කවදාවත් පාසැල් ගිහින් නැති එලිසබත් මහ රැජිණ

අපි කවුරුත් වයස අවුරුදු පහ හය වෙද්දි පාසල් යන්න පටන් ගන්නවා මේ පාසල් ගමන ඉවර වෙන්නේ අවුරුදු දොළහකට දහතුනකට පස්සෙයි හැබැයි බ්රිතාන්ය රැජින කිසිමදාක ඉස්කෝලෙ ගිහින් නැහැ දැන්නම් බ්රිතාන්ය රාජකීයයෝ ඉස්කෝලෙ යනවා සාමාන්ය ළමයි එක්ක ගැවසෙනවා වුණාට” දෙවැනි එළිසබෙත් රැජින ත් ඇගේ සොයුරිය මාග්රට් කුමරියත් ඉගෙන ගත්තේ ගෙදරට ගෙන්වපු ගුරුවරුන්ගෙනුයි මේ කුමාරිකාවන් ව්යවස්ථා ඉතිහාසය සහ නීතිය වගේ තමන්ට ඉදිරියේදී වැදගත් වන විෂයන් වැඩිපුර හැදෑරූ බවත් අහන්න ලැබෙනවා හැබැයි ඉතින් ඉස්කෝලේ නොගිය නිසා රැජනට කවදාවත් ඉස්කෝලේ යාළුවෝ කියලා පිරිසක් හිටියෙත් නැහැ

බ්රිතාන්ය රාජකීයයන් පාස්පොට් රියැදුරැ බලපත්ර වගේ දේවල් ඉබේම ලැබෙනවා දෙවැනි ලෝක යුද්ධ කාලෙ ට්රක් රථ රියැදුරෙකු විදිහට ස්වේච්ඡුා සේවයේ යෙදුණත් දෙවැනි එළිසබෙත් රුජන කිසිදාක රියැදුරු පරීක්ෂණයකට ඒ කියන්නේ ඞ්රයිවින් ටෙස්ට් එකකට මුහුණ දීලා නෑ වයස අවුරුදු අනූ දෙකක් වන රැජින තවමත් ඉඳහිට තමන්ගේ ලෑන්ඞ් රෝවර් රථය පැදගෙන එහා මෙහා යනවා

විතරක් නෙමේ බ්රිතාන්ය රුජන කවදාවත් ආදරවන්තියක් ලෙස කාලය ගතකරලා නැහැ ඈට පිලිප් කුමාරයාව හමුවන්නේ තමන් වයස දහඅටවත් සම්පූර්ණ නොවුණු කාලයකදීයි’ හැබැයි රුජන වයසෙන් බාල වුණු නිසා දෙදෙනාට ආදරවන්තයින් ලෙස ප්රකාශ කිරීමට සිද්ධ වුණේ රුජනගේ වයස අවුරුදු විසි එක සම්පූර්ණ වුණාට පසුවයි ඡන්දය කියන්නේ අපි හැමෝටම තියෙන අයිතියක් හැබැයි බ්රිතාන්ය රැජින කවදාවත් ඒ අයිතිය පාවිච්චි කරලා නැහැ ඒ සඳහා ඈට නීතියෙන් බාධාවක් නැති වුණත් රාජ්ය නායිකාව විදිහට දේශපාලන කටයුතුවලදී පක්ෂග්රාහී වීම ඈට අකැපයි කොහොම වුණත් බ්රිතාන්ය අගමැතිවරයා සතියකට සැරයක් රුජන මුණගැහිලා අලූ‍ත් දේශපාලන තොරතුරු ඈට වාර්තා කිරීමේ සම්ප්රදායක් පවතිනවා

අනිත් ප්රධාන කරුණ තමයි රැජින කවදාවත් රස්සාවක් කරලා නැහැ උදේ 9 ඉඳන් හවස 5 වෙනකල් කරන මේ වගේ රස්සාවක් රැජින ට මොකටද කියලත් සමහරු ප්රශ්න කරන්න පුළුවන්’ හැබැයි අපි ගොඩක් දෙනෙක් අත්විඳින ඒ අත්දැකීමත් රැජින ට මඟහැරිලා ගිහින් තියෙන බව කියන්න ඕන
රජ පවුලේ සමහර සාමාජිකයන් ෆෙස්බුක් ට්විටර් වගේ සමාජ මාධ්ය පාවිච්චි කළාට රැජින ට කවදාවත් ෆෙස්බුක් වගේ සමාජ ජාල ගිණුමක් තිබිලා නැහැ හැබැයි රහසිගත ගිණුමක් පවත්වාගෙන යනවාද කියලා තාම හොයාගෙනත් නෑ

සජිත් කියපු කතාව මෙන්න

සංවර්ධනය තුලින් මාතෘ භූමියට අගය එකතු කරන වැඩපිලි වෙලක් ඉදිරියේදි ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. බදුල්ල වීල්ස් පාර්ක් පිටියයෙදී අමාත්‍යවරයා පිලිගැනීම සඳහා අද (12) සංවිධානය කර තිබු විශේෂ උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදි අසහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ තරුණ ජවය මුල් කර ගත් නවීන ආර්ථික ක්‍රමයක් රට තුල බිහි කිරීමට ඉදිරියේදි කටයුතු කරන බවයි. ඒ සඳහා කළ යුතු නව සංවර්ධන වැඩ පිලිවේලක්ද ඉදිරියේදි ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. එමේම ත්‍රාස්තවාදයට රටේ ඉඩක් නොමැති බවත් ඔවුන් සියල්ල විනාශ කරන බවත් පැවසු අමාත්‍යවරයා පෙන්වා දුන් ත්‍රාස්තවාදය ඇති කරන ප්‍රධාන ක්‍රියාකරුවන් කවුරුන්ද යන්න සොයා ගත යුතු බවයි.

කිසිදු අවස්ථාවකදී මාතෘ භූමීය කොටස් කරන්නට ඉඩ නොදෙන බවත් සැබෑ දේශප්‍රේමීන් අති කරමින් රට ගොඩ නගන්නට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදි අවධානය කළේය. යම් කිසි ගිවිසුමකින් රටට සෙතක් වන්නේ නම් එම ගිවිසුම අත්සන් කළ යුතු බවත් නමුත් රටට අහිත කර ආරක්ෂ ,වෙළඳ, දේශපාලන ගිවිසුමක් අත්සන් නොකරණ බවටද ඔහු පොරොන්දු විය.

රට සංවර්ධන කිරීමට නම් තෘප්තිමත් රාජ්‍ය සේවයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසයි. දසරාජ ධර්ම කෙන්ද්‍රකර ගනිමින් රාජ්‍ය පාලනය ඉදිරියේදි ක්‍රියාත්මක කරන බවත් මනුෂත්වට මුල් තැන දෙමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසයි.

තම පියා ජනතාව වෙනුවෙන් ජීවිතය පුජා කළ සේම තමන්ද ජනතාවට වෙනුවෙන් ජිවිතය පරිත්‍යාග කිරීමට සුදානම් බවත් ඔහු පැවසීය. ජනතාවගේ සහයෝගයෙන් එළඹේන නොවැම්බර් මාසයේදි තමන් යා යුතු ඉහළම තැනට යන බවද අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.

රොෂාන් ගැන බිරිඳ දැන් කියන කතාව

රිද්මා පිලපිටිය සහ රොෂාන් පිලපිටිය කියන්නේ ආදරණීය යුවළක්. ඔවුන්ගේ ආදර කතාව දවසින් දවස දළුලනවා කිව්වොත් නිවැරදි. ඉතිං මේ ආදරණීය යුවළගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතක මේ විදිහට ලියවිලා තිබුණා.

රිද්මා.. මුලින්ම ඔයාට රොෂාන්ව මුණගැහුණේ කොයි කාලේදීද? රොෂාන් අයියත් නුවර. මමත් නුවර. ඉතින් ඉස්සර රොෂාන් අයියා ඉඳලා හිටලා අපේ ගෙදර ඇවිත් ගියා. ඒ වුණාට ඒ කාලේ දකිද්දී ලොකු විශේෂත්වයක් තිබුණේ නැහැ. මම ඒලෙවල් ඉවරවෙලා ආයේ මුණගැහිලා කතා කළාට පස්සේ යාළුකමක් ඇති වුණා. හැඳුනුම්කමක් එක්ක අපි ටික ටික කතාබහ කළා. එහෙම කතාකරලා කාලයක් ගියාට පස්සේ තමයි රොෂාන් අයියා මගෙන් මේ ගැන ඇහුවේ.

ඔයා ඉස්සර ඉඳන්ම රොෂාන්ගේ රසිකාවියක්ද? මම එහෙම අයියාගේ නාට්‍ය බලලා තිබුණේ නැහැ. ඉස්කෝලේ යන කාලේදී පාඩම් වැඩ කරපු නිසා මට එහෙම නාට්‍ය බැලුවේ නැහැ. රොෂාන් පිලපිටිය මෙයා කියලා දැනගෙත හිටියට එහෙම ඉස්සර අයියාගේ නාට්‍ය මම බලලා තිබුණේ නැහැ. හැබැයි දැන් නම් අයියා ඉන්න හැම නාට්‍යයක්ම මම බලනවා. දැන් මම රොෂාන් අයියාගේ හොඳ රසිකාවියක්.

රොෂාන් ඔයාට “ආදරෙයි කියලා කියද්දී ඔයාගේ හිත් කොනෙත් එයා ගැන ආදරයක් ඇති වෙලා තිබුණාද? නැහැ. ඇත්තටම මම කවදාවක් රොෂාන් අයියා එහෙම යෝජනාවක් ගෙනේවි කියලවත් හිතුවේ නැහැ. ඒ කාලේ මමීලා ලංකාවේ හිටියේ නැහැ. ඉතින් දවසක් රොෂාන් අයියා මට කෝල් කරලා “නංගී.. ඔයා ගැන ආදරයක් මගේ හිතේ ඇතිවෙලා තියෙනවා. මම ඔයාව බඳින්න කැමතියි.
මට ඔයාලගේ මමීගෙන් අහන්නද? කියලා ඇහුවා. එදා මට පුදුම හිතුණා. රොෂාන් අයියව අපේ මමීයි පප්පයි දෙන්නාම දන්නවා. ඉතින් ඒ හැඳුනුම්කමත් එකක් ඊට කලින් රොෂාන් අයියා ඒ දෙන්නත් එක්ක දවස් දෙක තුනක් කතා කරලයි තිබුණේ.

රිද්මා පවුලේ එකම දරුවා නේද? ඔව්.. මගේ පවුලේ ඉන්නේ මම්මයි, පප්පයි, මමයි විතරයි. මම පවුලේ එකම දරුවා. මගේ මමී වැඩිපුරම හිටියේ ඉතාලියේ. මගේ පප්පා රාජ්‍ය ආයතනයක සේවය කළ නිසා ලංකාවේ හිටියා. දැන් පප්පා ඉන්නේ ලංකාවේ.

රොෂාන්ගේ යෝජනාවට කැමති වෙන්න හේතු වුණේ මොනවාද? රොෂාන් අයියා එක්ක කතා කරන මුල් කාලේ ඉඳන්ම එයා හරි හොඳයි. හරියට මට උපදෙස් දුන්නා. එයාට සිදුවුණු ප්‍රශ්නත් මාත් එක්ක කිව්වා. ආදරය කරන්න කලිනුත් ආදරේ පටන් ගත්තාම පස්සෙත් රොෂාන් අයියා මම ගැන පුදුම විදිහට හොයලා බැලුවා. මම එහෙම “ආදරෙන් බලාගන්නා ආදරයක් තමයි බලාපොරොත්තු වුණේ. දුරින් හිටියත් ඒ කාලේදී එයා මම ගැන හොඳටම හොයලා බැලුවා. එයා ආගම දහමට හරි ලැදියි. එයා හරිම නිශ්ශබ්ද චරිතයක්. රොෂාන් අයියගේ ඒ ගතිගුණ ළඟදී මගේ හිත නතර වුණා.

රොෂාන් “ආදරෙයි කියලා කිව්වට පස්සෙ රිද්මා එක පාරටම ඒ යෝජනාවට කැමති වුණාද? නැහැ. එයා ඒ යෝජනාව මට ගෙනත් මාස පහක් හයක් විතර යනතුරැ මම එයාට උත්තර දුන්නේ නැහැ. රොෂාන් අයියත් මට කිව්වේ හදිස්සි වෙන්න එපා හොඳට හිතලා බලලා හොඳ තීරණයක් ගන්න කියලයි. ඒ මාස පහේදීම රොෂාන් අයියා “මම අම්මලාගෙන් අහන්නද කියලා කියද්දීත් “කතා කරන්න එපා එහෙම වුණොත් මේ කතා කරන ටිකත් නතර කරන්න සිද්ධ වේවී කියලා තමයි මම කිව්වේ.

ඒ අය කැමති වෙන්නත් කලින් මගේ කැමැත්ත තියෙන්න ඕනෙනේ. ඉතින් රොෂාන් අයියා එක්ක ටික ටික කතා කරද්දී මගේ හිතෙත් එයා ගැන ලොකු ආදරයක් ඇති වුණා.. ඉතින් එක දවසක් මම අයියාට “මම කැමතියි. හැබැයි මමීලාත් කැමති වෙන්න ඕනේ. කියලා කිව්වා. රිද්මාගේ මව්පියෝ මේ සම්බන්ධයට කැමති වුණාද? රොෂාන් අයියා මගේ මමීටයි පප්පටයි කතා කළා. මුලින්ම නම් එයාලා එකපාරටම කැමති වුණේ නැහැ.

මගේ ආසාව වෙලා තිබුණේ නීතිඥවරියක් වෙන්නයි. ඒ වෙනුවෙන් මම වැඩිදුර ඉගෙන ගත්තා. මේ සම්බන්ධයත් එක්ක මගේ ඒ ඉගෙනීමේ කටයුතු නතර කරන්න සිද්ධ වේවී කියලා තමයි ඒ අය හිතුවේ. ඒ වුණාට දිගින් දිගටම මම ඒ අයට මම බඳින්නේ රොෂාන් අයියව විතරයි. කියලා කියද්දී ඒ දෙන්නා අපිට කැමති වුණා.

දෙන්නත් එක්ක මුලින්ම හුවමාරු කරගත්තු තෑගි මතකද? ඔව්.. රොෂාන් අයියා මට මුලින්ම ලස්සන ඇඳුමක් තෑගි කළා. ඒකට මම හරි ආසයි. තාමත් ඒ ඇඳුම මම ළඟ තිබෙනවා. ඊට පස්සේ නම් එයා මට තෑගි ගොඩාක් දුන්නා. මම මුලින්ම රොෂාන් අයියාට දුන්නේ කරඬුවක් තියෙන ඇතෙක්වයි. අදටත් අපේ බුදු පහන ළඟ ඒ ඇතාව තියලා තියනවා.

රොෂාන්ගෙත් රිද්මාගෙත් විවාහය සිදුවුණේ කොයි කාලේදීද? අපි දෙන්නාගේ විවාහය සිදුවුණේ 2017 ඔක්තෝබර් 19 වැනිදා. අපි දෙන්නම ලොකුවට විවාහ උත්සවයක් ගන්න කැමති වුණේ නැහැ. ඒ නිසා ඉතාම සීමිත පිරිසක ඉදිරියේදී අපි විවාහ වුණා. ඊට පස්සේ අපි ලස්සන Photo Shoot දෙකක් කළා. ඒ විදිහට තමයි රොෂාන් අයියගෙයි, මගෙයි විවාහය සිදු වුණේ.

විවාහ වුණාට පස්සේ දෙන්නා පදිංචි වුණේ කොහේද? විවාහ වෙන්න කලින්ම රොෂාන් අයියා මහරගමින් ගෙයක් හදලා තිබුණා. ඉතින් අපි විවාහවෙලා පදිංචි වුණේ එහෙමයි. මම විවාහ වෙද්දී නම් රොෂාන් අයියා කෝපි එකක් විතරයි හදාගන්න දැනගෙන හිටියේ. අඩු ගානේ රසට තේ එකක්වත් එයා හදන්න දැනගෙන හිටියේ නැහැ.

එයාට හැමදාම උදේට කෝපි එකක් බොන්න ඕනේ. ඒ නිසා ඒක හදන්න එයා දැනගෙන හිටියා. හැබැයි මම විවාහ වුණාට පස්සේ රොෂාන් අයියා උයන පිහින දේවල්වලටත් පොඩ්ඩ පොඩ්ඩ උදව් වුණා. ඒ නිසා බිත්තර ඔම්ලට් එකක් දාන්න, පොල් සම්බෝලයක්, පරිප්පු ටිකක් හදන්න දැන් රොෂාන් අයියට පුළුවන්. මට නම් හරි රසට උයන්න පුළුවන්. ඉස්සර ගෙදර දී මගෙන් කවුරුවත් වැඩක් ගත්තේ නැහැ. හැබැයි යූ ටියුබ් එකෙන්, පොතපත් බලලා මට රහට කෑම හදන්න දැන් පුළුවන්.

දෙන්නටම ලැබෙන විවේක කාලවලදී මොන වගේ දේවල් ද කරන්නේ? අපි දෙන්නා අනිවාර්යයෙන්ම දවසක් හැර දවසක්වත් ගෙදර දී ෆිල්ම් එකක් නම් බලනවාම තමයි. මම මල් හදන්න හරි ආසයි. රොෂාන් අයියත් මල් පිපිලා හරි ලස්සනට තියනවා නම් හරි ආසයි. අපේ වත්තේ අපි මල් පැළ හිටවලා තියෙනවා.

ඉතින් අපි ඒවාට සාත්තු කරනවා, වතුර දානවා. කොළ පාට පරිසරය ගස් කොළන්, සතුන් දකිද්දී ගෙදර ඉන්න ආස හිතෙනවා කියලා තමයි රොෂාන් අයියා කියන්නේ. සතුන්ට වතුර බොන්න අපි වතුර තියලා තියනවා. ඒ දේවල් එක්ක පරිසරය අපි නිර්මාණය කරලා තියෙනවා. විවේක වෙලාවට අපි දෙන්නා එළියට ගිහින් කෑම කලා ටිකක් ඇවිදලා එනවා.

රොෂාන්ට කේන්ති යනවාද? එයාට කේන්ති යනවා නම් හරිම අඩුයි. එයා හරිම නිශ්ශබ්ද චරිතයක්. අපි දෙන්නම කතාවෙලා තියෙන්නේ දෙන්නගෙන් කාට හරි හිතට ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක හිතේ තියාගෙන ඉන්නේ නැතිව අනිත් කෙනා එක්ක කතා කරනවා කියලයි. එතකොට ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ. කේන්ති යන්නේ නැහැ. එයා හරියට භාවනා කරන නිසා කේන්ති යන්නෙත් හරිම අඩුවෙනුයි.

පිය පදවිය ලැබෙන්න යනවා කියන සුභ ආරංචිය ලැබුණාම රොෂාන් මොකද කිව්වේ? එයා එදා පුදුම විදිහට සතුටු වුණා. එයාගේ ඇස්වලින් කඳුළුත් ආවා. එයාගේ ජීවිතේම දැන් තමයි හැම සතුටක්ම ලැබෙන්නේ කියලයි එයා කිව්වේ. දරාගන්න බැරි සතුටක් එක්කම. “ඉක්මනට අපි අම්මට කියමු. කියලා එයා එයාගේ අම්මට කතා කරලා මේ සුභ ආරංචිය කිව්වා.

ඇත්ත කියන්න රොෂාන් කැමති දුවෙක්ටද? පුතෙක්ටද? එයා කියන්නේ මම වගේ හුරතල් දුවෙක්ට එයා ආසයි කියලයි. හැබැයි එයා පුතෙක්ටත් හරි ආසයි. පුතෙක් ලැබුණොත් සංගීතය උගන්වන්න ඕනේ කියලත් රොෂාන් අයියා කියනවා.

කුළුඳුල් දරුවා ලැබෙද්දී ඒ අත්දැකීම් හරිම නුහුරුයිනේ. මුල් කාලයේදී රිද්මාට ඒ ලබපු අත්දැකීම් මොන වගේද? වැඩියෙන් කන්න ආස කළේ මොනවාද? මම නම් මුල් කාලේ කන්න ආස කළේම හොයාගන්න අමාරුම දේවල්. හැබැයි ඒ හැම දෙයක්ම රොෂාන් අයියා කොහොම හරි හොයලා මට දුන්නා.

එක සැරයක් කජු පුහුලන් කන්න ආස හිතිලා හීනෙනුත් මට කජු පුහුලන් තමයි පෙනුණේ. මම නැගිට්ට ගමන් රොෂාන් අයියට “මට කජු පුහුලන් කන්න ආසයි කියලා කිව්වා. රොෂාන් අයියා කුරුණෑගල ගිහින් තමයි මට කජු පුහුලන් ලොකු බෑග් එකක් ගෙනත් දුන්නේ. තව වතාවක් මට මී වදයෙන්ම මී පැණි කන්න ආස හිතුණා. රොෂාන් අයියා බුත්තල ගිහින් මී වදයක් කඩාගෙන මට ගෙනත් දුන්නා. මම ආස කරපු හැම කෑමක්ම රොෂාන් අයියා කොහොම හරි හොයලා ගෙනත් දුන්නා.

රොෂාන් එක්ක ගතකරන ජීවිතේ ගැන අද මොකද හිතෙන්නේ? එයාව කසාද බඳිද්දී නම් මේ තරම් සතුටින් එයා එක්ක ගතකරන්න පුළුවන් වෙයි කියලා නම් මම හිතුවේ නැහැ. එයාගේ ගතිගුණ හොඳයි කියලා මම දැනගෙන හිටියා. ඒ ආදරේ මේ තරම් විශාලයි කියලා මම දැනගෙන හිටියේ නැහැ. මේ කාලය තුළදී ඇත්තටම ජීවිතේ දවසින් දවස සුන්දර වෙනවා. රොෂාන් අයියා එක්ක ගතකරන මේ ජීවිතයට මම හරි ආදරෙයි.

රිද්මා ඔන්න ඔහොම ඒ ආදරය ගැන කියද්දී රොෂාන් රිද්මා ගැන කිව්වේ මෙන්න මේ විදිහටයි.හෙට අනිද්දාට පියකු වෙන්න බලාපොරොත්තු වෙන රොෂාන් දැන් ඉන්නේ හරිම සතුටින්. මේ දවස්වල රූගත කිරීම් නිසාම රොෂාන් ටිකක් කාර්යබහුලයි.

රොෂාන් රිද්මාට ආදරය කරන්න, බිරිඳ කරගන්න ඇය තුළ තිබුණු සුවිශේෂීකම මොකද්ද? රිද්මා එක්ක කතාබහ කරද්දී එයා ජීවිතය හොඳට තේරුම් ගත්තු කෙනෙක්. එයා පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්. මානවහිංසනයට හරියට විරුද්ධව කතා කරපු කෙනෙක්. සතුන්ට එයා හරි ආදරෙයි. ඒ මනුස්සකමට මම හරියට ආදරේ කළා. එයා එක්ක කතා කරද්දී ආශ්‍රය කරද්දී මට හිතුණේම එයා මට ගැලපෙනවා කියලයි. එයා මානවහිතවාදී කෙනෙක්. ඕනෑම කෙනෙක්ට එයා උදවු කරන්න ඉදිරිපත් වෙනවා.

රිද්මාට කේන්ති යනවාද? එහෙම කේන්ති යන්නේ නැහැ. දෙන්නගෙන් කාගේ හරි හිතට ප්‍රශ්නයක් ආවොත් ඒක ගැන කතා කරමු කියලා තමයි අපි මුල ඉඳන්ම පොරොන්දු වෙලා තියෙන්නේ. ඒ නිසා කේන්තිය කියන දේ කවදාවත් අපේ හිත්වල පැළපැදියම් වෙලා තියෙන්නේ නැහැ.

රිද්මා කරන විලාසිතා ගැන රොෂාන් මොකද හිතන්නේ? එයා හැමවෙලේම එයාට ගැලපෙන විලාසිතා තමයි කරන්නේ. එයා කැමති විලාසිතා කරන්න මම පූර්ණ නිදහස දීලයි තියෙන්නේ. ඒකෙන් එයා අයුතු ප්‍රයෝජන ගන්නෙත් නැහැ. තමන්ට ගැලපෙන විලාසිතා තෝරා බේරාගෙන එයාට ගැලපෙන දේ එයා අඳිනවා. ඇත්ත කියන්න රොෂාන් ආස පුතෙක්ට නේද? එහෙම කියන්න බැහැ. පුතෙක් වුණත්, දුවෙක් වුණත් ඒ අපි දෙන්නගේ දරැවෙක්. ඒ නිසා ලැබෙන ඒ දරැ පැටියාව අපි සතුටින් බාරගන්නවා.

මම තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්ත දවසේ මම පුදුම විදිහට සතුටු වුණා. ඒක වචනවලින් කියන්න මට තේරෙන්නේ නැහැ. දැනටත් මට පුළුවන් හැමවෙලේම ගෙදර ඉන්න තමයි ආසා. පසුගිය කාලේදී කොළඹින් පිට රූගත කරන නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණත් මම ඒවා බාර ගත්තේ නැහැ.

රිද්මා එක්ක ගතකරන ජීවිතේ ගැන අද රොෂාන්ට මොකද හිතෙන්නේ? ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. ලොකු ගෞරවයක් තියනවා. අපි අපට ආදරය කරනවා වගේම දෙන්නට දෙන්නා ගෞරව කරගන්නවා. මගේ ජීවිතේ පසුගිය කාලේ ඇතිවුණු ප්‍රශ්නත් එක්ක ආයේ කවදාවත් කසාද බඳින්නේත් නැහැ කියලයි හිතාගෙන හිටියේ. ඒත් රිද්මා ඇවිත් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඇත්තටම අද අපි දෙන්නා හරිම සතුටින් ජීවත් වෙනවා.

සුදු කබර සදහා ප්‍රතිකාර

සමේ ස්වභාවික පැහැය ක‍්‍රමයෙන් නැති කරමින් ප‍්‍රථමයෙන් ඇස් වටා, මුඛය වටා, ඇගිලි තුඩු වැනි ස්ථාන වල ඇතිවන සුදු පැහැ ලප පසුව ශරීරයේ අනෙක් ප‍්‍රදේශ කරා වේගයෙන් පැතිරෙමින් අවලස්සන මෙන්ම විටෙක භයානක ස්වරුපයක්ද ඇති කරයි. මෙම රෝගයෙන් කිසිදු වේදනාවක් හෝ දෛනික වැඩ වලට බාධාවක් හෝ ඇතිනොවන නමුදු එය මහත් සමාජීය බලපෑමක්ද දරුණු මානසික ආතතියක්ද රෝගියා කෙරෙහි ඇති කරවයි.

මෙම රෝගයට හේතු සාධකද විවිධාකාර වේ. මීයන්, බළලූන් හෝ සර්පයින් සපා කෑම නිසා මෙම රෝගය වැළදෙන බව සමහරුන් පවසන අතර තවත් අය මෙය දෙවියන්ගේ ශාපයක් නිසා වැළදෙතැයි විශ්වාස කරති. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙම රෝගයට හේතු ව‍න්නේ සමේ ෙසෙල තුල ඇති මෙලනීන් කණිකා යම් කරුණක් නිසා ක‍්‍රමයෙන් නැතිවී යාමයි. මෙලනීන් යනු සමේ වර්ණය ලබා දෙන කණිකා විශේෂයකි. තවද දියවැඩියාව, පීණස, මානසික ආතතිය වැනි කරුණුද මේ සදහා බලපෑ හැකිය. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුදු කබර රෝගයේ හේතු කාරකය සොයාගෙන ඇති නමුදු ඒ සදහා සාර්ථක කල් පවතින ප‍්‍රතිකාර ක‍්‍රමයක් නම් සොයාගෙන නොමැත. එහෙත් ආයුර්වේද වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමය මගින් ඈත අතීතයේ සිටම මෙම රෝගය සාර්ථකව මැඩ පවත්වා නිට්ඨාවට සුවපත් කරනු ලැබ ඇත.

ආයුර්වේදයට අනුව ශාරීරික සුවතාව පවතින්නේල වා.පිත්.සෙම්. යන ජීව සාධක වල මනා සමබරතාවය අනුවය. මෙම සමබරත‍ාවය බිදී යෑමෙන් ශාරීරික සෞඛ්‍ය අඩාල වේ. සුදු කබර රෝගයද මෙලෙස සමබරතාවය බිදී යෑමේ එක් ප‍්‍රතිථලයකි. ඒ අනුව එක් එක් ජීව සාධකයේ අසමතුලිතතාවය අනුව සුදු කබරද ප‍්‍රභේද තුනකට බෙදා ඇත. ඒ කවර ප‍්‍රභේදයක් වුවද ආයූර්වේද ප‍්‍රතිකාර මගින් සුවකළ හැකිය. එසේ වුවද රෝගය පැතිරීම අනුව සුව වීමේ කාලය වෙනස් විය හැක. ප‍්‍රථම සුදුපැහැ ලපය ඇති වනවාත් සමගම සුදුසු ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් ප‍්‍රතිකාර ආරම්භ කලේ නම් සතියක පමණ කාලයකින් රෝගය සුව කරගත හැකිය. එහෙත් ‍රෝගයේ පැතිරීම වැඩි වුවහොත් එය සුව වීමට ගන්නා කාලයද වැඩි විය හැක.

මෙම රෝගය සදහා සම මත ආලේප කරන පත්තු, ඖෂධීය තෙල් මෙන්ම ශරීරය තුලට ලබාදෙන ගුලි, කල්ක සහ කුඩු ලෙස ආයුර්වේද ප‍්‍රතිකාර විවිධ වේ. මේවා සියල්ලෙන්ම ශරීරයේ නැතිවී ගිය සමතුලිතතාවය යලි ඇතිකර අවශ්‍ය මෙලනින් කණිකා නිපදවා ගැනීම සදහා අවශ්‍ය ශක්තිය ලබා දේ. ආයුර්වේද ප‍්‍රතිකාර වලට ආවේණික අයුරින් මේවායේද අහිතකර ප‍්‍රතිථල කිසිවක් නොමැත. තවද ‍රෝගියා අනුභව කරන ආහාර පානද ප‍්‍රතිකාර කෙරෙහි බලපායි. කතුරුමුරුංගා, මුකුණුවැන්න වැනි පලා වර්ගද දිවුල් වැනි පළතුරුද කරපිංචා යුෂ සමග තණ හාල් කැදද ඉක්මන් සුවය සදහා මහත්සේ දායක වේ. එලෙසම සියලූම ආකාරයේ මාංශ වර්ග ඇඹුල් රස පළතුරු හා අච්චාරු වර්ග මේ සදහා සුදුසු නොවේ. ඒවා ප‍්‍රතිකාර කෙරෙහි අහිතකරව බලපායි. ඒ අනුව මනා ආයුර්වේද ප‍්‍රතිකාර විධි සමග සුදුසු ආහාර වේලක් ලබාගන්නේ නම් මෙම අප‍්‍රසන්න චර්ම රෝගය ඉතා කඩිනමින් සුව කළ හැකිය.

වොල්ගා කසාදය ගැන කියපු කතාව

ටෙලි නාට්‍ය ශිල්පීන්ගේ ආදර හුටපට ගැන විවිධ ආරංචි වරින්වර වාර්තා වෙනවා. මේවා අතරින් සතිඅන්ත පුවත්පත්වල ටැබ්ලොයිඩ් අතිරේකවලට කාලයක් තිස්සේ මාතෘකා සැපයූ දෙදෙනෙකු වූයේ ටෙලිනාට්‍ය නළු-නිළි දෙපළක් වන හර්ෂණ හා වොල්ගාය.

ඔවුන් දෙදෙනා ටෙලිනාට්‍ය රංගනය අතරතුර ආදර සම්බන්ධයක් ගොඩනගාගත් තැන සිට එම විවාහය දක්වා තොරතුරු රසවත් ලෙස පළවුණා. නමුත් වසරක් දෙකක් යන්නට පෙර දැන් වාර්තාවන්නේ එම දෙදෙන වෙන්වී ඇති බවයි. හර්ෂණ හා වොල්ගා නීතියෙන් වෙන්වී මේ වනවිට වසරක්ද ගතවූ පසු මේ ගැන එම දෙදෙනාම පුවත්පත්වලට දැන් විස්තර කර තිබේ.

ටෙලි නිළි වොල්ගා කල්පණී ඇගේ වෙන්වීම ගැන ඇසූ ප්‍රශ්න වලට උත්තර දී තිබෙන්නේ මෙසේය. ඔබගේ විවාහ දිවිය බිඳ වැටීම ගැන විවිධ මත පළවෙනවා නේද? ඔව්. මම ඔය ප්‍රශ්නය ගැන කතා කරද්දී මම කියන්න කැමැති මම දික්කසාද වෙලා කියන දේ විතරයි. එතනින් එහාට ආශිර්වාද කරපු හැමෝටම ගොඩක් ස්තුතියි සහ සමාවෙන්න කියන්න ඕනේ. ඉතින් මොකද කරන්නේ ඒකට. ඒක කර ගන්න බැරි වුණා. ඒක එහෙම වුණා.

ඉදිරියේදී තනිකඩවම ජීවත් වෙනවාද? තාම හිතුවේ නැහැ ඇත්තටම. හැබැයි මම කියන්නෙ ඕනේ ජීවිතේ කිසි කෙනෙක් එක්ක කිසිම තරහක් නැහැ. මම දන්නේ ජීවිතේ කියන්නේ ලියවිලා තියන දෙයට මුහුණ දෙන එක කියලයි. මොකක් හරි දෙයක් ලියැවිලා තියනවා නම් ඒ දෙයට මම මුහුණ දෙයි.

ඒ කියන්නේ ජිවිතේ සැලැස්මක් ඇතුව ජීවත් වෙන්න බැහැ කියන එකද? මම කතා කළේ දෛවය ගැනයි. දෛවයේ සමහර තැන් තියෙනවා අපි කොච්චර උත්සහ කළත් බැරී වෙන දේවල් සහ බැරි වෙච්ච දේවල්. ඒ වගේ බැරි වෙච්ච දෙයක් තමයි මම පහුගිය කාලේ පසු කළේ. ඉතින් සමහර දේවල් තියෙනවා ජීවිතේ දෛවයේ තියෙන දේවල් වෙනස් කරන්න බැහැ. අපි ඒකට මුහුණ දෙනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැහැ. ජීවිතේ අපිට මේ ලැබිලා තියෙන දේ අපි බාර ගන්න ඕනා. ඒක තමයි ජීවිතය.

ඔබේ උපන් ලපය

උපන්ලපයක් ඇඟේ නැති කෙනෙක් නැති තරමයි. අහලා තිබෙනවාද ඔබ උපන්ලපයක් පිළිකාවක් වෙන්න පුළුවන් කියලා. ඇත්තටම මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත? උපන් ලපයක් කියන්නේ හමේ ඇති වන වර්ණවත් කැළලක්. මේක කළු පාටම වෙන්න ඕනි කියලා නියමයක් නැහැ. එක එක්කෙනාගේ හමේ පාට අනුව වගේම උපන් ලපයේ ප්‍රමාණය අනුවත් පැහැය වෙනස් වෙන්නට පුළුවන්.

අපි උපන් ලප කියලා හඳුන්වන ඔක්කොම කැළැල් එකම වර්ගයකට අයිති නැහැ. වෛද්‍ය විද්‍යාත්මකව ඒවා විවිධ තත්ත්ව වල වර්ග කරලා තිබෙනවා. ගොඩක් උපන් ලප උපතින්ම ඇති වන ඒවා. එත් උපතින් පස්සේ වුනත් මතු වීමේ ඉඩක් තිබෙනවා. එය සාමාන්‍යයි. සමේ මතුපිටින් මතුවන ඒවා වගේම සම තුලින්ම පැන නගින උපන්ලප තිබෙනවා. ඔබ දැක තිබෙනවාද රතු පැහැයට හුරු කුඩා ලප. මේවා වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ ස්ට්‍රෝබෙරි නේවස් (strawberry naevus) කියලයි. මේවා නම් කිසිම ආකාරයක පිළිකා අවධානමක් නැති ලප විශේෂයක් ලෙසයි සොයාගෙන තිබෙන්නේ.

නමුත් සමහර උපන් ලප Melanoma කියන දරුණුම ආකාරයේ සමේ පිළිකා තත්වය දක්වා වර්ධනය වීමේ අවධානමක් සහිතයි. දුඹුරු හෝ කළු පාටින් යුක්ත වන උපන් ලප වල ප්‍රමාණය අනුව පිළිකා අවධානම වෙනස් වනවා. ප්‍රමාණය සෙන්ටි මීටර් 1.5 ට වඩා අඩු නම් ඉතා අඩු පිළිකා අවදානමකුත් සෙන්ටි මීටර් 2 ට වැඩි නම් ඉතා වැඩි පිළිකා අවදානමකුත් තිබෙනවා. උපන් ලපයක් පිළිකාවක් වෙනවා නම් ඒ ගැන අපිට දැන ගන්නට පුලුවන්ද? ඔව්. උපන් ලපයේ ඇති වන සමහර වෙනස්කම් නිරීක්ෂණය කරලා අපිට එය කලින් හඳුනා ගන්නට පුළුවන්.

උපන් ලපයේ ප්‍රමාණය එන්න එන්න වැඩි වනවා නම්. වර්ණය වෙනස් වනවා නම්. උපන් ලපය කැසීමක් හෝ වේදනාවක් දැනෙන්නට පටන් ගත්තොත්. උපන් ලපයෙන් ලේ ගැලීමක් සිදු වෙනවා නම්. එය මත යම් ආකාරයක තුවාලයක් ඇති වෙලා නම්. අතට දැනෙන ආකාරය වෙනස් වෙලා නම්. උදාහරණයක් කිව්වොත් එන්න එන්න රළු වෙනවා නම්.

සේමිණී ඉද්දමල්ගොඩ කියන කතාව

ඇය ගැන ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. විසි වසරක් පුරා රංගනය ඔස්සේ ඈ පෑ පෙළහර අප හදවත් තුළ සදා මතකයක්ව පවතීවී. විටෙක අප සිනහ සයුරක ගිල්වා දමමින් ද තව විටෙක කඳුළු සාගරයක අතරමං කරමින්ද, ඈ රැඟු රැඟුම් විශිෂ්ටතමය. සේමිණි ඉද්දමල්ගොඩ අප කවුරුත් ආදරය කරන මේ අති දක්ෂ රංගන ශිල්පිනිය පසුගිය දා නෙළුම් පොකුණේ මහත් උත්කර්ෂවත් ලෙස පැවති රාජ්‍ය සිනමා සම්මාන උළෙලේදී 2017 වසරේ තිරගත වූ 28 චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නිළිය වූවාය. මීට පෙර පැවති සිනමා සම්මාන උලෙළයන් හිදී නිසි ඇගයීමකට ලක් නොකළ සේමිණිගේ රංගනයට අවසානේ සාධාරණය ඉටුවිය. නමුත් එදා සම්මානය අරගන්න ඈ පැමිණ සිටියේ නැත. මෙතැන් සිට ඒ ගැන කියන්න අපි ඇයට කතා කළෙමු.

සේමිණි අපි හිතුවා විශාල සතුටක් ඇති කියලා.? ලොකු විශේෂත්වයක් නෑ… වෙනදා වාගේ තමා.. නෑ මං කීවේ ඔබට ලැබුණු සම්මානය එක්ක.? සතුටක් තියෙනවා. හැබැයි අර ඔබ කියූ විශාල සතුට එක්ක නෙමේ..

ඇයි එහෙම ඔබ කියන්නේ, හොඳම නිළිය වෙනවා කියන‍්නේ මොනතරම් සතුටක් ද? ඔව් ඇත්ත… ඔබ කීවා හරි.. නිළියකට හොඳම නිළිය වීම ලොකු සතුටක්.. එහෙම නම් ඇයි, සේමිණි ඒ සතුට ඔබේ වචනවල නැත්තේ…? හොඳම නිළිය වෙන්න තිබූ මගේ හොඳම කාලේ මට මේ සම්මානය ලබා දුන්නේ නෑ. හැමදාමත් නිර්දේශ කරලා නොදී හිටියා. මීට අවුරුදු කිහිපයකට කලින් මට මේ සම්මානය දුන්නා නම් මට හොඳ චිත්‍රපට රැසක් ලැබෙන්න තිබුණා..

හරි දැන් ඉතිං ඔබට හොඳම නිළිය සම්මානය හිමි වුණානේ.? අවුරුදු 20 ක් ගියා හොඳම නිළිය සම්මානය ලැබෙන්න. නිරහංකාර ආඩම්බරයක් එක්ක කල් ගිහින් හරි නිළි ජීවිතයට ගෞරවයක් ලැබීම ගැන සතුටු වෙනවා. ඇයි සම්මාන උලෙළට නාවේ…? කිසිම සම්මාන උලෙළකට යන්නෑ කියලා තීරණය කරලා උන්නේ..?

මේ සම්මානය ගැන ඉඟියක්වත් ලැබුණේ නැද්ද…? නිර්දේශ වෙලාද කියලවත් දන්නේ නෑ. සම්මාන උලෙළට එන්න කියලා දුරකථනයෙන් ආරාධනා කළා. එච්චරයි. දුකක් නැද්ද රාජ්‍ය වේදිකාවකදී සම්මානය ගන්න නොලැබීම ගැන.? සම්මාන ගැන අදහස අතහැර දාපු නිසා වෙන්න ඇති එහෙම දුකක් නොසිතෙන්නේ…

ඇයි 28 හි සුද්දිට මේ තරම් කෙනෙහිලිකම්..? අනේ මන්දා… ඔය කෙනෙහිලිකම් 28 චිත්‍රපටයට විතරක්ම නෙමේ නේ… මම රඟපෑ ටෙලි නාට්‍ය- චිත්‍රපට රැසකට ඔය කෙනෙහිලිකම සිද්ධ වුණා. එහෙම නම් මේ සේමිණි එක්ක තරහවක්..? සිනාසෙමින් ‘අනේ මන්දා එකනම් ..මම නම් කා සමඟවත් එහෙම අමනාප නෑ.

මතක හැටියට ඔබ වේදිකාවේ හොඳම නිළිය වුණා. රංගනයේ අමාරුම මාධ්‍යය වේදිකාව. මට මීට පෙර එය ජයගන්න ලැබුණා නේ.. අද ක්ෂේත්‍රයට එන නිළියන්ට ලැබෙන සම්මාන පොකුරු ඔබට එදා ලැබුණේ නෑ.. ඔව්… අද ඔය එන අලුත් නිළියන් ගැන මට දුකයි. සම්මාන පිට සම්මාන දීලා ඒ ළමයින්ගේ ගමන නවතා දමනවා. සම්මාන අරගත්තහම සමහරු දකින්නත් නෑ. අපි බොහෝ දේ ඉගෙන ගනිමින් – අත්දැකීම් ලබමින් සෝ තැවුල් – ජය පරාජය ලබමින් දීර්ඝ කාලීනව ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් ඇගයීම් ලැබීමයි වන්නේ.

සංජීව පුෂ්ප කුමාර මුහුණු පොතේ හරහා දමා තිබුණා සම්මාන උලෙළවල් රැසකින් නිසි ඇගයීමක් නොදුන් 28 – සුද්දීට අවසානේ රාජ්‍ය සම්මාන උලෙ‍ෙළහි රාජ්‍ය ගෞරවය ඇතුවම හොඳම නිළි සම්මානය ලැබූ බව . ‘අනේ ඇත්තද…? එය මම දැක්කෙත් නෑ.‘ ‘ස්තුතියි ඔහුට මට එයා දකින්න ආසයි. ඇත්තම කීවෝත් හිතාගන්නවත් බැරි විදිහට බොහෝ දෙනෙක් කතා කරලා සුභ පැතුවා. පිට රටවලින් පවා ඇමතුම්. සුද්දී කොච්චරක් නම් මිනිසුන්ගේ හදවත්වලට ළං වූ චරිතයක් ද කියලා මං තේරුම් ගත්තා.

සේමිණි යළි දකින්න ලැබෙන්නේ කවදාද කියලා ඇහුවොත්?‘ ම්… කරපු ඉතාමත් හොඳ චිත්‍රපට දෙකක් එන්න තියනවා. ටෙලි නාට්‍ය පැත්තට නැඹුරුවක් නම් දැන් ඇත්තෙම නැහැ. සේමිනිගේ මිලත් හරි ඉහළයි ලු නේද? අය කිරීම් ඉහළයි.. ඔව් ඒක ඇත්ත. හැබැයි හිතට දැනෙන රඟපෑමක් නම් සතපහක් නොගෙන මං රඟපානවා.

ධම්මික කියනවාලූ නේද ආයෙත් එයාට එයාගේ බිරිඳ ලැබිලා ඉන්නවා කියලා. සිනාසෙමින්. ‘ඔව් … මම නිළියක් වූණේ විවාහ වුණාට පසුනේ. ඒ කාලේ වැඩ වැඩිවීම සමඟ ඔහුට මාව නැතිවුණා වාගේ දැනෙන්න ඇති. දැන් ආයේ විවේකීව ගෙදරට වෙලා ඔහුගේ වැඩ පළ බලාගෙන ඉන්න නිසා ධම්මික එහෙම කියනවා.‘

අවංකව සේමිණි කියන්න… ඔබ කැමැති නිළි ජීවිතයට ද? පවුල් ජීවිතයට ද? පවුල් ජීවිතයට …එය විසිරිලා ගිහින් ලොව හොඳම නිළිය වූවත් මට නම් වැඩක් නෑ. ඇත්තටම මම ජීවිතය ජය අරන් තියෙනවා. දැන් දුව කොහොමද..? කෙල්ලට දැන් අවුරුදු 18ක්. එයා බුද්ධිමත් දරුවෙක්. වැඩිදුර අධ්‍යාපන වැඩ සඳහා දුව ළඟදී විදේශ රටකට යාවි… සමහර විට… ඔව්… ගොඩාක් වෙලාවට අපිත් දුව සමඟ රට යයි.

‘මට අත්තිමට මෙහෙම හිතෙනවා. මොනදේ වුණත් සේමිණි ඉන්නේ සිනහව අතරින් කියලා.? ‘සහතික ඇත්ත… චිත්‍රපට ..ටෙලි නාට්‍ය.. සම්මාන… ඇතත්, නැතත් මම ඉන‍්නෙත්… ඉන්න උත්සාහ කරන්නෙත් සිනහව අතරින්ම තමා…. මොකද මට ලෝභ හිතෙන තරම් ලස්සන ජීවිතයක් නේ ලැබිලා තිබෙන්නේ..

වැඩිමහල් තරුණියක් සමග හාද වූ පෙම්වතා

ජංගම දුරකථනයේ ඉමෝ තාක්‌ෂණය භාවිත කර බිබිලේ තරුණියක්‌ සමග කෙටි ඇසුරක්‌ පවත්වා ඇය කුරුණෑගල නගරයට ගෙන්වාගත් පොලොන්නරුවේ පදිංචි යුද හමුදා සෙබළා හෝටල් කාමරයක්‌ තුළ දී තරුණිය පැළඳ සිටි රු. 1,50,000 වටිනා රන් භාණ්‌ඩ කොල්ල කෑමේ සිද්ධියක්‌ මත ඔහු කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස්‌ නිලධාරීන් විසින් පොලිස්‌ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බිබිලේ මැදගම පදිංචිකාරියක්‌ වන මෙම තරුණිය සමග (අවු. 26) පොලොන්නරුව සිහනදගම ජනපදයේ පදිංචි යුද හමුදා සෙබළා (අවු. 20) ජංගම දුරකථනයේ ඉමෝ තාක්‌ෂණය ඔස්‌සේ කෙටි කලක්‌ ඇසුරක්‌ පවත්වා හිතවත් වූ මොවුන් දෙදෙනා පසුගිය දිනක කුරුණෑගල නගරයට පැමිණ හමු වී ඇති බවයි සදහන් වන්නේ.

කුරුණෑගල නගරයේ හෝටල් කාමරයක්‌ තුළදී සතුටු සාමිච්චියේ යෙදීමට පෙර යුද හමුදා සෙබළාගේ ඉල්ලීම මත, තරුණිය පැළඳ සිටි රන්මාල දෙකක්‌, සහ රන් පෙන්ඩන් තුනක්‌ ඇතුළුව රන් මුදුවක්‌ ගලවා තබා තිබෙනවා. පසුව තරුණයා තම අත තරුණියට නොපෙනෙන සේ යවා මෙම ස්‌වර්ණාභරණ යුද හමුදා සෙබළාගේ කලිසන් සාක්‌කුවේ දමාගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා දැන හඳුනාගැනීමෙන් අනතුරුව නිවෙස්‌වලට යැම සඳහා කුරුණෑගල ප්‍රධාන බස්‌ නැවතුම්පළට පැමිණීමෙන් පසු තරුණියගේ රන්, භාණ්‌ඩ කොහිදැයි විපරම් කිරීමෙන් පසු යුද හමුදා සෙබළාගේ පවසා ඇත්තේ ඒවා තමන් ළඟ තිබෙන බවත් කෑම පාර්සලයක්‌ රැගෙන එනතෙක්‌ බසය තුළ සිටින ලෙසයි.

එහෙත් එම තරුණයා නැවත නොපැමිණීම හේතුවෙන් තරුණිය තමන්ට සිදුවූ අකරතැබ්බය සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණ පැමිණිලි කර තිබෙනවා.

යුද හමුදා සෙබළාගේ ජංගම දුරකථන අංකය භාවිත කර ඔහුගේ තොරතුරු සොයාගත් අපරාධ විමර්ශන අංශයේ පොලිස්‌ නිලධාරින් පොලොන්නරුව නගරයේදී මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වංචනික ලෙස තරුණියගෙන් පැහැරගත් ස්‌වර්ණාභරණ සියල්ලම රු. 63000 කට මූල්‍ය ආයතනයකට උකස්‌ කර මුදල් ලබාගෙන තිබූ බවත් යුද හමුදා සෙබළා කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස්‌ කර නැවත නඩු විභාගය කල්තැබූ බවත් පොලිසිය පවසනවා.

කෙවින් කාටර්ගත් ඡායාරුපය

ඔබ විනෝද වෙලාවක යහළුවන් සමග සවාරියක් යන්නට කැමතිද?ඔබ එවැනි වෙලාවක අමතක නොකරනම දෙය මොකක්ද කියලා ඔබෙන් ඇහුවොත්.ඔබ නිරතුරුව දෙන පිළිතුර තමයි ස්මාර්ට් ජංගම දුරකථනය.ඔබ කැමති ඔබේ නෙත ගැටෙන සොදුරු දසුන් කැමරා කාච ඔස්සේ සමාජ ගත කරන්නට.පසුගිය අවුරුදු ගණන මුළුල්ලේම දස දහස් ගණන් ජංගම දුරකතනයේ තෙවැනි ඇසෙන් දුටු දුර්ලභ ගනයේ සිදුවීම් ලෝකයේ හැමෝම බෙදාගත්තා.ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන ඇත්ත ඔබටත් මටත් පිලිගන්නම වෙනවා.

අපි අද කතා කරන්නේ මුළු ලෝකයම කදුලින් සසල කල අනුවේදනීය කතාවක හැරවුම් ලක්ෂ්‍ය ගැනයි.ඕනෑම කෙනෙක් කැමති තමන් කැමතිම ක්ෂේත්‍රයක ප්‍රවීනයෙක් වෙන්න.මේ කියන කතානයකයත් එවැනිම කෙනෙක්.ඔහු කුඩා කල සිටම අනේක දුක් ගැහැට විදිමින් තමන් ආදරයෙන් වැලදගත්ත ක්ෂේත්‍රයක ඉහලම ස්ථානය ස්පර්ශ කල මිනිසෙක් ලෙස හැදින්විය හැකි කෙවින් කාටර්.ඔහු උපත ලබන්නේ 1960දශකයේ සැප්තැම්බර් මස 13 වනදා දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නගරයේය.වර්ණ භේදවාදය තදින්ම ක්‍රියාත්මක වන යුගයකඋපන් මොහුට වරක් පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා කලුජතිකයන් වෙසෙන ප්‍රදේශයක නිත්‍යානුකුල නොවන අයුරින් ජීවත්වීම නිසාම.

උසස් අධ්‍යාපනයෙන් පසුව ඖෂධවේදියකු ලෙස රැකියාව කරන මොහු පසු කාලීනව යුධ සේවයට එකතු වෙනවා.නමුත් ඔහුගේ තරුණ කෝඩුකාර සිතුවිලි නිසාවෙන්ම ඔහුට මෙම ක්ෂේත්‍ර වලින් කෙල පැමිණීමට නොහැකිවෙනවා.කෙසේ හෝ ඔහුගේ හදගැස්ම හදුනන රැකියාව ඔහුගේ සිතුවිලිවලට් ජීවය දෙනවා.ඒ තමයි හීනි ඇස් දෙකක් සහ පුළුල් දෘෂ්ටියක් හෙබි මෙම සිහින් මිනිසා අදමෙන් ඩිජිටල් කැමරා පැමිණෙන්නට වත් නොසිතු යුගයේ ජයාරූප මාධ්‍යකරණයේ අත්පොත් තබනවා.ඔහුගේ නිසඟ හැකියාව නිසාවෙන්ම ඉතාම කෙටි කලකින්ම ඔහුගේ වෘත්තීය ජීවිතය සාර්ථකත්වයේ මාර්ගය ස්පර්ශ කරනවා.එසේ සාර්ථකත්වය ලෝකය ඉදිරියේ දිග හැරෙන්නේ ඔහුගේ තරුණ වියෙදීමයි.

1993දී සුඩානයේ සංචාරය කරන මොහු හිමිවන්නේ දකුණු සුඩානයේ පැවති සිවිල් යුදමය තත්වය වාර්තා කිරීමටයි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන් පැමිණෙන ඔහු යුද්දයේ අදුරු සෙවනැලි ඔස්සේ කැමරා කාච මනාව සුසර කරනවා.මාධ්‍ය වේදියාගේ පරම යුතුකම ජනතාව පිනවීමම යන සුපිරිසිදු සත්‍ය පසක් කරමින් ඔහු ඉතාම සුක්ෂම දසුන් කැමරාවේ සටහන් කරගන්නවා.එම යුදමය තත්වය හමුවේ දස දහසක් සුඩාන ජනතාව කුසගින්නට අහරක් නැතිව පවස නිමන්නට දිය පොදක් නැතිව අන්ත අසරණබාවයට පත්වුණු සුඩාන ජනතාව පාලු ගිරිදුර්ග මතින් නොනවතින අරගලයක යෙදුනි.

ඉතින් මෙලෙස එක් අවස්ථාවකදී කාටර් නම්වූ තරුණ ඡායාරුප මාධ්‍යවේදියා යම් අවස්ථාවක දකිනවා තියුණු හොටක් සහිත වේගයෙන් පියඹා එන දුටුවන්ගේ නෙත් පුදුම කරවන රාජාලියකු.රාජාලියා පසුපස ඇදෙන කාටර් හට දකින්නට ලැබෙන්නේ ජීවිතේ නැවත කිසි දිනක්වත් දක්නටවත් එපා කියන අතිශය සංවේදී දසුනක්.පුංචි දැරියක් කුසට අහරක් නොමැතිව මන්ද පෝෂණයෙන් බිම වැතිර සිටින දසුනකි.අධික උණුසුමත් සමග මිනිස්සුන්ට පමණක් නොව සතා සීපවටද අහර නොමතිකමටදෝ රාජාලියා කුඩා දැරිවිය ගොදුරු කරගැනීමට උත්සහ දරනවා.

අවසානයේදී කෙවින් කාටර් ගේ කැමරා කාචය මත දුර්ලභ ගනයේ දසුනක් ඉතුරුකරමින් රාජාලියා කුඩා දැරිවිය දහගෙන ඇතට රැගෙන යනවා.අධික මන්ද පෝෂණයෙන් පෙළුණු දැරිවිය මරුතුරුලට යන්නේ ජායාරුපය ගැනම සිතු බෙරගනීමට් ඉදිරිපත් නොවූ කාටර් ගේ හිතට පීඩනයක් ඇතුළු කරමිනි.ඔබ සිතන්නේ මේ කාරණයෙන්ම මෙය අවසන් වුවා කියාද?නැත.

අහිංසක දැරිවියක් සතෙකුගේ ගොදුරක් වන මොහොතක කිසිම තැකීමක් නොකලත් මෙම ජයරුපය 1993 දී නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පලකල කෙවින් කාටර් මුළු ලෝකයේම අවධානය දිනාගන්නවා.නමුත් ඔහුගේ හෘද සාක්ෂිය සෑම විටම ඔහුට වද දෙනවා දැරිය බේරාගැනීමට නොහැකිවීම ගැන.ශාන්ත පිටර්ස්බර්ග් පුවත්පතේද මෙය සඳහන් වන්නේ ඡායාරුප ශිල්පියාගේ ගොදුරක් ලෙසයි.ලෝකයේ ඕනෑම දක්ෂ ඡායාරුප ශිල්පියෙකුට ලැබෙන ඉහලම සම්මානය වන Pulitzer Prize ත්‍යාගය මෙවර හිමිවුණේ ද කෙවින් කාටර්ටය.

රතු පලස මතින් අවිදගොස් සමස්ත ලෝකයේම අවදානය දිනාගත් මෙම සුවිශේෂී කලාකරුවාට එම අමිහිරි සිදුවීම අමතක කරන්නට නොහැකිවෙනවා.ඔහුට හැම රාත්‍රියකම එය වද දෙනවා.සැම දිනකම සිගරට් දල්වමින් ගසක් යටට වී මානසිකව විදව සිටිමින් සිටි මොහු සම්මානය ලැබීමෙන් පසුව හරියටම මාස 3ක් ගතවද්දී දිවි නසාගන්නවා.ඔහුගේ මතකයක් ඉතුරුකරමින් සදාතනික ප්‍රශ්නයක් ලෝකය මත චිත්‍රණය කරමින් අවසන් සුසුම වා තලයට මුසුකරනවා

මේ කතා 14 නම් කවදාවත් කියන්න එපා

ආදරේ කියන්නෙ හිතට ආසා කෙනෙක් ගාව නිදහසේ ජීවත් වෙන එකට කියලා ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන්. ඒත් නිදහසේ ජීවත් වෙනවා කියලා හිතට හිතෙන හැමදේම අනිත් මනුස්සයාගෙ පැත්තෙන් නොහිතා කියලා දාන එක එතිකලි හරියි කියලා හිතනවානම් එතන ලොකු අවුලක් තියෙනවා. ඒ ලොකු අවුල එන්නෙම මහා ආත්මාර්ථකාමී කමකුත් එක්කමයි. අපි මේ කියන්න යන්නෙ තමුන්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉස්සරහා නොකිව යුතු කරුණු ටිකක් ගැනයි.

1. ඔයාගෙ පස්ස ලොකු වෙලා – ඔයා මේක කම්ප්ලිමන්ට් එකක් විදියට කිවුවත් නැතත් කෙල්ල හිතන්නෙ ඔයා මේ එයා මහත් වෙච්ච එකට විහිළු කරනවා සහ එයාගෙ පෙණුම ඔයාට දිරවන්නෙ නැහැ කියලා කියනවා කියලයි.

2. හොඳයි – මේ තනි වචනෙ උත්තරේ ඔයාගෙ කතාවෙන් බැහැර කරන තරමට හොඳයි. මට මේ ඇඳුම ලස්සනයිද? අපි අද ටජ්මහල් හෝටලෙන් කමුද? කියල ඇහුවම ඔය කෙටි උත්තරේ නොදී පොඩි උනන්දුවක් පෙන්නුවනම් හරි.

3. ආපෝ ඔයාලගේ අම්මනං – කෙල්ලෙක් තමුන්ගෙ අම්මට ආදරෙයි. ඒ නිසා අම්ම ගැන එයා නරකක් කියන වෙලාවක් වුනත් ඔවු ඔවු ඔයාගෙ අම්මනං ගන්න දෙයක් නෑ වගේ කතා කියන්න එපා. ඒක බැක්ෆයර් වෙන්න ඉඩ තියෙනවා.

4. ෂා නිෂානිගෙ ලස්සන – කෙල්ලගෙ යාළුවොන්ව ඕනවට වඩා වර්ණනා කරන්න එපා. කැමතිනං දෑසින් විඳලා බලා සැනසෙනවා ඇරෙන්න. 5. ඕන එකක් – කෙල්ල ඔයාගෙ චොයිස් එකකට ඉඩදුන්නොත් (එහෙම ඉඩ දෙන්නෙ කාලෙකට පාරක් වුනත්) ඒ චොයිස් එක අරගන්නව මිසක් ඕනවට එපාවට ඕන දෙයක් කියලා කියන්න එපා.

6. මේකප් කරන්නෙපා – එයා කැමති දේ එයාට කරන්න දෙන්න. මේකප් කරා කියලා පොකට් එකට පොඩ්ඩක් දැනුනට කෙල්ලගෙ හිත සතුටෙන් තියෙන එකම මදිද? ඔයා මේකප් කරත් නැතත් එකම විදිය තමයි. ඒ නිසා ඕක කරන්නෙපා කියලා කියන්නෙපා.

7. තවත් කනවද? – ගෑණුංගෙ මූඩ් චේන්ජ් වෙනකොට කරගෙන යන ඩයට් ප්ලෑන් බල්ලට දාලා කන්න පනින වෙලාවල් තියෙනවා. එහෙම වෙලාවට කෝ දැන් ඔයාගෙ ඩයටීෂන් මැරුණද? ඔයා දැනටම එකපාරක් රෑට කෑව නේද? වගේ කතා අහන්නෙපා. කන බොන කෙල්ලෙක් කියන්නෙ හිත හොඳ කෙල්ලෙකුට. කන්න කැමති වෙලාවක එයාට කන්න ඉඩ දෙන්න.

8. මට තේකක් හදනවකො – මේ ආරච්චිලගෙ කාලෙ නෙමෙයිනෙ. ගෑණු කියන්නෙ වැඩකාරියො නෙමෙයි. ගෑණුත් රට ගොඩදාන්න සක්‍රීයව දායක වෙනවා. ඒ හින්දා ඔයාට රස තේකක් හදාගන්න බැරිනං වැඩකාරියෙකුට විදියට නැතුව “මට ඔයාගෙ රස තේකක් හදල දෙන්න පුළුවන්ද මැණිකෙ?” කියල අහන්න. තේකත් එක්ක කිරි ටොපි කෑලි දෙකකුත් එන්න ඉඩ තියෙනවා.

9. අරයනං එහෙමයි – ශානිකා නං එයාගෙ කොල්ලට හැමදාම එද්දි මොනවහරි අරං එනවා. ඇයි ඔයා එහෙම නැත්තෙ. වගේ කතා අහන්න එපා. කෙල්ලො කැමති නැහැ තවත් කෙල්ලො වගේ වෙන්න.

10. අම්මනං පරිප්පු ඉවුවෙ හින්දලා – කෙල්ලො මෙන්න මේ වැඩේටත් කැමති නැහැ. අම්ම ගාව හිටපු විදියටම කෙල්ලො ගාව ඉන්න බැහැ. අම්ම පරිප්පු හින්දලා ඉවුවනං කෙල්ලගෙන් පරිප්පු තෙම්පරාදු කරලා කන්න ‍සිද්ධ වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්න කරාට ඒක අම්මගෙ උදාහරණෙන් කියන එක ගොන් කමක්.

11. මොකද්ද ඔයාගෙ ලග්නෙ කිවුවෙ? – කෙල්ල ගැන පොඩි පොඩි දේවල් මතක තියාගෙන ඉන්න එක හොඳයි. අමතකයි නං මතක විදියට කටවහං ඉන්න එකත් හොඳයි 12. ඔයාට තේරෙන එකක් නෑ – ෆිල්ම් එකක් වගේ බලන වෙලාවක “මොකද්ද අනේ ඒ වුනේ?” කියලා ඇහුවොත් “ඔයාට තේරෙන එකක් නෑ” වගේ දෙයක් කියලා එයාව අන්ඩර් එස්ටිමේට් කරන්න එපා කීයටවත්.

13. හප්පා සින්දුනං කියන්නෙපා – කෙල්ලො ගොඩක් බාත්රූම් සිඟර්ස්ලා. හැබැයි එයාලා සින්දුවක් කියන වෙලාවක “හාපෝ දැන්වත් ඔය කරච්චලේ නවත්තගන්නකො අනේ” වගේ දෙයක් කියන්නෙපා.

14. එපා – කෙල්ල කියන හැමදේම හරි නැහැනෙ. සමහර දේවල් කරන්න එපා කියන්න වෙනවා. ඒ වෙලාවට කිසිම හේතුවක් නැතුව ගහන්න වගේ එපා කියන්න එපා. පොඩ්ඩක් ආදරෙන් කියලා දාන්න. ඒකටයි ආදරේ තියෙන්න. ඒ වෙනුවෙනුයි ආදරේ තිබිය යුත්තෙත්. ඔරුවයි කොල්ලෑවයි වගේ බැලන්ස් එකේ ඉන්න ගමන් ඉස්සරහට යන්න ආදර හබල ඕනෙමයි.