Home

සීනි කෑමෙන් සිදුවෙන දේ මෙන්න

ශ‍්‍රී ලංකාවේ වාර්තා වන මරණ සදහා තුන්වන ප‍්‍රධානතම හේතුව පිළිකාවයි. සෑම වර්ෂයක දී ම පිළිකා රෝගීන් 15,000ක් පමණ අලූතින් වාර්තා වේ. සෑම වර්ෂයක දී ම පියයුරු පිළිකා රෝගයෙන් පමණක් දෙදහසක් පමණ මිය යති. ලංකාවේ එක් පුද්ගලයෙකු දිනකට සීනි ග‍්‍රෑම් 100කට වඩා අනුභව කරයි. දිනකට අනුභව කළ හැකි උපරිම සීනි ප‍්‍රමාණය ග‍්‍රෑම් 50කි.

හතර වරිගෙ කාටවත් පිළිකා රෝගය නො වැලඳුණු නිවසකින් අබ අහුරක් ගෙන එන්නැයි ලංකාවේ කාට හෝ පැවසුවහොත් එය නො අනුමානව අසීරු කාරණාවක් වනු ඇත. කෙනෙකු වෛද්‍යවරයෙකුගෙන් අසන්නට අකමැති ම, අමිහිරි ම වචන දෙකක් අපේ පරම්පරාවේ බොහෝ දෙනෙක් දැන් අසමින් සිටිති. ඔබට, ඔබේ ඥාතියාට පිළිකාවක්

හැත්තෑවේ දශකයේ පටන්, තරුණ වියේ උදවිය හා ළමුන් හැට ගුණයකින් පමණ මෙම රෝගයට බිලි වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ථාවලට අනුව පැහැදිලි වේ. සංවර්ධිත රටවල අද්භූත ආකාරයෙන් පැතිරෙමින් පවතින පිළිකා වසංගතයෙන් අපේ රටට ද ගැලවීමක් නො මැති බව, සෞඛ්‍ය අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛණවලින් හෙළි වේ. අඩු වයසේ කාන්තාවන් පියයුරු පිළිකා රෝගයටත්, කිසිදා දුම් පානය හෝ මත්ද්‍රව්‍යය භාවිත නො කළ, නිරෝගී යැයි පෙනෙන තරුණයින් පිළිකා රෝගයට ගොදුරු වෙමින් පවතින බවත් පෙනෙන්නට ඇත.

කෘත‍්‍රිම රසායනික ද්‍රව්‍ය, මත් ද්‍රව්‍යය භාවිතය, වස විස සහිත ආහාර, පරිසර දූෂණය, ව්‍යායාම අඩුකම, මානසික පීඩනය වැනි හේතු පිළිකා සඳහා හේතු වන බව, කේක්, බිස්කට් කමින්, සුදු සීනි යහමින් දැමූ කිරි තේ බොමින් සාකච්ඡා කරන සම්මන්ත‍්‍රණ මේ මොහොතේත් ලෝකය පුරාම පැවැත්වෙනවා නිසැකය. එහෙත් සීනි, පිළිකා රෝගය සඳහා ප‍්‍රබල වශයෙන් බලපාන බව ඒ බොහෝ දෙනෙකු නො දන්නවා ඇත. නො තකනවා ඇත.

අප බොහෝ දෙනෙකු සීනි නිසාවෙන් ඇති විය හැකි රෝග තත්ත්වයන් වන දියවැඩියාව, අධික රුධිර පීඩනය, තරබාරුව, අධික කොලෙස්ටරෝල්, වකුගඩු ආබාධ වැනි රෝගාබාධ පිළිබඳ ව දැන සිටියත් සීනි සහ පිළිකාව අතර ඇති සම්බන්ධය පිළිබඳ ව ලොව පුරා ම ප‍්‍රමාණවත් පරිදි සාකච්ඡා කෙරී නැත. නො එසේ නම් දෙස් විදෙස් ආහාර කර්මාන්තකරුවන්ගේ ඊනියා වෙළඳ සාමය වෙනුවෙන් අමතක කරවා, යටගසා ඇත.

සීනි සහ පිළිකා රෝගය අතර සම්බන්ධය සොයා ගෙන ඇත්තේ අද ඊයේක නො ව, වර්ෂ 1931 දී තරම් ඈත කාලයේ දී ය. මෙම සොයා ගැනීම සිදු කළ ජර්මානු ජාතික ජීව විද්‍යාඥයෙකු වූ ඔටෝ හෙන්රිච් වෝබ්මාන් හට 1931 වර්ෂයේ දී වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොඛෙල් තෑග්ගද පිරි නැමී ඇත. උග‍්‍ර වර්ධකවල (Tumers) පරිවෘත්තිය බොහෝ දුරට රඳා පවතින්නේ ග්ලූකෝස් පරිභෝජනය මත බව ඔහු පෙන්වා දී ඇත.

පිළිකා රෝගීන් හට, පිෂ්ඨය සහිත ආහාර ගැනීමට වැඩි රුචිකත්වයක් ඇති වීම ස්වාභාවික බවත් පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. කෙනෙකුගේ ශරීරයේ කොතැනක හෝ පිළිකාවක් ඇත්දැයි සොයා බැලීම සඳහා කෙරෙන පෙට් (PET SCAN) යන්ත‍්‍රය මගින් මනිනු ලබන්නේ, වැඩිපුර ම ග්ලූකෝස් ප‍්‍රමාණයක් පරිභෝජනය කරනු ලබන ස්ථානයන් ය. එසේ ශරීරයේ යම් තැනක සෛල, සීනි පරිභෝජනය අධිකව සිදු කරන්නේ නම් එයට හේතුව පිළිකාවක් විය හැකි ය.

සීනි කෑමෙන් පිළිකා හැදෙන්නේ මෙහෙමයි පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන ඩේවිඞ් ශ‍්‍රීබර් මහතා මේ පිළිබඳ ව පැහැදිලි කරන්නේ මෙහෙමයි. කෙනෙකු සුදු සීනි හෝ සුදු තිරිගු පිටි සහිත ආහාර වැඩිපුර අනුභව කරන විට, රුධිරයේ ග්ලූකෝස් මට්ටම වේගයෙන් ඉහළ නගී. මෙම ග්ලූකෝස් යාමනය කිරීම සඳහා ඉන්සියුලීන් හෝමෝනය වැඩි වැඩියෙන් ශ‍්‍රාවය කරයි. මෙම ඉන්සියුලීන් ශ‍්‍රාවයත් සමග, අයි. ජී. එස්. (Insulin Growth Factor) නමැති තවත් අනු වර්ගයක් නිකුත් වේ. එහි කාර්යභාරය වන්නේ, ෙසෙල වර්ධනය උත්තේජනය කිරීමයි. ප‍්‍රතිඵලය වන්නේ සීනි මගින් ෙසෙල පෝෂණය වී ඒවා වේගයෙන් වර්ධනය වීමයි. මෙම තත්ත්වය ප‍්‍රදාහය වැඩි වී, වර්ධන (Tumers ) වර්ධනය වීමට සරු කෙතක් ඇති කරවන තත්ත්වයකි.”

ඇමරිකානුවන් අතර සීනි සහ සුදු පාන් පිටි ආහාර පරිභෝජනය ඉතාමත් ඉහළය. සෑම ඇමරිකානු පුරවැසියන්ගෙන් තුන්දෙනෙකුගෙන් දෙදෙනෙකු ම ස්ථුලභාවයෙන් පෙළෙන අතර, ඇමරිකානුවන් අතර, දියවැඩියා රෝගීන්ගේ ගණන ඉතා ඉහළ අගයක් ගනී. එමෙන් ම සෑම ඇමරිකානුවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු ම මිය යන්නේ ද පිළිකා රෝගයෙනි.

මීයන් ආශ‍්‍රිත ව කර ඇති පර්යේෂණයකට අනුව රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි අවස්ථාවල දී ප‍්‍රතිපිළිකා ඖෂධ මගින් පිළිකා ෙසෙල විනාශ කිරීම අසීරු බව සොයා ගෙන ඇත. විවිධ සීනි මට්ටම් සහිත ආහාර, පිළිකා වර්ධනයට බලපාන ආකාරය පිළිබඳ ව කර ඇති පර්යේෂණ බොහෝ ය. පිළිකා සෛල අඩංගු ද්‍රාවණයක් මීයන්ට එන්නත් කර මාස කිහිපයකට පසු කළ නිරීක්ෂණයන් පුදුම සහගත විය.

රුධිරයේ සීනි මට්ටම අධික වූ මීයන් සියයට 70ක් ම මිය ගොස් සිටි අතරල අඩු සීනි සහිත ආහාර අනුභව කළ මීයන්ගෙන් මිය ගොස් සිටියේ සියයට 05ක් වැනි ඉතා සුළු ප‍්‍රමාණයකි. තව ද රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය අධික දියවැඩියා රෝගීන් හට පිළිකා රෝගය වැළඳීමේ වැඩි අවදානමක් පවතින බව, තවත් පර්යේෂණයක දී සොයා ගෙන ඇත. ජෛව රසායන විද්‍යාව පිළිබඳ කීර්තිමත් පර්යේෂකයෙකු මෙන්ම, මොන්ටි‍්‍රයල් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ද වන, රිචඞ් ඛෙලිවෝ’ මහතා වරක් මෙසේ ප්‍රකාශ කර ඇත. පිළිකා වර්ධනයට උපරිම වශයෙන් දායක වන ආහාරයක් සැලසුම් කිරීමට කිසිවෙකු මට පැවසූවොත්, මා නිර්දේශ කරන්නේ අප පරිභෝජනය කරන සීනි, සුදු තිරිගු පිටි සහ රසායනික ආකලනවලින් සමන්විත බටහිර පන්නයේ අපගේ ආහාරය යි.”

අධික සීනි සහ සුදු තිරිගු පිටි පරිභෝජනයක් සහිත යුරෝපීයයන්ට සාපේක්ෂව අඩු සීනි සහ සංකීර්ණ පිෂ්ඨය සහිත සාම්ප‍්‍රදායික ආහාර (කොස්, දෙල්, කුරක්කන්, රතු කැකුළු සහල් වැනි) වැඩියෙන් පරිභෝජනය කරන ආසියාතිකයින් අතර, පිළිකා රෝගීන් විරල වීමට, හේතු පැහැදිලි කර ගැනීම සඳහා ආලෝකවත් මාර්ගයක් මේ අනුව අප හමුවේ ඇත.

තරබාරුව, සීනි සහ පිළිකා රෝගය තම සාම්ප‍්‍රදායික ආහාර වේලට ආයුබෝවන් කියූ, රටවල වසංගතයක් ලෙස පැතිර යන තවත් උවදුරක් නම්, තරබාරුකම ය. දුම්කොළ හැරුණු කොට පිළිකා කෙරෙහි බලපාන ප‍්‍රමුඛතම හේතුව, තරබාරුකම බව පිළිකා විශේෂඥයෝ පවසති. වයස අවුරුදු 18 දී තම ශරීර බරට වඩා කිලෝ ග්‍රෑම් 10කින් බර වැඩි වූ, මැදිවියේ කාන්තාවකට පියයුරු පිළිකාවක් වැළඳීමේ අවදානම දෙගුණයකින් පමණ වැඩි බව මෑතක දී මහා බි‍්‍රතාන්‍යයේ දී කළ පර්යේෂණයක දී හෙළි කරගෙන ඇත. අපේ රටේ ද තරබාරුකම දැන් දැන් සුලභ තත්ත්වයක් වෙමින් ඇත. පාසල් දරුවන්ගෙන් සියයට 6ක් තරබාරුකමින් පෙළෙන අතර, මැදිවියේ පිරිමින් බොහෝ දෙනෙකුට කළ ගෙඩියක් සේ ඉදිරියට නෙරා ගිය උදරයක් තිබීම සහ කාන්තාවන් බොහෝ දෙනෙකුගේ උදර දෙපසින් ටයර් මතු වීම සුලභ තත්ත්වයක්ව ඇත. තරබාරුව සඳහා වෙනත් හේතූන් ඇතත්, අධික සුදු පාන් පිටි සහ සීනි පරිභෝජනය මේ සඳහා හේතු වන බව අමුතුවෙන් කිව යුතු නො වේ.

ලංකාවේ සීනි කෑම අන්දරේලාගේ කාලේ පටන් ම අප සීනි කෑමට රුසියන් වූවත්, වර්තමානයේ දී අපි ඉතා අධිකව සීනි සහ සුදු තිරිගු පිටි සහිත ආහාර පරිභෝජනය සඳහා මහත් ගිජු බවක් දක්වන්නෙමු. අපේ රටේ දෛනික ඒක පුද්ගල සීනි පරිභෝජනය ග්‍රෑම් 100 ද ඉක්මවා තිබීමෙන් මේ බව හොඳින් පැහැදිලි වේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ සීනි පරිභෝජනයෙන් සීනි ලෙස ලබා ගනුයේ 1/3ක් පමණ වන අතර, ඉතිරි 2/3ක ප‍්‍රමාණය සීනි එක් කර සකස් කර ඇති ආහාර වර්ගවලින් ලබා ගනී. උදේ ඉදන් රෑ වෙනකල් විනයක් නැති කට තුළින් ආමාශගත කරගනු ලබන ටොෆි, චොක්ලට්, චුවින්ගම්, කේක්, බිස්කට්, ක‍්‍රීම් ක‍්‍රැකර්, අයිස්ක‍්‍රීම්, ජෑම්, ජෙලි, කිරි, රස කළ කිරි පැකට්, මෝල්ට් කිරි, සෝස් වර්ග, සිසිල් බීම, පැණි බීම, මෙකී නො කී නා නා ප‍්‍රකාරයේ ආහාර යැයි හඳුන්වන දේවල් තුළ ඇත්තේ, මෙම එකතු කළ සීනි සහ සුදු තිරිගු පිටි ය. ඩයි වර්ග, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය, කෘත‍්‍රිම රසකාරක වැනි කිසිදු ආහාරමය ගුණයක් නැති පිළිකා කාරක ද සහිත ආහාර ‘වස කාරකයන්ය.

දිනකට උපරිම වශයෙන් ආහාරයට ගත හැකි සීනි ප‍්‍රමාණය තේ හැඳි 10කි. අප දෛනිකව ගනු ලබන ස්වාභාවික ආහාර තුළ දෛනිකව අපට අවශ්‍ය සීනි ප‍්‍රමාණය (කාබෝහයිඩ්‍රේට්) අන්තර්ගත වන බැවින් අතිරේකව සීනි ඇටයක්වත් ලබා ගැනීම අනවශ්‍ය බව වෛද්‍ය විද්‍යානුකූල මතය වුවත් වැඩිහිටි පිරිමියෙකු දිනකට උපරිමව එකතු කරන ලද සීනි තේ හැඳි 10ක් ද (ග‍්‍රෑම් 50) ගැහැනියක තේ හැදි 9ක් ද, ළමයෙකු ඉන් අඩක් ද ලෙස අනුභව කිරීම හානිකර නො වන බවත් එය ඉක්මවා අනුභව කිරීම අනතුරුදායක බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත්තේ නිකමට නො වන බව අවධාරණය කළ යුතු ව ඇත. කෙසේ වෙතත් මෙම අනුමත ප‍්‍රමාණයන් ඉතා බරපතළ ලෙස අභිභවා ගොස් ඇති බව නම් කිව යුතු ව ඇත.

ආදරේට ටොෆි චොක්ලට් – අම්මලා තාත්තලාගේ අවධානය පිණිසයි වෙළෙඳ පොළේ දකින දකින පැණි රස ආහාර වර්ග මහත් ආදරයෙන් තම දරුවන්ට කවන දෙමව්පියන්ගේ අවධානය සඳහා, බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ ප‍්‍රධාන පෝෂණ විශේෂඥ වෛද්‍ය, රේණුකා ජයතිස්ස මහත්මිය විසින් කළ ප‍්‍රකාශයක දැක්වෙන, සුලභ ආහාර වර්ග කිහිපයක ඇති සීනි ප‍්‍රමාණයන් පහත පරිදි වේ.

චොක්ලට් ග‍්‍රෑම් 50ක සීනි තේ හැඳි 07ක්, චොක්ලට් බිස්කට් 1 – සීනි තේ හැඳි 1-2ක්, කේක් කෑල්ලක් (සාමාන්‍ය ග‍්‍රෑම් 50ක) – සීනි තේ හැඳි 05ක්, කෝලා වර්ගයේ බීම වීදුරුවක – සීනි තේ හැඳි 05ක්, අයිස් ක‍්‍රීම් කප් එකක – සීනි තේ හැඳි 04ක්, ජෑම් මේස හැදි එකක සීනි තේ හැඳි 02ක්, මෝල්ට් වර්ගයේ කිරිපිටි මේස හැඳි එකක – සීනි තේ හැඳි 2-3ක්, රස කළ කිරි පැකට් එකක – සීනි තේ හැඳි 2-3ක්, බිස්කට් (පැණි රස) එකක – සීනි තේ හැඳි 1/2ක්, සෝස් මේස හැදි එකක – සීනි තේ හැඳි 1ක් (මීට අමතර ව සුදු පාන් පෙති එකක් අනුභවයෙන් ක්ෂණික ව රුධිරයට සීනි තේ හැඳි 3ක් ලැඛෙන බවත්, දිනකට සීනි දැමූ තේ කෝප්ප 3ක් පානය කරන්නෙකු සීනි තේ හැඳි 6ක් අනුභව කරන බවත් අවධාරණය කළ යුතු ව ඇත.)

අපේ රටේ ජනගහනයෙන් 15%ක් පමණ දියවැඩියා රෝගයෙන් පෙළෙන බවත් දිනකට දියවැඩියා රෝගීන්ගේ ආසාදනය වූ පාද 700ක් පමණ කපා ඉවත් කරන බවත් දිනකට 150 දෙනෙකු පමණ දියවැඩියා රෝගය නිසාවෙන් මිය යන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙනු ලබන බරපතළ කාරණාවක් නො වේ ද ?

අනෙක් අතට අප සමස්ත අග්නිදිග ආසියාතික රටවලින් දියවැඩියා රෝගය අතින් පළමු තැනටත් ලෝකයෙන් ම 21 වැනි ස්ථානයටත් පත්ව තිබීම ජාතියේ ම අවාසනාවකි. දියවැඩියා රෝගය සඳහා විවිධ හේතු ඇතත්, මෙරට වාසීන්ගේ අධික සීනි එකතු කළ සීනි සහිත කෘත‍්‍රිම අහාර පාන සහ සුදු පාන් පිටි පරිභෝජනය ද මෙම තත්ත්වය ඇති කිරීම සඳහා විශාල දායකත්වයක් නො දක්වන්නේ යැයි කිසිවෙකුට හෝ කිව නො හැකි ය. නිරෝගී දිවියක් උදෙසා රස තෘෂ්ණාවට තිත තබමු. ලංකාවේ ජනයාගේ ඇවතුම් පැවතුම්, ජීවන විලාසයන්, සාරධර්ම, කන බොන විදිය, ලෙඩ රෝග, ඒවාට ඛෙහෙත්, මේ හැම දෙයක් ම දැන් ඉතා බරපතළ ලෙස බිස්නස්කරණය” කෙරෙමින් පවතී.

ඔබට දැන් ඩෙංගු රෝගයෙන් වැළකී සිටින්නට මඳුරු කොයිල්, මඳුරු විකර්ශක ක‍්‍රීම් ජාති, ඛෙහෙත් ගල්වපු මඳුරු දැල් ඇත. හෘදයාබාධවලින් වැළකී සිටින්නට, හදවතට හිතකර මේද ම ය තැවරුම්”, නන් ෆැට්” කිරි ඇත. ඔස්ටියෝපොරෝසිස්” රෝගයෙන් වැළකී සිටින්නට, අධි කැල්සියම් කිරි පිටි වර්ග ඇත. දරුවන් බුද්ධිමත් කරන්නට ෆෝලික් අම්ලයෙන් ,ඞීඑච්.ඒ. වලින් සරු කළ කිරි පිටි වර්ග ඇත. දවසේ ශක්තියට මෝල්ට් කිරි වර්ග ඇත.

වෙළෙන්දන්ගේ ආලවට්ටන්, පුරාජේරු කථා, ගුවන් තරංග මාලා ඔස්සේ ඇවිත්, ජනයාගේ දෑස් නිලංකාර කරවා ඇත. අපේ රටේ බොහෝ දෙනෙකු තම ශරීර සෞඛ්‍යට බලපානු ලබන වැදගත් දේ පිළිබඳ ව තීරණය කිරීම වෙළෙන්දන්ට බාර දී, සිතීමේ ක‍්‍රියාවලියෙන් බැහැර වී ඇතැයි කීවොත් නිවැරදි ය. මේ කූට වෙළඳ පරපුරේ ඇත්තන් විසින් මිනිසාගේ එක ම පරමාදර්ශය පංච කාමයන් පිනවීම පමණක් බව අපට කියා සිටී. එලෙස පංච කාම වස්තූන් අධිකව පිනවීමේ ආදීන ව දැන් දැන් අපි ඉතාමත් බරපතළ ලෙස අත් විඳිමින් සිටින්නෙමු.

එකල සකල විධ තෘෂ්ණාවෙන් පෙළුණු සිටුවරයෙකු උඩු මහළට වී සිය බිරිඳට කියා රහසින් පැණි කොමු පිස කන්නට ගොසින් කර ගත් අලකලංචිය ගැන අපි දන්නෙමු. පැණි රසයට ලොල් වී පැණි බෝතලයට වැටී සිය දිවි නසා ගන්නා ඇඹළයන් අපි දැක ඇත්තෙමු. වතුර නටන තුරු වතුර අහෝ සැපයි කියමින් දිය කෙළින කකුළුවන්ට අත් වන්නට යන ඉරණම පිළිබඳ ව ද අපි දන්නෙමු.

එබැවින් පැණි රස තෘෂ්ණාව නිසාවෙන් ඔබ ලබා ගත් වටිනා කියන මිනිස් ආත්මයට රෝග පීඩාදීන්ගේ වාසස්ථානයක් වන්නට ඉඩ දෙන්න එපා. මෙකී කාරණා පිළිබඳ ව ඔබත් සැලකිලිමත් නම් අදම, මේ දැන් ම ඔබේ ආහාරයෙන් සීනි කපා හැරීම ආරම්භ කරන්න. එවිට ඔබේ දිවේ රසාංකුරවලට ආහාරවල ඇති ස්වාභාවික රසයන් දැනෙන්නට පටන් ගනීවී. ක‍්‍රමයෙන් සීනිවලට ඇති කෑදරකම පහව යාවි.

ඔබේ ශරීරය නිදහස් සහ සුවදායී තත්ත්වයකට පත් වේවි. එය අනෙක් අතට සීනි සහ සකස් කළ කෘති‍්‍රම රස කැවිලි සඳහා වැයවන මුදල් ද ඉතිරි වීමෙන් ඔබේ පසුම්බියටත්, අනෙක් අතට රටේ ආර්ථිකයටත් මහත් සැහැල්ලූවක් වනු ඇත. සීනි කෑමෙන් ඇති විය හැකි රෝගාබාධ රාශියකින් බේරී සිටීමේ වාසනාව ද ලබන ඔබ, නිරෝගී දිගු දිවියක ආරම්භය ද සනිටුහන් කරගන්නවා නිසැක ය.

අන්දරේ මහතාගේ පඩි දවස අදයි. පඩි දාට තම බිරිඳ නො වරදවා ම තම අත තබන මාසේ බඩු ලැයිස්තුව දෙස නිකමට බැලූ අන්දරේ මහතා එහි සඳහන් එක් දෙයක් පිළිබඳ ව විශේෂයෙන් අවධානය යොමු කරන ලදි. සීනි කිලෝ 6ක්”? තම පවුලේ සාමාජිකයින් හතර දෙනා සෑම මසක දී ම සුදු සීනි කිලෝ ග‍්‍රෑම් 6ක් අනුභව කරනවා. වැඩි නැද්ද හාමිනේ?”

සීනි කිලෝ 6, අන්දරේ මහතාගේ සාක්කුවට පමණක් දැනෙන කාරණාවක් ද යන්න අපි සොයා බලමු. මෙම ප‍්‍රමාණය ග‍්‍රෑම්වලින් නම් ග‍්‍රෑම් 6,000කි. මෙම පවුලේ එක් පුද්ගලයෙකු දිනකට සීනි ලෙස පමණක් පරිභෝජනය කරන සීනි ප‍්‍රමාණය මෙසේ ගණනය කරමු. පරිභෝජනය කරන සීනි ග‍්‍රෑම් ගණන – 6,000, දින (30) පවුලේ සාමාජිකයින් සංඛ්‍යාව (4) – 120 6000/120 – 50 පිළිතුර ග‍්‍රෑම් 50කි. එනම් තේ හැඳි 10කි.

දිනකට වැඩිහිටි පිරිමියෙකු අතිරේකව සීනි තේ හැඳි 10ක්, ගැහැනියෙකු සීනි තේ හැඳි 9ක් සහ ළමයෙකු සීනි තේ හැඳි 6කට වඩා ආහාරයට ගැනීම සෞඛ්‍යට අනතුරුදායක බවයි වෛද්‍යවරු පවසන්නේ. මෙයට අමතර ව දිනපතා ම නිවසේ දී මෙන් ම, කාර්යාලය තුළ දී, මඟතොටේ දී අනුභව කරන බිස්කට්, සෝස්, පාන්, බනිස්, රස කළ කිරි පැකට්, යෝගට්, අයිස් ක‍්‍රීම්, කේක්, ටොෆි, චුවින්ගම් මගින් අනුභව කෙරෙන සීනි ප‍්‍රමාණය කොතෙක් දැයි ලෙහෙසියෙන් ගණනය කළ නො හැකි ය. දැන් තේරෙනවා නේද අපේ රටේ සියලූ ම අන්දරේලා තම කටවල්වලට විනය නීති පනවා ගත යුතු බව?

ශේෂාද්‍රි ප්‍රියසාද් කියන කතාව

දිනේෂ් ප්‍රියසාද් කියන්නේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සහ නිෂ්පාදකවරයෙක්. සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාගේ ළඟම හිතවතෙක්. දිනේෂ්ගේ ‘දෙමෝදර පාලම’ චිත්‍රපටයේ ගාමිණී කළ රංගනය අදටත් අපේ හිත්වලින් මැකී ගිහින් නැහැ.

අපි ‍මේ කතා කරන්න යන්නේ දිනේෂ් ගැනවත් ගාමිණි ගැනවත් නෙවෙයි. දිනේෂ්ගේ ලස්සන දූවරුන් තිදෙනාගෙන් එක්කෙනෙක් ගැනයි. ඒ තිදෙනාගෙන් ඈ තමයි මිඩ්ල් ස්ටම්ප් එක. ඒ කියන්නේ මද්දුමී. සිනමාවට ගැළැපෙන හඳ වගේ ලස්සන රවුම් මුහුණක් තියෙන ඈ සැබැවින්ම රූමතියක්.

උදයකාන්තගේ ‘චැලෙන්ජර්ස්’ චිත්‍රපටයෙන් සිනමා චාරිකා අරඹා ‘සෙනසුරු මාරුව’, ‘ඩබල් ට්‍රබල්’, ‘ඇඩ්‍රස් නෑ’ සහ ‘ZOOM’ චිත්‍රපට හරහා රසික හදවතට අතුළු වූ ඇය ශේෂාද්‍රි ප්‍රියසාද් නම්වූ රංගන ශිල්පිනියයි.

ශේෂාද්‍රි ඔබ කෙටි කාලයකින් චිත්‍රපට රැසකට දායකත්වය ලබාදීලා කෙටි කාලයකින් නිහඬ වුණු තාරකාවක් කියලා මම කිව්වොත් හරිද?
මෙහෙමයි, මගෙ ජීවිතයේ මට අත්විඳින්න වුණු සමහරක් කටුක අත්දැකීම් එක්ක මට ගොඩාක් දේවල් අහිමි වුණා.

විශේෂයෙන් මගේ ඉගෙනීම් කටයුතු. ඒ හින්දා මම තීරණය කළා ටික කාලයක් නිහඬව ඉන්න ඕනි කියලා. මේ නිහඩ කාලයේ මම ජීවිතයේ හොඳ පන්නරයක් ලැබුවා. මම හදාරන්නේ පෙර පාසල් මුල් ළමාවිය පිළිබඳ උපාධියයි. කුඩා දරුවන් මගේ ඇසුරට වැටුණා. ඒ ඇසුරත් එක්ක මම වැටිලා හිටිය මානසික මට්ටම යළි ගොඩනඟාගන්න මට බෙහෙවින් උපකාර වුණා.

ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් කියනවා ඔයාට තියෙන්නේ සිනමාරූපී මුහුණක් කියලා. කවුරු හරි ඔබට ඒ ගැන කියලා තියෙනවද?
ඔව්. ගොඩාක් අය එහෙම කියලා තියෙනවා. මේ ක්ෂේත්‍රයට එනකොට මම ගත්ත තීරණයක් තමයි සිනමා රංගනයේ පමණක් නිරත වෙන්න. අනික මම රංගනය වෘත්තියක් කරගන්න හිතාගෙන නෙමෙයි ආවේ. චරිත ‍තෝරා බේරාගෙන අවුරුද්දකට එක නිර්මාණයකට හරි දායක වෙන්න ඕන කියන එක මගේ හිතේ තිබුණ දෙයක්.

ඔබ නිහඬව සිටි කාලයේ අක්කා දිනක්ෂී සහ නංගී ශනුද්‍රී ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන ජනප්‍රියත්වයක් ලැබුවා. ඒ ගැන ඔබට දුකක් දැනෙන්නේ නැද්ද? අනේ නැහැ. එයාලා මගේම සහෝදරියෝ. දුක් වෙන්නේ මොකටද? ආඩම්බර වෙනවා මිසක්. මගේ හැම ප්‍රශ්නයක්ම මම මුලින්ම කියන්නේ ඒ දෙන්නට. ඊට පස්සේ තමයි අම්මට කියන්නෙ. ඉතින් අවසාන තීන්දුව ලැබෙන්නේ අම්මගෙන්.

අපේ රටේ සිනමාවේ සහ ජාත්‍යන්තර සිනමාවේ ඔබේ හද බැඳගත් නිළියන් ගැන කිව්වොත්? එක්කෙනෙක් කියලා කියන්න අමාරුයි. මාලනී ෆොන්සේකා සහ ස්වර්ණ මල්ලවාරච්චිගේ රංගනයට මම ගොඩාක් කැමතියි. මාලනී ආන්ටි සිනමා රංගනයටම උපන් කෙනෙක්. විශේෂයෙන් ඇය වාණිජමය චිත්‍රපවලට ලොකු සාධාරණයක් කළා. බොලිවුඩ් සිනමාවේ මම ආදරය කරන චරිතය තමයි විද්‍යා බාලන්. ඇය සමාජයේ අපට හමුවන චරිත හරි අපූරුවට රඟපානවා.

අද සමාජයේ සෝෂල් මීඩියා සීඝ්‍රයෙන් ජනප්‍රිය වී ගෙන එනවා, ඒ වගේම අද සියදිවි නසා ගැනීම් සමාජය තුළ බහුලව අහන්න දකින්න ලැබෙනවා. විශේෂයෙන් තරුණ පරම්පරාවේ අය. මේ ගැන යමක් කිව්වොත්…. මම සෝෂල් මීඩියාවලට විරුද්ධ නැහැ. එතනිනුත් අපිට ලබාගත යුතු දේවල් තියෙනවා. හරි දේ හරියට පාවිච්චි කරනවා නම් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. තරුණ පරපුරේ සියදිවි නසාගැනීම්වලට මූලික හේතුව ආදරය සහ විවාහ ජීවිතයේ බිඳ වැටීම්.

මේ රාමුව තුළ ඇතිවෙන ප්‍රශ්නවලට වඩා වැඩි ප්‍රශ්න මිනිසුන්ට නැද්ද? මනුස්ස ආත්මයක් ලබන්න අපි කොච්චර පින් කරලා තියෙන්න ඕනිද? තමන්ගේ ආගම හරියට අදහනව නම් ප්‍රශ්න දිහා උපේක්ෂාවෙන් බැලුවොත් හැම ප්‍රශ්නයකටම සාධාරණ විසඳුමක් කවදා හරි ලැබෙනවා. ඒක මගේ ජීවිතයේ මම ලබාපු හොඳම අත්දැකීමක්.

අවසාන වශයෙන් කියන්න ශේෂාද්‍රීගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද කියලා? පොඩි කාලේ වගේ ලොකු බලාපොරොත්තු තියාගෙන නැහැ. බලාපොරොත්තු තියාගෙන එතනට ළඟා වෙන්න බැරි වුණාම අපි මානසිකව වැටෙනවා. මගේ උපාධිය තව මාස 4 කින් විතර මම අවසන් කරනවා. ඒක මගේ ලොකු ජයග්‍රහණයක්. මට රඟපෑම්වලටත් ආරාධනා ලැබෙමින් පවතිනවා. බලමු ඉතින්, ඉඩ ලැබෙන වෙලාවට චරිත තෝරා බේරාගෙන චිත්‍රපට කිහිපයක නැවත රඟපාන්න අදහසක් තියෙනවා.

වාහනවලට තෙල් ගහනකොට මේ ගැනත් දැනුවත් වෙන්න

ලංකාවේ ඇති ඉන්ධනහල්වලින් අප ගෙවූ මුදලට සරිලන නියම ඉන්ධන ප්‍රමාණය එහි ඇති ඉන්ධන ‍පොම්පය හරහා අපට ලැබෙනවාද යන්න කාලයක සිට මෙරට බොහෝ දෙනකුගේ සිතේ පැසවන කුකුසකි. ඉන්ධන ලබාගැනීමට ඉන්ධනහලට ගිය විට ඉන්ධන ‍පොම්පය දෙස අප ඇසිපිය නොබලා බලා සිටින්නේ ඒ නිසාය. ඉන්ධන ලබාගැනීමට මුදල් ගෙවූ පසු ඉන්ධන ‍පොම්පයේ ඉහළ ඩිජිටල් තිරයේ අප ගෙවූ මුදලත් ගෙවූ මුදලට ලබාදිය යුතු ඉන්ධන ප්‍රමාණයත් නිවැරදිව සටහන් වේ. ‍පොම්පකරු ඉන්ධන ‍පොම්පය ක්‍රියාත්මක කළ විට ඉලක්කම් කැරකී අප ගෙවූ වටිනාකමට ලැබිය යුතු ඉන්ධන ප්‍රමාණය අපට ලැබේ. මේ ක්‍රියාවලිය මුල සිට අගට නිරීක්ෂණය කරන අපට සැක සිතිය යුතු තැනක් අල්ලාගත හැකිද? සැබැවින්ම නොහැකිය. එසේ වූවා කියා අප ගෙවූ සම්පූර්ණ මුදලට නියමිත ඉන්ධන ප්‍රමාණය ඔබට ලැබුණා කියා ඔබ සිතනවාද? ‘ඔව්’ කියා ඔබ සිතුවත් නිසැක වශයෙන්ම ඔබ සිටිනා ස්ථාවරය නිවැරදි නොවේ. මන්ද මෙරට ඇති ඉන්ධන ‍පොම්ප බොහෝමයකින් අප ගෙවූ මුදලට නියම ඉන්ධන ප්‍රමාණය අපට ලැබෙන්නේ නැති නිසාය. අප මෙය ස්ථිරවම කියනුයේ මේ පිළිබඳ සොයා බලා කරුණු අධ්‍යයනය කිරීමකින් අනතුරුවය.

වසර තිහකට අධික කාලයක් ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති මේ විධායක ශ්‍රේණියේ නිලධාරියා කියන කතාව අසමු. එවිට මේ කතාවේ ඇත්ත නැත්ත ඔබටම පසක් වනු නොඅනුමානය. ඔබේ ප්‍රශ්නයට කෙටියෙන්ම උත්තර දුන්නොත් ඔව්, ලංකාවේ පිරවුම්හල්වල තියෙන බොහෝමයක් ඉන්ධන ‍පොම්පවලින් ඔබ ගෙවන මුදලට ලැබිය යුතු ඉන්ධන ප්‍රමාණය ලැබෙන්නේ නෑ. මං වැඩ කරන ක්ෂේත්‍රය වුණත්, කතාව තිත්ත වුණත් ඇත්ත ඕක තමයි.

ඔහු කිසිදු පැකිළීමකින් තොරව කතාව පටන්ගත්තේය. ඔහුට බාධා නොකර මම නිහඬ වීමි. පෙටෙලියම් එකේ පෙට්‍රල් ෂෙඩ් තියෙනවා 1200කට ආසන්න සංඛ්‍යාවක්. ඉන් වැඩිම ප්‍රමාණයක් ඉන්ධනහල් තියෙන්නේ බස්නාහිර පළාතේ. ෂෙඩ් 285ක් හෝ 290ක් බස්නාහිර තියෙනවා. මෙරට ඉන්ධන පාරිභෝජනයෙන් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් භාවිත කරන්නේ බස්නාහිර පළාතේ උදවිය. දැන් පාරිභෝගිකයන් වන අපට තියෙන ප්‍රශ්නය තමයි අපේ වාහනේට දුන්නු මුදලට නියමිත තෙල් ප්‍රමාණය ‍පොම්පෙන් ටැංකියට වැදුණද කියන එක. මේ ගැටලුවට පේන විසඳුමක් නෑ. ගොඩක් අයගේ හිතේ තියෙන්නේ සැකයක්.

මේ ක්ෂේත්‍රයේ ඉන්න නිලධාරියෙක් හැටියට මම දන්නවා සමහර ෂෙඩ්වලින් තෙල් අඩුවෙන් ගහන බව. එතකොට මේකට වගකියන්න ඕන කවුද? මගේ අදහස නම් මේකට ප්‍රධාන වශයෙන්ම වගකියන්න ඕන මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව. කෙටියෙන් කීවොත් කිරුම් මිනුම් එක. ඒ වගේම තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය පරිපාලනය වගේම සංස්ථාව ගත්තු සමහර වැරදි තීරණ. ඉන්ධන ‍පොම්පවලින් කෙරෙන තෙල් ජාවාරමට කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව වගකිවයුත්තේ ඇයි?

ඒ ගැටලුව ඔහු නිරාකරණය කළේ මෙසේය ලංකාවට ගේන ඕනෑම ‍පොම්පයක් ඉන්ධනහලක මිනුම් ඒකකයක් ලෙස පාවිච්චි කරන්න අවසර දෙනවා නම් මාදිලි අනුමැතිය ගන්න ඕන. මේ අනුමැතිය දෙන්නේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව මගින්. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ සීල් එක නැතුව කිසිම ඉන්ධන ‍පොම්පයකින් තෙල් නිකුත් කරන්න බෑ. ඒක නීතියෙන් තහනම්. නමුත් ගොඩක් ‍පොම්පවල කිරුම් මිනුම් සීල් එක නෑ. ඒකට හේතු කීපයක් තියෙනවා.

එකක් තමයි 2002 ඉන්දියන් ඔයිල් සමාගම ලංකාවට ආවට පස්සේ ෂෙඩ්වලට ඕන කරන සියල්ල ඒ අය දුන්නේ නොමි‍ලේ. ඔන්න තරගයක් ඇතිවුණා. අපේ තෙල් සංස්ථාවට මුදල් තිබුණේ නෑ ඉන්දියන් ඔයිල් එකත් එක්ක හැප්පෙන්න. අවසානයේදි සංස්ථාව කළේ අපිත් අපේ ඉන්ධනහල් හිමියන්ට මොනවා හරි කරන්න ඕන කියලා චීනෙන් අඩු මුදලට බාල ‍පොම්ප ගෙන්නලා නොමි‍ලේ ෂෙඩ්වල හයි කළා. ඇත්තටම මේවා සෙල්ලම් බඩු වගේ. මෙන්න මේ ‍පොම්ප එකක්වත් සීල් කරලා නෑ. මොකද මේ ‍පොම්ප එකක්වත් මාදිලි අනුමැතියට දැම්මේ නෑ. තවත් එකක් කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවෙන් සීල් කළත් ඒක සංස්ථාවේ නිලධාරීන් අතින් ගැලවෙන්න පුළුවන්. එහෙම වුණු හැම වෙලාවකම කිරුම් මිනුම් නිලධාරීන් ෂෙඩ්වලට ඇවිත් ‍පොම්ප සීල් කරන්නේ නෑ. මොකද හේතුව නිලධාරීන් ඉන්නේ ටිකයි. වාහන හිඟයි. නමුත් එහෙම කියලා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවට තමන්ගේ වගකීමෙන් නිදහස් වෙන්න බෑ.”

අප සොයාගත් තොරතුරුවලට අනුව අද වනවිට ඉන්ධනහල්වලද තෙල් ජාවාරම මහා පරිමාණව සිදුවන්නේ තෙල් සංස්ථාවේ නිලධාරීන්ගේ ආශිර්වාදයෙනි. මීට අමතරව එහි සේවයේ නියුතු ‍පොම්ප ක්‍රියාකරවන්නන් ඉන්ධන ලබාගැනීමට පැමිණි පුද්ගලයන්ගේ ඇස වසා කරන සමහර දේ ඇතත් ඒවා සංවිධානාත්මක අයුරින් සිදු නොවන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන වංචා සහගත ක්‍රියාවන්ය. නමුත් මහා ජාවාරම සිදුවන්නේ ඉන්ධනහල් අයිතිකරුගේ හා තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකරු හා ප්‍රාදේශීය පරීක්ෂකගේ එකතුවෙනි.

“ඔය තෙල් ‍පොම්ප කොටසක් තියෙනවා ප්‍රමාණ ශෝධන ඒකකය කියලා. අපි කියන්නේ ‘කැලිබරේට්’ කරනවා කියලා. මේ කොටසින් තමයි මිනුම් නිවැරදිව සකස් කරන්නේ. ඒක අඩු වැඩි කරන්න පුළුවන්. ඔන්න ඔය කොටස පාවිච්චි කරලා තමයි මේ හොර වැඩේ කරන්නේ. උදාහරණයක් හැටියට ඉන්ධන ලීටර් හතර හමාරක් එළියට යනකොට මීටරේ ඉන්ධන ලීටර් පහක් පෙන්වන්න හදන්න පුළුවන්. මේ කැලිබරේෂන් යුනිට් එක තියෙන්නේ ‍පොම්පෙ ඇතුළේ. මෙන්න මේ කොටසයි සීල් කළ යුත්තේ. මේක සීල් කරන්නේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවයි, තෙල් සංස්ථාවටයි. කිරුම් මිනුම් සීල් එක අනිවාර්යයි. මේ සීල් එක නැතුව ඉන්ධන නිකුත් කරන්න බෑ. නමුත් ප්‍රධාන බලධාරීන්ගේ මුද්‍රාව නැතිව තෙල් නිකුත් වෙනවා. ඒක තමයි ඛිෙදවාචකය. මම මුලින් කිව්වා වගේ ගොඩක් ‍පොම්පවල මේ කොටස සීල් කරලා නෑ.

තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය කාර්යාල නවයක් තියෙනවා. ඒවයේ වෙන වෙනම ප්‍රාදේශීය කළමනාකරුවන් ඉන්නවා. ඔවුන් යටතේ තවත් නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා. මේ නිලධාරීන් හැම මාසෙකම මේ ‍පොම්ප චෙක් කරන්න යනවා. ඔය අතරේ ෂෙඩ් අයිතිකාරයින්ගෙන් පැමිණිලි එනවා වැඩිපුර තෙල් යනවා කියලා. ඔන්න එතකොට සංස්ථා අර නිලධාරීන් සීල් කඩලා අර ‘කැලිබරේට්’ යුනිට් එක ඇජෙස් කරනවා. ඔය දේවල් එහෙම සිද්ධ වෙන අතරේ තිරෙන් එහා වෙනත් කතා යනවා.”

සොයා දැනගත් ආකාරයට ඉන්ධනහල් හිමියන් ප්‍රාදේශීය කළමනාකාර හා ඔහු යටතේ සිටිනා නිලධාරීන් සමග සුහද ගනුදෙනුවක් පවත්වාගෙන යමින් ඔවුන් සතුටු කිරීමට උනන්දු වේ. ප්‍රාදේශීය කළමනාකරු අමනාප කරගතහොත් ඉන්ධනහල් අයිතිකරුවාට සිදුවන්නේ මහත් අලාභයකි. ඉන්ධනහල් හිමියාට කොතරම් ලාභයක් ලබාදෙනවාදැයි තීරණය කරන්නේ සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකාරවරයා හා පරීක්ෂකවරයාය. ඉන්ධනහලකින් ඉන්ධන අඩුවෙන් නිකුත් කරන්නේ යැයි යම් සැකයක් පාරිභෝගිකයකුට ඇති වුවහොත් එය පරීක්ෂා කිරීමට ඉන්ධනහ‍ලේ සම්මත මිනුම් ඒකකයක් තිබේ.

ඒක සුදු යකඩෙන් හදපු කෑන් එකක්. ඒකෙන් ලීටර් පහක් මනින්න පුළුවන්. ඒකට කියන්නේ ටෙස්ටින් කෑන් කියලා. උඩට හෝ පහළට දශම දෙකයි පහක් විතරයි වෙනස් වෙන්නෙ. හැබැයි අමාත්‍යාංශයට ලැබි ඇති තොරතුරුවලට අනුව ඉන්ධනහල් බොහොමයක මේ පරාසය 5 සිට 1 දක්වා පරාසයක තියෙනවා.අපි මුලින් සඳහන් කළ සම්මත ඒකකය සෑම ඉන්ධනහලකම තිබිය යුතු වුවත් බොහෝ තැන්වල එහෙම මිනුම් උපකරණයක් දකින්නට නැත. තිබුණත් ඇත්තේ ව්‍යාජ එකකි.

එය පතුලෙන් උඩට ඔසවා ඇත. උඩට ඔසවා ඇති ප්‍රමාණය ඉන්ධන ‍පොම්පයෙන් සමබර කර සකසයි. ඒ නිසා ඔබ එවැනි පරීක්ෂාවකට යන්නේ නම් පතුලෙන් උඩට නොඑසවූ සුදුපාට තද ලෝහයෙන් නිම කළ සම්මත ඒකකය ඉල්ලා සිටින්න. ඉස්සර තිබුණේ මේ සුදු යකඩ මිනුම ‍නෙවෙයි රතුපාට සාමාන්‍ය ලෝහයෙන් හදපු එකක්. ඒක පතුලෙන් උඩටම තළනවා. හැබැයි සුදු යකඩ එක තළන්න බෑ. මේ සුදු යකඩ මිනුම් භාජනය සෑම ඉන්ධනහලකම තිබිය යුතුයි. නමුත් ඒක සෑම තැනකම නෑ. ඒක බරපතළ ප්‍රශ්නයක්

එයට හේතුව සම්මත ප්‍රමාණයට වඩා දෙගුණයක් අඩුවෙන් යන තත්ත්වයක් අද දකින්න පුළුවන්” මුලින් චීනෙන් ගෙනත් සවි කළ ‍පොම්ප සවි කළේ අවුරුදු පහකට. නමුත් දැන් ඒ වගේ කාලය අවුරුදු පහළොව ඉක්ම ගිහින්. වෙනස් කළත් නැතත් ‍පොම්ම පරණ නිසා මේ ‍පොම්පවලින් තෙල් යන්නේ අඩුවෙන්. ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව කියලා තිබුණා 2015 ජනවාරි වන විට හොඳ ‍පොම්පයක් සවි කරන්න එහෙම නැත්නම් සංස්ථා ‍පොම්ප සීල් කරන්නේ නෑ කියලා. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව කළ අනතුරු ඇඟවීමට ඛනිජ තෙල් සංස්ථාව කෙබඳු ප්‍රතිචාරයක් දැක්වූවාදැයි අප සොයා බැලීමු. තෙල් සංස්ථාව අමාත්‍යාංශයත් සමග එකතුවෙලා මේකට විසඳුමක් දෙන්න උත්සාහ කළා. 2012 වන විට මේ බාල ‍පොම්ප මොනවද කියල බලන්න කමිටුවක් පත්කළා. (D.M.P.C.)මේ කමිටුවෙන් ‍පොම්ප තෝරලා ‍පොම්ප 500ක් ගේන්න සූදානම් කළා. නමුත් 2015 ජනවාරි09 පස්සේ කිසියම් පුද්ගලයෙක් අමාත්‍යංශය හරහා බලපෑම් කළා “මගේ ‍පොම්ප ටික ගන්න” කියලා. එතැනින් ඒ වැඩේ හමාර වුණා. තෙල් සංස්ථාවට අද වෙනකම් බැරි වෙලා තියෙනවා හොඳ ‍පොම්පයක් ලබා දෙන්න. බරපතළ අවුලකයි සංස්ථාව ඉන්නේ. 2014 හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා තෙල් සංස්ථාවේ කමිටුවක්ද පත්කරලා ඉන්ධන ‍පොම්ප 495 අහඹු ලෙස පරීක්ෂා කරලා තියෙනවා. ඔහු ඊට පසුව අමාත්‍යංශ ‍ලේකම්ට වාර්තාවක් දෙනවා ‍පොම්පවලින් 40ක ඉන්ධන නිකුත් කරන්නේ නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් කියලා. ඉහළ නිලධාරීන් සියල්ල දන්නවා සංස්ථාව තියෙන්නේ අර්බුදයක කියලා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ඇති ඉන්ධන ‍පොම්පවලින් විශාල ප්‍රමාණයක් කල්ඉකුත් වූ ඒවාය. මේ ඉන්ධන ‍පොම්ප හරහා පාරිභෝගිකයාට බරපතළ පාඩුවක් සිදුකරන්නේය. එසේම 1995 අංක 35 දරන මිනුම් එකක ප්‍රමිති හා සේවා පනතේ 22 වගන්තිය ප්‍රකාරව ‍පොම්ප පරීක්ෂා කර බලා මුදා තැබිමේ සම්පූර්ණ අයිතිය පැවරෙන්නේ කිරුම් මිනුම් නිලධාරීන්ටය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන්ට එවැනි බලයක් හිමි නොවේ. නමුත් අද වන විට ඔවුන් දැන හෝ නොදැන තමන් වෙත නැති නීතියක් ආරෝපණය කරමින් මහා වංචාවක යෙදේ. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව මගින් සීල් තබන ලද ඉන්ධන ‍පොම්පයක සීල් කඩා ජාවාරමේ යෙදීමට කටයුතු කරන තෙල් සංස්ථා නිලධාරීන්ට එරෙහිව වහා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය යම් ඉන්ධන ‍පොම්පයක අලුත්වැඩියාවක් කළයුතු නම් මේ දෙපාර්ශ්වයටම ඊට සහභාගි වී ඒ අලුත්වැඩියාව කළ යුතු තැනට නීතිය සංශෝධනය විය යුතුය. එසේ නොවුණහොත් ජනතාවගේ ඇසට වැලි ගසමින් දූෂිත තෙල් සංස්ථා නිලධාරින් ගෙන යන මේ මහා වංචාවට තිත තැබිම අසීරු වනු ඇත.

හැමෝටම වැදගත් EPF ගැන දැනගෙන ඉන්න ඕන දේවල්

රාජ්‍ය නොවන පෞද්ගලික අංශයේ රැකියාවක් කරන ඕනෙම කෙනෙක්ට සෑහෙන්න හුරු පුරුදු වචනයක්නේ මේ EPF ෆන්ඩ් එක කියන්නෙ. මාසෙ අන්තිමට පඩි ශීට් එක අතට ගත්ත ගමන්ම දන්නවා EPF වලටනම් මෙච්චරක් කැපිල කියල. හැබැයි රැකියා කරන හුඟ දෙනෙක්ට ලොකූ අවබෝධයක් නැහැ මේ කැපෙන EPF සල්ලි කැපෙන්නේ ඇයි, කැපිල යන්නෙ කොහෙටද වගේ කාරණා ගැන. අන්න ඒ නිසාම විශ්‍රාම ගිහින් සල්ලි ගන්න ගියහම අපහසුතාවයන්ට පත්වෙන අවස්ථා ඕන තරම්. අන්න ඒ නිසාම අපි හිතුව මේ EPF ගැන වැදගත් කාරණා කිහිපයක් කතා කරන්න.

EPF කියන වචනෙ තේරුම ගත්තොත් මේක Employee’s Provident Fund කියල තමයි කියවෙන්නෙ. එහෙම නැත්තම් සිංහලෙන් කිව්වොත් සේවක අර්ථසාධක අරමුදල. අපි හැමෝම, විශේෂයෙන් පරණ අම්මල තාත්තල කියපු පුරුද්දට ෆන්ට් එක කිව්වට හරි වචනෙ ෆන්ඩ් (Fund) කියන එක. ඒ කියන්නෙ අරමුදල කියන එක. මේකෙන් ප්‍රධානවම වෙන්නෙ යම්කිසි මුදලක් හැම මාසෙම අදාල සේවකයාගේ නමට මේ අරමුදලට බැරවෙන එක. මේ අර්ථසාධක අරමුදල ක්‍රියාත්මක වෙන්නෙ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ. ඉතින් මේ අරමුදලෙන් කියන විදිහටම EPF එක කියන්නේ සේවකයාගේ විශ්‍රාම දිවිය ගැන හිතේ තියෙන බර යම් තරමකට අඩු කරන්නත් රටේ ආර්ථිකය නගා සිටුවන්න සේවකයා දක්වපු සහයෝගය අගය කරන්නත් පිහිටවපු අරමුදලක්.

මේ EPF කියන්නෙ ලංකාවේ විතරක් ක්‍රියාත්මක වෙන අරමුදලක් නෙමෙයි. ඉන්දියාව, මැලේසියාව වගේ තවත් රටවල් කිහිපයක්ම සේවක විශ්‍රාම සුභසාධනය වෙනුවෙන් මේ විදිහට මේ අරමුදල ක්‍රියාත්මක කරනවා. හැබැයි අපේ ලංකාවේ EPF පටන් ගන්නේ, ඒ කිව්වේ මේ සේවක අර්ථසාධක අරමුදල පිහිටුවන්නේ 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ. මේ අරමුදලට අදා​ළ සියලුම නීති, කොන්දේසි සඳහන් වෙන්නෙ මේ පනතේ තමයි. දැනට ලංකාවේ තියෙන ලොකුම සමාජ ආරක්ෂණ යෝජනාක්‍රමය වෙන්නෙත් මේ EPF එක කියල තමයි කියන්නෙ.

හැම මාසෙම අන්තිමට පඩියෙන් මේන්න මෙච්චරක් කැපිල යනව කියල දැනගෙන හිටියට මේ EPF එක ගණනය වෙන්නෙ කොහොමද කියන එක ගැන හුඟක් අයට ලොකු අදහසක් නැහැනේ. ඔන්න අපි ඒ ගැනත් කතා කරමු. මාසෙ අන්තිමට තමන්ගේ වැටුප් පත්‍රිකාවේ දළ වැටුපෙන් තමයි මේ EPF ගණනය වෙන්නෙ. ඒ කියන්නේ ස්ථිර නොවන දීමනා වර්ග ඇරුණම මූලික වැටුපයි සියලුම ස්ථාවර දීමනාවන්ගේ එකතුවෙනුයි යම් ප්‍රතිශතයක් කැපෙනව EPF විදිහට. අර කලින් කියපු පනත අනුව ලංකාවේ සේවකයෙකුගෙන් අවම 8% ක දායකත්වයක් මේ අරමුදලට ලැබෙන්න ඕන. ඒ කියන්නේ ඔයා ඔයාගේ පඩියෙන් 8% ක කොටසක් මේකට දෙන්න ඕනෙ. ඒකත් එක්කම සේව්‍යයා, සේවා යෝජකයා එහෙම නැත්තම් සරලවම කිව්වොත් ඔයාගේ ආයතනය 12% ක දායකත්වයක් දෙන්න ඕනෙ. මේන්න මේ දෙකේම එකතුව ඒ කියන්නේ 20% ක ප්‍රමාණය ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ ගිණුමක තැන්පත් වෙනවා. අන්න ඒ එකතුවෙන මුදලට පවතින ආර්ථික තත්ත්වයන් යටතේ වෙනස් වෙන හැබැයි සැලකිය යුතු මට්ටමකින් හොඳ පොලී අනුපාතයක් යටතේ පොලියකුත් එකතු වෙනවා. ඔය අපි කිව්වේ රජයෙන් නියම කරල තියෙන අවම ප්‍රමාණය උනත් ආයතනයේ තීරණය මත ඊට වඩා වැඩි ප්‍රතිශතයක් උනත් EPF විදිහට වෙන් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට සේවකයාගෙන් 10% ක් සහ ආයතනයෙන් 15% විදිහට EPF ගෙවන්න පුළුවන්.

දැන් අර කලින් කියපු විදිහට කැපිල අයින් වෙන මුදල සේවකයාගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ ගිණුමක තැන්පත් වෙන බව අපි කිව්වනේ. මේන්න මේ මුදලට ඔය කියපු පොලියත් එකතු වෙලා අවසාන ශේෂය කීයද කියන එක හැම මාස 6 කටම සැරයක් එක එක සේවකයාගේ නමට වෙන වෙනම ප්‍රකාශයක් (statement) මඟින් දැනුම් දීම කරනවා අරමුදල විසින්ම. හැබැයි මේ ස්ටේට්මන්ට් එක එන්නේ අවුරුද්දක විතර ප්‍රමාදයකින්. ඒ කිව්වේ ගිය අවුරුද්දේ මුල් මාස හයේ ශේෂයට අදා​ළ ස්ටේට්මන්ට් එක ඔයාට ලැබෙන්නේ මේ අවුරුද්දේ අන්තිම කාලේදී වගේ. අනිත් එක මේ ස්ටේට්මන්ට් එකෙන් දැනගන්න පුළුවන් දැනට සේවය කරන ආයතනයට අදාල EPF බැලන්ස් එක විතරයි.

ඔය විදිහට නැතුව මොකක්ම හරි උවමනාවකට මුළු රැකියා ඉතිහාසයටම අදා​ළ බැලන්ස් එක බලාගන්න ඕනනම් ඒක ලේසියෙන්ම කරන්න පුළුවන් මහා බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් කාර්යාලයට ගිහින්. බොහොම කාර්යක්ෂම සේවාවක් මෙතනින් ලැබෙනවා. උපරිම පැය බාගයක් ඇතු​ළත බැලන්ස් එකට අදා​ළ ස්ටේට්මන්ට් එකකුත් අරගෙන එන්න පුළුවන්. හැබැයි මතක ඇතුව ජාතික හැඳුනුම්පත අරන් යන්න ඕන. ඒ වගේම මේ අරමුදෙන් ලඟදි ඔන්ලයින් සේවාවකුත් ආරම්භ කරල තියෙනවා මේ බැලන්ස් එක චෙක් කරගන්න. EPF වෙබ් අඩවියේ ඒකට අදා​ළව තියෙන අයදුම්පත සම්පූර්ණ කරලා වර්තමාන සේවා යෝජකයා ලවා සහතික කරලා පරණ සේවා යෝජකයින්ගෙන් ලැබුණ B කාර්ඩ් වල පිටපත් එක්ක බාරදුන්නම ලේසියෙන්ම මේ ඔන්ලයින් සේවාවටත් ලියාපදිංචි වෙන්න පුළුවන්.

ඔන්න වැදගත්ම කතාව. කොහොම එකතු උනාම මොකද අපිට සල්ලි ගන්න පුළුවන් විදිහනේ වැදගත්ම. නැද්ද? මේ එකතුවෙන EPF එක මූලිකවම ක්ලේම් කරන්න එහෙමත් නැත්තම් ලබාගන්න පුළුවන් වෙන්නෙ විශ්‍රාම ගියාට පස්සෙයි. ඒ කිව්වේ කාන්තාවකට නම් අවුරුදු 50නුත් පිරිමි කෙනෙකුට නම් අවුරුදු 55නුත් පස්සෙයි. හැබයි මෙතැනදී මේන්න මේ පහල සඳහන් කරපු හේතු නිසා ස්ථිරවම රැකියාවෙන් ඉවත් වෙන අයට ඔය කියපු වයස් සීමාවන්ට කලින් EPF බැලන්ස් එක ක්ලේම් කරන්න පුළුවන්.

කාන්තාවක්නම් තමන්ගේ විවාහයට මාස තුනකට හෝ විවාහයෙන් අවුරුදු 5ක කාලයක් ඇතුලත රැකියාවෙන් ඉවත් වූ අවස්ථාවක. ස්ථිර අබාධිත තත්ත්වයක් හේතුවෙන් රැකියාවෙන් ඉවත්වෙන අවස්ථාවක (මීට අදාළ සියලු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්න ඕන) ස්ථිර වීසා මත වෙනත් රටකට සංක්‍රමණය වෙන අවස්ථාවක. විශ්‍රාම වැටුප් හිමිවෙන ස්ථිර රජයේ රැකියාවකට යාම සඳහා සේවයෙන් ඉවත් වෙන විට. ආයතනය වසා දැමීමක්, ජනසතු කිරීමක් වැනි කාරණා මත සේවයෙන් ඉවත්වීමට සිදුවන අවස්ථාවක (මේ කාරණය මේ ලිස්ට් එකට මෑතක අලුතෙන්ම එකතු වුණ එකක්)

ඉහලින් කියපු විදිහට තමන්ගේ EPF බැලන්ස් එක ක්ලේම් කිරීමට අමතරව මේ EPF එක ඇපයට තියල නිවාස ණයක් ලබාගන්න පුළුවන් ක්‍රමයකුත් අරමුදල මඟින් හඳුන්වා දීල තියෙනවා. දැනට සේවයේ දී සිටින අරමුදලේ ක්‍රියාකාරී සේවකයින්ට තමන්ගේ EPF බැලන්ස් එකෙන් 75% ක මුදලකුත්, සේවයේ යෙදෙන්නේ නැති අවුරුද්දක කාලයක් ඇතුලත අරමුදලට දායක මුදල් සපයා නැති ක්‍රියාකාරී නොවන සාමාජිකයින්ට බැලන්ස් එකෙන් 50% ක මුදලකුත් ලංකා බැංකුව, මහජන බැංකුව ඇතුළු රජයට අනුබද්ධ බැංකු 5කින් නිවාස ණයක් විදිහට මේ ණය මුදල ගන්න පුළුවන්. හැබැයි මෙතැනදී ණයට අදා​ළ වාරික අපි මාසිකව අදාල බැංකුවට වෙනම ගෙවන්න ඕන. එක EPF බැලන්ස් එකෙන් කැපෙන්නේ නැහැ. EPF එක ඇපයක් විදිහට තියාගන්නව විතරයි.

මේන්න මේ ක්‍රමය පවතින ආණ්ඩුව මඟින් හඳුන්වා දීපු අලුත්ම ක්‍රමයක්. දැනට ක්‍රියාකාරීව අරමුදලට මුදල් දායකත්වය සපයන සහ අවුරුදු 10කට වැඩි සේවා කාලයක් දායකත්වය සපයල තියෙන සාමාජිකයින්ට පුළුවන් තමන්ගේ බැලන්ස් එකෙන් 30% මුදලක් නැවත ලබාගන්න. මේක ලෝන් එක වගේ නෙමෙයි. බැලන්ස් එකෙන් අඩු කරලා අපිට ගෙවනවා. ආයෙත් ගෙවන්න ඕන නැහැ. මේ සේවාවට අදා​ළ වෙනමම යුනිට් එකක් නාරාහේන්පිට කම්කරු කාර්යාලයේ තියෙනවා. එතනින් අදා​ළ අයදුම්පත් ලබාගන්න, ගන්න පුළුවන් මුදල චෙක් කරගන්න වගේම අයදුම්පත් බාරදීල මුදල ලබාගන්න එක දක්වාම බොහොම කාර්යක්ෂම, සුහදශීලි සේවාවක් ලබාගන්න පුළුවන්.

ඉතින් මේන්න මේ EPF කියන ගැඹුරු කාරණාව ගැන උඩින් උඩින් තේරෙන විදිහට අවශ්‍යම දේවල් පැහැදිලි කිරීමක් තමයි මේ ක​ළේ. EPF ක්ලේම් කරන එක, ඒ ඒ දේවලට අදාල අයදුම්පත් වර්ග වගේ හුඟක් ලොකු කාරණා තියෙනවා. නමුත් මේ ප්‍රමාණය ඇති නොතේරෙන කෙනෙක්ට සරල අවබෝධයක් ලබාගන්න.

ඔබ දියවැඩියාවෙන් පෙලෙන අයෙක්ද

දියවැඩියාව කියන්නේ ලෝකයේ බොහෝ රටවල් වල ප්‍රධාන සෞඛ්‍ය ගැටළුවක්. මෑතදී කරපු සමීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා ලංකාවේ මිනිස්සු ලක්ෂ 20කටත් වඩා දියවැඩියාව තියෙන බව. ඒ කියන්නේ හැම 10 දෙනෙකුගෙන්ම කෙනෙක් දියවැඩියා රෝගියෙක් කියන එකයි. මේ තත්වය පහු ගිය කාලය පුරා කිසිම අඩු වීමක් නම් නෑ. යන විදිහට ගියොත් ඊළඟ අවුරුදු 15 ඇතුලත ජනගහනයෙන් 1/6 කට දියවැඩියාව වැළෙඳන්න ඉඩ තියෙනවා කියලයි කියවෙන්නේ.

ඉතින් තේරෙනවා නේද මේක මොන තරම් විශාල ගැටලූවක්ද කියලා? එන්න එන්නම සීනි අධික ආහාර ගන්න එකත්, ශරීරයට අවශ්‍ය තරමට වඩා ආහාර ගන්න එකත්, ව්‍යායාම අඩු කමත්, මානසික ප්‍රශ්නත් දියවැඩියාව ඉහළ යන්න හේතු වෙනවා. ඉතින් මේකෙන් මිදීම සඳහා විවිධ ක්‍රියා මාර්ග ගන්න සෞඛ්‍ය අමාත්‍යංශයට පවා සිදු වෙලා. පැණි බීම වල සීනි ප්‍රතිශතය ගහන්න ඕනේ කියන නීතිය දාන්න හේතුව වුණෙත් ඕකයි.

දියවැඩියාව කියන්නේ ශරීරයේ ලේ වල තියෙන ග්ලූකෝස් ප්‍රමාණය ඉහළ යාම නිසා ඇති වන රෝග තත්වයක්. ශරීරයට ග්ලූකෝස් ලැඛෙන්නේ අපි ගන්න ආහාර වලින්. නිතර මේ විදිහට ලැඛෙන ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වුණාම ඒවා ග්ලයිකොජන් විදිහට ශරීරයේ තැන්පත් වෙනවා. මේ ග්ලයිකොජන් තමයි අපි කෑම නොකන වෙලාවට ශරීරයේ ශක්ති අවශ්‍යතාව සපුරන්න ග්ලූකෝස් විදිහට ආපහු ප්‍රයෝජනයට ගැනෙන්නේ. ඉතින් අපේ කට්ටිය ගොඩක් කෑම කාලා පොඩ්ඩක් වැඩ කරාම වෙන්නේ මේ විදිහට තැන්පත් වෙන ග්ලයිකොජන් පාවිච්චි වෙන්නේ නැති එකයි. අන්තිමට ග්ලූකෝස් ටික මුත්‍රා එක්ක බැහැර කරන්න ශරීරයට සිද්ධ වෙනවා. මේ තත්වයට එනවා කියන්නේ දියවැඩියා රෝගය හැදිලා ඉවරයි. ඒකයි දියවැඩියාව හඳුනා ගන්න මුත්‍රා පරික්ෂා කරන්නේ.

මේ විදිහට හැදෙන ග්ලයිකොජන් වැය කරවන්න අවශ්‍ය වෙන්නේ අග්න්‍යාශයේ හැදෙන ඉන්සියුලින්. සමහරුන්ට මේ ඉන්සියුලින් නිපදවීම අඩු වෙන එකත් දියවැඩියාව උත්සන්න වෙන්න බලපානවා. මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට ඉන්සියුලින් හැදෙන්නේ නැති එක පුංචි කාලේදී වගේම වෙනත් ඕනෑම වයසකදී වුණත් ඇති වෙන්න පුළුවන්. මෙහෙම හැදෙන දියවැඩියාව හඳුන්වන්නේ පළමුවන වර්ගයේ දියවැඩියාව කියලයි. සියලූ දියවැඩියා රෝගීන් අතරින් 10%කට විතරයි මේ තත්වය තියෙන්නේ. ඉතාම බහුලව තියෙන ප්‍රශ්නය තමයි ඉන්සියුලින් වලට ශරීරය ප්‍රතික්‍රියා නොදැක්වීම. ඒ වගේම තමයි කාන්තාවකට ගර්භණී සමයේ ඇති වෙන්න පුළුවන් තුන් වන දියවැඩියා වර්ගයකුත් තියෙනවා.

2016 ලෝක සෞඛ්‍ය දිනයේ වැඩි අවධානයක් යොමු වුණේ මේ නිහ~ මාරයා ගැන මිනිසුන් දැනුවත් කරලා එයින් වැළකෙන්න වගේම ඉක්මනින් ප්‍රතිකාර ලබා ගන්නටත් මිනිසුන් උනන්දු කරවන එක ගැනයි. දියවැඩියාව පිළිබඳ ඉහලම දැනුමක් තියෙන කෙනෙක් වන වෛද්‍ය ශිකා ශර්මා සමග කරපු සාකච්ඡාවකට අනුව ඔහු ලබා දීපු උපදෙස් 6ක් තමයි මේ කියන්න හදන්නේ. ඔහු නියුටි්‍ර හෙල්ත් කියන ආයතනයේ ආරම්භකයා වගේම ඉතා පළපුරුදු වෛද්‍යවරයෙක්. ඇෙඟ් ග්ලූකෝස් මට්ටම නිරෝගී ප්‍රමාණයට තියා ගන්න කරන්න ඕනේ සරල දේවල් 6ක් ඔහු මෙහෙම විස්තර කරනවා.

1. හැමදාම උදේට ලා උණුසුම් උණු වතුර වීදුරුවක අලූතෙන් කුඩු කරපු උළු හාල් තේ හැන්දක් දිය කරලා බොන්න. උළු හාල් කියන්නේ වෙනත් ප්‍රයෝජන ගණනාවක්ම ලබා දෙන වගේම ලේ වල තියෙන ග්ලූකෝස් සාන්ද්‍රණය අඩු කරන්නත් ඉහළ හැකියාවක් තියෙන ඇට ජාතියක්. ඒ වගේම ආහාර ජීර්ණය පමා කරලා සීනි හා කාබෝහයිඩ්‍රේට උරා ගැනීමත් අඩු කරනවා. ශරීරය සීනි වැය කරන ප්‍රමාණය ඉහළ නංවන්නත් දායක වෙනවා.

2. උළු හාල් ඇට, සූදුරු ඇට, නීම් ඇට (කොහොඹ) හා කාරල් ඇට (අන්තිම දෙක ආයුර්වේද වෙළඳ සැලකින් ගන්න) සම ප්‍රමාන වලින් අරගෙන එකට අඹරා ගන්න. දැන් මේකෙන් තේ හැන්දක් උදේ සහ රාත්‍රී ආහාරයට කලින් වතුර එකකට දාල බොන්න.

3. පනීර් ඩොඩා මල් (මේවා සුපිරි වෙළඳසැල් වල බෝතල් විදිහට තියෙනවා – ඡ්බැැර ෘදා්) 8ක් 10ක් විතර වතුරට දාල රෑ පුරාවට තියලා උදේට පෙරලා බොන්න. ඉන්දියාවේ හැදෙන මේ මල් ගස හඳුන්වන්නේ ඉන්සියුලින් ශාකය කියලා, ඒ තරමටම දියවැඩියාව නැති කරන්න හැකියාවක් තියෙනවා. මේක කරාම ඉතා ඉක්මනින් දියවැඩියාව අඩු කර ගන්න පුළුවන්.

4. අම්ලා යුෂ (නෙල්ලි යුෂ) තේ හැඳි දෙකක් හා කහ කුඩු තේ හැඳි ¼ක් එකට මිශ්‍ර කරලා උදේට බොන්න. අම්ලා කියන්නේ ලේ වල සීනි අඩු කරන්න කාලයක් පුරා පාවිච්චි වුන පලතුරක්. කාබෝහයිඩ්‍රේට් දහනය වේගවත් කරන ක්‍රෝමියම් ලවණ මෙහි බහුලව අඩංගු වෙනවා. ඒ නිසා ඉන්සියුලින් වලට ශරීරය දක්වන ප්‍රතික්‍රියාව වර්ධනය කර ගන්න පුළුවන්. ඕනෑම සුපිරි වෙළඳසැලකින් අම්ලා මිලට ගන්න පුළුවන්.

5. ඉදුණු කරවිල ගෙඩි ½ ක්, පිපිඤ්ඤා ගෙඩි ½ ක්, සෙලරි ද~ු 2ක් හා කොළ ඇපල් ගෙඩි ½ ක් එකට දමලා හොඳට බ්ලෙන්ඩර් කර ගෙන බොන්න. මේක දවසකට පාරක් ගන්න අවශ්‍යයි.

6. මස්බැද්ද කොළ තේ හැන්දක් විතර අරගෙන කොටලා වතුරේ දිය කරලා බොන්න. කෑම කන්න පැය ½ කට වගේ කලින් මේක බොන එකයි හරි ක්‍රමය. ආයුර්වේද වෙළඳසැල් වලින් ගන්න පුළුවන් මේ කොළ වර්ගය කාබෝහයිඩ්‍රේට් ශරීරයට උරා ගන්න එක පාලනය කරනවා. මේ නිසා පහසුවෙන්ම ග්ලූකෝස් මට්ටම පාලනය කර ගන්න පුළුවන්.

මේ කියපු දේවල් නිතර කරොත් ඔබට දියවැඩියා රෝගයෙන් ඇති වන අනවශ්‍ය බලපෑම් වලින් මිදෙන්න පුළුවන් වේවි. ඒ වගේම නිතරම ක්‍රියාශීලීව හිටියොත්, අහිතකර කෑම ගන්න එක, පැණි බීම හා මත්පැන් පානය එහෙම අඩු කලොත් දියවැඩියාව හදා ගන්නෙම නැතිව ඉන්නත් පුළුවන් වේවි.

හිසකෙස් ඝනව වර්ධනය කර ගැනීමට ක්‍රමයක්

කාන්තා පිරිමි භේදයකින් තොරව අපි කවුරුත් අලංකාරව හිසකෙස් වර්ධනය කර ගැනීමට ප්‍රිය කරනවා. නමුත් ඔබට ඇත්තේ ඉතා සිහින් හිසකෙස් නම් එය ඔබව අපහසුතාවයට පත් කරන කරුණක් වෙනවා. මානසික ආතතිය, හෝමෝන අසමතුලිත තාවය, විවිධ සෞඛ්‍යය ගැටළු සහ විවිධ ඖෂධ පානය කිරීම වැනි කරුණු නිසා මෙම තත්වය ඇති වන්නට පුළුවන්. බිය වීමට අවශ්‍ය නෑ. හිසකෙස් වල ඝන වර්ධනය ස්වභාවිකවම ඇති කර ගැනීම සඳහා භාවිතා කල හැකි පිළියම් කිහිපයක් අද විශ්ම ලෝකයෙන් ඔබට කියා දෙන්නම්.

දොඩම් යුෂ – හිසකෙස් වල ස්වභාවික ඝන වර්ධනයක් ඇති කර ගැනීම සඳහා භාවිතා කල හැකි පිළියමක් ලෙස දොඩම් යුෂ හඳුන්වා දෙන්නට පුළුවන්. දොඩම් ගෙඩියක් ගෙන රේණු එක් නොවන ආකාරයට යුෂ පමණක් මිරිකා ඔබේ හිසකෙස් මත ආලේප කර පසුව සෝදා දමන්න. එමගින් ඔබේ හිසකේ ඝනව වර්ධනය වේවි.

පොල් තෙල් – පොල් තෙල් මේස හැඳි හතරක් ගෙන එයට දෙහි යුෂ තේ හැඳි දෙකක් එක්කර කලවම් කරන්න. එම මිශ්‍රණය ඔබේ හිසකෙස් වල ආලේප කර හිසෙහි සමට හොඳින් උරාගන්නා තෙක් හිස විනාඩි 10-15 පමණ හොඳින් සම්භාහනය කරන්න. සම්භාහනයෙන් පසු විනාඩි 70 ගත වීමට පෙර හිස හොඳින් සෝදා පිරිසිදු කර ගන්න.

ඔලිව් තෙල් – පොල් තෙල් තරම් සාර්ථකව ඔලිව් තෙල් මගින් සමේ තෙතමනය ආරක්‍ෂා කර නොදුන්නත් හිසකෙස් වල වර්ධනය සඳහා ඔලිව් තෙල් භාවිතා කරන්නට පුළුවන්. ඔලිව් තෙල් තේ හැන්දක් ගෙන හිසේ හොඳින් තවරා හිසට සිදුවන රුධිර සංසරණය වේගවත් වීමට විනාඩි කිහිපයක් හිස සම්භාහනය කරන්න.

එඬරු තෙල් – එඬරු තෙල් මගින් ඔලිව් තෙල් වලට සමානය පෝෂණ ගුණයක් හිසකෙස් වලට ගෙනෙනවා. එඬරු තෙල් ස්වල්ප ප්‍රමාණයක් ගෙන එයට මී පැණි තේ හැන්දක් එක්කර මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය හිසේ හොඳින් ආලේප කර හොඳින් සම්භාහනය කරන්න. මෙම සම්භාහන ක්‍රමය සතියකට වාර තුනක් හෝ හතරක් සිදු කරන්න.

කෝමාරිකා – හිසකෙස් වල තෙතමනය නිසි ලෙස ආරක්‍ෂා කර දෙන කෝමාරිකා භාවිතා කර හිසකෙස් වල ඝන වර්ධනය ඉක්මණින්ම සිදු කර ගන්නට පුළුවන්. කෝමාරිකා පත්‍ර කිහිපයක් ගෙන එයින් කෝමාරිකා ජෙල් සපයා ගන්න. කෝමාරිකා ජෙල් හිසකෙස් වල සහ හිසෙහි සමෙහි ආලේප කර විනාඩි කිහිපයක් තබා සෝදා පිරිසිදු කර ගන්න.

විනාකිරි – හිසකෙස් සිහින් වීම වැනි හිසකෙස් ගැටළු වලට සාර්ථක විසඳුමක් ලෙස විනාකිරිත් භාවිතා කරන්නට පුළුවන්. මේ සඳහා ඔබට සුදු විනාකිරි හෝ ඇපල් විනාකිරි වුවත් භාවිතයට ගන්නට පුළුවන්. ඔබට කැමති විනාකිරි වර්ගයක් භාවිතා කර ඔබේ හිසකෙස් සෝදා විනාඩි කිහිපයක් සිට හිස සම්භාහනය කර ෂැම්පු යොදා හිසකෙස් සෝදා පිරිසිදු කර ගන්න. මෙහිදී විනාකිරි ඉතා ස්වල්ප ප්‍රමාණයක් එනම් මේස හැන්දක් පමණ හිස සේදීමට අවශ්‍ය වතුරට මිශ්‍ර කර හිස සෝදා ගැනීම කරන්න. කිසි විටෙකවත් විනාකිරි පමණක් ඔබේ හිස කෙස් මත ආලේප කරන්න එපා.

ලංකාවේ පාස්පෝර්ට් එකක් තියන අයට

පුළුවන් කාලේ පුළුවන් තරම් ගමන් බිමන් යන්න. එහෙම ගමන් යද්දී පුළුවන් තරම් අලුත් තැන් වලට, පුළුවන් තරම් දුර තැන් වලට වගේම පුළුවන් තරම් නුපුරුදු තැන් වලටත් යන්න බලන්න, මොකද ඒ වැඩෙන් ලබා ගන්න පුළුවන් අත්දැකීම් වල සීමාවක් නැහැ. අලුත් දේවල් සොයා ගිහින් අභියෝග වලට මුහුණ දීලා ලබන පන්නරය සුව පහසුවෙන් ගෙදරට වෙලා ඉඳලා ලබා ගන්න කවදාවත් බෑ. – අතීත දේශාටකයන්ගේ කියමනක්.

මේ කතාව ගැන ටිකක් හිතලා බැලුවාම ඒකෙ ලොකු ඇත්තක් තියෙනවා, මොකද සුව පහසුවෙන් ගෙදරට වෙලා හිටියා කියලා රටින් රටට ගිහින් අලුත් දේවල් දැකලා එකතු කරගන්න මතකයන් (අද කාලේ නම් ලස්සන තැන් වලට ගිහින් ගන්න සෙල්ෆි) කවදාවත් ලබා ගන්න බැහැ. නමුත් රටින් රටට යද්දී අත්‍යාවශ්‍ය වන පාස් පෝට් එක, නැතිනම් ගමන් බලපත්‍රය ගැනත් ටිකක් හොයා බලන්න අවශ්‍යයි. රුපියල් 3,000ක් දීලා සති දෙකෙන් හරි, රුපියල් 10,000ක් දීලා එක දවසින් හරි ගන්න පුළුවන් අපේ ශ්‍රී ලංකා පාස් පෝට් එක පාවිච්චි කරලා අර අතීත දේශාටන උපදෙස පිළිපදින්න යන අයට ඇති වෙන අමතර ගැටළු මොනවද? මේ වගේ සුවිශේෂ අභියෝග 5ක් ගැන ඔබට පොඩි විස්තරයක් ගෙන එන්න Roar එකේ අපි තීරණය කළා.

විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ගොඩක් අභියෝග ඒ තරම් ප්‍රසන්න අත්දැකීම් නෙවෙයි. වෙන රටකට යන්න හිතනවා නම් ඔබට ලොකු පෝලිම් ගණනාවකම ඉන්න වෙනවා. බැංකු ලිපි ලේඛන, වත්කම් ප්‍රකාශ, ෆෝම් පුරවන එක වගේම යන්නේ මොකද, ආපහු එන්නේ කවද්ද, කාව බලන්නද යන්නේ, වගේ සාමාන්‍යයෙන් ගෙදර ඉඳිද්දී අම්මා අහන ඒවා වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නත් ඔබ සුදානමින් ඉන්නම වෙනවා. ලොකුම කරදරේ විදිහට අදාළ රටට ගියාට පස්සේ රටට ඇතුළු වෙන්න දෙන්න බැහැ කියලා දැනගන්න ලැබෙන්න ඉඩකුත් තියෙනවා.

“ටිකට් එකක් ගත්තා, නැග්ගා, ගියා” වගේ රටින් රටට යන වැඩේ නම් ලංකාවේ මිනිස්සුන්ට කරන්න බැහැ, නමුත් ඇත්තටම කිව්වොත් ඒ ගැන අපි මැසිවිලි නගන එකත් සාධාරණ නැහැ. අවුරුදු ගානක් තිස්සේ මාලදිවයිනටයි, සිංගප්පූරුවටයි විතරක් ටිකට් අරන් ගිය අපේ මිනිස්සුන්ට දැන් ඔන්න රටවල් ගණනකින්ම වීසා නිදහස ලැබිලා තියනවා. කලින් තිබුනේ රටවල් දෙකයි නිසා දැන් හිතෙනවා ඇති රටවල් 5ක් 10ක් වෙන්න ඇති කියලා. නමුත් ඇත්තටම ලංකාවේ පාස් පෝට් එකෙන් දැන් රටවල් 38කට (කිව්වට විශ්වාසත් නෑ ගොඩක් දෙනෙක්ට) වීසා නැතිව ඇතුළු වෙන්න පුළුවන්

මේකේ තියන බාබඩෝස්, ජිබුටි, කේප් වර්ඩ්, ග්‍රෙනේඩා, ලෙසතෝ, මැඩගස්කරය වගේ රටවල් වලින් නම් ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනයක් නෑ. කොහොම නමුත් දෙකේ ඉඳන් තිස්අටක් කියන්නේ ලොකු පිම්මක්. ඉස්සරහ කාලේ ජාත්‍යන්තරය එක්ක තියෙන සම්බන්ධතා සහ අපේ රටේ පරිපාලන ක්‍රමවේද වලට ලැබෙන පිළිගැනීම අනුව තවත් රටවල් ගණනාවකට වීසා නැතිව ඇතුළු වෙන්න ලැබේවි. එහෙම වෙලා ලාංකිකයන්ටත් කරදරයක් නැතිව රට ලෝකේ බලා ගන්න ඉඩක් ලැබේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. කොහොම වුණත් වර්තමාන තත්වය ගැන හොයලා බලමුකො. මේ තියෙන්නේ ලංකාවේ අයට ඇති වෙන ප්‍රධානම ගැටළු පහක්.

අමතර වියදම් – වීසා සඳහා කරන අය කිරීම් ඔබේ පාස් පෝට් එක අයිති රට අනුව විශාල විදිහට වෙනස් වෙනවා. කාට වුණත් වීසා ගන්න සල්ලි ගෙවන්න වෙනවා තමයි, ඒත් ලෝකේ තියන සමහර රටවල් වල (කණගාටුවට කරුණ මේකට අපේ රටත් ඇතුලත් එකයි) ඉඳලා එන අයට අමතර බාධක වගේම ගෙවන්න වෙන ගාණත් ඉහළයි. මේකට හොඳ උදාහරණයක් දෙන්න පුළුවන්; වියට්නාමයට යන්න බොහෝ රටවල් වලින් අය කරන මුදල නොසලකා හරින්න පුළුවන් තරම් පොඩි අගයක් වුණත් ඔබ ශ්‍රී ලාංකිකයෙක් කියලා දැන ගත්තු ගමන් ඔවුන් ඒක ඩොලර් 80-100ක් දක්වා ඉහළ දානවා. මේක ඉතින් ඔවුන්ගේ පැත්තෙන් සාධාරණද නැද්ද කියලා කියන්න නම් අපි දන්නේ නැහැ, නමුත් ලංකාවේ මිනිස්සු ලෝකයට සාපේක්ෂව බොහොම අඩු වත්කම්/ආදායම් තියන පිරිසක්. අපි පව් කියලා හිතෙන එකට කරන්න දෙයක් නැහැ.

කොහොම වුණත් මේ ගැන ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ, පිට රටකට යන්න හිතන්නේ සැලසුමකට අනුවනේ. ඒ වෙලාවට වීසා වලට අය කරන මුදල් එහෙමත් ඔබේ බජට් එකට එකතු කර ගන්න වග බලා ගන්න. එහෙම වුනොත් අමතර වියදම් එක පාරට ගෙවන්න වෙන ගැටලුව ටිකක් අඩු වේවි.

හිතන්න එපා අපෙන් වැඩිපුර අය කරාට ඉක්මණට වීසා ලබා දේවි කියලා. මොකද අතිරේක අය කිරීම කිසිසේත්ම ඉක්මන් සේවාවකට කරන අය කිරීමක් නෙවෙයි. අපේ රටේ ගොඩක් දෙනෙක් මේක අත් විඳලා ඇති. ඒ වගේම තමයි ඔබට වීසා නිලධාරීන්ගෙන් අහන්න ලැබෙන මේ එපා කරපු වාක්‍යය; “අනිත් රටවල කට්ටියට තමයි එක දින හා ඉක්මන් සේවා තියෙන්නේ. ලංකාවේ අයට වීසා හැදිලා එන්න සති දෙකක් විතර යනවා.”

සමහරු හිතනවා ඇති මේ කියන්නේ දියුණු, ධනවත් රටවල් ගැන කියලා. නමුත් ඇත්තටම ලාඕස්, කාම්බෝජියාව වගේ රටවල් පවා අපිට සලකන්නේ මෙහෙමයි. ඒකට ඉතින් හේතුවකුත් නැතිවම නෙවෙයි. අපේ මිනිස්සු හරි ආසයිනේ වෙනත් රටවල පදිංචියට යන්න. ඉතින් ලංකාවේ මිනිස්සු හොරෙන් රට පනින එකට බොහොම ප්‍රසිද්ධයි. (මතකනේ කට්ටිය පහුගිය කාලේ බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවේ ගියා) මේක අහලා ලාඕස් වල අයත් හිතන්න ඇති අපි අපේ ගෙවල් දාලා ඇවිත් එයාලාගේ උණ බට ගෙවල් වල ඉන්න ආසාවෙන් ඇති කියලා. මොනවා කරන්නද ඉතින්?

තානාපති කාර්යාල නැති එක ලංකාවේ කෙනෙක් අපි මේ කියපු හැම උපදෙසම පිළිපැදලා අවශ්‍ය කරන ලිපි ලේඛන ටික සේරම එකතු කරලා සල්ලිත් ලෑස්ති කර ගත්තා කියමුකෝ, හැබැයි ඊළඟට කරන්න තියෙන්නේ සල්ලි බැඳලා මේ ලිපි ලේඛන ටික භාර දෙන එකයි. ඒ වැඩේට තැනක් හොයන්න ගියාම තමයි තරු පෙනෙන්නේ. හිතන්න ඔබට මෙක්සිකෝවට හරි ටැන්සානියාවට හරි යන්න ඕනේ කියලා. කොහේටද මේ ලිපි ලේඛන ටික දෙන්නේ?

ලංකාව ඇතුලේ ලෝකේ රටවල් 196ටම අයත් තානාපති කාර්යාල නැහැ. මේකෙන් ඇත්තටම කවුරුත් නොයන රටකට ගිහින් අත්දැකීමක් ගන්න උත්සාහ කරන කෙනෙක්ට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. අපි කියන්නේ නෑ තානාපති කාර්යාලයක් නැති වුණු පළියට ලංකාවේ මිනිස්සුන්ට ඒ රටවලට යන්න බැහැ කියලා. නමුත් වීසා එක හදා ගන්න ලොකු කාලයකුයි මුදලකුයි වැය කර කරන්න වෙනවා. මේකට හේතුව ඔබට වෙනත් රටක් හරහා (බොහෝ විට ඉන්දියාව) මේ වැඩේ කරවා ගන්න සිදු වෙන එකයි. එතකොට අමතර තැපැල් ගාස්තු, ඔවුන්ගේ සේවා ගාස්තු එහෙමත් ගෙවලා, තවත් කාලයක් බලාගෙන ඉඳලා තමයි වීසා ගන්න වෙන්නේ.

කලින් සැලසුම් හදන්න තියෙන අපහසුව අපි මේ කියපු කාරණා කියවන ඔබට හිතෙනවා ඇති ටිකක් හොයලා බලලා ගමන් බිමන් ගියා නම් ඉවරයිනේ කියලා. කතාව ඇත්ත, උදේ නැගිටපු ගමන් වෙන රටකට යන්න තීරණය කරනවා වෙනුවට ටිකක් හොයලා බලලා යන එක වඩා හොඳයි තමයි, ඒත් හොයලා බලන එකෙත් ඇත්තටම ගැටළු තියෙනවා. මොකද වීසා වලට ලොකු කාලයක් යන එකයි, ඉන්දියාව හරහා වීසා ලබා ගන්න වෙන නිසයි, ඔය කිසිම තැනකින් හරි තොරතුරු ලබා ගන්න බැරි එකයි නිසා. (මෙයාලා කියන කාල සීමා, ගාස්තු එහෙම නිතරම වෙනස් වෙන්න ඉඩ තියෙනවා.)

මේ නිසා ඉතින් අපේ රටේ අයට හිතුනු හිතුනු වෙලාවට වෙන රටවල් වලට යන්න නම් අවස්ථාවක් නෑ. වෙනත් රටවල් වල මැගසීන් එහෙම බලනවා නම් දැකලා ඇති රෑ නිකමට ගෙදර ඇඳට වෙලා ඉන්ටර්නෙට් එකේ ඉද්දී දැකපු ඇඩ් එකක් බලලා පහුවදා උදේ ඒ රටට ගිහින් ආවා වගේ කතා. ඒවා ඉතින් අපේ රටේ මිනිස්සුන්ට හීන විතරයි. වන් වේ ටිකට් එකක් අරගෙන වෙනත් රටකට ගිහිල්ලා හිතට එන අදහසට අනුව රටින් රටට ගිහින් ගන්න අත්දැකීම හරිම වෙනස් විදිහේ එකක්. එහෙම කරපු අය ලබා ගත්තු අමතක නොවෙන අත්දැකීම් ගැන ඕන තරම් කතන්දර තියෙනවා.

ඒ වගේ අවස්ථා ඉතින් අපිට නම් කවදාවත් ලැබෙන එකක් නැහැ. කලින් ලොකු සැලසුමක් හදලා හිතා ගත්තු රටට විතරක් ගිහින් එන එක තමයි අපිට කරන්න පුළුවන්. කොහොම වුණත් ඒකට හිතුවට වඩා කාලයක්, මුදලක් යන අවස්ථා වුණත් ඕන තරම්.

කෙලින්ම ප්‍රතික්ෂේප වෙන එක පුද්ගලික අත්දැකීම් අනුව කියන්න පුළුවන් දෙයක් තමයි තවමත් රටකින් රටකට යන දේශ සීමා වලදී (උදාහරණයකට වියට්නාම – කාම්බෝජියා දේශ සීමාව) අහන්න ලැබෙන අමිහිරි ප්‍රතික්ෂේප කිරීම. “ලංකාවේ මිනිස්සුන්ට අපේ රටට ඇතුළු වෙන්න දෙන්න බෑ” කියල කිසිම සමාවක් නැතුව මුහුණටම කියන අවස්ථා ඕන තරම්. විශේෂයෙන්ම ඉංග්‍රීසි කතා නොකරන රටවල් වල (ඒ කිව්වේ ඉංග්‍රීසි රාජ්‍ය භාෂාවක් නොවෙන රටවල්) වල අපි ඉංග්‍රීසියෙන් කතා කරන්න යන එක ඔවුන්ට ලොකු පහරක්. අපිට තරම්වත් ඔවුන්ට ඉංග්‍රීසි බෑ කියන එක පෙන්වන්න ඒ රටවල් වල ආගමන නිලධාරියෝ මැලි වෙනවා. ඉතින් කවදාවත් කතා කරලා ශේප් කරන්න බැහැ, මොකද ඔවුන්ට කිසිම කැමැත්තක් නෑ අපි එක්ක දිගට කතා කරන්න. ඒ වෙලාවට කියන්නේ අර කිව්වා වගේ දේවල් තමයි.

එහෙම දෙයක් අහන්න ලැබුණාම ආපහු ඇරිලා එනවා වෙනුවට කරන්න තියෙන්නේ එකම දෙයයි: අමතර මුදලක් ගෙවන්න වුණත් කමක් නෑ කියලා කියන්න. සල්ලි කියන්නේ කොහේ ගියත් ඔබට තැනක් ලැබෙන දෙයක් නිසා සල්ලි ගෙවන්නම් කිව්වාම ඔය ගොඩක් තැන් වලින් අවස්ථාවක් ගන්න ලැබෙනවා. ඉතින් සල්ලි විසි කරන්න පුළුවන් නම් ගොඩක් ගැටළු විසඳා ගන්න ලේසියි. ලෝකයේ පාස් පෝට් එකේ බලවත් කම දක්වන දර්ශකයේ 2016 අවුරුද්දෙත් අපේ රටට හිමි වෙලා තියෙන්නේ අග ඉඳන් 9 වෙනි තැන. මේකට ඉතින් අවුරුදු 30ක් තිබුණු යුද්ධය බල පෑමක් තියෙනවා වෙන්නත් පුළුවන්.

කොහොම වුණත් මේ සේරම ප්‍රශ්න අමතක කරලා වෙනත් රටවල් වලට ගිහින් බලන්න ආසාවක් තියෙනවා නම් කවදාවත් අධෛර්යමත් වෙන්න එපා. මොන ප්‍රශ්න ආවා වුණත් ලෝකය වටේ ගිහින් ගන්න පුළුවන් අත්දැකීම් සහ මතකයන් කවදාවත් අවසන් වෙන්නේ නැහැ. මේක ශාන්ත ඔගස්ටින් මහතා බොහොම ලස්සනට කියලා තියනවා මේ වාක්‍යයෙන්

ලෝකය කියන්නේ දිග හැරපු පොතක් වගේ. ගමන් බිමන් යන්නේ නැති කෙනාට ජීවිතේටම කියවන්න ලැබෙන්නේ එක පිටුවයි” – ශාන්ත ඔගස්ටින්. මේකේ අදහසත් මොන තරම් බාධක ආවත්, පාස් පෝට් එක මොන තරම් දුර්වල එකක් වුණත් රටින් රටට යන්න තියෙන ආසාව නැති කර ගන්න එපා කියන එකයි. මොකද කවදා හරි ඔබට දුක් වෙන්න වෙන්නේ “අනේ මට කිසිම රටකට යන්න බැරි වුණා” කියලා මිසක් “අනේ මට රටකට ගිහින් එද්දී සල්ලි වැඩිපුර ගියා” කියලා නෙවෙයි..

ඔබටත් මේ වගේ රටකින් රටකට යන්න ගිහින් ලැබුණු අමිහිරි අත්දැකීම් ඇති, සමහර විට පුදුමාකාර විදිහට ඔබට ලාංකිකයෙක් කිව්වාම උදව් ලැබුණු, ගමන වඩාත් පහසු වුණු අවස්ථා එහෙමත් ඇති. ඒ දේවල් අනිත් අයත් එක්ක බෙදා ගන්න කැමති නම් මෙතන හරි, අපේ ෆේස්බුක් පොස්ට් එකේ හරි ඒ අත්දැකීම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. රට ලෝකේ බලා ගන්න ආසාවකින් ඉන්න අයට ඒක ලොකු උදව්වක් වේවි

හදවත නතර වන්නට යන බවට ලැබෙන ඉගි

අපේ ජීවය රැඳී තිබෙන හදවත, ශරීරයේ ඇතුළටම වන්නට ඉතාමත්ම රහසිගත තැනක පිහිටා ඇති අවයවයකි. හදවතේ අමාරු අතකපයක හට ගන්නා රෝගි තත්ත්වයන් මෙන් පහසුවෙන් නොදැනීම, බොහෝ අවාසනාවන්ත තත්ත්වයන්ට මගපාදයි. හදවත නතර වූ සැණින් සියල්ල නිමාවට පත්වූ අවස්ථා ඔබ අවටින් කොතෙකුත් ඔබ අත්දැක ඇති. හදවත තුළ සිදුවන්නේ කුමක්ද? හදිසියේ එය නතර වන්නේ කෙසේද? යන්න පිළිබඳව කල්තියා දැනගෙන සිටීම කෙදිනකදි, කාට වුවද ප්‍රයෝජනවත් විය හැකිය.

කාර්යාලයක සේවයේ නියුතු සේවක මඩුල්ලක් එහි විවිධ වූ රාජකාරි බෙදා වෙන්කොට ගනිමින් සේවයේ නියුතුව සිටින්නේ යම් සේද, අපේ ශරීරයේ විවිධ වූ ස්ථානවල ඇති විවිධ අවයවයන්ද විවිධ වූ රාජකාරි බෙදා වෙන්කොට ගෙන නිරන්තර සේවයක යෙදී සිටී. සේවක මඬුල්ලක සියලු දෙනාගේ අවශ්‍යතාවයන් බොහෝ විට සමානය. ඒ සියලු දෙනාම ‍පෝෂණය, නඩත්තුව, ආරක්ෂාව බලා‍පොරොත්තු වන අතර අපද්‍රව්‍ය බැහැර කිරීමේ අවශ්‍යතාවයද සෑම දෙනාටම ‍පොදුය.

එලෙසම අපේ ශරීර අවයවයන්ද විවිධ වූ රාජකාරින්හි නිරත වී සිටියද ඒ සියලු සත්කාර ඒවාද ඒ ආකාරයෙන්ම බලා‍පොරොත්තු වෙති. අපේ ශරීර අවයවයන්ට ඒ සත්කාර සපයා දෙන්නේ ශරීරය පුරා දිවෙන ‍ලේ දහරාව විසිනි. ‍ලේ දහරාවේ එම ගමනාගමනයේදී විවිධ දේ ‍ලේ විසින් සිදු කරනු ලබයි.

බඩේ සිට සෑම තැනකටම ‍පෝෂණය බෙදා හරින්නේද පපුවේ සිට මුළු ශරීරය පුරාම ඔක්සිජන් බෙදා පිටකර හරින්නේද එම ‍ලේ දහරාවයි. විවිධ අවයවයන් පිටකරන අපද්‍රව්‍ය වකුගඩු කරාගෙන යා යුතු අතර ඒ සියල්ල සෑම තැනකටම බෙදා හරින්නේද ‍ලේවල දිය කිරීමෙන් පසුවය.

මේ සියලු කාර්යයන් ඉටු කරන්නට ලීටර් පහක් පමණ වූ ‍ලේ ප්‍රමාණයක් විනාඩියක කාලයක් සඳහා අවශ්‍ය වේ. මෙම ‍ලේ ප්‍රමාණය පරිවහනය කරන්නට අවශ්‍ය කරන තල්ලුව සපයන්නා වන්නේ හදවතයි. නමුත් එය කරාමයක් ඇරි පමණින් එක දිගට ජලය ගලා එන්නාක් මෙන් සිදුවන රුධිරය ගලා ඒමක් නොවේ.

එහි ක්‍රියාපටිපාටිය නළ ළිඳක ක්‍රියාවලියට සම කළ හැකිය. මෙම තල්ලුව සැපයෙන්නේ විටින්විට හදවත ගැස්සෙන රිද්මයානුකූලවයි. මෙම තල්ලුව හේතුවෙන් ප්‍රධාන ධමනි පද්ධතියෙන් පිටතට ‍ලේ පිටත් කර හරිනවාසේම ප්‍රධාන ශිරා පද්ධතියද ශරීරයෙන් ‍ලේ ලබා ගැනීම සිදු කරයි. මෙම ‍ලේ තල්ලුව අඩපණ වුවහොත් පෙර කී ක්‍රියාවලි දෙකම නතර වීම සිදුවේ. ඉදිරි තල්ලුව දුර්වල වූ විටදී මොළයට ලැබෙන ‍පෝෂණය අඩුවී තත්පර කිහිපයක් තුළදී රෝගියා ක්ලාන්ත වී ඇද වැටෙනු ඇත.

ශිරා පද්ධතිය ‍ලේ භාර ගැනීම ප්‍රතික්ෂේප කළ විටදී කකුල්වලදීම ‍ලේ තදවී කකුල් ඉදිමෙන්නට පටන් ගනී. හදවත වම් පැත්ත සහ දකුණු පැත්ත ලෙස වෙන්වී ඇත්තේ ඒ මැද ඇති බිත්තියකින්ය. වම් පස කුහරය ‍ලේ පිටකිරීම සිදු කරද්දී දකුණු පැත්තෙන් ‍ලේ භාර ගැනීම සිදු කරයි.

එලෙස දකුණු පැත්තෙන් භාරගත් ‍ලේ ඉන්පසුව යැවෙන්නේ පපුව දෙපැත්තේ ඇති පෙණහලු වෙතටයි. එසේ සිදු කරන්නේ හුස්ම මගින් පපුව තුළට ඇදගත් වතය සමග මිශ්‍රකර ඔක්සිජන් ‍ලේවලට මුසු කිරීම සඳහාය. ‍ලේවලට බබළන රත් පැහැයක් හිමි වන්නේ එලෙස එම ‍ලේ ඔක්සිජන් සමග මිශ්‍ර වූ පසුවය.

ඔක්සිජන් එකතු වූ ‍ලේ ඊළඟට හදවතේ වම් පැත්තට ගමන් කරයි. ඒ එම ‍ලේ ශරීරය පුරා පිටත්කර හැරීමටය. එහෙත් එම ‍ලේවලට හදවතේ වම් පැත්තට ඇතුළු වන්නට අපහසු නම් පෙණහලු කරා පැමිණි ‍ලේ පෙණහලු තුළම තදවෙමින් රැඳී පවතී. එවිට රෝගියාට හුස්ම ගැනීම අපහසුවේ.

මුලින්ම මෙම තත්ත්වය රෝගියා යම් කාර්යයක නියැලී සිටින විටදී පමණක් පැවැතියද ටිකෙන් ටික උත්සන්න වන විටදී විවේකීව සිටින්නටත් අපහසුවේ. එවිට කෙළින් සිටගත් විට යම් පහසුවක් දැනුණද වැතිරී සිටින විට පපුව තව තවත් තද වන්නට පටන් ගනී.

මෙලෙස ශරීරය පුරා ‍පෝෂණය බෙදා හරින හදවතද නඩත්තු නොවී බැරිය. එහෙත් එය සිදු වන්නේ වෙනස්ම ආකාරයකටය. නිතර මුදල් අතපත ගාමින් සියලු දෙනාට පඩි ගෙවන නිලධාරියාටද යම් වැටුපක් අවශ්‍යය. එලෙසම හදවතේ පේෂිවලටත් ‍ලේ සපයන්නට වෙනමම ප්‍රධාන නහර තුනක් ඇති අතර ඒවා හදවත වටේ විහිදී පවතී.

මෙම නහර යම් හෙයකින් තෙල් බැඳී අවහිර වූ විටදී පපුව මැදින් වේදනාවක් ඇතිකරවිය හැකිය. පුටුවක වාඩි වී මෙය කියවන කෙනෙකුට කිසිදු වේදනාවක් හට නොගත්තද ඇවිදින විටදී පපුව මැදින් තද කරන්නාක් බඳු වේදනාවක් ඇති කරවිය හැකිය. මෙම පසුබිම ඔබට සරලව මෙසේ පැහැදිලි කර දිය හැකිය.

අඩු පඩියට අඩුවෙන් වැඩ කර ගත්තද එම අඩු පඩිය තවත් කප්පාදු කර වැඩ ප්‍රමාණයද තවත් වැඩි කළහොත් එය ඔරොත්තු දෙන තත්ත්වයක් වේවිද? හදවතට ‍ලේ සපයන නහර තෙල්වලින් අවහිර වූ විට උද්ගත වන්නේ් එබඳු තත්ත්වයකි.

සමහර රෝගීන්ට විටින්විට හටගන්නා පපුවෙ ගැස්මක් පැවැතිය හැකිය. එම ගැස්ම හටගන්නා ආකාරය දැන් අපි සොයා බලමු. නළ ළිඳක ක්‍රියාවලියක් ආකාරයට හදවත ක්‍රියාත්මක වන්නේ විටින්විට ගැස්සි ගැස්සී වුවද එය සිදු වන්නේ යම් විධානයකට අනුකූලවය. මෙම විධානය නිකුත් කරන්නේද සියුම් විදුලියක් ආකාරයටයි. එම විදුලිය හදවත පුරා ගමන් කරන්නේ විටින්විට වුවද ඒ තුළ නිශ්චිත පිළිවෙළක් පවතී.

මෙම විදුලි පද්ධතියේ යම් දුර්වලතාවයක් ඇති වුවහොත් පෙර කී ගැස්ම සිදුවන්නේ ඊට හුරුපුරුදු පිළිවෙළට නොවේ. වෙනදා නැති ආකාරයට අපිළිවෙළකට සිදුවන මෙ දෙය පපුවේ ගැස්මක් ආකාරයට රෝගියාට දැනෙන්නට පිළිවන.

මේ ආකාරයට හදවත යම් මොහොතකදි නතර වන්නට පෙරාතුව ඉඟි පහක් මගින් ඔබට ඒ බව කල්තියා දැනුම් දෙන්නට පිළිවන. හදිසියේ හට ගන්නා ක්ලාන්තයක් ආකාරයට පාද ඉදිමීමක් ලෙස, හුස්ම ගැනීමේ අපහසුවක් ආකාරයට, පපුවේ වේදනාවක් ලෙස හෝ පපුවේ අමුතු ගැස්මක් විදිහට හදවතේ බරපතළ රෝගී තත්ත්වයක් ඔබට කියා පාන්නට පිළිවන.

එවැනි තත්ත්වයන් “හිටගෙන ඉඳලා කකුල් ඉදිමිලා” කියා හෝ “අද ගොඩක් මහන්සි වුණා ඒක වෙන්න ඇති” කියා හෝ එය නොසලකා හරින්නට පෙරාතුව මේ ඉඟිය හදවත නතර වන්නට පෙර සිදුකරන අනතුරු ඇඟවීමක් දෝයි සිතීම වඩාත්ම උචිතය

මාසෙට ලක්ෂ 60 ක් පඩි ගෙවන රැකියාව

මුදල් සෙවීම වෙනුවෙන් සාමාන්‍ය මිනිසුන් නොකරනා දෙයක් නැති තරම්ය. කොතරම් අවධානම් සහගත වැඩවල වුවද නිරතවීමට මුදල් සෙවීම මුල්කරගෙන මිනිසුන් ක්‍රියා කරයි. ඒ අතරින් තම ජීවිතය වුව පරදුවට තබා රැකියාවල නිරතවීමටද බොහෝ මිනිසුන් පෙළඹෙයි.

ඉතාමත් ජීවිත අවධානම් සහිත වගේම ඉතා විශාල වැටුප් ලැබෙන රැකියාද ලොව පවතී. මේ එවන් විශාල වැටුපක් ලැබෙන නමුත් ඉතාමත් අවධානම් සහගත රැකියාවක් පිලිබද විස්තරයි.

බීරිං මුහුදේ කකුලුවන් ඇල්ලීම යනු ලෝකෙ මාසෙකට වැඩිම වේතනයක් ලැබෙන රැකියාවක්. උත්තරධ්‍රැවය ආශ්‍රිතව දිය මිදෙන අධික ශීත ඍණ උෂ්ණත්ව කාලගුණය මැද දවසකට පැය 18-20 අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ සිට ජනවාරි මාසය වෙනකල් කාලය තුළ ඇලස්කානුවන් මෙම කකුලුවන් අල්ලන රැකියාවේ නිරත වෙනවා.

ඔහුන්ට ඒ වෙනුවෙන් එක මාසයකට ඩොලර් 40000 ක මුදලක් හෙවත් රුපියල් ලක්ෂ 60 ක මුදලක් ගෙවන අතර, අතිශය වෙහෙසකාරී හා අවදානම් සහිත රැකියාවකයි මොහුන් නිරත වෙන්නේ.

බීරිං මුහුදු සීමාව යනු ලෝකයේ ගැඹුරු මෙන්ම අනතුරු වැඩි මුහුදු කලාපයක් ලෙස නම් දරා ඇති ප්‍රදේශයක්. මෙම ධීවරයින් යකඩ කම්බි වලින් තැනූ කූඩු තුලට ඉස්සන් දැල්ලන් මසුන් වැනි සත්වයන් ඇමක් ලෙස භාවිත කර එම කූඩු ගැඹුරු මුහුදේ ගිල්වා මෙම කකුලුවන් අල්වා ගැනීම සිදුකරයි. කෙසේ නමුත් මෙය දරාගැනීමේ හැකියාව ඉතා ඉහල මෙන්ම පලපුරුදු කරුවන් හට පමණක් මෙම රැකියාවේ නිරත වෙනවා.

අතුල ගැන අමායා කියපු කතාව

අමායා අධිකාරී කියන්නේ සමාජජාල තුල කලින් කලට පුවත් මවන්නියක්. පහුගිය කාලේ අතුලගෙන් වෙන්වෙන්න යන කතාව වගේම පස්සේ ඔහු එක්ක කරපු මංගල ඡායාරූ කිහිපයක් නිසත් පහුගිය කාලේ ලොකු කතාබහකට ලක්වුනා. මේ ඇය මාධ්‍යට කියලා ඊට කලින් කියලා තිබුනු තවත් කතාවක් තමයි මේ.

අම්මා කෙනෙක් වෙලා තවත් අවුරුද්දක් ගතවෙලා ගියා නේද ?ඇත්තටම හරි ඉක්මනට කාලය ගතවුනා වගේ මගේ දුව ග්ලෝරි ආනා අධිකාරිට අවුරුදු තුන පිරුනනා ඒ කියන්නේ මම අම්මා කෙනෙක්වෙලා දැන් අවුරුදු තුනක් දුව දැන් අමයාගේ වැඩවලට කොච්චර විතර කරදර කරනවද ? එයා දඟ නෑ . එනිසා කරදර කරන්නේ නෑ මම කරන දේවල්ම කරන්න එයා පුරුදුවෙලා

දුව අතුලවත් නිතරම හොයනවද? ඇත්තම කතාව දුවට දැන් අතුල ගැන මතක්වෙන්නෙම නැති තරම් කියන එක . මොකද අතුල අයියා අපිත් එක්ක එක ගෙදර හිටියේ දුවට අවුරුදු දෙකක් වෙනකල් විතරයි , එයා දැන් තනියම ගෙදරක ඉන්නේ දුව එයාව දකින්නේ මාසෙකට සැරයක් විතර අතුල අයියා ගෙදරින් ගියපු මුල් දවස් වල ” තාත්ති කෝ ” කියලා දුව එයාව හෙවුවා දැන් ගානක් නෑ

අතුල , අමායයි දුවයි ගැන හොයල බලනවද? හොයල බලනවා කතාත්කරනවා හැබැයි ඉස්සරවගේ නිතර කතාකරන්නේ නැහැ එත් අපි වෙන්වෙලා දික්කසාදවෙලා නැහැ

එතකොට ඇයි අතුල එකපාරටම යන්න ගියේ? අතුල අයියා හැමදාම පවුල් ජීවිතේට වඩා එයාගේ සංගීත වැඩවලට මුල්තැන දීපු කෙනෙක් වැඩවලට ලේසි වෙන්න කියලා තමයි ගෙදරින් ගියේ බදින්න කලින්නම් මාව නැතිවම බැරි වුනා හැමදාම ලග ඉනාකොට අගේ අඩුවෙනවා කියලා හිතුනද දන්නැහැනේ

අමායා කැමති වුනාද අතුලව ගෙදරින් යනවට ? මට අතුල අයියව නැතිව ඉන්න බැරි කාලයක් තිබුනා ඒ කාලේ එයා එක දවසකට රට යනවා කිවුවත් පෙරලි පෙරලී ඇඩුවා එත් දැන් හැමදේම හරි ගිහින් එයාට වෙනම ඉන්න ඕන කිවුවම මම එයාගේ කැමැත්තට ඉඩදුන්නා

ඔය තීරණය ගත්තේ දෙන්නගේ හිත් අමනාපකමක් නිසාද ? අතුල අයියා ක්ෂණිකව ගොඩක් තරහා යන කෙනෙක් එයාගේ ඒ විදිහට තනි ජීවිතේ එයාට හොද ඇති අපි එකගෙදර නොහිටියට තරහක්නම් නෑ අපි අතර

අමායා අතුලව ලන්කරගත්තේ අමාරුවෙන් ඇයි ලේසියෙම්ම යන්න දුන්නේ මම අතුල අයියට ලං වෙද්දී මට ගොඩක් ප්‍රශ්න ආවා මගේ ගෙදරින් පවා අකමැති වුනා සමාජය මට නොකියපු දෙයක් නැහැ මම මගේ තනි කැමැත්තට හැමදේම කලේ අද මම ඉඩදීලා තියෙන්නේ අතුලායියගේ කැමැත්තට එයා මගෙන් ඈත්වුන එකට දුකයි ඊටවඩා දුක එයා මගේ දරුවාගෙන් ඈත්වුන එකට

අතුල අමායාවත් අත්හැරලා කිවුවම ආයෙත් අමයට කතා හැදෙයි? දැනටමත් එක එක්කෙනා කතා කියනවා මොකද දැනටමත් සමහර ඇය දන්නවා අතුල අයියා ඉන්නේ වෙනම කියලා දැන් ඔය කතා අහලා මම උත්තර දෙන්න යන්නේ නෑ

අන්තිමේදී අමායට වුනේ සමිතට වුනු දේමද? එයා මාව අතහැරලාම නැහැ ඒ වුනත් මේ යන විදිහට මම තනි වේවි මගේ දරුවා එක්ක . එයාට වැඩි ආසාව තියෙන්නේ තනිවම ඉන්න වෙන්න ඇති ගෙදර හිටියත් එයා තනියම ඉන්න තමයි වැඩිපුර කැමති බදින්න කලින් ඔය පුරුද්ද ගැන දන්නවනම් බදින්නේ නෑ

ඔයදෙන්න අතර තියෙන්නේ වයස ප්‍රශ්නයක් මම ඉස්සරනම් කිවුවේ මගෙයි අතුල අයියගෙයි වයස්වල වෙනසක් නා කියලා ඒවුනාට මටනම් දැනෙනවා වයස ප්‍රශ්නයක්දෝ කියලා මට 27යි අතුල අයියට 50යි ඇත්තටම අපිදෙන්නගේ හැගීම් වෙනස් මම තාම තරුණයි.