කොලොස්ටරෝල් ඉවත් කරන ඔසු 6ක්

අපගේ ශරීරයේ රුධිරය ගෙන යන රුධිර නාලවල අනවශ්‍ය ලෙස මේද කොටස් තැන්පත් වීම නිසා රුධිර ගමනාගමනය අවහිර වීම ගැනයි අපි අද කතා කරන්නේ. මේ ආකාරයෙන් රුධිර වාහිනී අවහිර වීම නිසා ශරීරයේ සමහර අවයව වලට නිසි පරිදි ඔක්සිජන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය කොටස් නොලැබී යනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස එම අවයවවල ක‍්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. මේක දරුණු තත්වයක්. ඒ වගේම මේකට හේතුව මොකක්ද කියලා තවමත් හරියටම අනාවරණය කරගෙන නැහැ. කොහොම උනත් විශේෂඥයන් විස්වාස කරන්නේ රුධිර නාල වල අභ්‍යන්තර ස්තරයට සිදුවන හානියක් හෝ තුවාලයක් සමග තමයි මේක ආරම්භ වෙන්නේ කියල.

අධික දුම් පානය, අධික තෙල් සහිත ආහාර ගැනීම, ශාරීරික ව්‍යායාම අඩුකම, ස්ථුලතාවය, දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් යනාදී තත්වයන් මේ තත්වය තවදුරටත් නරක අතට හරවනවා. ආතරයිටීස්, දද වගේ දේවල් නිසාත් මේ තත්වය ඇති වෙන්න පුළුවන්. මේ විදියට රුධිර නාල අවහිර වීම නිසා කිරීටක ධමනියේ ආබාධ, ශ‍්‍රීර්ෂපෝෂී ධමනියේ ආබාධ (බෙල්ලේ ඇති ප‍්‍රධාන ලේ නහරය), හෘධයාබාධ, ආඝාත වැනි දරුණු රෝගී තත්වයන් ඇතිවෙන්න පුළුවන්.

ගොඩක් වෙලාවට, මේ තත්වය ඉතාමත් දරුණු මට්ටමට පත්වෙනකන් කිසිම රෝග ලක්ෂණයක් පිටතට පෙන්වන්නේ නැහැ. මෙහි රෝග ලක්ෂණ තමයි පපුවේ වේදනාව, කෙටි හුස්ම ගැනීම, හෘද ස්පන්දනය දුර්වල වීම, කරකැවිල්ල, කෑම අරුචිය වගේ දේවල්. මේ හැරුණම විවිධාකාරයේ වේදනාවන් ඇති වෙන්න පුළුවන්. කකුල්වල වේදනාව, උන, ශරීරයේ පැත්තක් හිරිවැටීම, අතක් හෝ කකුලක් සොලවන විට ඇතිවන වේදනාව, එක ඇසක පෙනීම අඩුවීම වගේ තත්වයන් ඇතිවෙන්නෙත් මෙහි ප‍්‍රතිපලයක් විදියට. ඉතින් අපේ සිරුරේ රුධිර නාල අවහිර වීම වර්ධනය වෙන්නේ බොහොම හිමින්. ඒ නිසා වරින් වර පරීක්ෂා කිරීම ඉතා වැදගත්. නවීන ඖෂධ සහ ස්වභාවික ප‍්‍රතිකර්ම වලින් මේ තත්වය පාලනය කරන්න පුළුවන්. අපි අද කියල දෙන්නේ රුධිර නාල අවහිරවීම පාලනය කරන ස්වභාවික ප‍්‍රතිකාර කිහිපයක් ගැන

1. සුදු ළූණු සුදු ළූණු කියන්නේ රුධිර නාල අවහිර වීම වැලැක්වීමට කියාපු බෙහෙතක්. ඒවා රුධිර නාල පුළුල් කර රුධිර සංසරණය ක‍්‍රමවත් කිරීමට මහගු දායකත්වයක් සපයනවා. සුදු ළූණු බික් තුනක් කිරි වීදුරුවකට දාලා උණු කරල නිවෙන්න තියල නින්දට යන්න කලින් බොන්න. මේක දිනපතාම කරන්න. මේ හැරුනම දිනපතා ඔයාගේ ආහාරයට සුදු ළූණු එකතු කරගන්න එක ඉතා හොදයි.

02. වියළි කහ අවහිර වුනු රුධිර නාලිකා පිරිසිදු කරන තවත් වැදගත් කුළුබඩු වර්ගයක් තමයි කහ කියන්නේ.උණුසුම් කිරි වීදුරුවකට කහ තේ හැන්දක් සහ මී පැණි පොඞ්ඩක් එකතු කරල දවසට දෙපාරක් බොන්න. ඊට අමතරව දිනපතා ඔයාගේ ආහාරයට කහ එකතු කරගන්න. 03. ලෙමන් ලෙමන් වල අඩංගු විටමින් ක්‍ නිසා රුධිර පීඩනය නිසි ලෙස පවත්වාගෙන යන්නත් රුධිර වාහිනී වල ආසාදනයන් ඇතිවීම අවම කරගන්නත් පුළුවන්. ඒ වගේම ලෙමන් වලට රුධිරයේ ඇති කොලොස්ටෝරෝල් ප‍්‍රමානය අවම කරන්නත් ධමනි පිරිසුදු කර රුධිර සන්සරණය ක‍්‍රමවත් කරන්නත් පුළුවන්. ගම්මිරිස් සහ මී පැණි ලෙමන් වීදුරුවකට එක් කර දිනකට වරක් හෝ දෙවරක් සති කිහිපයක් පානය කරන්න. ඔයාට අවශ්‍යනම් ලෙමන් ලෙලි ටිකක් අරගෙන වතුර කෝප්ප හතරකට දමා විනාඩි 20ක් පමණ තම්බා ගන්න. ඉන් පසුව එම වතුර ටික පෙරාගෙන මී පැණි ටිකක් එකතු කරගන්න. මෙයින් කෝප්පයක් දවසට තුන් වරක් හෝ හතරවරක් සති කිහිපයක් යනකම් පාවිච්චි කරන්න.

04. ඉගුරු ඉගුරු මගින් රුධිරවාහිනී වල මේද කොටස් තැන්පත්වීම අවම කරනවා වගේම ශරීරයේ කොලෙස්ටරෝල් ප‍්‍රමාණයත් අවම කරනවා. ගාගත් ඉගුරු තේ හැන්දක් දාල තේ එක හදන්න. ඉගුරු ටික හොඳින් පෙගෙනකන් විනාඩි පහක් විතර තියෙන්න හරින්න. ඊට පස්සේ එක පෙරලා අරන් මී පැණි පොඞ්ඩක් එකතු කරලා බොන්න ගන්න. හිස් බඩට ඉගුරු කෑල්ලක් කන එකත් හොඳයි. නමුත් ඔයාට ගැස්ට‍්‍රයිටීස් හෝ පිත්තාශයේ ආබාධ තියෙනවා නම් ඉගුරු ප‍්‍රතිකාර ඒ තරම් සුදුසු වෙන්නේ නැහැ.

05. උළුහාල් උළුහාල් තේ හැන්දක් වතුර වීදුරුවකට දාල පැයක් තියෙන්න හරින්න. ඊළග දවසේ උදේ මේ පෙගුණු උළුහාල් ඇට වතුර ටිකත් එක්කම ආහාරයට ගන්න. මතක තියාගන්න. මේක කරන්න ඕන හිස්බඩට තවත් ක‍්‍රමයක් තමයි උළුහාල් තේ හැන්දක් වතුර කෝප්පයකට දාල නටන තුරු උණු කරන්න. ඊට පස්සේ වතුර ටික පෙරලා අරන් මී පැණි පොඞ්ඩක් එකතු කරලා දවසට දෙපාරක් බොන්න.

6 රතු නිවුඩු හාල් ඇහිරුණු රුධිර නාලිකා පිරිසිදු කර හෘදයාබාධ ඇති වීමේ අවධානමෙන් ඔබව මුදවා ගැනීමේ හැකියාව රතු නිවුඩු හාල් වලට තියෙනවා. ශරීරයේ ඛෘඛ කොලොස්ටරෝල් අඩු කිරීමේ මොනොකොලින්ස් මේ වර්ගයේ සහල් වල අඩංගු වෙනවා. ඒ වගේම රතු නිවුඩු හාල් වල ඇති PHYTOSTEROLS, BETA-SITOSTEROL, CAMPESTEROL, STIGMASTEROL, ISOFLAVONES වැනි පෝෂණ සංගටක නිසා කොලොස්ටරෝල් නාශනය කරලා හදවතේ නිරෝගී බව පවත්වා ගෙන යන්න විශාල රුකුලක් සපයනවා

කාන්තාවන් ගත යුතු ආහාර

යෝනි ප්‍රදේශය යනු ඉතා ඉක්මනින් ආසාදනවලට ලක්විය හැකි ප්‍රදේශයක්. එයින් කිහිපයක් වන යීස්ට් හා බැක්ටීරියා ආසාදන, මුත්‍රා කරන විට ඇති වන අපහසුතා, යෝනි දාහය, බිබිලි හා එම ප්‍රදේශය දැඩි ලෙස වියළි ස්වභාවයක් ගැනීම, කැසීම, දුගඳ හැමීම කාන්තාවකට ඉතාම පීඩාකාරීවන බව අමුතුවෙන් කිවයුතු නැහැ. එදිනෙදා කටයුතු වලට පමණක් නොව යහපත් ලි1ගික ජීවිතයක් ගත කිරීමටද එයින් බාධා පැමිණෙනවා.අනාරක්ෂිත ලි1ගික සබඳතා, ශරීරයේ හෝර්මෝනවල ඇතිවන අසමතුලිතතා, විවිධ මානසික පීඩාවන්, උපත් පාලන ක්‍රම නිසා ඇතිවන අතුරු ප්‍රතිඵල, වෙළෙඳපොලේ ඇති කාන්තා සනීපාරක්ෂාව සඳහා වූ නිෂ්පාදන භාවිතය ද යෝනි ප්‍රදේශය අවට ආසාදන ඇති වීමට හේතුවන බව කිව යුතුයි.මේ ලිපියෙන් කියවෙන්නේ යෝනි ප්‍රදේශයේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ඔබට ගතහැකි ආහාර වර්ග කිහිපයක් ගැනයි.

ක්‍රාන්බෙරි යුෂ ක්‍රාන්බෙරිවල බැක්ටීරියා නාශක ගුණය පවතිනවා. මුත්‍ර ප්‍රදේශයේ ඇතිවන ආසාදන සමනය කිරීමට ක්රාන්බෙරි ඉතා හොඳ පිළියමක්.මේ සඳහා වෙළෙඳපොලේ ඇති සැකසූ යුෂ පානය කිරීම එතරම් සුදුසු නෑ. ඒ එම සැකසූ යුෂවල අධික ලෙස සීනි අඩංගුවන නිසා. එම නිසා වෙළෙඳපොළෙන් මිලදී ගන්නවානම් සීනි රහිත යුෂ මිලදී ගැනීම තමා සුදුසු වන්නේ. එසේ නැතිනම් ඒ වෙනුවට පළතුරු මිලදීගෙන ඔබටම යුෂ සකස්කරගෙන පානය කිරීමට හැකිනම් අගෙයි.යෝගට් යෝනි ප්‍රදේශයේ pH අගය සමතුලිතව තබා ගැනීමට යෝගට් උපකාරී වෙනවා. ඒ එහි අඩංගු ප්‍රෝබයෝටික් නිසා.අර්තාපල් අර්තාපල්වල විටමින් A බහුලව අඩංගු වනවා. විටමින් A යනු ගර්භාෂ බිත්තිවල හා යෝනි මාර්ගයේ සෞඛ්‍ය සම්පන්න බව කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කෙරෙන සංඝටකයක්.

එමෙන්ම හෝර්මෝන නිෂ්පාදනය සඳහාද විටමින් A උපකාරී වෙනවා.සුදු ළූණු යීස්ට් ආසාදන සමනය කිරීමට සුදු ළූණු යනු මහඟු ඔසුවක්.අලි ගැට පේර, ඇපල් යෝනි ප්‍රදේශයේ වියළි බව නැතිකර යහපත් තෙතමන තත්වයෙන් එම ප්‍රදේශයේ රඳවා ගැනීමට මේවාට හැකියි.නැවුම් එළවලු සහ පළතුරු Dark Chocolate කොට්ටම්බා සහ වට්ටක්කා වැනි ඇට වර්ගමේවායේ සින්ක් අඩංගුවන නිසා ඔසප් චක්‍රයේ සිදුවන අක්‍රමිකතා හෝර්මෝනවල ඇතිවන අසමතුලිතා තත්වයන් මග හැරවීමට උපකාරී වනවා. ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්රියාකාරිතවයටද සින්ක් යනු අත්‍යාවශ්‍ය මූල ද්‍රව්‍යයක්.පේර, දොඩම් හා මාළු මිරිස් වැනි විටමින් C බහුල ආහාර වර්ග.ජලය ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමද ඔබ විසින් කළ යුතුමයිදේසිය වෛද්‍ය වරුන්ට .වටිනා අදහස් දැක්වීම ට .ආරාධනා කරමි .දේශීය වෙදකමේ .මීට වඩා .පෝෂණ ගුණයෙන් ඉහළ .ආහාර හා ජීවන රටා .ඇති බව .විශ්වාස කරමි .එම නිසා .අදහස් දැක්වීම ට .ගෞරවයෙන් ආරාධනා කරමි.

කෙට්ටු අය මහත් කරන ක්‍රමය

අපේ රටේ අය තේ බොනකොට කන රසවත් ආහාරයක් මතක් කරන්න කීවොත් ඉක්මනින් මතකයට නැගෙන පලතුරක් තමයි රටඉඳි කියන්නේ. තනි කෑමක් විදියට වගේම පලතුරු සලාද, කේක්, රසකැවිලි සහ පුඩින් වර්ග වගේවැනි ආහාර රසවත් කරන්නත් රට ඉඳි නැතිවම බැරි තරම්. සෑම වසරකම ලංකාවට විශාල වශයෙන් රටඉදි ආනයනය සිදු කෙරෙන්නේ දිනපතා ලාංකිකයන් බහුතරයක් මේ රසවත් පලතුර තම ආහාර වේල් වලට ගොඩක් එකතු කර ගන්න නිසා. හරි අද කියලා දෙන්නේ කෙට්ටු අයට තම ශරීර බර වැඩි කර ගන්න

රටඉදි වලින් අත්දුටු බෙහෙතක් හදන හැටි මුස්ලිම් මිනිස්සු රාමසාන් උපවාසය අවසන් කරපු සැනින් ආහාර ගැනීම ආරම්භ කරන්නේ රට ඉඳි ගෙඩියක් කාලා වතුර බීලා. එකට හේතුව තමයි ගොඩක් වේලාවක් බඩගින්නේ ඉදලා එක පාර කෑම කන එක හොද නැති නිසා. එක ශරීරයට දරා ගන්න අපහසුයි. ඒ වාතාවරණය නැති කරන්න සුදුසුම දේ තමයි රට ඉඳි. ඒ නිසයි බොහෝ කලක් උපවාස කර ආහාර ගැනීමට පෙර මේ පලතුර ආහාරයට ගෙන වතුර වීදුරුවක් බී ආහාර ගන්නේ. එමගින් අධික ලෙස ආහාර ගැනීමත් පාලනය කරනවා. රට ඉඳි කියන්නේ පුංචි කෑමක් වුණාට ඉක්මනින් බඩ පුරවන ආහාරයක්.

රට ඉඳිවල පවතින සුවිශේෂී ගුණයක් තමයි ක්ෂණිකව සිරුරට ශක්තිය ලබා දීමේ විශේෂ හැකියා ඒ නිසාම අඛණ්ඩව මහන්සි වුණු අයට (ගම හරහා දිවූ අවස්ථාවකදී) කෘත‍්‍රිම නිෂ්පාදන වෙනුවට රට ඉඳි මදුළු කිහිපයක් ආහාරයට දෙන්නත් පුළුවන්. එය ඉක්මනින්ම ශරීරයට උරාගෙන ක්ෂණික පෝෂණ ගුණයක් ලබා දෙනවා. ශරීරයේ බර වැඩි කරන විශ්මිත රටඉදි අධික ලෙස කෙට්ටු අයගේ ශරීරයේ බර වැඩි කරන්න රටඉදි වලට පුළුවන්. ඇත්තටම බර වැඩි කරමින් ඇග මහත් කර ගන්න රට ඉඳි ඉතාමත්ම ගුණදායක ඔසුවක්.

දිනකට රට ඉඳි මදුළු 07ක් ආහාරයට ගන්නවා නම් එහෙමත් නැති නම් රට ඉඳි ඇට ඉවත් කරල මදුළු 07ක පමණ ප‍්‍රමාණයක් එළකිරිත් එක්ක දිනපතා බොනව නම් ශරීරයේ බර වැඩි කර ගන්නත්, ශරීරය මහත් කර ගන්නත් පුළුවන්. ඒ වගේම රටඉදි අපේ සමටත් ගොඩක් හොදයි. රටඉදි වලට සම නිරෝගී කරන ගුණයක් තියෙනවා. දිනකිහිපයක් මේ ප‍්‍රතිකර්මය කරන කොට ඔබේ සමේ ඇතිවන පැහැපත් බවත් ඔබටම දැක ගන්න පුළුවන් වේවි.

රටඉදි වල අනෙකුත් ගුණ රට ඉඳිවල තිබෙන කෙඳි ස්වභාවය නිසාම පහසුවෙන් මල පිට කිරීමේ ගුණයක් මේ ඖෂධයේ පවතිනවා. ඒ නිසාම මල බද්ධය පවතින රෝගීන් රට ඉඳි ආහාරයට ගන්නව නම් ඒ රෝගය සුව කරන්න ඉතාමත් ගුණදායකයි. රට ඉඳි සාමාන්‍ය ලෙස ආහාරයට ගන්නවට වඩා රට ඉඳිවල ඇට ඉවත් කර රැුයක් ඇල් දියේ ගිල්වා උදේට ආහාරයට ගන්නව නම් මලබද්ධතාව සුව කරන්න එය ඉතාම ගුණදායකයි. මෙය දින කිහිපයක් උදෑසන කළොත් ඔබට පැහැදිලි වෙනසක් දැනේවි.

ආහාර දිරවීම පමා වෙන රෝගීන් රට ඉඳි ආහාරයක් ලෙස ගන්නව නම් ජීර්ණ පද්ධතිය ආශ‍්‍රිතව හටගත් සෑම රෝගයකටම ගුණදායකයි. ආහාර ජීර්ණ පද්ධතියේ අක‍්‍රමිකතා මගහරවන්න වගේම ආමාශගත පිළිකා අවදානම වළක්වන්නත් රට ඉඳි ඉතාමත්ම ගුණදායකයි. ඒ වගේම කාර්යබහුලව රැුකියා කරන කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම මුහුණපෑමට සිදුවන ගැටලූවක් තමයි ශාරීරික සහ මානසික වෙහෙසකාරී බව. එවන් පුද්ගලයන් දිනපතා රට ඉඳි මදුළු කිහිපයක් ආහාරයට ගන්නව නම් ඒ ගතිය මගහැරෙනවා.

හෘදයාබාධ කියන්නේ අද වන විට සමාජයේ මුල් බැසගත් වේදනාකාරී අර්බුදයක්. වැලැඳුණු හෘදයාබාධ සුව කරන්නත්, හෘදයාබාධ වැලැඳීමේ අවදානම නැති කරන්නත් සුදුසුම ඖෂධීය ආහාරයක් තමයි රට ඉඳි. සතියකට දෙවරක් වත් රට ඉඳි මදුළු කිහිපයක් ආහාරයට ගැනීමෙන් වැලඳුණු හෘදයාබාධ සුවතට ගන්නත්, හෘදයාබාධ වැලැඳීමේ ප‍්‍රවණතාව මගහරවන්නත් පුළුවන්. ඒ වගේම අංශභාගය දක්වා ඇතිවන බලපෑමත් රට ඉඳි කෑමෙන් වළක්වා ගන්න පුළුවන්.

දත් කැක්කුම, දත් පණුවො කෑම, විදුරුමස් දියවීම ආදී මුඛාශි‍්‍රත රෝග සුව කරන්න කදිම ඔසුවක් තමයි ඉඳි ගසේ මුල් කියන්නේ. ඔබ කළ යුත්තේ ඉඳි මුල් තම්බා එමගින් කට සේදීම පමණයි. දින කිහිපයක් මෙය කළොත් මුඛාශි‍්‍රත රෝග සියල්ලක්ම සුවතට පත් වේවි. මුත‍්‍රා පිට නොවීම, මුත‍්‍රා දැවිල්ල වගේ ආසාදන නිසා අද සමාජයේ බොහෝ දෙනෙක් අපහසුතාවට පත්ව සිටිනවා. එවන් පුද්ගලයන් හොඳින් උණු කර නටවා ගත් වතුර වීදුරුවකට රට ඉඳි මදුළු අටක් වගේ තළා දාලා බොන්න. හොඳින් මුත‍්‍රා පිටවෙන්නත්, මුත‍්‍රා දැවිල්ල සමනය වෙන්නත්, වකුගඩු මුත‍්‍රා ගල් දියවීමටත් එය ගුණදායකයි.

අධික ලෙස මත් වුණු අයගේ මත් බව නැති කරන්නත් ශරීරයට ඇතුළු වන විවිධ විස වර්ග නැති කරන්නත් රට ඉඳිවලට පුළුවන්. මධ්‍යසාර පානය නිසා ඇතිවන අක්මාවේ රෝග හා මානසික විකෘතිතා සුව කරන බෙහෙතක් රටඉදි වලින් හදන හැටි ආයුර්වේදයේ තිබෙනවා. එය නමින් ලඛර්ජුරාදි මන්තයල ලෙසින් හඳුන්වනවා. අධික ලෙස මත් වුණු අයගේ මත් බව නැති කරන්නත්, අක්මා රෝග සුවපත් කරන්නත් මේ ඖෂධය ඉතා ගුණදායකයි. ඛර්ජුරාදී මන්තය සාදාගන්නෙ මෙහෙමයි.

ඇට ඉවත් කරන ලද රට ඉඳි, දෙළුම් ඇට, මුද්දරප්පලම්, රට ගොරකා මද (කහ පැහැති ගොරකා මද), සියඹලා, නෙල්ලි, උගුරැුස්ස සමව ගෙන හොඳින් කපා ඒ වගේ හතර ගුණයක් වතුර මිශ‍්‍ර කර හොඳින් බ්ලෙන්ඩර් කරන්න. බ්ලෙන්ඩර් කර හොඳින් පෙරා අධික මත් බවින් ඉන්න අයට ඒ පානය (ඛර්ජුරාදි මන්තය) බොන්න දෙන්න. ඉක්මනින් වෙරි මත බහිනවා. බීම නිසා අක්මාවේ ඇතිවුණු විස තත්ත්වයන් මගහරවන්නත් මේ රසවත් ඖෂධීය පානය ගුණදායකයි. නමුත් එකක් මතක තබා ගත යුතුයි. මද්‍යසාර බිබී ඛර්ජුරාදි මන්තය පානය කිරීමෙන් නම් කිසිම පලක් වෙන්නෙ නැහැ. මද්‍යසාර වෙනුවට ඛර්ජුරාදි මන්තය බොන්න. එය ශරීර සෞඛ්‍යයටත් හොඳයි. හානිදායකත් නැහැ.

පිළිකා නාශක ගුණයක් පවා රට ඉඳිවලට ලැබී ඇත්තේ මෙය ස්වාභාවික ශාකසාර ඖෂධයක් නිසයි. මේ ශාකසාර ඖෂධීය ගුණ නිසාම සම පැහැපත් කරන්නත් සම නිරෝගී කරන්නත් රට ඉඳි ඉතාමත් ගුණදායක ඖෂධයක්. පැහැපත් සමක් ලබන්න ඔබ කළ යුත්තේ දිනකට රට ඉඳි මදුළු හතක් බැගින් දිනපතාම රට ඉඳි ආහාරයට ගැනීම පමණයි. සති කිහිපයකදී ඔබට ඔබේ සමේ පැහැදිලි වෙනසක් අත්විඳින්න පුළුවන් වේවි. හිසරුජාව, ආහාර අරුචිය ආදී විවිධ අවස්ථා නිසා ඇතැම් විට වමනය තත්ත්වයන් හට ගන්න පුළුවන්. එවන් අවස්ථාවකදී රට ඉඳි මදුළු කිහිපයක් අරගෙන ඇට ඉවත් කර මුට්ටියකට දමා එයට වතුර කෝප්ප හතරක් මිශ‍්‍ර කර පත එකට සිඳුවා හොඳින් පෙරා බීමට ගන්න. වමනය යෑම වළක්වන්න වගේම මේ ඖෂධීය කෂාය බඩඑළිය යෑම වළක්වන්නත් ගුණදායකයි.

විජලනය හෙවත් ශරීරයේ ජලය නැති වීමේ රෝගය වැළැක්වීමටත් රට ඉඳි ගුණදායකයි. සිරුරේ තෙතමනයක් නැති වීම හරහා මෙම තත්ත්වය හට ගන්න පුළුවන්. එවන් රෝගීන් දිනපතා රට ඉඳි ආහාරයක් ලෙස ගන්නව නම් විජලනයෙන් මිදෙන්න පුළුවන්. ඒ වගේම කුඩා දරුවන්ටත්, ගැබිනි මාතාවන්ටත් මෙය හොඳ ඖෂධයක්. දරු ප‍්‍රසූතියකට සූදානම් වන ගැබිනි මවුවරුන්ගේ ගර්භාෂ මාංස පේශි ශක්තිමත් කිරීමට දිනපතා රට ඉඳි කෑම හරහා පුළුවන්. ඒ වගේම දරු ප‍්‍රසූතියකින් පසුව මවුවරුන්ගේ කිරි වර්ධනය කරගන්නත් රට ඉඳි ආහාරයට ගැනීම ගුණදායකයි. තද අව්වක ගියොත් බොහෝ දෙනකුට හිසරදයක් හට ගන්නවා. සමහර විට ආහාර ක‍්‍රමවේදයේ ගැටලූ නිසාත් මෙවන් තත්ත්ව ඇති වෙනවා. මේ වගේ අවස්ථාවකදී උළුහාල් ස්වල්පයකට වතුර පත හතරක් දමා එය පත එකක් වන සේ සිඳගෙන කෂාය සාදා ගන්න. ඒ කෂායට රට ඉඳි මදුළු කිහිපයක් තළා දමා (ඇට ඉවත් කර) හොඳින් මිශ‍්‍ර කර බීමට ගන්න. හිස රුජාවට මේ ඖෂධීය පානය ඉතාමත්ම ගුණදායකයි.

දෙබර, බඹර, මී මැසි වැනි සත්ත්ව දෂ්ටනවලදී රට ඉඳි ඇට හොඳින් කුඩු කර ඒ දෂ්ටනය වුණු ස්ථානයේ ගාන්න. එමගින් විෂ නාශනය වීමක් වෙනවා. ඒ වගේම රට ඉඳි ඇට වියළා කබලේ බැද (කෝපි ඇට මෙන්) හොඳින් කුඩු කර දිනපතා උදේ සවස කෝපි වගේ බීමෙන් පෙර සඳහන් කළ සෑම රෝගයකටම සුවයක් ලබන්නත්, රෝග වැලඳීමේ අවදානම නැති කරන්නත් එයින් පුළුවන්. ඒ වගේම මේ ඖෂධීය පානය ඉතාම රසවත්. සන්ධි ආශි‍්‍රත වේදනා ඇති අයටත් මේ පානය හොඳ වේදනා නාශකයක්. ආයුර්වේදයේ ඉඳි යොදා සාදන තවත් කල්කයක් පවතිනවා. එහි නම ෂෂ්ටිකාදි ගුටිකාව. මේ කල්කය එළකිරිත් සමගආහාරයට ගත්තොත් වයසට යෑම පමා කරන්නත්, වයසට වඩා තරුණ පෙනුමක් ලබන්නත් පුළුවන්. සම රැුලි වැටීම, කෙස් ඉදීම, ඇස් ගිලීම ආදී වයසට යෑමේ පූර්ව ලක්ෂණ මෙමගින් පමා කරනවා. ෂෂ්ටිකාදි ගුටිකාව ඖෂධය ඔබට වෙළෙඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම රට ඉඳි තළා කල්කයක් වගේ ආහාරයට ගෙන මොහොතකට පසු හැටදාඇල් හාල් බත් කන්න. දිනපතා මේ ආහාරය ගත්තොත් එමගිනුත් ඔබට වයසට වඩා තරුණ පෙනුමක් ලබන්න පුළුවන්

දියවැඩියා රෝගීන්ට රට ඉඳි වැඩි වශයෙන් ආහාරයට ගැනීම නම් සුදුසු නැහැ. මේ පිළිබඳ සැලකිලිමත් වීමත් වැදගත්. රට ඉඳිවල පවතින පෝෂණ ගුණය ගත් විට ඉතා දුර්ලභ පෝෂණ ගුණ රැුසකින් මේ ඖෂධය සමන්විතයි. විටමින්, කැල්සියම්, යකඩ, පොටෑසියම්, පොස්පරස් සහ කොපර් වැනි නිරෝගී දිවියකට අවශ්‍ය අති දුර්ලභ පෝෂ්‍ය පදාර්ථ මේ ඖෂධීය පලතුරේ අන්තර්ගතයි. රට ඉඳිවල කැල්සියම් වැනි අනර්ඝතම පෝෂණ ගුණයන් අඩංගු නිසා එමගින් ශරීරයේ අස්ථි ශක්තිමත් වෙනවා. බොහෝ දෙනකුට වයසත් සමග අස්ථි දිරාපත් වීම සිදු වෙනවා. එයට බාහිරව විවිධ කැල්සියම් ගන්නවට වඩා රට ඉඳි ආහාරයට ගැනීම යෝග්‍යයි. නමුත් දියවැඩියා රෝගය පවතින අයට මෙය නිර්දේශ කරන්න බැරි රට ඉඳිවල අධික ලෙස සීනි අඩංගු නිසයි.

පේර කොල සත්කාරය

හිස කේ ගැලවී යාම කියන්නේ වර්තමානය වන විට ගැහැණු පිරිමි මෙන්ම කුඩා ළමුන්ට පවා මුහුණ දීමට සිදු වෙලා තිබෙන රෝග තත්වයක්. මේ සදහා බලපාන හේතු රාශියක් තියෙනවා. විටමින් හා ඛනිජ ලවණ වල හිගකම, අයහපත් ආහාර පුරුදු, මානසික අවපීඩන තත්වයන්, ජානමය හේතු , විවිධ බෙහෙත් වර්ග ඒවායින් කිහිපයක්. නවතම වාර්තා වලට අනුව ලොව සමස්ත ජනගහණයෙන් තුනෙන් එකක් මේ පීඩාකාරී රෝග තත්වයට ගොදුරු වෙලා සිටින බව තහවුරු කරගෙන තිබෙනවා. මේ තරම් විශාල මිනිසුන් පිරිසක් බැට කන ප‍්‍රශ්නයට විසදුමක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

මෙම ලිපිය තුලින් හිස කේ වැටීම නවතාලන බලගතු හිස් ආලේපනයක් (Hair Mask) හදන හැටි කියලා දෙන්නම් . මෙම හිස් ආලේපන භාවිතා කිරීම මගින් දින කිහිපයක් තුල හිස කෙස් වැටීම නවත්වා ගන්න පුළුවන්. මේ සදහා පැ යොදා ගන්නේ එකම එක ස්වාභාවික අමුද‍්‍රව්‍යක් පමණයි. ඒ තමයි පේර කොල. ඔබ නොදැන සිටියාට පේර කොල යනු හිස කේ වැටීම පාලනය කරන ඉතාම ප‍්‍රබල ඖෂධයක්. ඒ වගේම ඩෙංගු වැළදුණු රෝගීන්ගේ රුධිර පට්ටිකා යලි වර්ධනය කර ගැනීම සදහා පේර කොල භාවිතා කරන අවස්ථා තියෙනවා. ලොව පුරා බොහෝ හිස කේ සම්බන්ධ ප‍්‍රශ්න වලට පිළියම් කරන රුපලාවන්‍ය ශිල්පින් විශ්වාස කරනවා පේර කොල යනු කොන්ඬේ යන අයට ප‍්‍රතිකාර ලෙස භාවිත කරන්න පුළුවන් හොදම ස්වාභාවික විසදුම කියලා.

හිස කේ වැටීමට එරෙහිව පේර කොල වලට සටන් කිරීමේ හැකියාව ලැබුනේ කොහොමද ? අපි ඒ ගැනත් සොයා බැලූවා. පේර කොල වල විටමින් ඊ යහමින් අඩංගු වෙනවා. විටමින් ඊ කියන්නේ පෝෂ”ය කෙස් කළඹක් සදහා අතවශ්‍ය පෝෂණ සංඝටකයක්. දැන් අපි බලමු මේ බෙහෙත් වට්ටෝරුව පිළියෙළ කර ගන්නේ කොහොමද කියලා

අවශ්‍ය ද්‍රව්‍ය පේර කොල මිටක් වතුර ලිටරයක් සාදන ක‍්‍රමය පේර කොල මිට හා වතුර ලීටරයක ප‍්‍රමානය ලිප තැබිය හැකි භාජනයකට දමා විනාඩි 20 හොදින් තම්බා ගන්න ඉන්පසුව ලිපෙන් බාගෙන මිශ‍්‍රණය නිවෙන්න හරින්න (කාමර උෂ්ණත්වයේ තබන්න) භාවිතා කරන ආකාරය මුලින්ම ඔබේ කොන්ඬේ හොදින් සෝදා ගන්න. දැන් ඔබට පුළුවන් මේක ටොනික් එකක් වගේ හිස කේ මුල් වල හා හිස් කබලේ හොදින් වදින සේ ආලේප කරන්න. විනාඩි කිහිපයක් සම්බාහනය කර පැයක් දෙකක් සිටින්න. පසුව මෘදු ෂම්පෝ වර්ගයක් භාවිතා කර සෝදා හරින්න මෙහි උපරිම ප‍්‍රයෝජනය ගැනීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් නින්දට යාමට පෙර මෙම මිශ‍්‍රනය හිස් කබලේ ආලේප කර ෂවර් කැප් එකක් පැළද නින්දට යන්න. පසු දින අවදි වී හිස සෝදා හැරීම ප‍්‍රමාණවත්.

ඇත්තටම ඔබ නිවැරදිව හා නොනවත්වා මේ පේර කොල සත්කාරය සිදු කරොත් ඉතාම කෙටි කාලයක් තුල ඔබට සතුටුදායක ප‍්‍රතිපල දක්නට ලැබේවි. කෙස් ගස් වල මුල් ශක්තිමත් වී හිස කේ වැටීම සම්පුර්ණයයෙන්ම නැවතී නව හිස කෙස් වේගයෙන් වර්ධනය වීමට පටන් ගනීවි. එහෙනම් ඔබත් මේ රෝග තත්වයෙන් පිඩා විදින කෙනෙක් නම් නිවසේදීම පහසුවෙන් කර ගත හැකි මේ ස්වාභාවික සත්කාරය අත්හදා බලන්න. ඔබට ජය

බෙල්ලේ කළු පැහැය ඉවත්කරන ක්‍රමය

මුහුණ පැහැපත් කරගන්න මහන්සි වෙනවා වගේම බෙල්ල ගැනත් හිතුවා නම් තමයි හොඳ. අද අපි කතා කරන්නේ බෙල්ල යට කළු වීම ලෙහෙසියෙන්ම නැති කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නයට විසඳුමක්. බොහෝ දෙනෙක් මුහුණට කරන සත්කාර බෙල්ලට කරන්නේ නැහැ. බෙල්ල අමතක කරලාම දානවා. ඔබ ස්නානය කරන කොට මුහුණ පිරිසිදු කරනවා වගේම බෙල්ල පිරිසිදු කරන එකත් අමතක කරන්න එපා. ඒ සඳහා මෙම ස්වාභාවික ප්‍රතිකර්ම අනුගමනය කර බලන්න.නැවුම් එළකිරිවලින් ඔබේ බෙල්ල හොඳින් සම්භාහන කරගන්න. කිරි කියන්නේ හොඳ පිරිසිදු කාරකයක්. එමගින් ඔබේ බෙල්ලේ කුණු දුවිලි හොඳින් ඉවත් කරනවා.

ඒ වගේම එළකිරි කියන්නේ සම පැහැපත් කිරීමට විශාල හැකියාවක් තිබෙන ද්‍රව්‍යයකි.ඔලිව් තෙල් සහ සීනි එකට මිශ්‍රකර හොඳින් බෙල්ල ස්ක්‍රබ් කරන්න. දවස් තුනකට වතාවක් මෙය සිදු කොට වෙනස දැකගත හැකිය. කෙසෙල් ගෙඩියක් ගෙන එය ඔලිව් තෙල් තේ හැන්දක් එක්කර තලපයක් වනතුරු මිශ්‍ර කරන්න. එම තලපය බෙල්ලේ ගල්වා විනාඩි 15කට පසුව සෝදා හරින්න. ලෙමන් සහ රෝස වතුර සමාන ප්‍රමාණවලින් ගෙන හොඳින් මිශ්‍රකොට බෙල්ල සම්බාහනය කරන්න. රැයක් පුරා එය තිබෙන්නට හැර මඳ උණුසුම් ජලයෙන් හොදා හරින්න. එහෙමත් නැත්තම් ලෙමන් යුෂ තේ හැන්දකට කහ කුඩු ස්වල්පයක් මිශ්‍රකොට බෙල්ලේ ආලේප කොට තබා විනාඩි 10කින් 15කින් සෝදා හරින්න.

බේකින් සෝඩා, ලුණු සහ ඔලිව් තෙල් තේ හැඳි එක බැගින් ගෙන තලපයක් වනතුරු හොඳින් මිශ්‍ර කරන්න. විනාඩි විස්සකින් පමණ සෝදා හරින්න. මී පැණි සහ තක්කාලි මඟින්ද බෙල්ලේ ඇති අවපැහැ බව අවම කරගත හැකිය. ඒ සඳහා තක්කාලි යුෂ තේ හැන්දකට මී පැණි කලවම් කොට ආලේප කරන්න. විනාඩි 20ක් තිබෙන්නට හැර සෝදා හරින්න. යෝගට් සහ කහ කුඩු එකට කලවම් කොට තලපයක් ලෙස සදා ගන්න. විනාඩි 15ක් බෙල්ලේ ආලේප කොට තබා සෝදා හරින්න. එසේත් නැත්නම් යෝගට් සහ දෙහි බින්දු කිහිපයක් එකට මිශ්‍රකර විනාඩි 20ක් පමණ බෙල්ලේ ආලේප කොට තබා සෝදා හරින්න.

අර්තාපල් යුෂවලින්ද බෙල්ලේ කළු පැහැ වීම් අවම කරගන්න පුළුවන්. අර්තාපල් ගෙඩියක් ගෙන පෙති ආකාරයට කපන්න. විනාඩි 5ක් 10ක් ඔබේ බෙල්ලේ කළු පැහැ වී ඇති ස්ථාන මත එම අල පෙති තබා හොඳින් පිරිමදින්න.දොඩම් ලෙලි ගෙන ඒවා වියළා කුඩු කරගන්න. එයටම නැවුම් එළකිරි හැන්දක් පමණ දමා මිශ්‍රකර ගන්න. එය ඔබේ බෙල්ලේ ගල්වා විනාඩි 20ක් පමණ වේලෙන්නට හැර සෝදා ගන්න. දොඩම්වල ඇති විටමින් C වල ඇති ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක ගුණය මගින් ඔබේ බෙල්ල අවපැහැ ගතිය කෙමෙන් ඉවත්වනවා.හාල් කැඳ මඟින්ද බෙල්ලේ අවපැහැ ගතිය අවම කරගන්න පුළුවන්. බත් කැඳ ගෙන ඔබේ බෙල්ල හොඳින් සම්භාහනය කර විනාඩි 10ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

ඔබත් අදම මේ ගැන දැනුවත් වෙන්න

මුත්‍රා, කුණු කසළ සහ පිළුණු වූ ආහාර වැනි පිළිකුල් සහගත දෑ සැමවිටම ආහාරයට ගන්නා මල, මුත්‍රා සහ වමනය ආදියෙහි වැතිර වාසය කරනා සත්ව කොට්ඨාශයක්. ඌරන් විසින් ආහාරයට ගනු ලබන පිළිකුල් සහගත දෑ තුල අඩංගු වන විෂ සහිත සංඝටක සියල්ලම ඌරාගේ ශරීරයෙන් ඉවත්ව නොයන අතර මෙම විෂ සහිත සංඝටක ඌරාගේ මේද සෛල තුල සහ අවයව තුල තැම්පත් වනවා.

Yersinia enterocolitica” යනු සතුන්ගේ ශරීර තුලින් සොයාගැනීමට හැකි වන උපද්‍රව සහිත ක්‍ෂුද්‍රජීවි විශේෂයක්. මෙම ක්‍ෂුද්‍රජීව වර්ගය ආසාදනය වීමෙන් පසුව උණ, මාංශ පෙශී පෙරලීම, පාචනය සහ වමනය වැනි විවිධ රෝග ඇති වනවා. ඌරන්ගේ ශරීර තුලින් හමුවන තවත් ප්‍රභල අපවිත්‍රකාරක ද්‍රව්‍යක් වන “Ractopamine” ශරීර ගත වීම මගින් මරණය සිදුවීමට පවා ඉඩ තිබෙනවා.

ඌරු බඩවැල් වාසභූමියක් කරගෙන ජීවත් වන “Taenia solium” වැනි භායනක පරපෝෂිතයා විසින් ශරීරයේ පටක අපවිත්‍ර කිරීම, පටක තුල අතිරික්ත ජලය එකතු වන “edema” රෝගය, ශරීරය තෙහෙට්ටුවට පත් කර අසනීප කරන “malaise” රෝගය, මාංශ පේශී වල වේදනාව ඇති කරන “myalgia” රෝගය, සහ ආහාර අරුචිව වැනි තත්වයන් ඇති කරනවා.

ඌරු මස් ආහාරයට ගැනීමෙන් ඇති වන මෙවන් රෝග වලින් ආරක්‍ෂාව සලසා ගැනීමට නම් ඌරාගේ බඩවැල් තුල සිටිනා මෙවන් පරපෝෂිතයින් විනාශ කර දැමිය යුතු වනවා. අමුවෙන් ආහාරයට ගත හැකි ආහාර වර්ග සමග ඌරු මස් එකට එක්කර ආහාරයට ගැනීමෙන් වැළකීම සහ අධික උෂ්ණත්වයක් යටතේ ඌරු මස් පිස ගැනීම මගින් මෙය සිදු කර ගන්නට පුළුවන්. එමෙන්ම, ඔබ අමු ඌරු මස් ස්පර්ශ කළ පසු සෑම විටම දෑත් හොඳින් සෝදා පිරිසිදු කර ගන්න.

ඉහත සඳහන් කරන ලද ආකාරයට ඌරු මස් පිස ගත්තත් ගොවිපොළවල් තුල ඌරන් ඇති කරන ආකාරය, ඌරන්ට ලබා දෙන ආහාර අනුව සහ මස් නිෂ්පාදනය කරනු ලබන ආකාරය අනුව ඇතැම් අවස්ථා වල මෙම අහිතකර සංඝටකයන් ඌරු මස් පිසීමෙන් අනතුරුවත් පිසින ලද ඌරුමස් තුල අන්තර්ගත වීමට ඉඩ ඇති නිසා ඌරුමස් ආහාරයට ගැනීම අවම කිරීමයි සෞඛ්‍යයට වඩාත් හිතකර වන්නේ.

අවුරුදු 300ක් ජීවත් විය හැකි

වස විසෙන් පිරි ආහාර අනුභවය නිසාම වර්තමානයේ අවුරුදු පනහක්වත් ජීවත් වීම සැක සහිතය. නමුත් අතීතයේ දී නිරෝගී ශරිර සෞඛ්‍යය හේතුකොට ගෙන වසර සියය ඉක්ම වූ ආයුෂ වින්දෝ බොහෝය. එසේම හිමාල වනයේ මෙන්ම චිනයේ වනාත්තරගතව අවුරුදු සීයට ද බොහෝ එහා ගිය ආයුෂ විඳින සෘෂිවරුන් වෙසෙන බව ද කියති. භාවනාවෙන් සහ දේශීය ඖෂධ භාවිතයෙන් ඔවුන් ඒසේ දීර්ඝායුෂ විඳිමින් සිටින බව පැවසේ.

වර්තමානයේ ජනතාව ගෙවන දිවි පෙවෙතේ හැටිය වසර සීයක් නිරෝගීව ජීවත් විය හැකි නම් එය ද විස්ම කර්මයකි. එසේ නම් යමෙකුට අවුරුදු තුන්සීයක් ජීවත් විය හැකි යම් ඖෂධයක් නිෂ්පාදනය වුව හොත් කෙසේ වෙයිද? කුමන ආකාරයේ ඉල්ලුමක් ඒ සඳහා ලැබෙයි ද? එසේ අවුරුදු තුන්සියක් ජීවත් විය හැකි අපුරු විස්මිත දේශීය ඖෂධයක් පිළිබඳව විස්තර සොයා යාමට අපට හැකි විය. මහනුවර රාජධානී සමයේ විසු බව කියන ශ්‍රී රත්නසේකර නමැති රාජකීය වෛද්‍යවරයකු විසින් ලියන ලද අත්වෙද පොතක මිනිසෙකුට අවුරුදු තුන් සියයක් ජීවත් විය හැකි බව කියන අරුම පුදුම බෙහෙතක් ගැන සඳහන් වෙයි. මේ විස්මිත බෙහෙත පිළිබඳව සඳහන්ව තිබෙන්නේ ද ශ්‍රී ලංකාවේ ඉපැරැණි දේශීය වෛද්‍ය ග්‍රන්ථියක් ලෙස සැලකෙන සිතියම් සහිත දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය නමැති ග්‍රන්ථයේය. රත්නපුර මාරුක ශාස්ත්‍රෝ​දය පරිවේණාධිපතිව වැඩ විසු අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥානවිමල හිමියෝ මේ වෙද පොතේ කතුවරයා වේ. මෙම ග්‍රන්ථය ප්‍රථමයෙන් එළි දක්වා තිබෙන්නේ 1959 වසරේදීය. ඥානවිමල හිමි මෙරට විසු අති දක්ෂ ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස සැලකේ.

එම වකවානුව වන විට සිංහල බසින් සකසන ලද දේශීය ​වෙද අත්පොත් හිඟ අවස්ථාවක කිරි ඇල්ලේ ඥානවිමල හිමියන් විසින් රචිත මෙම වෙද අත්පොත දේශීය වෙදකමේ උන්නතිය වෙනුවෙන් සිදු කළ සුවිශාල මෙහෙවරක් ලෙස ද සැලකේ. සංස්කෘත හින්දි වංග හා ඉංග්‍රීසි භාෂා වලින් ඉන්දියානු ඖෂ්ධ වර්ග පිළිබඳව ලියැවුණු ශබ්ද කෝෂ රාශියක් තිබුණ ද එකල මෙරටට ආවේනික ඖෂධ පිළිබඳව සිංහලෙන් ආයුර්වේද වෛද්‍ය ශබ්ද කෝෂයක් සකස් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන්නට ඇත. එම වකවානුවේ පැවැති ප්‍රායෝගික ගැටලු තුළ පොතක් මුද්‍රණය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන්නට ඇත. සංස්කෘත පාලි හා සිංහල භාෂා වලින් ලියන ලද ලංකාවේ පැරැණි වෙද පොත් හැට එකක් එක ල තිබුණ ද ඒවායින් මුද්‍රණය වී ඇත්තේ ඉතා ස්වල්පයක් බව සඳහන් වේ. එයින් ද පොත් හතක්ම ලියා පළ කර ඇත්තෝ ඥානවිමල හිමියන් විසින් වීම ද විශේෂත්වයකි.

ඥානවිමල හිමියන් විසින් ලියන ලද මෙම වෙද පොත පිළිබඳවත් එහි සටහන් කර ඇති අවුරුදු තුන් සියයක් ජීවත් විය හැකි විස්මිත බෙහෙත පිළිබඳවත් තොරතුරු මා හට පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙකු වන කුරුණෑගල මැහිඇල්ලේ පදිංචි ආර්.ඩී.සී. රන්තිලක මහතාය. සර්වාංග වෙදකමට සහ කැඩුම් බිඳුම් වෙදකමට එකසේ දක්ෂ රන්තිලක වෙද පරම්පරාවට අයත් රන්තිලක වෙද මහතා (69) රාජ්‍ය ගෞරව සම්මානලාභී වෛද්‍යවරයෙකි. ඥානවිමල හිමියන් ලියු මෙම වෙද පොත ඒ මහතාට ලැබී තිබුණේ ඔහුගේ පියාණන් වු හව්කෙන්දා රත්තිලක වෙද මහතාගෙන්ය. හව්කෙන්දා මහතා හෙළ වෙදකම ජ්‍යොතිෂ්‍ය ශාන්ති කර්ම හා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳව ඉමහත් ප්‍රසිද්ධියක් දැරූ අයෙකි. පියාගෙන් උරුමයක් ලෙස ලැබුණු පාරම්පරික වෙද අත් පොත් පුස්කොළ පොත් විශාල ප්‍රමාණයක් අතරේ තිබු ඥානවිමල හිමි ලියු දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය නම් වූ මේ ඉපැරණි ග්‍රන්ථයට සුවිශේෂී වටිනාමක් ලැබෙන්නේ මුද්‍රණයෙන් එළි දක්වා තිබුණේ මෙහි පොත් සුළු ප්‍රමාණයක් නිසා බව ද පැවසේ. පිටු 530 කින් සමන්විත මෙම ග්‍රන්ථයේ 288 සහ 289 පිටුවල අවුරුදු තුන්සියයක් ජීවත් විය හැකි විස්මිත බෙහෙත් සෑදීම පිළිබඳව මෙසේ සඳහන් කර තිබේ.

විශාල ලෙස වැඩුණු පත්කෑල ගසක මුල සිට බඹයක් (අඩි හයක්) උඩින් උඩ කොටස පෙත්ත මට්ටමට කපා හැර ඉතිරි වන ඒ මුල් කොටස මුදුනෙහි ලොකු වංගෙඩියක ඇතුළු කුහරය පමණ වූ විශාල සිඳුරක් පහතට සාරා ඒ සිදුරු ඇතුළට ඇට අස්කළ අමු නෙල්ලි පලම් හැට හතරක් සහ ඒ වර්ගයේ ලී කෑල්ලකින්ම ඇබයක් ගසා බිම සිට එ් ලී කොටස වැසී යන පරිදි අඩි හයක් උසට ගොම වැරටී (වියැළුණු ගොම) ගොඩ ගසා ඒ ගොම වැරටිවලට ගිනි තබා, ගොම වැරටි සම්පූර්ණයෙන්ම දැවී ගියාට පසු උතුරා නැගගෙන විත් එකට පිලිස්සී තිබෙන ඒ ජලාශ සාරය සහිත නෙල්ලි කල්කය ගෙන ගිතෙල් අඹරා නොපිරිහුණු ශක්තිය ඇති (පනස් විය නොඉක්ම වූ) ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ගෙන ඉස් සෝදා නහවා පිරිසිදු කොට පිරුවට අන්දවා මැසි මඳුරුවන්ගෙන් උවදුර නොවන පරිදි ආරක්ෂා සහිතව විශේෂ ඇතුළු කාමරයක කත මේ නෙල්ලි කල්කයක් උණු කළ එළ කිරිත් පමණක්ම දිනකට තුන් වේල බැගින් දිනපතා මසක් ආහාර වශයෙන් දිය යුතුය. මෙසේ මේ රසායනය එළ කිරි සමග දින පසළොස් අනුභව කරන විට ඔහුගේ හෝ ඇයගේ හිස කෙස් නියපොතු දත් හා සමත් ගැලවී යයි. මීළඟට අනික් දින පසළොස අනුභව කරන විට මේ සියල්ලම නැවත හොඳින් වැඩී තරුණ භාවයට පත් වෙයි. මෙසේ තිරිහන් වූ පසු අවුරුදු තුන්සියයක්ම ජීවත් විය හැකියි. ඉන් පසු වෙන විශේෂ පාවිච්චියක් හෝ ප්‍රතිකාරයක් නැත. යනුවෙන් ශ්‍රී රත්නසේකර රාජකීය වෛද්‍යවරයා ලියු බවද අත් පොතෙහි සඳහන් වේ.’’ යනුවෙන් ද පණ්ඩිත කිරි ඇල්ලේ ඥානවිමල හිමියෝ තම පොතෙහි සඳහන් කර තිබේ.

ඉන් පසුව උන් වහන්සේ මෙසේද සඳහන් කර ඇත. පත්කෑල විශේෂ වාජිකරණ ඖෂධයකි. අගින් කපා දැමූ ගසේ මුල් කොටස ගොමු රොඩු ගින්නෙන් රත් වන විට මුල් සහිත සම්පූර්ණ මුල කොටසේම ඇති සාරය උතුරා මුදුනෙහි වූ සිඳුරෙහි තිබෙන නෙල්ලි පලම් හැට හතරේ සමග එකට මිශ්‍ර වෙයි. නෙල්ලිද සෞඛ්‍ය ධාතු වර්ධනය වන ඖෂධයකි. මෙසේ ඇති වන මිශ්‍රණයෙහි ජීවන බලය වැඩි දියුණු කිරීමේ යම් කිසි ශක්තියක් බලයක් ඇතිවාට කිසිම සැකයක් නැත.

මෙය අප ඇසු දුටු කාලයක පරීක්ෂණයකට භාජනය කර නැති බව ද, මෙම වාජිකරණ ඖෂධය අත්හදා බැලීම් නවීන විද්‍යාවේ හා මානව සමාජයේ දියුණුවට හිතැති අයට බාර වූවක් බවද ඥානවිමල හිමියෝ කියා සිටිති. මෙම ඖෂධය නිපදවීම සඳහා යොදා ගනු ලබන පත්කෑල නැතිනම් විලාශ නමැති ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය Butea Frondosa වේ. මෙම පත්කෑල (රත්කෑල) සහ කැට කෑල (ගැට කෑල) යනුවෙන් වර්ග දෙකකි. මෙයින් ගැට සහිත සුඳු කඳක් ඇති වඩා නිල් පාට නොවු කොස් කොළ ප්‍රමාණ හැඩ හුරුකමින් යුත් කො​ළ ඇති අඩි පනහක් පමණ උසට වැවෙන වර්ගය කැට කෑල නම් වේ. මේ වර්ගයේ සෙතු ඇල්ම උළුක්කුව ඉදිමුම ඇතුළු කැඩුම් බිඳුම් වෙදකමට සහ තවත් වෙදකම්වලට ද ගන්නා බව ඥානවිමල හිමියන් සඳහන් කර ඇත.

එසේම පත් කෑල (රත්කෑල) රත් පාටට හුරු කඳන් ඇති අඩි හැත්තෑපහක් පමණ උසට වැඩෙන විශාල ගසකි. මේ ගසේ කොළ කැට කෑල කොළ වලට වඩා විශාලය. තද නිල් පැහැයකින් යුක්තය. එක වරම ගස පිරි යන සේ අතු අග පිපී තිබෙන රත් පාට මල් සමූහය දින දෙකක් තුළ පර වී වැටී ගොස් ගස් යට රතු පළස් අැතුරුවාත් සේ පෙනෙයි. දුරට පෙනෙන මේ රතු මල් මස් කැඳැලි යයි සිතා රැවටී සිවල්ලු දුව එති. යි යනු ජනප්‍රවාදයක් බවද ඥානවිමල හිමියෝ වැඩි දුරටත් කියා සිටිති. මෙම ග්‍රන්ථයේ දේශීය ආයුර්වේද ශාක 160 ක සම්පූර්ණ හැඳින්වීමක් සිතුවම් සමග පළ කර තිබේ. මීට අමතරව තවත් ඖෂධ ශාක සහ ඖෂධ දහස් ගණනක් පිළිබඳ විස්තර ද මෙහි ඇතුළත් කර තිබේ. මීට අමතරව විවිධ ප්‍රතිකාර සඳහා ​යොදා ගත හැකි විශේෂ දේශීය අත් බෙහෙත් කීපයක් ද ලියා ඇත. මෙම ශබ්ද කෝෂය සකස් කළ ආකාරය ද ඥානවිමල හිමියන් සඳහන් කර තිබෙන්නේ මෙසේය.

පළමුවෙන්ම ඉන්දියාවේ හා ලංකාවේ මුද්‍රිත පොත් කියවා බලා මේ රටේ වෙදකමට අවශ්‍ය වචන එකතු කෙ​ළෙමි. දෙවනියට මේතාක් මුද්‍රණය වී නැති වෙද පොත් වට්ටෝරු වෙද පොත් බෙහෙත් වට්ටෝරු හා බෙහෙත් වදුළ පොත් ද එකතු කර කියවා බලා දුරවබෝධ වචන එකතු කළෙමි. ඉන් පසුව චිත්‍ර ශිල්පියකු හා ආධාරකාරි කීප දෙනෙකු ද කැටුව ලංකාවේ ​නොයෙක් පළාත්වල ඇවිද බෙහෙත් වර්ග ගැන සාකච්ඡා කිරීමත්, මත භේද සහිත වූද දුර්ලභ වූ ද රහස් බෙහෙත් වශයෙන් පවතින්නාවූ ද ඖෂධ වර්ගවල ලක්ෂනාදිය සහිත චිත්‍ර පිටපත් කරවීමත් කළෙමි. මෙහි ඇතුළත් වන චිත්‍ර අකුරෙන් අබින්, සුං, වච්චනාට, ඉන්දියානු ගොඩ කඳුරු යන හත වර්ගය හැර ඉතිරි සියල්ලම ඒ ඒ වෘක්ෂලතාදිය ඉදිරි​යෙහි තබා අඳින ලද නියම සටහන්ය.

​මේ සියල්ල සූදානම් කර අතට ගෙන වැඩ ආරම්භ කොට පොත ලීවීමත් මුද්‍රණයත් එකවරම නිම කළෙමි. දේශීය වෛද්‍ය ශබ්ධ කෝෂයක් ලිවීම එපමණ පහසු නැති කීවේ ඉහත සඳහන් දුෂ්කරකම නිසාමය. වෙදකමක, භාෂාවක ශාස්ත්‍රයක හෝ යම් කිසි කර්මාන්තයක කටයුතු සඳහා ව්‍යාප්තව පවත්නා වචන සංඛ්‍යාව ද ඒවයේ දියුණු හෝ පරිහානිය මැන ගැනීමේ එක් ක්‍රමයකි. දේශීය වෙදකමට අයත් වචන මහත් රාශියක් තිබේ. මේ ගැන ලියැවී තිබෙන ද්‍රව්‍යාවලිය නමැති පොතට දඹදෙණි කාලයෙන් පසු කුමක් වී දැයි දැන ගන්නට නැත. පැරණි පොත ප​තෙහි තිබෙන වචන ප්‍රමාණවත් පරිදි එකතු කර අදහස් දැක් වූ වෙන පොතක් ද නැත. එනිසාම කලක සිට පැවති මේ අඩු පාඩුව පිරිමසාලීමේ අදහස මා තුළ ඇති වූයේ මීට සිවු වසරකට පෙරය.

අපේ වෙද පරම්පරාව අවුරුදු දෙදහස් හයසීකටත් වඩා පැරැණි පරම්පරාවක්. රන්තිලක වෙද පරම්පරාවක්. රන්තිලක වෙද පරම්පරාව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කිරීමත් එක්කම තමයි අපේ කුල පරම්පරාව ඉන්දියාවේ ඉඳලා ලංකාවට ආගමනය වුණෙ. බෝධිය රැක ගැනීමට පැමිණි පැරැණි කුල පරම්පරාවලින් එකක් විදිහටත් අපේ පරම්පරාව සැලකෙනවා. මගේ පියාණන් ද මේ රහස් බෙහෙත නිෂ්පාදනය කිරීමට උත්සාහ කරලා තිබුණත් අසීරු වැඩක් වුණා. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ සඳහා අත්හදා ගැනීමට සුදුසු පුද්ගලයෙකු සොයා ගැනීම අසීරු වීම. මාත් වරක් උත්සාහ කළා. මටත් සිද්ධ වුණේ ඒ දෙයමයි. මේකේ තියෙන විස්තර අනුව බැලුවාම මේ සඳහා ඉදිරිපත් වෙන්න මිනිස්සු අකැමැතියි. යනුවෙන් ද වෛද්‍ය රන්තිලක මහතා ප්‍රකාශ කළේය

කෙසෙල් ලෙලි මගින් සුවකරදෙන රෝග

කෙසෙල් ආහාරයට ගැනීම මගින් අපට අත්වන සෞඛ්‍යය වාසි පිළිබඳව ඔබ දැනුවත් වුවත් කෙසෙල් ලෙලි මගින් අපට අත්වන සෞඛ්‍යය වාසි පිළිබඳව ඔබ කිසිවෙක් දැනුවත් නැතිව ඇති. අපි සියල්ලම වාගේ කෙසෙල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් පසුව සිදු කරන්නේ එහි ලෙල්ල ඉවත දැමීමයි. නමුත් ඉන්දියාව වැනි රටවල ජීවත් වන මිනිසුන් කෙසෙල් ලෙල්ලත් ආහාරයට ගෙන විවිධ සෞඛ්‍යය වාසි ශරීරයට අත්කරගනු ලබනවා. අපි දැන් බලමු කෙසෙල් ලෙල්ලෙන් අපට සිදුකරගත හැකි දෑ පිළිබඳව.

01. දත් සුදු පැහැ කරගැනීම කෙසෙල්ලෙල්ලකින් ඔබේ දත් සති දෙකක කාලයක් අතුල්ලන්න. ඔබේ දත් ඉක්මණින්ම සුදු පැහැ වනවා ඔබට දැකගන්නට ලැබේවි. 02. ඉන්නන් ඉවත්කර ගැනීම ඔබේ ශරීරයේ තැනින් තැන ඉන්නන් සිටිනවා නම් එයටත් කෙසෙල් ලෙල්ලක් භාවිතයෙන් විසඳුම් සෙවීමට පුළුවන්. කෙසෙල් ලෙල්ලක් ඉන්නන් ඇති ස්ථානයේ අතුල්ලන්න. එමගින් ඔබට ඉන්නන් ඉවත් කර යලි ඉන්නන් ඇතිවීමත් වළකාලීම සිදු කර ගන්නට පුළුවන්.

03. කුරුලෑ සුවකර සමේ රැලි වැටීම වළක්වා ගැනීමට කුරුලෑ සඳහා කෙසෙල් ලෙල්ලක් භාවිතා කිරීම ඉතා හොඳ ස්වභාවික පිළියමක් වනවා. මෙයට හේතුව වන්නේ කෙසෙල් ලෙල්ලේ අන්තර්ගත වන ප්‍රතිඔක්සිකාරක බලය සහ සම අකලට වයසට යෑම නතර කිරීමේ හැකියාවයි. ඒ වගේම, කෙසෙල් ලෙල්ල මගින් සම වියළීම නතරකර සමට අවශ්‍ය වන පෝෂණය සපයා දෙනු ලබනවා. ඔබේ සමේ මෙවන් ගැටළු ඇති ස්ථාන වල කෙසෙල් ලෙල්ලක් අතුල්ලා විනාඩි තිහක පමණ කාලයක් සිටින්න.

04. සෝරෛයසිස් නමැති චර්ම රෝගයත් “Psoriasis” කෙසෙල් ලෙලි භාවිතයෙන් සුව කර ගන්නට පුළුවන්. 05. කෙසෙල් ලෙලි නිර්වේදනික කාරකයක් “Analgesic Agent” වනවා. ඔබේ සමේ වේදනාවක් ඇති ස්ථාන වල කෙසෙල් ලෙල්ලක් අතුල්ලන්න. එමගින් සාර්ථකව වේදනාව සමනය කරගන්නට පුළුවන්. 06. කෙසෙල් ලෙලි භාවිතෙයෙන් බර අඩු කර ගන්නට පුළුවන්. සෑම දිනකම දිවා ආහාරය ගත් පසුව කෙසෙල් ගෙඩි දෙකක් ආහාරයට ගන්න. කෙසෙල් ලෙල්ලේ දාරය ඉවත් කර කෙසෙල් ලෙල්ලත් ආහාරයට ගන්න. ඒ වගේම, රාත්‍රී ආහාරය අඩුවෙන් ලබා ගන්න. මේ ආහාර වට්ටෝරුව මාසයක කාලයක් අනුගමනය කරන්න. මේ කාලය අතර තුල ඔබේ බර රාත්තල් පහක් හෝ ඊට වඩාවැඩි ප්‍රමාණයකින් අඩු වේවි.

සබන් භාවිතා කරන ඔබ දැන්ම දැනුවත් වෙන්න

පසුගිය දශකය පුරාවට විෂබීජ වලට ඇති බය නිසාම විෂබීජ නාශක සබන් භාවිතා කරන්න පුරුදු වුනා. නමුත් අවාසනාවකට වගේ මේ සබන් වල අන්තර්ගත වන රසායනික වර්ග ගැන හොයල බලන්න සාමාන්‍ය පාරිභෝගිකයන්ට එතරම් උනන්දුවක් තිබ්බෙම නැති තරම්. ඒ හේතුව නිසා මෙම සබන් නිෂ්පාදනය කරන සමාගම් වලට විවිධ රසායනික වර්ග කලවම් කරලා සබන් හදන්න ඉඩ ප්‍රස්තාව ලැබුනා. ඇතැම් අවස්ථාවල ඔවුන් භාවිත කරන රසායනික වර්ග වල අතුරු පල ගැනවත් අවබෝධයක් තිබ්බේ නෑ. Triclosan (ට්‍රික්ලොසෑන්) යනු විෂබීජ නාශක වල අඩංගු සක්‍රිය අමුද්‍රව්‍යයයි. මෙමගින් හෝමෝන වෙනස්කම්, සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙනස්කම් මෙන්ම වඳ බව (sterility) ඇති කිරිමටත් හේතු වනවා.

Triclosan රෝහල් සඳහා මුලින්ම හඳුන්වා දෙනු ලැබුනේ 1970 දශකයෙයි. ඒ වන විට FDA (U S Food and Drug Administration) සංගමය පිහිටවා නොතිබුන බැවින් බොහෝ විට මෙවැනි දෑ දැඩි පරීක්ෂණයකට ලක් කෙරුනේ නැති තරම්. Triclosan භාවිතයේ ඍනාත්මක පැතිකඩ පිලිබඳ සැලකිල්ලට ගැනුනේ එය භාවිත කරන පිරිස්වල අවදානය හේතුවෙන්. නමුත් අපි නොදන්නා රසායනික වර්ග අඩංගු බොහෝ දෑ අපි භාවිතයට පුරුදු වී සිටින නිසා ඒවා අපේ සමේ නිතරම ගැටෙන නිසා ඇති වන දීර්ග කාලින අතුරු පල ගැන කිසිඳු සමීක්ෂණයක් හෝ කර නොමැති බැවින් යම් කිසි ව්‍යාකුල තත්වයකට මුහුණ දීමට ප්‍රවනතාවය සැලකිල්ලට ගන්න විට අපි පරීක්ෂණයකට භාජනය වුනු කොටසක් බවට පත් වී හමාරය.

මෙම විෂබීජ නාශක දැන්වීම් වල ඔබට බොහෝ විට විෂබීජ වලින් 99% ක් ඒවත් කරනවා යනුවෙන් අසන්නට ලැබෙයි. නමුත් මෙහි නොපෙනෙන පැතිකඩ වන්නේ මේ හේතුව නිසා ඉතිරි වන 1%ක පමණ බැක්ටීරියා ප්‍රමාණය මෙම විෂබීජ නාශක වලට ප්‍රතිරෝධයක් දක්වන බවයි. අවසානයේ අපේ ශරීරයේ ඉතිරි වන්නේ මෙම සුපිරි බැක්ටීරියා වර්ග පමණයි. එම බැක්ටීරියා මගින් ඇති වන රෝග තත්ත්ව වලට ප්‍රතිකාර කිරීමට දැනට පවතින ඖෂධ වල නොහැකි වන්නට පුළුවන්.

අපි හැමෝම මේ විෂබීජ නාශක සබන් වලින් අත් හෝදන්න පුරුදු වෙලා ඉන්නේ සාමාන්‍ය සබන් වලින් විෂබීජ ඉවත් වෙන්නේ න කියල හිතන හින්දනේ. හැබැයි පර්යේෂකයන් පවසන අන්දමට තත්පර 20ක් මද රස්න ජලයේ සාමාන්‍ය සබන් වලින් අත් සේදුවාම විෂබීජ නාශක සබන් වලින් ලබන ප්‍රතිපලයට සමාන ප්‍රතිපලයක් ලඟා කරගන්නත් පුළුවන්.

ඒක හින්දා ඕනෑම රසායනික වර්ග අඩංගු දෙයක් භාවිත කරන්න කලින් ඒක ගැන දැනුවත් වෙන එක කොයි කාගේත් නුවනට හුරුයි. මේවා නිෂ්පාදනය කරන සමාගම් වල වගකීම වෙන්නෙත් තමන්ගේ නිෂ්පාදන වල යොදාගන්න දේවල් පිළිබඳව මීට වඩා අවදානයක් යොමු කරලා අහිංසක පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය ගැනත් සැලකිලිමත් වෙන එක.

ඔබත් වෙරලූ ආහාරයට ගන්නවාද

මිල අධික වූණාට පලතුරුවල ගුණයේ වැඩිවීමක් නැහැ. වෙරළු ගැමි ජනතාව අතර ඉතා ප‍්‍රචලිත පලතුරකි. මෙම ශාකය පැරණි සෑම නිවසකම දෑකිය හැකිය. අද කාන්තාවන් මෙම පලතුරට එතරම් සැලකිල්ලක් නොදෑක්වූවත් පැරණි කාන්තාවෝ සහ ළමයි වෙරළු අච්චාරුවට ප‍්‍රිය කළහ. විශේෂයෙන්ම ගර්භනී සමයේදී මූල් මාස කිහිපයේ ඇතිවන කෑම අරුචිය නිසා වෙරළු අච්චාරු කෑමට ප‍්‍රිය කරයි.

සැබවින්ම වෙරළු විටමින් සී වැඩිපූර අන්තර්ගත පලතුරක් මෙන්ම වෙරළු උෂ්ණ ගුණයද සහිත පලතුරකි. වෙරළු අම්ල ගුණය නිසා අමූවෙන් ආහාරයට ගැනීමෙන් උගුර අමාරු ඇතිවිය හැකි අතර අමූවෙන් අච්චාරු ලෙස ආහාරයට ගැනීමෙන් පිත, රුධිරය අපිරිසිදු වීම වගේම ශරීරයේ බිබිලි ඇතිවන්නටද පූළුවන. ආමාශ‍්‍රදාහය (ග‍්‍රැස්ට‍්‍රයිටිස්) ඇති පූද්ගලයින්ට වෙරළු ආහාරයට ගැනීම සූදුසූ නොවන බව මතකයේ තබාගත යූතුය. එහෙත් අමූ වෙරළු වලට කුසගින්න වර්ධනය කිරීමේ හැකියාව තිබෙන බව දන්නවාද? තව කරුණක් කිව යූතු වේ. එය නම් අපට නොමිලයේ සපයාගත හැකි වෙරළු ගෙඩිය අද සූපිරි වෙළෙඳ සල්වල පැකටි වශයෙන් හා ඇසූරුම් කළ බෝතල් වශයෙන් වෙරළු අච්චාරු ලෙසින් අලෙවියට තිබීමයි. එම අසූරන ලද බෝතල්වලට කල්තබා ගැනීමට යම් රසායනික ද‍්‍රව්‍ය අඩංගු කර තිබෙන්නට පූළුවන.

මේ නිසා ඔබ මෙම පලතුර ආහාරයට ගන්නේ නම් ස්වාභාවික අන්දමින් ගැනීම සූදුසූය. හොඳින් පැසී ඉදුණූ වෙරළු වලට ශරීරයේ සෙම් ගතියද අඩූකිරීමේ හැකියාව තිබෙන බව ආයූර්වේදයේ සඳහන් වේ. ඔබට මූදල් වැය නොකර ලස්සන වන්නට හැකි බව දන්නවාද? වෙරළු කොළ හොඳ රූපලාවන්‍ය ඖෂධයකි. වෙරළු කොළ පංච කල්‍යාණියෙන් එක් අංගයක් වන කේශ කල්‍යාණියට ඉතාමත් හිතකරය.

වෙරළු කොළ තම්බා එම ජලයෙන් හිස සේදීමත් කොළ කොටා එම යූෂ හිසේ ගැල්වීමෙන් පිරිසිදු හා සිනිඳු දීප්තිමත් කෙස් කළඹක් ලබා ගැනීමටත් හේතුවේ. එමෙන්ම ඔබට නිතර වද දෙන හිස්හොරි වලටද මාහගු ඔසූවකි. අප වෙරළු ගෙඩිය නොසලකා හරින අතර වැඩි මිලක් දී මිදි කෑමට පූරුදු වී සිටී. මිදිවල තිබෙන ගුණය වෙරළු ගෙඩිය තුළත් තිබෙන බව අමතක කරන්න එපා. මෙම පලතුර ඕනෑම පූද්ගලයකුට සූදුසූය.