දිනේෂ් චන්දිමාල් යුධ හමුදාවට එක්වෙයි

ශ්‍රී ලංකා යුධ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් කොමිෂන්ලත් නිලධාරියෙක් ලෙස යුධ හමුදාවට එක්වීමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු ප්‍රකාශ කර සිටිනවා. ශ්‍රී ලංකා යුධ හමුදාවේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ අදහසින් දිනේෂ් චන්දිමාල් විසින් මෙලෙස කොමිෂන්ලත් නිලධාරියෙක් ලෙස යුධ හමුදාවට එක්වනු ඇති බවත් ඊට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවී ඇති බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

යුධ හමුදාවට දිනේෂ් චන්දිමාල් සිය කැමැත්ත පළකර ඇති බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ. ඒ අනුව දිනේෂ් චන්දිමාල් නුදුරේදීම යුධ හමුදා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමට නියමිතව ඇත. ලොකුගේ දිනේෂ් චන්දිමාල් උපත 18 නොවැම්බර් 1989) යනු වෘත්තිමය ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් හිටපු සීමිත ඕවර නායකයාද වෙයි. දක්ෂ සහ ජව සම්පන්න දකුණතින් පිත්ත හසුරුවන යෙදෙන පිතිකරුවෙකු වන මොහු සියළු ආකෘතින්හී කඩුළු රකින්නා වෙයි. හේ දැනට ටෙස්ට්, එදිජා සහ වි20ජා යන සියළු ආකෘතින්හී උප නායකයාද වෙයි.

2012 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලියෙහි දෙවැනි තැනගත් කණඩායමෙහි සහ 2014 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලියෙහි ජයග්‍රාහක කණ්ඩායමෙහි චන්දිමාල් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කල ක්‍රීඩකයෙක් විය. 2014 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලියෙහි පළමු කාණ්ඩයෙහි තරග තුලදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය සැපයූ නමුදු , මඳ ඕවර සීඝ්‍රතාවය නිසා ඔහුට තරග තහනමක් පැනවුණු අතර ඉනික්බිතිව තරගාවලියෙහි සෙසු තරග සඳහා කණ්ඩායමෙහි ඔහුගේ ස්ථානයද ඔහුට අහිමි විය. නිත්‍ය නායකයා නොමැති විටෙක චන්දිමාල් බොහෝ විටෙක වි20ජා නායකයා ලෙසින් පත් කෙරෙයි.

ගැටවරයෙකු ලෙසින් චන්දිමාල් ඔහුගේ ක්‍රිකට් අභිවෘත්තිය ඇරඹුවේ ඔහුගේ පළමු පාසැල වූ අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලයෙනි. පසුව ඔහු අධ්‍යාපනය සඳහා කොළඹ, ආනන්ද විද්‍යාලයට ඇතුළු වූ අතර, එහිදී වයස-17 න් පහළ කණ්ඩායමට නායකත්වය සැපයීය. 2008 වසරෙහිදී, විදුහලෙහි මුල් පෙළ ක්‍රිකට් කණ්ඩායමෙහි නායකයා වශයෙන් පත් කෙරුණු ඔහු, එම තරග වාරයෙහිදී විදුහලට එකහෙළා ජයග්‍රහණ 13 ක් හිමි කර දෙමින්ශ්‍රී ලංකා පාසැල් ක්‍රිකට් ඉතිහාසයේ නව සටහන් තැබීය. මුළු ලකුණු 1,580 ක් සහිතව 1,000 ලකුණු ගණන අභිබවා ගිය පළමු පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයා වූ අතර, 2009 වසරෙහිදී වසරෙහි පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමි කර ගති. පාසැලෙන් ඉවත්වූ පසු, ඔහු නොන්ඩෙස්ක්‍රිප්ට්ස් ක්‍රිකට් සමාජය හා එක් විය