ජනාධිපතිවරණයට තරඟ වැදීමට මම සුදානම්

මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් ඉදිරි ශ්‍රී ලංකා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තමන් ද සූදානම් බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා සඳහන් කර ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වා ඇති නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා

“අපේ කිසිම ප්‍රශ්නෙකට විසඳුම් දෙන්න බැරිවුණා. එම නිසා අපි තරග කරලා දෙවන මනාපය දීලා ඒ හරහා අපේ ප්‍රශ්න විසඳාගන්න බලනවා” යැයි පැවසු ඔහු කියා සිටියේ “සුදුසු අපේක්ෂකයෙක් තෝරා ගැනීම සඳහා අනෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කෙරෙනවා. සමහර විට ඒ මම වෙන්න පුළුවන්. බොහෝ අය ඉල්ලනවා මට තරග කරන්න කියලා.” යැයි ඔහු කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් පල කර ඇති නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා,“අපි තරග කරන්නේ ජනාධිපති පදවියට එන්න නොවෙයි අපි තරග කරන්නේ මේ මැතිවරණයේ දී වැඩිම ජන්ද ගන්නා අපේක්ෂකයා එක්ක සාකච්ඡා කරලා අපි එයාට දෙවැනි මනාපය දෙන්න උත්සහ කරනවා. අපි එයත් එක්ක අපේ ප්‍රශ්න ගැන කතා කරනවා. ඒ අනුව එයාට සහාය දෙනවා. තරග කරන පක්ෂය තීරණය කරලා නෑ.”

දැනට ආණ්ඩුව සමග කටයුතු කරන මුස්ලිම් අමාත්‍යවරුන් සමග මෙම කරුණ සාකච්ඡා කර තිබේ දැයි විමසු විට නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා පැවසුවේ ඔවුන් සමග ඒ ගැන මෙතෙක් සාකච්ඡා කර නොමැති බවය. නමුත් මුස්ලිම් නායකයන්, ආගමික ප්‍රධානීන්, සිවිල් සමාජය සහ බුද්ධිමතුන් සමග ඒ ගැන කතා කළ බව ඔහු පැවසීය. මුස්ලිම් ජනතාව මෙවැනි තීරණයක් ගැනීමට තීරණය කළේ ඇයිදැයි විමසු විට හිස්බුල්ලා පැවසුවේ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න වැඩි වී ඇති බවය.

පෘථිවියෙ ගස් හිටවන්න යන බිලියනපතියා

පසුගිය මාසයේ නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඩොලර් බිලියනයකට අධික මුදලක් පරිත්‍යාග කළ විට, බොහෝ අය විමසා සිටියේ නිවාස නැතිකම හෝ පරිසරය වැනි දැවෙන ප්‍රශ්න සඳහා මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් ලබා දිය නොහැකිද යන්නයි.

ඔක්තෝම්බර් මාසයේදී, කෝටිපති දානපතියෙකු වන වයිස් පදනමේ ප්‍රධාන විධායක නිලධාරී Hansjörg Wyss (හැස් යොග් වයිස්) ඉදිරි වසර දහය තුළ පාරිසරික සංරක්ෂණ කටයුතු සඳහා ඩොලර් බිලියනයක් පරිත්‍යාග කිරීමට පොරොන්දු විය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ලිපියක, හැන්ස්ජෝග් වයිස් ලොව පුරා විශාල ඉඩම් ප්‍රමාණයක් මිල දී ගෙන ඒවා මහජනයාට විවෘත වන උද්‍යාන බවට පත් කිරීමේ ඇදහිය නොහැකි සැලැස්මක් ප්‍රකාශයට පත් කළේය.

“වනාන්තර ඉඩම් සහ ජලය වඩාත් හොඳින් සංරක්‍ෂණය කරනු ලබන්නේ පුද්ගලික අතේ නොව, ගේට්ටු පිටුපස අගුලු දමා ඇති අතර, පොදු ජාතික උද්‍යාන, වනජීවී සරණාගතයින් සහ සමුද්‍ර සංචිත ලෙස, සෑම කෙනෙකුටම අත්දැකීම් සහ ගවේෂණය සඳහා සදහටම විවෘත ය. කොලරාඩෝ හි පාෂාණ කඳුකරයේ පොදු ඉඩම්වලට නැගීම සහ නැගීම යන විට තරුණයෙකු ලෙස මා දැඩි ලෙස බලපෑවේ මෙම ස්ථාන මහජන විශ්වාසය මත තබා ගැනීමයි. ”Hansjörg Wyss (හැස් යොග් වයිස්) පැවසීය.

“අපගේ ස්වාභාවික ලෝකයේ සුළු ප්‍රමාණයක් දැනට ආරක්ෂා වී ඇති ආකාරය සහ කොපමණ ප්‍රමාණයක් ආරක්ෂා කළ යුතුද යන්න අතර ඇති අතිමහත් පරතරය නිසා පුරවැසියන්, පරිත්‍යාගශීලීන්, ව්‍යාපාරිකයින් සහ රජයේ නායකයින් වන අප සෑම කෙනෙකුම කරදරයට පත්විය යුතුය. අපගේ මිනිස් අඩිපාර පෘථිවියේ ඉතිරිව ඇති වනාන්තර පරිභෝජනය කිරීමට පෙර එය හදිසියේම පටු විය යුතු පරතරයකි.

ඔහුගේ දායකත්වය 2030 වන විට පෘථිවියේ 30% ක් ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇතැයි විස් බලාපොරොත්තු වේ. අක්කර මිලියන 3.5 ක තෙත්බිම් පරිසර පද්ධතියක කොටසක් වන සහ බොහෝ සතුන් වාසය කරන වයඹ දිග ප්‍රදේශවල එඩීසි ජාතික වනජීවී ප්‍රදේශය සඳහා කළමනාකරණ වැඩසටහනක් නිර්මාණය කිරීමට කැනඩාවේ ඩෙහෝ පළමු ජාතීන්ට උපකාර කිරීම සඳහා එම පරිත්‍යාගයන්ගෙන් සමහරක් ඩොලර් 750,000 ක් විය. මෙම පදනම ආර්ජන්ටිනාවේ පැරණිතම සංරක්ෂණ කණ්ඩායම වන ඒව්ස් ආර්ජන්ටිනාවට ඩොලර් මිලියන 5.8 ක පරිත්‍යාගයක් කරයි. මෙම පරිත්‍යාගය අක්කර මිලියන 1.5 ක ජාතික උද්‍යානයක් නිර්මාණය කිරීමට උපකාරී වේ. ආර්ජන්ටිනාවේ ටුකුමන් පළාතේ අක්කර 178,000 ක ජාතික උද්‍යානයක් පිහිටුවීම සඳහා විස් ෆන්ඩේෂන් ෆ්ලෝරා වයි ෆවුනා වෙත ඩොලර් මිලියන 22 ක් පරිත්‍යාග කරයි.

හන්ස්ජෝර්ග් වයිස් යනු සංරක්‍ෂකයින් සඳහා පවා ගෘහ නාමයක් නොවිය හැකි නමුත් Hansjörg Wyss (හැස් යොග් වයිස්) පසුගිය විසි වසර පුරා නිහතමානිව තම මිලියන ගණනක් පරිසරයට පරිත්‍යාග කර ඇත. ඇත්ත වශයෙන්ම,Hansjörg Wyss (හැස් යොග් වයිස්) ඒ හා සමාන උත්සාහයන් සඳහා ඩොලර් මිලියන 450 කට වඩා ලබා දී ඇත.

ඔහුගේ New York Times පුවත්පත සඳහන් කලේ අනාගතය පිළිබඳ ඔහුගේ සුභවාදී අදහස් බෙදා ගත් බවයි. “මෙම මුදල් ලොව පුරා දේශීයව මෙහෙයවනු ලබන සංරක්ෂණ ප්‍රයත්නයන් සඳහා සහාය වනු ඇත, ගොඩබිම සහ සාගර ආරක්ෂාව සඳහා ගෝලීය ඉලක්ක වැඩි කිරීමට තල්ලු කිරීම, මෙම ප්‍රයත්නයේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට උත්සාහ කිරීම සහ අපගේ ඉලක්කය කරා ළඟා විය හැකි හොඳම උපාය මාර්ග හඳුනා ගැනීම සඳහා විද්‍යාත්මක අධ්‍යයන සඳහා අරමුදල් සපයයි. මෙම අභිලාෂක ඉලක්කය සපුරා ගත හැකි යැයි මම විශ්වාස කරමි. අවට සිටින ප්‍රජාවන්ගේ සංරක්ෂණය, ආර්ථික හා සංස්කෘතික වටිනාකම් පිළිබිඹු වන ආරක්ෂිත ප්‍රදේශ වෙන් කිරීම සඳහා ලොව පුරා ආදිවාසීන්, ප්‍රාදේශීය නායකයින් සහ සංරක්ෂණ කණ්ඩායම් දැනටමත් කාර්යබහුල වී සිටිති.

“මෙය කෙලින්ම දිග හැරෙනු මම දුටුවෙමි. පසුගිය දශක දෙක තුළ, මගේ පදනම අප්‍රිකාව, දකුණු ඇමරිකාව, යුරෝපය, කැනඩාව, මෙක්සිකෝව සහ එක්සත් ජනපදය යන රටවල වනාන්තර ආරක්ෂා කිරීම සඳහා වන දේශීය ප්‍රයත්නයන් සඳහා සහාය වී ඇති අතර අක්කර මිලියන 40 කට ආසන්න ඉඩම් සංරක්ෂණය කිරීමට අපගේ හවුල්කරුවන්ට උපකාර කිරීම සඳහා ඩොලර් මිලියන 450 කට වැඩි මුදලක් පරිත්‍යාග කර ඇත.” ඔහු තවදුරටත් පැවසීය. Mihindu Fonseka

ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි සිටින පවුල

අධික ණය බර හේතුවෙන් මව්බිමට පැමිණීමට නොහැකිව ඩුබායි නගරය තුළ සිරවී සිටින ශ‍්‍රී ලාංකික පවුලක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙම තත්ත්වයට මුහුණ පා සිටින්නේ මොහොමඞ් ෆෙරාට් අබ්බාස් නමැති පුද්ගලයෙක් සහ ඔහුගේ බිරිඳ වන ඉෂාරා විජේතුංග මෙන්ම ඔවුන්ගේ 05 හැවිරිදි සහ 06 හැවිරිදි දරුවන් දෙදෙනායි.

මොහොමඞ් ෆෙරාට් අබ්බාස් 2008 වසරේ සිට ඩුබායි හි පෞද්ගලික ආයතනයක සේවය කර ඇතත්, 2016 වසරේදී ඔහුට සිය රැකියාව අහිමි වී තිබෙනවා. අනතුරුව ෆෙරාට් අබ්බාස් මෙන්ම ඔහුගේ බිරිඳ ද ව්‍යාපාර කටයුතු කිහිපයක් සිදු කර ඇති අතර කලක් ලාභ ලැබූ එම ව්‍යාපාර පසුව බංකොලොත්භාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ණය පත් සහ ලබාගත් බැංකු ණය වාරික නොගෙවීම හේතුවෙන් ඔවුන් දෙදෙනාට යළි ශ‍්‍රී ලංකාවට පැමිණීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අවසර හිමිවන්නේ නැහැ.

ණය බර හේතුවෙන් මාස 10 ක් පමණ සිරගතව සිටි ඉෂාරා විජේතුංග හට මේ වනවිටත් සංචාරක තහනමක් පනවා තිබෙනවා. සිය දරුවන් දෙදෙනා සමග යළි ශ‍්‍රී ලංකාවට පැමිණීමට නම් ඇයට ඩිරාම් 52,000 ක මුදලක් ගෙවීමට සිදුවන අතර ඔවුන් සියලුදෙනාගේ වීසා බලපත‍්‍රවල වලංගු කාලය ද මේ වනවිට අවසන් ව ඇති බවයි වාර්තා වන්නේ.

සිය මව්පියන්ගේ ණය බර හේතුවෙන් පාසල් අධ්‍යාපනයක් නොලබන ඔවුන්ගේ දරුවන් දෙදෙනා මේ වනවිට පවුලේ මිතුරන් විසින් ලබා දුන් කුඩා කාමරයක ජීවත් වන බව ද වාර්තා වනවා. කිසිඳු ආදායමක් නොමැතිව ණය ගෙවා දමන්නේ හෝ ඩුබායි නගරය තුළ රැඳී සිටින්නේ කෙසේද යන්න ගැටලු සහගත බවයි ෆෙරාට් අබ්බාස් විදෙස් මාධ්‍යයන්ට පවසා ඇත්තේ

පලමු බෞද්ධ රාජ්‍යය ඉන්දියාවේ බිහිකරයි

ඉන්දියාවේ හිමාලයට යාබදව ජම්මු කාශ්මීර ප්‍රාන්ත රාජ්‍ය තුල තිබු දිස්ත්‍රික් දෙකකින් සමන්විත ලඩ්කා Ladakh කොටස නව පරිපාලන ඒකකය ලෙස පසුගිය සතියේ එනම් අගෝස්තු 5 වෙනිද අගමැති මෝඩි විසින් ප්‍රකාශයට පත් කල අතර එය නව ප්‍රාන්තයක් ලෙස ලබන ඔක්තෝබර් මස 31 දා සිට බලපැවැත්වෙනු ඇත

පසුගිය දා මැතිවරණයෙන් ඉන්දීය අගමැතිවරයාගේ පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් අතර එම මැතිවරණයේදි අගමැතිවරයා විසින් ලඩ්කා බෞද්ධ ජනතාව වෙත දුන් පොරොන්දුවක් අනුව මෙම නව ප්‍රාන්ත රාජ්‍ය බිහි කල අතර මෙය ශ්‍රීලංකාවේ විශාලත්වයට (25333) සමාන වර්ග සැතපුම් 22000 පමණ වේ.

මුස්ලිම් බහුතරයක් වෙසෙන සමස්ථ ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ වර්ග සැතපුම් 39127 ක් වන අතර ඉන් වර්ග සැතපුම් 22000 ක් (58%) නව ප්‍රාන්තයට අයත් වේ. ඊට යාබදව පකිස්තානය වර්ග සැතපුම් 33145 ක් ද චීනය වර්ග සැතපුම් 14500 ක් පාලනය කරයි.

18 වන සත වර්ෂයේ බෞද්ධ රාජ්‍යක් වූ ජම්මු කාශ්මීර රාජ්‍යය පසුව මුස්ලිම්වරුන් විසින් ආක්‍රමණය කල අතර එහි අදටත් ඉතිරිව ඇති බෞද්ධයන් වෙනුවෙන් නව ප්‍රාන්ත බිහිකිරිම එහි වෙසෙන 77 % ක් වු බෞද්ධයන්ට අගමැති මෝදී දුන් පොරොන්දුවක් ඉටු කිරීමකි. එමෙන්ම එහි මුස්ලිම්වරුන් 14% ක් සහ හින්දුන් 8% ක් ජීවත් වෙති. මේ වනවිට නව පොලිස්පතිවරයෙකු යටතේ පාලනය කිරිම මේ වනවිටත් ආරම්භ කොට ඇති අතර ප්‍රාන්ත ආදායම් ප්‍රධානියා ද අගමැතිවරයා විසින් මේ වනවිට පත් කොට ඇත.

සජිත් කියපු කතාව මෙන්න

සංවර්ධනය තුලින් මාතෘ භූමියට අගය එකතු කරන වැඩපිලි වෙලක් ඉදිරියේදි ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. බදුල්ල වීල්ස් පාර්ක් පිටියයෙදී අමාත්‍යවරයා පිලිගැනීම සඳහා අද (12) සංවිධානය කර තිබු විශේෂ උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදි අසහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ තරුණ ජවය මුල් කර ගත් නවීන ආර්ථික ක්‍රමයක් රට තුල බිහි කිරීමට ඉදිරියේදි කටයුතු කරන බවයි. ඒ සඳහා කළ යුතු නව සංවර්ධන වැඩ පිලිවේලක්ද ඉදිරියේදි ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. එමේම ත්‍රාස්තවාදයට රටේ ඉඩක් නොමැති බවත් ඔවුන් සියල්ල විනාශ කරන බවත් පැවසු අමාත්‍යවරයා පෙන්වා දුන් ත්‍රාස්තවාදය ඇති කරන ප්‍රධාන ක්‍රියාකරුවන් කවුරුන්ද යන්න සොයා ගත යුතු බවයි.

කිසිදු අවස්ථාවකදී මාතෘ භූමීය කොටස් කරන්නට ඉඩ නොදෙන බවත් සැබෑ දේශප්‍රේමීන් අති කරමින් රට ගොඩ නගන්නට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදි අවධානය කළේය. යම් කිසි ගිවිසුමකින් රටට සෙතක් වන්නේ නම් එම ගිවිසුම අත්සන් කළ යුතු බවත් නමුත් රටට අහිත කර ආරක්ෂ ,වෙළඳ, දේශපාලන ගිවිසුමක් අත්සන් නොකරණ බවටද ඔහු පොරොන්දු විය.

රට සංවර්ධන කිරීමට නම් තෘප්තිමත් රාජ්‍ය සේවයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසයි. දසරාජ ධර්ම කෙන්ද්‍රකර ගනිමින් රාජ්‍ය පාලනය ඉදිරියේදි ක්‍රියාත්මක කරන බවත් මනුෂත්වට මුල් තැන දෙමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසයි.

තම පියා ජනතාව වෙනුවෙන් ජීවිතය පුජා කළ සේම තමන්ද ජනතාවට වෙනුවෙන් ජිවිතය පරිත්‍යාග කිරීමට සුදානම් බවත් ඔහු පැවසීය. ජනතාවගේ සහයෝගයෙන් එළඹේන නොවැම්බර් මාසයේදි තමන් යා යුතු ඉහළම තැනට යන බවද අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.

වොල්ගා කසාදය ගැන කියපු කතාව

ටෙලි නාට්‍ය ශිල්පීන්ගේ ආදර හුටපට ගැන විවිධ ආරංචි වරින්වර වාර්තා වෙනවා. මේවා අතරින් සතිඅන්ත පුවත්පත්වල ටැබ්ලොයිඩ් අතිරේකවලට කාලයක් තිස්සේ මාතෘකා සැපයූ දෙදෙනෙකු වූයේ ටෙලිනාට්‍ය නළු-නිළි දෙපළක් වන හර්ෂණ හා වොල්ගාය.

ඔවුන් දෙදෙනා ටෙලිනාට්‍ය රංගනය අතරතුර ආදර සම්බන්ධයක් ගොඩනගාගත් තැන සිට එම විවාහය දක්වා තොරතුරු රසවත් ලෙස පළවුණා. නමුත් වසරක් දෙකක් යන්නට පෙර දැන් වාර්තාවන්නේ එම දෙදෙන වෙන්වී ඇති බවයි. හර්ෂණ හා වොල්ගා නීතියෙන් වෙන්වී මේ වනවිට වසරක්ද ගතවූ පසු මේ ගැන එම දෙදෙනාම පුවත්පත්වලට දැන් විස්තර කර තිබේ.

ටෙලි නිළි වොල්ගා කල්පණී ඇගේ වෙන්වීම ගැන ඇසූ ප්‍රශ්න වලට උත්තර දී තිබෙන්නේ මෙසේය. ඔබගේ විවාහ දිවිය බිඳ වැටීම ගැන විවිධ මත පළවෙනවා නේද? ඔව්. මම ඔය ප්‍රශ්නය ගැන කතා කරද්දී මම කියන්න කැමැති මම දික්කසාද වෙලා කියන දේ විතරයි. එතනින් එහාට ආශිර්වාද කරපු හැමෝටම ගොඩක් ස්තුතියි සහ සමාවෙන්න කියන්න ඕනේ. ඉතින් මොකද කරන්නේ ඒකට. ඒක කර ගන්න බැරි වුණා. ඒක එහෙම වුණා.

ඉදිරියේදී තනිකඩවම ජීවත් වෙනවාද? තාම හිතුවේ නැහැ ඇත්තටම. හැබැයි මම කියන්නෙ ඕනේ ජීවිතේ කිසි කෙනෙක් එක්ක කිසිම තරහක් නැහැ. මම දන්නේ ජීවිතේ කියන්නේ ලියවිලා තියන දෙයට මුහුණ දෙන එක කියලයි. මොකක් හරි දෙයක් ලියැවිලා තියනවා නම් ඒ දෙයට මම මුහුණ දෙයි.

ඒ කියන්නේ ජිවිතේ සැලැස්මක් ඇතුව ජීවත් වෙන්න බැහැ කියන එකද? මම කතා කළේ දෛවය ගැනයි. දෛවයේ සමහර තැන් තියෙනවා අපි කොච්චර උත්සහ කළත් බැරී වෙන දේවල් සහ බැරි වෙච්ච දේවල්. ඒ වගේ බැරි වෙච්ච දෙයක් තමයි මම පහුගිය කාලේ පසු කළේ. ඉතින් සමහර දේවල් තියෙනවා ජීවිතේ දෛවයේ තියෙන දේවල් වෙනස් කරන්න බැහැ. අපි ඒකට මුහුණ දෙනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැහැ. ජීවිතේ අපිට මේ ලැබිලා තියෙන දේ අපි බාර ගන්න ඕනා. ඒක තමයි ජීවිතය.

සේමිණී ඉද්දමල්ගොඩ කියන කතාව

ඇය ගැන ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. විසි වසරක් පුරා රංගනය ඔස්සේ ඈ පෑ පෙළහර අප හදවත් තුළ සදා මතකයක්ව පවතීවී. විටෙක අප සිනහ සයුරක ගිල්වා දමමින් ද තව විටෙක කඳුළු සාගරයක අතරමං කරමින්ද, ඈ රැඟු රැඟුම් විශිෂ්ටතමය. සේමිණි ඉද්දමල්ගොඩ අප කවුරුත් ආදරය කරන මේ අති දක්ෂ රංගන ශිල්පිනිය පසුගිය දා නෙළුම් පොකුණේ මහත් උත්කර්ෂවත් ලෙස පැවති රාජ්‍ය සිනමා සම්මාන උළෙලේදී 2017 වසරේ තිරගත වූ 28 චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නිළිය වූවාය. මීට පෙර පැවති සිනමා සම්මාන උලෙළයන් හිදී නිසි ඇගයීමකට ලක් නොකළ සේමිණිගේ රංගනයට අවසානේ සාධාරණය ඉටුවිය. නමුත් එදා සම්මානය අරගන්න ඈ පැමිණ සිටියේ නැත. මෙතැන් සිට ඒ ගැන කියන්න අපි ඇයට කතා කළෙමු.

සේමිණි අපි හිතුවා විශාල සතුටක් ඇති කියලා.? ලොකු විශේෂත්වයක් නෑ… වෙනදා වාගේ තමා.. නෑ මං කීවේ ඔබට ලැබුණු සම්මානය එක්ක.? සතුටක් තියෙනවා. හැබැයි අර ඔබ කියූ විශාල සතුට එක්ක නෙමේ..

ඇයි එහෙම ඔබ කියන්නේ, හොඳම නිළිය වෙනවා කියන‍්නේ මොනතරම් සතුටක් ද? ඔව් ඇත්ත… ඔබ කීවා හරි.. නිළියකට හොඳම නිළිය වීම ලොකු සතුටක්.. එහෙම නම් ඇයි, සේමිණි ඒ සතුට ඔබේ වචනවල නැත්තේ…? හොඳම නිළිය වෙන්න තිබූ මගේ හොඳම කාලේ මට මේ සම්මානය ලබා දුන්නේ නෑ. හැමදාමත් නිර්දේශ කරලා නොදී හිටියා. මීට අවුරුදු කිහිපයකට කලින් මට මේ සම්මානය දුන්නා නම් මට හොඳ චිත්‍රපට රැසක් ලැබෙන්න තිබුණා..

හරි දැන් ඉතිං ඔබට හොඳම නිළිය සම්මානය හිමි වුණානේ.? අවුරුදු 20 ක් ගියා හොඳම නිළිය සම්මානය ලැබෙන්න. නිරහංකාර ආඩම්බරයක් එක්ක කල් ගිහින් හරි නිළි ජීවිතයට ගෞරවයක් ලැබීම ගැන සතුටු වෙනවා. ඇයි සම්මාන උලෙළට නාවේ…? කිසිම සම්මාන උලෙළකට යන්නෑ කියලා තීරණය කරලා උන්නේ..?

මේ සම්මානය ගැන ඉඟියක්වත් ලැබුණේ නැද්ද…? නිර්දේශ වෙලාද කියලවත් දන්නේ නෑ. සම්මාන උලෙළට එන්න කියලා දුරකථනයෙන් ආරාධනා කළා. එච්චරයි. දුකක් නැද්ද රාජ්‍ය වේදිකාවකදී සම්මානය ගන්න නොලැබීම ගැන.? සම්මාන ගැන අදහස අතහැර දාපු නිසා වෙන්න ඇති එහෙම දුකක් නොසිතෙන්නේ…

ඇයි 28 හි සුද්දිට මේ තරම් කෙනෙහිලිකම්..? අනේ මන්දා… ඔය කෙනෙහිලිකම් 28 චිත්‍රපටයට විතරක්ම නෙමේ නේ… මම රඟපෑ ටෙලි නාට්‍ය- චිත්‍රපට රැසකට ඔය කෙනෙහිලිකම සිද්ධ වුණා. එහෙම නම් මේ සේමිණි එක්ක තරහවක්..? සිනාසෙමින් ‘අනේ මන්දා එකනම් ..මම නම් කා සමඟවත් එහෙම අමනාප නෑ.

මතක හැටියට ඔබ වේදිකාවේ හොඳම නිළිය වුණා. රංගනයේ අමාරුම මාධ්‍යය වේදිකාව. මට මීට පෙර එය ජයගන්න ලැබුණා නේ.. අද ක්ෂේත්‍රයට එන නිළියන්ට ලැබෙන සම්මාන පොකුරු ඔබට එදා ලැබුණේ නෑ.. ඔව්… අද ඔය එන අලුත් නිළියන් ගැන මට දුකයි. සම්මාන පිට සම්මාන දීලා ඒ ළමයින්ගේ ගමන නවතා දමනවා. සම්මාන අරගත්තහම සමහරු දකින්නත් නෑ. අපි බොහෝ දේ ඉගෙන ගනිමින් – අත්දැකීම් ලබමින් සෝ තැවුල් – ජය පරාජය ලබමින් දීර්ඝ කාලීනව ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් ඇගයීම් ලැබීමයි වන්නේ.

සංජීව පුෂ්ප කුමාර මුහුණු පොතේ හරහා දමා තිබුණා සම්මාන උලෙළවල් රැසකින් නිසි ඇගයීමක් නොදුන් 28 – සුද්දීට අවසානේ රාජ්‍ය සම්මාන උලෙ‍ෙළහි රාජ්‍ය ගෞරවය ඇතුවම හොඳම නිළි සම්මානය ලැබූ බව . ‘අනේ ඇත්තද…? එය මම දැක්කෙත් නෑ.‘ ‘ස්තුතියි ඔහුට මට එයා දකින්න ආසයි. ඇත්තම කීවෝත් හිතාගන්නවත් බැරි විදිහට බොහෝ දෙනෙක් කතා කරලා සුභ පැතුවා. පිට රටවලින් පවා ඇමතුම්. සුද්දී කොච්චරක් නම් මිනිසුන්ගේ හදවත්වලට ළං වූ චරිතයක් ද කියලා මං තේරුම් ගත්තා.

සේමිණි යළි දකින්න ලැබෙන්නේ කවදාද කියලා ඇහුවොත්?‘ ම්… කරපු ඉතාමත් හොඳ චිත්‍රපට දෙකක් එන්න තියනවා. ටෙලි නාට්‍ය පැත්තට නැඹුරුවක් නම් දැන් ඇත්තෙම නැහැ. සේමිනිගේ මිලත් හරි ඉහළයි ලු නේද? අය කිරීම් ඉහළයි.. ඔව් ඒක ඇත්ත. හැබැයි හිතට දැනෙන රඟපෑමක් නම් සතපහක් නොගෙන මං රඟපානවා.

ධම්මික කියනවාලූ නේද ආයෙත් එයාට එයාගේ බිරිඳ ලැබිලා ඉන්නවා කියලා. සිනාසෙමින්. ‘ඔව් … මම නිළියක් වූණේ විවාහ වුණාට පසුනේ. ඒ කාලේ වැඩ වැඩිවීම සමඟ ඔහුට මාව නැතිවුණා වාගේ දැනෙන්න ඇති. දැන් ආයේ විවේකීව ගෙදරට වෙලා ඔහුගේ වැඩ පළ බලාගෙන ඉන්න නිසා ධම්මික එහෙම කියනවා.‘

අවංකව සේමිණි කියන්න… ඔබ කැමැති නිළි ජීවිතයට ද? පවුල් ජීවිතයට ද? පවුල් ජීවිතයට …එය විසිරිලා ගිහින් ලොව හොඳම නිළිය වූවත් මට නම් වැඩක් නෑ. ඇත්තටම මම ජීවිතය ජය අරන් තියෙනවා. දැන් දුව කොහොමද..? කෙල්ලට දැන් අවුරුදු 18ක්. එයා බුද්ධිමත් දරුවෙක්. වැඩිදුර අධ්‍යාපන වැඩ සඳහා දුව ළඟදී විදේශ රටකට යාවි… සමහර විට… ඔව්… ගොඩාක් වෙලාවට අපිත් දුව සමඟ රට යයි.

‘මට අත්තිමට මෙහෙම හිතෙනවා. මොනදේ වුණත් සේමිණි ඉන්නේ සිනහව අතරින් කියලා.? ‘සහතික ඇත්ත… චිත්‍රපට ..ටෙලි නාට්‍ය.. සම්මාන… ඇතත්, නැතත් මම ඉන‍්නෙත්… ඉන්න උත්සාහ කරන්නෙත් සිනහව අතරින්ම තමා…. මොකද මට ලෝභ හිතෙන තරම් ලස්සන ජීවිතයක් නේ ලැබිලා තිබෙන්නේ..

වැඩිමහල් තරුණියක් සමග හාද වූ පෙම්වතා

ජංගම දුරකථනයේ ඉමෝ තාක්‌ෂණය භාවිත කර බිබිලේ තරුණියක්‌ සමග කෙටි ඇසුරක්‌ පවත්වා ඇය කුරුණෑගල නගරයට ගෙන්වාගත් පොලොන්නරුවේ පදිංචි යුද හමුදා සෙබළා හෝටල් කාමරයක්‌ තුළ දී තරුණිය පැළඳ සිටි රු. 1,50,000 වටිනා රන් භාණ්‌ඩ කොල්ල කෑමේ සිද්ධියක්‌ මත ඔහු කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස්‌ නිලධාරීන් විසින් පොලිස්‌ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බිබිලේ මැදගම පදිංචිකාරියක්‌ වන මෙම තරුණිය සමග (අවු. 26) පොලොන්නරුව සිහනදගම ජනපදයේ පදිංචි යුද හමුදා සෙබළා (අවු. 20) ජංගම දුරකථනයේ ඉමෝ තාක්‌ෂණය ඔස්‌සේ කෙටි කලක්‌ ඇසුරක්‌ පවත්වා හිතවත් වූ මොවුන් දෙදෙනා පසුගිය දිනක කුරුණෑගල නගරයට පැමිණ හමු වී ඇති බවයි සදහන් වන්නේ.

කුරුණෑගල නගරයේ හෝටල් කාමරයක්‌ තුළදී සතුටු සාමිච්චියේ යෙදීමට පෙර යුද හමුදා සෙබළාගේ ඉල්ලීම මත, තරුණිය පැළඳ සිටි රන්මාල දෙකක්‌, සහ රන් පෙන්ඩන් තුනක්‌ ඇතුළුව රන් මුදුවක්‌ ගලවා තබා තිබෙනවා. පසුව තරුණයා තම අත තරුණියට නොපෙනෙන සේ යවා මෙම ස්‌වර්ණාභරණ යුද හමුදා සෙබළාගේ කලිසන් සාක්‌කුවේ දමාගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා දැන හඳුනාගැනීමෙන් අනතුරුව නිවෙස්‌වලට යැම සඳහා කුරුණෑගල ප්‍රධාන බස්‌ නැවතුම්පළට පැමිණීමෙන් පසු තරුණියගේ රන්, භාණ්‌ඩ කොහිදැයි විපරම් කිරීමෙන් පසු යුද හමුදා සෙබළාගේ පවසා ඇත්තේ ඒවා තමන් ළඟ තිබෙන බවත් කෑම පාර්සලයක්‌ රැගෙන එනතෙක්‌ බසය තුළ සිටින ලෙසයි.

එහෙත් එම තරුණයා නැවත නොපැමිණීම හේතුවෙන් තරුණිය තමන්ට සිදුවූ අකරතැබ්බය සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණ පැමිණිලි කර තිබෙනවා.

යුද හමුදා සෙබළාගේ ජංගම දුරකථන අංකය භාවිත කර ඔහුගේ තොරතුරු සොයාගත් අපරාධ විමර්ශන අංශයේ පොලිස්‌ නිලධාරින් පොලොන්නරුව නගරයේදී මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වංචනික ලෙස තරුණියගෙන් පැහැරගත් ස්‌වර්ණාභරණ සියල්ලම රු. 63000 කට මූල්‍ය ආයතනයකට උකස්‌ කර මුදල් ලබාගෙන තිබූ බවත් යුද හමුදා සෙබළා කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස්‌ කර නැවත නඩු විභාගය කල්තැබූ බවත් පොලිසිය පවසනවා.

විදෙස්ගත ඔබට ණය යෝජනා ක්‍රම 3ක්

තමන්ටම කියා නිවසක් නොමැති පුද්ගලයන්ට නිවසක් තනා ගැනීම සඳහා රජය මගින් නිවාස ණය යෝජනා ක්‍රම 03ක් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ හඳුන්වාදී ඇත. සිහින මාළිඟා, හෝම් ස්වීට් හෝම් හා සොදුරු පියස යනු එම ණය යෝජනා ක්‍රම ත්‍රිත්වයයි.

“සිහින මාළිඟා” නිවාස ණය යෝජනා ක්‍රමය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශ රැකියා නියුක්තිකයන් ණය ලබා ගැනීමට සුදුසුකම් ලබන අතර, ඒ සඳහා අදාළ විදේශ නියුක්තිකයා විසින් ලංකාවේ ක්‍රියාත්මක ඕනෑම බැංකුවක් වෙත මුදල් ප්‍රේෂණය කර තිබිය යුතුය.

නව නිවසක් ඉදිකිරීම, පවත්නා නිවස අලුත්වැඩියා කිරීම, නව නිවසක් මිලදී ගැනීම හෝ නිවාස සංවර්ධන යෝජනා ක්‍රමයකින් නිවාස ඒකකයක් මිලදී ගැනීම, ඉඩමක් මිලදී ගෙන නිවසක් ඉදිකිරීම හා නිවසක් මිලදී ගෙන අලුත්වැඩියා කිරීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ මුදල් ලබා ගත හැකිය.

3.46% ක ඉතා අඩු පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 10ක් දක්වා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාගත හැකිය. වසර 02ක සහන කාලයක් ද සමඟ මෙම ණය පියවීමට වසර 15ක් හිමිවේ. ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා ප්‍රතිලාභීන්ට ණය ලබා ගැනීමේ හැකියාව ඇත.

රාජ්‍ය අංශයේ හා පුද්ගලික අංශයේ රැකියාවල නියුතු මාසික ආදායම රුපියල් 15,000ට අඩු මධ්‍යම පන්තිකයන් සඳහා “හෝම් ස්වීට් හෝම්” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරේ. 6%ක පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 10 දක්වා ණය ලබාගත හැකිය. ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව හා ලංකා බැංකුව හරහා ණය ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හෝ වෙනත් පෞද්ගලික නිවාස ඉදිකරන ආයතන වල නිවාස යෝජනා ක්‍රමයකින් පළමුවරට නිවසක් මිලදී ගැනීම, පෞද්ගලික නිවාස ඉදිකරන්නන්ගෙන් තනි නිවසක් මිලදී ගැනීමට හෝ පදිංචිය සඳහා පළමු නිවස ඉදිකිරීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා ගත හැකිය.

තම නිවස පුළුල් කිරීමට හෝ සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන වර්ග අඩි 1,500ට අඩු බිම් ප්‍රමාණයකින් යුතු නිවාස හිමියන්ට “සොඳුරු පියස” ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් ලක්ෂ 02ක උපරිමය දක්වා ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා ණය ලබා ගත හැකිය.

බිරිද පෙම්වතාට දුන් සැමියෙක්

සැමියා හමුදා සේවයෙන් විශ්‍රාම ලබා ස්වයං රැකියාවක නිරතව සිටින අයෙකි. ඔවුන් දෙපළට වයස අවුරුදු 19ක් හා 16ක් වියැති දරුවන් දෙදෙනෙකි. දහදිය මහන්සියෙන් ඉපැයූ දෙයින් දරුවන් සහ බිරිය ජීවත් කරවීමට සැමියා නොගත් උත්සාහයක් නොමැත. බිරිය විදේශ ගතවූයේ පවුලේ බර හෑල්ලුකර ගැනීමේ අරමුණු ඇතිවය. බිරියගේ උත්සාහය නිසා පවුලේ බර යම් තරමකින් හෝ හෑල්ලු වෙතැයි සැමියා සිතූ වාර අනන්තය.

තම මවගේ නිවෙසට යන බව පවසා නිවෙසින් පිටව ගිය බිරිය දින කීපයක් යනතුරුත් පෙරළා නොපැමිණීම සැමියාට ප්‍රශ්නයක් විය. ඒ පිළිබදව සොයා බැලූ ඔහුට දැන ගැනීමට හැකි වූයේ අදහා ගැනීටමත් නොහැකි දෙයකි. ඒ බිරිය තමන්ට වඩා අවුරුදු 10කින් බාල තරුණයකු හා පලා ගොස් ඇති බවය. මෙම තරුණයා ද හමුදා භටයෙකි. මාතලේට නුදුරුව පදිංචිව සිටියේය.

මාතලේ මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණි මේ සැමියා බිරියගේ නොමනා සබදතාව පිළිබදව පැමිණිලි කළේය. පැමිණිල්ලට අනුව දෙපාර්ශ්වය කැදවූ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂක ධම්මිකා කරුණාරත්න මහත්මිය දෙපාර්ශ්වයෙන්ම කරුණු විමසුවාය. ප්‍රේම කතාවේ අගමුල දිග හැරුණි. විදේශගතව සිටියදී මුහුණු පොතෙන් හමුවූ ළාබාල තරුණ ආලවන්තයා සමග දීග කෑමට ආ බව බිරිය පැවැසුවාය.

බිරියගේ සහ ආලවන්තයාගේ නිදහසට කරුණු ඇහුම්කන් දෙමින් සිටි සැමියා ‘උඹ හොද එකා මචං මෙයා හොදින් බලා ගනින්’ කියමින් අතට අතදී පොලීසියෙන් පිටව ගියේ මහත්මයකු ලෙසින්ය. බිම් අගලට ගහ මරා ගන්නා සමාජයක බිරිය අනියම් පෙම්වතාට ළෙන්ගතුව භාර දී ‘හොදින් ජීවත් වෙන්න’ යැයි ප්‍රාර්ථනා කළ දෙදරු පියා පොලිස් ස්ථානයෙන් පිටව ගියේය.