානුවෙකුගේ මුණුබුරන් බවයි පැවසෙන්නේ.