Sunday, August 9

Articles

දුටුගැමුණු රජතුමා රෝගී බවට පත්වීම
Articles

දුටුගැමුණු රජතුමා රෝගී බවට පත්වීම

මෙම මහා සෑයේ ඉදිකිරීම් කටයුතු නිමවීමට පෙර දුටුගැමුණු රජතුමා රෝගී බවට පත්වීම නිසා එහි කටයුතු නිම කිරීමට මලණු තිස්ස කුමරුන්ට පැවරූ බැව්ද මහාවංශයේ සඳහන් වී තිබේ. ‘‘රුවන්වැලි සෑයේ ජාත කර්මය හා සුනු පිරියම් නොනිමි කල්හි රජතෙමේ මාරාන්තික රෝගයෙන් ගිලන් වූයේය. ඒ තෙමේ මෙසේ වූ කල දිගා බැවින් මල්කුමාරයන් කැඳවා චෛත්‍යයෙහි නිමා නොවූ කර්මාන්ත සමාප්ත කරව’’ යි කීයේය. ඒ අනුව චෛත්‍යයේ වැඩ නිම කිරීම සිදුවිය. අනතුරුව බොදු ජනතාවගේ ඉමහත් ගෞරවය ලබමින් පුද සත්කාර ලබන්නට විය. එහෙත් විදේශ ආක්‍රමණයන්ගෙන් පසුව වල්බිහිවන්නට විය. පසු කලෙක එනම් මීට වසර අසූවකට පමණ පෙර එය ප්‍රතිසංස්කරණය කැරිණි. එය සිදුවූයේ දෙවන කොත් පැළඳවීම ලෙසිනි. 1939 නොවැම්බර් 23 වනදා එහි කොත් පැළඳවීම සිදු විය. එම කොත් පැළඳවීම එදා සිදුකළ ආකාරය 1939 නොවැම්බර් 24 වැනිදා දිනමිණ පුවත්පත වාර්තාකර තිබුණේ මෙසේය.හතළිස් දහසකගේ සාදුනාද මධ්‍යයේ පටන්ගත් ...
ඇස් නොපෙනෙන පියා රැක බලාගන්න
Articles

ඇස් නොපෙනෙන පියා රැක බලාගන්න

“ආයෙත් ළමා කාලයට යන්නට ඇත්නම්?” මේ වැඩිහිටි බොහෝ දෙනෙකුට නැගෙන සිතුවිල්ලකි. ඒ ළමා කාලයේ ඇති අප්‍රමාණ චමත්කාරය ඔවුන් අත්දැකීමෙන් දන්නා නිසාය. ළමා කාලය ඒ තරමටම රසබරය. පාසල් යමින් මිතුරු මිතුරියන් සමග කෙළි කවටකම් කරමින් ඇළේ දොළේ වෙල් ඉපණැල්ලේ ගැවසෙමින් ගත කරන ළමා කාලයේ ඇත්තේ අපූරුම මිහිරියාවකි. එහෙත් අප මේ කියන්නට යන්නේ සම වයසේ සෙසු දරුවන් ඒ මිහිරියාව අත් විඳිද්දී දෙනෙත් අඳ තම පියා රැක බලාගනිමින්, ඉවුම් පිහුම් කටයුතු ඇතුළු ගෙදර දොරේ සියලු කටයුතු සිදුකරමින් පාසල් යන තවමත් 13 වන වියේ පසුවන ආදර්ශවත් දරුවෙකු පිළිබඳවය. මේ දරුවා අපට හමුවූවේ වැලිතුඩුවේවත්ත, මීගහකිවුල ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයට යාබදව පිහිටි ඔහුගේ නිවසේදීය. ඔහු මීගහකිවුල ජාතික පාසලේ අටවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ආර්.එම්. ඉෂාර මලිඳුය. සහෝදර සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් පිරිමි දරුවා ඔහුය. අප පෙර කී පරිදිම ළම...