මේ කතා 14 නම් කවදාවත් කියන්න එපා

ආදරේ කියන්නෙ හිතට ආසා කෙනෙක් ගාව නිදහසේ ජීවත් වෙන එකට කියලා ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන්. ඒත් නිදහසේ ජීවත් වෙනවා කියලා හිතට හිතෙන හැමදේම අනිත් මනුස්සයාගෙ පැත්තෙන් නොහිතා කියලා දාන එක එතිකලි හරියි කියලා හිතනවානම් එතන ලොකු අවුලක් තියෙනවා. ඒ ලොකු අවුල එන්නෙම මහා ආත්මාර්ථකාමී කමකුත් එක්කමයි. අපි මේ කියන්න යන්නෙ තමුන්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉස්සරහා නොකිව යුතු කරුණු ටිකක් ගැනයි.

1. ඔයාගෙ පස්ස ලොකු වෙලා – ඔයා මේක කම්ප්ලිමන්ට් එකක් විදියට කිවුවත් නැතත් කෙල්ල හිතන්නෙ ඔයා මේ එයා මහත් වෙච්ච එකට විහිළු කරනවා සහ එයාගෙ පෙණුම ඔයාට දිරවන්නෙ නැහැ කියලා කියනවා කියලයි.

2. හොඳයි – මේ තනි වචනෙ උත්තරේ ඔයාගෙ කතාවෙන් බැහැර කරන තරමට හොඳයි. මට මේ ඇඳුම ලස්සනයිද? අපි අද ටජ්මහල් හෝටලෙන් කමුද? කියල ඇහුවම ඔය කෙටි උත්තරේ නොදී පොඩි උනන්දුවක් පෙන්නුවනම් හරි.

3. ආපෝ ඔයාලගේ අම්මනං – කෙල්ලෙක් තමුන්ගෙ අම්මට ආදරෙයි. ඒ නිසා අම්ම ගැන එයා නරකක් කියන වෙලාවක් වුනත් ඔවු ඔවු ඔයාගෙ අම්මනං ගන්න දෙයක් නෑ වගේ කතා කියන්න එපා. ඒක බැක්ෆයර් වෙන්න ඉඩ තියෙනවා.

4. ෂා නිෂානිගෙ ලස්සන – කෙල්ලගෙ යාළුවොන්ව ඕනවට වඩා වර්ණනා කරන්න එපා. කැමතිනං දෑසින් විඳලා බලා සැනසෙනවා ඇරෙන්න. 5. ඕන එකක් – කෙල්ල ඔයාගෙ චොයිස් එකකට ඉඩදුන්නොත් (එහෙම ඉඩ දෙන්නෙ කාලෙකට පාරක් වුනත්) ඒ චොයිස් එක අරගන්නව මිසක් ඕනවට එපාවට ඕන දෙයක් කියලා කියන්න එපා.

6. මේකප් කරන්නෙපා – එයා කැමති දේ එයාට කරන්න දෙන්න. මේකප් කරා කියලා පොකට් එකට පොඩ්ඩක් දැනුනට කෙල්ලගෙ හිත සතුටෙන් තියෙන එකම මදිද? ඔයා මේකප් කරත් නැතත් එකම විදිය තමයි. ඒ නිසා ඕක කරන්නෙපා කියලා කියන්නෙපා.

7. තවත් කනවද? – ගෑණුංගෙ මූඩ් චේන්ජ් වෙනකොට කරගෙන යන ඩයට් ප්ලෑන් බල්ලට දාලා කන්න පනින වෙලාවල් තියෙනවා. එහෙම වෙලාවට කෝ දැන් ඔයාගෙ ඩයටීෂන් මැරුණද? ඔයා දැනටම එකපාරක් රෑට කෑව නේද? වගේ කතා අහන්නෙපා. කන බොන කෙල්ලෙක් කියන්නෙ හිත හොඳ කෙල්ලෙකුට. කන්න කැමති වෙලාවක එයාට කන්න ඉඩ දෙන්න.

8. මට තේකක් හදනවකො – මේ ආරච්චිලගෙ කාලෙ නෙමෙයිනෙ. ගෑණු කියන්නෙ වැඩකාරියො නෙමෙයි. ගෑණුත් රට ගොඩදාන්න සක්‍රීයව දායක වෙනවා. ඒ හින්දා ඔයාට රස තේකක් හදාගන්න බැරිනං වැඩකාරියෙකුට විදියට නැතුව “මට ඔයාගෙ රස තේකක් හදල දෙන්න පුළුවන්ද මැණිකෙ?” කියල අහන්න. තේකත් එක්ක කිරි ටොපි කෑලි දෙකකුත් එන්න ඉඩ තියෙනවා.

9. අරයනං එහෙමයි – ශානිකා නං එයාගෙ කොල්ලට හැමදාම එද්දි මොනවහරි අරං එනවා. ඇයි ඔයා එහෙම නැත්තෙ. වගේ කතා අහන්න එපා. කෙල්ලො කැමති නැහැ තවත් කෙල්ලො වගේ වෙන්න.

10. අම්මනං පරිප්පු ඉවුවෙ හින්දලා – කෙල්ලො මෙන්න මේ වැඩේටත් කැමති නැහැ. අම්ම ගාව හිටපු විදියටම කෙල්ලො ගාව ඉන්න බැහැ. අම්ම පරිප්පු හින්දලා ඉවුවනං කෙල්ලගෙන් පරිප්පු තෙම්පරාදු කරලා කන්න ‍සිද්ධ වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්න කරාට ඒක අම්මගෙ උදාහරණෙන් කියන එක ගොන් කමක්.

11. මොකද්ද ඔයාගෙ ලග්නෙ කිවුවෙ? – කෙල්ල ගැන පොඩි පොඩි දේවල් මතක තියාගෙන ඉන්න එක හොඳයි. අමතකයි නං මතක විදියට කටවහං ඉන්න එකත් හොඳයි 12. ඔයාට තේරෙන එකක් නෑ – ෆිල්ම් එකක් වගේ බලන වෙලාවක “මොකද්ද අනේ ඒ වුනේ?” කියලා ඇහුවොත් “ඔයාට තේරෙන එකක් නෑ” වගේ දෙයක් කියලා එයාව අන්ඩර් එස්ටිමේට් කරන්න එපා කීයටවත්.

13. හප්පා සින්දුනං කියන්නෙපා – කෙල්ලො ගොඩක් බාත්රූම් සිඟර්ස්ලා. හැබැයි එයාලා සින්දුවක් කියන වෙලාවක “හාපෝ දැන්වත් ඔය කරච්චලේ නවත්තගන්නකො අනේ” වගේ දෙයක් කියන්නෙපා.

14. එපා – කෙල්ල කියන හැමදේම හරි නැහැනෙ. සමහර දේවල් කරන්න එපා කියන්න වෙනවා. ඒ වෙලාවට කිසිම හේතුවක් නැතුව ගහන්න වගේ එපා කියන්න එපා. පොඩ්ඩක් ආදරෙන් කියලා දාන්න. ඒකටයි ආදරේ තියෙන්න. ඒ වෙනුවෙනුයි ආදරේ තිබිය යුත්තෙත්. ඔරුවයි කොල්ලෑවයි වගේ බැලන්ස් එකේ ඉන්න ගමන් ඉස්සරහට යන්න ආදර හබල ඕනෙමයි.