ගෝඨාට ජය

පොහොට්ටුවේ චන්ද දායකයන් අද උදෑසන සිට නෙත් යොමා සිටි නඩුවේ තීන්දුව මීට සුළු මොහොතකට පෙර අධිකරණය විසින් දැනුම් දුන්නා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණය මිට සුළු මොහොතකට පෙර තීන්දු කරනු ලැබුවා. මෙම පෙත්සම මෙම පෙත්සම සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් ගොනු කරනු ලැබුවා.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාග කරනු ලැබුවා. මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනව ඔහු 2019 ජනපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස නිදහස් පොදුජන සංවිධානය යටතේ ඉදිරිපත් වන බව සඳහන්. මෙම තීරණයත් සමග රාජපක්ෂ පවුලෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් දෙදෙනෙක් ඉදරිපත් වනවා. කෙසේ වෙතත් ගෝඨාභය රජපක්ෂගේ අපේක්ෂකත්වය පිළිබඳව තීරණය කෙරෙන ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ තීන්දුව අද (04) සවස 6ට ලබා දීමට නියමිතයි

ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨභය රාජපක්ෂ (1949 ජුනි 20) මහතා ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ, ලංකා හොස්පිට්ල් සභාපතිවරයා වේ. ඒ මහතා 1992 වර්ෂයේදී ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් විශ්‍රාමලත් හමුදා නිළදාරියෙකුද වෙයි. 2005 වර්ෂයේදී, මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනපති ධූරයට පත් වීමත් සමගම, ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරට ආරක්ෂක ලේකම් තනතුර හිමිවිය. 2009 වසරේදී දෙමළ කොටි ත්‍රස්ථවාදීන් පරාජය කරමින්, ශ්‍රී ලංකාවේ වසර 26 ක් පැවැති සිවිල් යුද්ධය නිමා කරලීමට, ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශාල කර්තව්‍යය කොටසක්, ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මෙතුමා විසින් ඉටු කරන ලදී. එසේම, 2006 වසරේ දෙසැම්බර් 1 වන දින, දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් කොළඹදී එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් යංතමින් දිවි බේරා ගැනීමට මෙතුමාට හැකිවිය. වර්ෂ 2019 අගෝස්තු මස 11 වනදා මහින්ද රාජපක්ෂ මහතා විසින් 2019 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලදි.