මේ විදියට මාළු උයලා බලන්න

තෝර මළු පෙති 6ක්, ලොකු ළූණූ ගෙඩි 2ක්, අඹරාගත්ත තක්කාලි ගෙඩි 2ක්, තලාගත්ත සුදු ළූණූ බික් 6ක්, තලාගත්ත ඉගුරු කෑල්ලක් සියඹලා ඉස්ම තේ හැදි 1ක්, වතුර කෝප්ප 1/2ක්, ගම්මිරිස් ඇට තේ හැදි 1/2ක්, ලුණු පදමට, තුනපහ කුඩු තේ හැදි 2ක්, මිරිස් කුඩු තේ හැදි 3ක්, කහකුඩු තේ හැදි 1/2ක්, අබ ඇට තේ හැදි 1/2ක්, උළු හාල් තේ හැදි 1/4ක්, සූදුරු තේ හැදි 1/4ක්, අමු මිරිස් කරල් 2ක්, කරපිංචා ඉත්තක්, රම්පේ කොළ කෑල්ලක් ,තෙල් මේස හැදි 2ක්

මුලින්ම මාලු වලට මිරිස් කුඩු හැදි 2ක්, කහ ස්වල්පයක්, ලුණු පදමට දමා හොදින් අතගාගෙන විනාඩි 30ක් පමන තියන්න. ඒ අතර සුදු ළූණූ තලා ගද්දි ඒකටම ගම්මිරිසුත් දාගන්න. පසුව තෙල් රත්කරලා මාළු ටික දෙපැත්තම හොදින් රන්වන් පැහැවනතුරු බැදගන්න. ඒ සදහා non stick pan එකක් භාවිතාකරන්න. තෙල් මේස හැදි 2ක් ප්‍රමාණවත්.

මීලගට ඒ තෙල් වලටම අබ ඇට දාගෙන පුපුරන විට උළුහාල්, සූදුරු, ළූණූ, ඉගුරු, රම්පේ, කරපිංචා, අමු මිරිස් එකතු කර හොදින් තෙම්පරාදු කරගන්න. මද වේලාවකින් සුදු ළූණූ හා ඉතුරු වු සියළුම කුලුබඩු දමා කවලම් කරන්න. දැන් තක්කාලි සහ සියබලා ඉස්ම දාලා ආවරනය කරාලා විනාඩි 2ක් විතර තියලා වතුර දාන්න. පසුව හොදින් නටාගෙන එන විට මාළු දාලා මද ගින්නේ විනාඩි 10ක් විතර පිසගන්න.

සාර්ථකම ව්‍යාපාරිකයින් 5 දෙනෙක්

ජීවිතය කියන්නෙ හරි පුදුමාකාර දෙයක්. වෙලාවකට අපිව බිඳ වැටෙනවා. සමහර වෙලාවට අපිව උඩින්ම තියනවා. එත් අපිව ඉහලට යන ප්‍රමාණයට වඩා බිඳ වැටෙන ප්‍රමාණය වැඩියි. මේ කියන්න යන්නේ එහෙම බිඳ වැටෙන වරක් පාසා දිරියෙන් නැගිටලා ජීවිතය ජයගත්ත අපුරු සාර්ථකම ව්‍යාපාරිකයින් 5 දෙනෙක්

1. වික්ටර් හෙට්ටිගොඩ – සිද්ධාලේප සමුහ ව්‍යාපාර 1937 දී ඉමදුවේ කනංකේ නම් ගමේ ඉපදිලා මාතර රාහුලයෙන් අධ්‍යාපනය ලබපු හෙට්ටිගොඩ මහත්මයා ව්‍යාපාරයක් විදියට සිද්ධාලේප නිෂ්පාදනය කරන්නට පටන් ගත්තේ 1971දීයි. පාරම්පරික ආයුර්වේද වෙදමහත්මයෙක් ගේ පුතෙක් වුන හෙට්ටිගොඩ මහත්මයා තම පියාගෙන් ලැබුණ බෙහෙත් වට්ටෝරුවකින් තමයි සිද්ධාලේප නිපදවනවා යයි පැවසෙන්නේ. වාර්තමානය වන විට සේවකයින් 1500ක් සේවය කරන සමාගම් 11ක් සහ රටවල් 40කට අධික ප්‍රමාණයක පැතුරුණු නිෂ්පාදන ජාලයක් ඔහු සතුයි. මේ සමාගම් 11 අතර රෝහල්, හෝටල්, බෙහෙත් නිෂ්පාදන, සහ අපනයන හැසිරවීම් කරන සමාගම් ඇතුලත්.

2. හේමචන්ද්‍ර වෑගපිටිය – ලාෆ්ස් සමුහ ව්‍යාපාර 2500කට වඩා වැඩි සේවක මණ්ඩලයක් සහ 15කට අධික සමාගම් ප්‍රමාණයක් හිමි ලාෆ්ස් ව්‍යාපාරයේ හිමිකරු වන වෑගපිටිය මහතා නොපසුබසින උත්සාහය ගැන දක්වන්නට පුළුවන් හොඳම උදාහරණයක් කියලා කියන්නට පුළුවන්. බලන්ගොඩටත් කිලෝමීටර් 7ක් ඈතින් පිහිටි වෑගපිටිය ගමේ, දරුවන් නව දෙනෙක් ගෙන් යුතු පවුලක බාලයා වී ඉපදී මොරහැළ බන්ඩාරනායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා විශ්ව විද්‍යාලයට තේරීපත් වන්නට වාසනාවන්ත වුනා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු පළමු රැකියාව කලේ නැව් සංස්ථාවේ පුහුණු සේවකයෙකු ලෙස දවසකට රුපියල් 20ක පඩියකට යි. කෙමෙන් සිය කුසලතා වර්ධනය කරගනිමින් ලංකාවේ බලශක්ති ව්‍යාපාරයට ඇත ගැසු ඔහු අද පුද්ගලික අංශයෙන් බලශක්ති ව්‍යාපාරයට සම්බන්ධව සිටින ප්‍රධානතම සමාගමේ සාඩම්බර හිමිකරුවායි.

මීට අමතරව ලාෆ්ස් සමාගමේ නාමය පිටුපස අපුරු රහසක් සැඟවී පවතිනවා. ඔහු ව්‍යාපාරයට අත ගැසූ මුල් කාලයේ ඔහුට මෙවැනි ව්‍යාපාර හසුරවන්නට නොහැකියි කියා ඔහුගේ තරඟකරුවන් උපහාසයෙන් සිනාසී තිබෙනවා. බොහෝ අයගේ බලාපොරොත්තුවක් වී ඇත්තේ වෑගපිටියගේ බලශක්ති සමාගම් සිහිනය, සිහිනයක්ම වේවි කියලයි. එහෙත් තරඟකරුවන්ගේ ඇස් පනාපිටම ලාෆ්ස් සමාගම වැඩෙන්නට වුයේ මහා ගසක් පරිද්දෙන්. වර්තමානයේ ලාෆ්ස් සමාගමේ 2014/2015 මුල්‍ය වර්ෂයේ ආදායම රුපියල් බිලියන 11.5ක් වීමම ඔහු ලබා ඇති සාර්ථකත්වයට නිදසුනක්.

3. ආරියසීල ද සිල්වා වික්‍රමනායක – මාස්ටර් ඩයිවර්ස් සමාගම සහ මවුබිම ලංකා පදනම ගාල්ලේ බද්දේගම ඉපිද ලක් පොළොව ජයගත් කිහිපදෙනාගෙන් එක් අයෙක් වන ආරියසීල මහත්මයාගේ මුල්ම ව්‍යාපාරයේ සේවය කලේ සේවකයින් දෙදෙන්. ඔවුන් ගෙන් ඒක අයෙක් තමා ආරියසීල මහත්මයා. ඔහු ළඟ වර්තමානයේ සේවය කරන ප්‍රමාණය සේවකයින් 10000කට අධිකයි. සියලුම නාවික අවශ්‍යතා සිදුකරන ලංකාවේ එකම පුද්ගලික සමාගමේ හිමිකරු වන ආරියසීල මහතා වර්තමානය වන විට ලංකාවේ සිටින පළපුරුදු කිමිදුම් කරුවන් කිහිපදෙනාගෙන් කෙනෙක් බව කිසිවෙකු නොදන්නා තරම්. පැලවත්ත සීනි කර්මාන්ත ශාලාව වර්තමානය වන විට ඔහු සතුයි.

4. එච්. කේ. ධර්මදාස – නවලෝක සමුහ ව්‍යාපාර මාතර සුල්තානාගොඩ ඉපිද නවලෝකයෙන් ව්‍යාපාරික ලොව ජයගත් ධර්මදාස මහත්මයා, සිය ව්‍යාපාරික ජීවතය පටන් ගත්තේ කොන්ත්‍රාත් කරුවන්ට අවශ්‍ය භාණ්ඩ සැපයීමෙන්. නවලෝක ලීමෝල, රෝහල සහ අනුබද්ධ සමාගම් 20ක හිමිකරුවෙක් වුනත් ඔහු දානපතියෙක් ලෙසයි වඩා ප්‍රසිද්ධ. 2011 අගෝස්තු 10 වෙනිදා මෙලොවින් සමුගත්තත් ඔහුගෙන් වූ සේවය අපට තවමත් ධර්මදාස නොඑසේනම් නවලෝක මුදලාලි කියන නම මතක් කරවනවා.

5. දයා ගමගේ – දයා සමුහ ව්‍යාපාර තිරාණගම දරුවන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක 5 වැනියා ලෙස උපත ලැබූ දයා ගමගේ මහතා, සිය ව්‍යාපාර අරඹන්නේ ඔහුගේ පාසල් කාලයේදී ම වූ හදිසියේ වූ සිය පියාගේ අභාවයෙන් පසුවයි. හිමිවීම් වලට වඩා අහිමිවීම් වැඩි ජීවිතයක උරුමකරුවෙක් වූ දයා ගමගේ මහතා අද වනවිට වල් වැදී තිබු තමන්ගේ පාරම්පරික දේපල සහ සිය මහන්සියෙන් උපයාගත් ධනයෙන් ගොඩ නැගු සිය සමුහ ව්‍යාපාරය තැනී ඇත්තේ 20කට අධික සමාගම් ප්‍රමාණයක් එකට එකතුවීමෙන්. මේ සමාගම් අතර ගුවන් සේවා, ඇඟලුම් කම්හල්, කොන්ත්‍රාත් සමාගම් වැනි විශාල පරාසයක් පැතිරුණුව්‍යාපාර ජාලයක හිමිකරු වන දයා ගමගේ වර්තමානයේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය ධුරය හොබවනවා.

වටලප්පන් වර්ග 3ක්

“වටලප්පම්” ජාති ආගම් බේදයකින් තොරව කවුරුත් කන්න කැමතිම අතුරුපසක්. ලංකාවේ අපේ මැලේ ජාතිකයන්ගෙන් කරලියට ආවයි කියලයි කියන්නෙ. අලගිය මුලගිය තැන් කොහොම උනත් මේ රසවත් අතුරුපස හදාගන්න ක්‍රම දෙක තුනක් කියල දෙන්නයි මේ හදන්නෙ. හිල් හිල් ටෙක්ස්චර් එක තියෙන, පිළීගඳ නැති, පැණි බේරෙන වටලප්පමක් හදාගන්න රස රහස් ටිකකුත් කියල දෙනව අද. හදමු එහෙනම් වටලප්පම්.

පුඩින්ද? වටලප්පන්ද? වටලප්පන් වලට පොල් කිරි මිසක් ෆ්‍රෙශ් මිල්ක් හෝ මිල්ක්මේඩ් පාවිච්චි කරන්නෙ නැහැ. ඒවා දාල හකුරු දාල හදන්නෙ පුඩිමක් මිසක් වටලප්පමක් නෙවෙයි. උකු පොල් කිරි ගන්න – උකු පොල් කිරි ගන්න. පොල් කිරි දිය ගතියට වැඩි නම් වටලප්පන් එක හොඳට සෙට් වෙන්නෙ නෑ. හුඟක් වෙලා ස්ටීම් කරන්නත් වෙනව. කිරි මිරිකල ෆ්‍රිජ් එකේ පැයක් විතර තියල වතුර ටික යටට බැස්සම උඩ එකතු වෙන පොල් ක්‍රීම් එක ගන්නත් පුළුවන්. ලංකාවෙන් පිට ඉන්න පොල් හොයාගන්න අමාරු අයටත් ටින් කළ පොල් ක්‍රීම් ගන්න පුළුවන්.

තද පාට කිතුල් හකුරු ගන්න – තද පාට කිතුල් හකුරු ගන්න. වටලප්පම පාට කරන්න සමහරු සීනි කැරමල් කරල එකතු කරනව. තද පාට කිතුල් හකුරු ගත්තොත් එහෙම කරන්න අවශ්‍ය නෑ. හකුරු හොයාගන්න බැරි අයට කිතුල් පැණි හෝ දුඹුරු සීනි පාවිච්චි කරන්න පුළුවන්. ඒත් හරිම වටලප්පම හදන්නෙ කිතුල් හකුරු වලින්.

බිත්තර පිළී ගඳ – සමහරු වටලප්පන් කන්න කොච්චර ආස උනත් නොකා ඉන්නෙ බිත්තර පිළී ගඳයි කියල. බිත්තරය කැඩුවම කහ මදය අයිනෙ තියෙන සුදුපාට ඝණ නූල වගේ කොටස ඉවත් කළාම පිළී ගඳක් එන්නෙ නෑ. බිත්තර ලොකු ප්‍රමාණයකින් හදනකොට එකින් එක ඉවත් කරන්න අපහසු නිසා වඩා පහසු බිත්තර ටික ගෑරප්පුවකින් යන්තම් ගසාගෙන ස්ටේන්ලස් ස්ටීල් දැල් පෙරනයකින් පෙරාගන්න එක. අර ඝණ කොටස පෙරනයේ ඉතිරි වෙනව. හිල් හිල් තියෙන වටලප්පම – වටලප්පමේ හිල් හිල් ගතිය තියෙන එක තමා නියම වටලප්පම. ඒ විදියට හදාගන්න නම් බිත්තර විතරක් බීට් කරන්න. හැමදේම එකට දාල බීට් හෝ බ්ලෙන්ඩ් කලොත් හිල් හිල් ගතිය එන්නෙ නෑ.

හකුරු වටලප්පන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – ගා ගත් කිතුල් හකුරු 400g (වෙනම හකුරු 100g කුත් පැත්තකින් තියාගන්න), උකු මිටිකිරි 320ml, බිත්තර 8, ලුණු චුට්ටක්, කරදමුංගු කරල් 8ක් මෙන්න හදන හැටි – ගාගත් හකුරු පොල් කිරි වලට දාල හොඳින් අතින් පොඩි කරන ගමන් දියකරගන්න. හොඳට දිය කරගත්තට පස්සෙ පෙනේරයකින් පෙරාගන්න. බිත්තර ටික බ්ලෙන්ඩරයක දමා හෝ බීටරයකින් හෝ ගෑරප්පුවකින් හොඳින් ගසාගන්න. එයට ලුණු ටිකක් එක් කරගන්න. ගසාගත් බිත්තර වලට හකුරු සහ දියකරගත් පොල් කිරි එක් කර හැන්දකින් මිශ්‍ර කරගන්න. වටලප්පම ස්ටීම් කරන භාජනය ගෙන එහි අඩියට වෙනම අරන් තියාගත් හකුරු 100 අතුරාගන්න. එයට උඩින් වටලප්පන් මිශ්‍රණය හිමීට දාගෙන කරදමුංගු කරල් ටික තැනින් තැනට දමාගන්න. කැමති නම් කජුත් එක් කරගන්න පුළුවන්. වටලප්පන් භාජනය ෆොයිල් කොළයකින් හෝ ලන්ච් ශීට් එකකින් හොඳින් ආවරණය කරගෙන ස්ටීමර් එකක තබා විනාඩි 40-50ත් අතර කාලයක් ස්ටීම් කරගන්න.

අවන් එකේ බේක් කරනවා නම් වටලප්පන් තැටිය වතුර අඟල් භාගයක් විතර දාගත්ත තවත් තැටියක තියල ෆොයිල් වලින් විතරක් කවර් කරගෙන සෙල්සියස් 200ට විනාඩි 35ක් 45ක් බේක් කරගන්න. (අවන් එකෙන් අවන් එකට උෂ්ණත්වය වෙනස් නිසා බේක් වෙන්න ගත වෙන කාලය අඩු වැඩි වෙන්න පුළුවන්. විනාඩි 40කට පස්සෙ කූරක් වටලප්පමේ මැදට ගහල තෙත ගතියට එනවද නැද්ද බලන්න.)

පැණි වටලප්පන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – කිතුල් පැණි 400ml, උකු පොල් කිරි 350ml, බිත්තර 8, කරදමුංගු කරල් 8, ලුණු චුට්ටක් මෙන්න හදන හැටි – පැණි වලට පොල් කිරි එක් කර මිශ්‍ර කරගන්න. එයට හොඳින් ගසාගත් බිත්තර වලට ලුණු එක් කර පෙර සඳහන් කළ පරිදිම ස්ටීම් හෝ බේක් කරගන්න. සීනි වටලප්පන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – දුඹුරු සීනි 450g, උකු පොල් කිරි 300ml, බිත්තර 8, කරදමුංගු 8 – මෙන්න හදන හැටි – සීනි ටික පොල් කිරි වලට එක් කර හොඳින් දිය කරගන්න. එයට හොඳින් ගසාගත් බිත්තර එක් කර මිශ්‍ර කර පෙර පරිදිම ස්ටීම් හෝ බේක් කරගන්න.