ලෝකයේ තිබෙන ආරක්‍ෂිත ස්ථාන

ලංකාවේ වගේම ලොව පුරාම සංචාරය කරන්න ගොඩක් අය උනන්දු වෙනවා. සංචාරය, ගවේෂණය කරනවා නම් ඔබ හැමදේටම කලින්ම ඔබේ ආරක්ෂාව ගැන වැඩි සැලකිල්ලක දක්වන ඕන. මොකද ලෝකයේ සුන්දරත්වය වගේම භයානක තැන් තියෙනවා. මේ කියන්න යන්නෙත් සංචාර කිරීම තහනම් කර ඇති භයානක ස්ථාන පහක් ගැනයි.

මේ තමයි ලෝකයේ තියෙන වටිනාම සුරක්ෂිතාගාරය. මේක පිහිටල තියෙන්නෙ නෝර්වේ රාජ්ජ්‍යයේ. 2008 වසරෙදි ආරම්භ කරපු මේ බෝග සුරක්ෂිතාගාරයට සාමාන්‍ය වැසියන්ට යන්න අවසර හිමිවන්නේ නැහැ. ඒ වගේම මේ බෝග සුරක්ෂිතාගාරය තුළ ලෝකයේ විවිධ ප්‍රදේශවලින් ගෙන එන ලද වටිනා බීජ වර්ග 840000 පමණ ආරක්ෂා සහිතව තැන්පත් කරලා තියෙනවා. මෙහෙම බීජ ආරක්ෂා සහිතව තැන්පත් කරන්න හේතුව තමයි හදිසියේවත් ලෝකයේ බෝග වර්ග විනාශ වෙලා ගිහින් ලෝකයේ ආහාර හිඟයක්, ලෝකයේ පාරිසරික විනාශයක් ආවොත් ඒ විනාශයන්ට මුහුණ දෙමින් නැවත ලෝකය ලෝකය ප්‍රතිනිර්මාණය කරන්න. ඒ වගේම ලෝකයේ විවිධ වූ රාජ්‍යන්ට මේ සුරක්ෂිතාගාරයේ සිය රටවල බීජයන් ගෙනත් තැන්පත් කරන්න අවස්ථාව ලබල දීල තියෙනවා.කොහොම වුණත් වර්ග මීටර් 1000 භූකි ප්‍රමාණයක පිහිටලා තියෙන මේ ස්ථානයට හැමෝටම ඇතුල් වෙන්න බැහැ.

උතුරු කොරියාව කියන්නේ ලෝකයේ අනිත් රාජ්‍යන්ට වඩා දේශපාලන, ආර්ථික සහ සමාජීය වශයෙන් වෙනස් රාජ්‍යක්. ඉතින් මේ Room 39 කියන කාමරය පිහිටලා තියෙන්නේ උතුරු කොරියාවේ. කිසිම කෙනෙකුට අනවසරයෙන් ඇතුළුවෙන්න බැරි මේ Room 39 ඇතුලේ නීති විරෝධී ක්‍රියා පවා සිදු වෙනවා කියලයි ආරංචි. ම1ත්ද්‍රව්‍ය වගේම ව්‍යාජ ඩොලර් නෝට්ටු අච්චු ගැසීම වගේ කටයුතු මෙහිදී සිදු වන අතර එම මුදල් උතුරු කොරියාවේ න්‍යෂ්ටික මෙහෙයුම් වෙනුවෙන් යොදාගන්නවා කියලත් කියනවා.

වර්ෂ 1886 දී John Stith Pemberton නම් ඖෂධවේදියා විසින් අපි රස කර කර පානය කරන කොකා කෝලා වට්ටෝරුව සොයා ගන්නවා. නමුත් ඔහු මෙම වට්ටෝරුව කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ. ඔහු මෙම වට්ටෝරුව ඔහු තමන්ගේ ලඟම සිටි පුද්ගලයින් 4 කු අතට පත් කරන අතර ඔහුගේ අවසන් ඉල්ලීම වන්නේ මෙය කිසිම කෙනෙකුට නොදෙන ලෙසයි. මොහු මිය ගිය පසුවත් මේ රහස ඒ ලෙසම රැකෙනවා. නමුත් 1919 දී බැංකු ණයක් ලබා ගැනීම වෙනුවෙන් මේ වට්ටෝරුව ප්‍රථමවතාවට කොළයක ලියලා ඇපයක් වශයෙන් බැංකුවේ තැන්පත් කරන්නට සිදු වෙනවා.

නමුත් වර්ෂ 2011 දී වසර 125 ට පසුව Suntrust බැංකුවේ සේප්පුවෙන් මේ වට්ටෝරුව ලියූ ලිපිය ලබාගෙන වර්තමාන කොකා කෝලා කෞතුකාගාරයේ මෙම ලිපිය විශේෂ සේප්පුවක තැන්පත් කරනවා. නමුත් කෞතුකාගාරය බලන්න ගියාට මේ ලිපිය දකින්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මේ ලිපිය තැන්පත් කළ සුරක්ෂිතාගාරයේ අනුරුවක් පමණයි අපිට දකින්න ලැබෙන්නේ.

වතිකානුව කියන්නේ ලොව කුඩාම රාජ්‍ය වුවත් මෙහි ලෝකයේ ඉතිහාසය ගැන වගේම වැදගත් දේවල් ගොඩක් ගැන වූ මූලාශ්‍රයන් තියෙන තැනක්. ඉතින් මේ වතිකානුවේ රාජ්‍ය නායකයා තමයි පාප් වහන්සේ උන්වහන්සේගේ විශේෂ අවසරයක් තිබුණොත් විතරයි මේ ලේඛනාගාරයට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ලේඛනාගාරය තුළ මයිකල් ආන්ජිලෝ, ඒ වගේම මේරි රැජිණගේ ලියවිලි වගේ ඉතාම විශේෂ ලිපි ලේඛන් තැන්පත් කරලා තියෙනවා. කොහොම වුණත් මෙහි ලිපි 35000 පමණ තිබුණත් ඒ සේරම රහසිගත ලේඛන නම් නෙවෙයි. මෙහි සේවය කරන සේවකයින් අතලොස්සකට පමණයි මෙයට ඇතුළු වීමේ හැකියාව තිබුණත් විශේෂ අවසරයක් සහිතව ලෝකයේ සමහර විද්වතුන්ට පමණක් මෙයට ඇතුළු වෙන්න පුලුවන්.

බ්‍රසීලයේ ඉල්හ ඩා දූපත සර්ප දූපත ලෙස හඳුන්වනවා. ඉතාම අලංකාර පරිසරයක් සහිත දූපතක් වුණත් බ්‍රසීල රජයෙන් මෙයට ඇතුළුවන්න අවසර ලබා දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ දූපතේ ලෝකයේ උග්‍ර විෂ සහිත සර්පයින් විශාල ප්‍රමාණයක් ජීවත් වීම. නමුත් දූපත අධ්‍යනය කරන්න පමණක් වසරකට එක් වරක් තෝරාගත් විද්‍යාඥයින් පිරිසකට මෙහි ඇතුළු වීමට අවසර ලබා දී තිබෙනවා. හැබැයි සත්ත්ව ජාවාරම්කරුවන් ඉතා රහසිගතව මෙහි ඇතුළු වී දුර්ලභ ඝණයේ උග්‍ර විෂ සහිත සර්පයින් අල්ලාගෙන Black market එක තුළ විකුණන බව වාර්තා වෙනවා.ඒකට හේතුව මෙම සර්පයින්ගේ මිල ඉතා අධික වීම. කෙසේ වෙතත් මේ වැඩේ නම් අනතුරුදායකයි