ගල් යුගයේ මිනිසුන් ජීවත්වෙන දූපතක්

ඔවුහු අතට අසුවන සෑම දෙයකින්ම දමා ගසති. කෑ කෝ ගසති. එහි කිසිදු අර්ථයක් තේරුම් ගත නොහැක. කලබලයෙන් වෙරළ තීරයේ ඒ මේ අත දිව යති. පළා යති. යළි එති. යළි සැඟව සිටියි. කාලවර්ණ උස කෙසඟ මිනිසුන් සහ ගැහැනුන් නි!රුවතිනි. කිසිවකුගේ සිරුරේ වස්ත‍්‍රයක් නැත. මේ අදින් වසර 20,000 ට 30,000 ට පෙර සිටි මිනිස් සමූහයක් නොවේ. වර්තමාන ලෝකයේ ජීවත්වන අපේම වූ මිනිසුන්ය. එසේ වුව ද ඔවුන් අප සියලූ දෙනාගෙන් වෙනස් වී සිටියි. ඒ ඉන්දියන් සාගරයේ ශ‍්‍රී ලංකාවට ඊසාන දිගින් බෙංගාල බොක්කේ පිහිටි කුඩා දූපතක මුළු ලෝකයෙන්ම හුදකලා වීමෙනි. ලෝක සිතියම්වල කුඩා තිතක් මෙන් දැක්වෙන උතුරු සෙන්ටිනල් දූපත ඔවුන්ගේ වාස භූමියයි. හෙලිකොප්ටරයක් පහතින් ගියහොත් මේ මිනිසුන් කෑ ගසන්නේත් අංග චලනයෙන් කියන්නේත් අපි මෙහි සිටිනවා, ඔබ මෙතැනට අවශ්‍ය නැත” යන්නයි. ඔවුහු ගුවන් නියමුවන්ට ඊතල පහර විදියි. අනතුරක් සිදු නොවුව ද ඇතැම් විටක එය මාරාන්තික ප‍්‍රහාරයක් විය හැකිය.මුහුද දෙගොඩතලා ගිය සුනාමියෙන් මිලියන ගණනක් මිනිසුන් විපතට පත්වෙද්දී මහ මුහුද මැද පිහිටි මේ කුඩා දූපතේ මිනිසුන් ආරක්ෂිත වූහ. ඔවුන්ට කිසිදු උපකාරයක් අවශ්‍ය වූයේ ද නැත. පෘථිවි තලයේ සිටින අන් කවර වූ මිනිස් කොට්ඨාසයකටත් වඩා හුදකලාව සිටින ඔවුන් අප‍්‍රිකාවෙන් මතුවූ පළමු මිනිසාගෙන් පැවත එන්නෝ යැයි විශ්වාසයක් ද පවතී. අදින් වසර 60,000ට පමණ පෙරාතුව සිට මොවුන් මේ කුඩා දූපතේ තනිවී සිටියා විය යුතුය. අන්දමන් දූපත් සමූහයේ ගෝත‍්‍රිකයෝ කොතෙක් සිටිය ද ඒ කිසිදු ගෝත‍්‍රිකයකුගේ භාෂාවකට මොවුන්ගේ භාෂාව සමාන වෙන්නේ නැත. භාවිතයන් ද හැසිරීම් ද සමාන වන්නේ නැත. මේ සියල්ලෙන් පැහැදිලි වෙන්නේ අප‍්‍රිකා මහද්වීපයේ සිට ලෝකය පුරා නූතන මිනිසා සංක‍්‍රමණය වූ මුල් යුගයේ දී මේ දූපතට පැමිණ ඔවුන් හුදකලා වන්නට ඇති බවයි. ඒ හේතුවෙන් බාහිර ලෝකයත් සමඟ කිසිදු සම්බන්ධතාවක් නොතිබූ මේ මිනිස්සු අදට ද ගල් යුගයේ ලක්ෂණ සහිතව ජීවත් වෙති. ඔවුන්ට නූතන තාක්ෂණික මෙවලම් නැත. දියුණු භාෂාමය රටාවක් නැත. සංස්කෘතික ලක්ෂණ දියුණු වී නැත. දූපතේ සිටින මිනිසුන් ගැන පර්යේෂණ පවත්වා ඇත්තේ ඉතා සුළු වශයෙනි. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ඔවුන් පූර්ව නියොලිතික යුගයට අයත් අවසන් මානව කොට්ඨාසය විය යුතු බවයි. කිසිදු දිනක දියුණු සමාජ සංස්කෘතීන් සමඟ සම්මිශ‍්‍රණය නොවූ මේ ගෝත‍්‍රිකයෝ දකුණු අප‍්‍රිකානුවන්ගේ පෙනුමෙන් යුක්තය.

ඔවුන් මිනී මස් කන බවට මතයක් ද තිබිණි. එයට ආසන්නම හේතුව වූයේ දූපත ආසන්නයේ මඩ කකුළුවන් ඇල්ලීමට ගිය ධීවරයන් දෙදෙනකු මරා දැමීමයි. රාත‍්‍රියේ මේ ධීවරයෝ ලණුවකින් ගැට ගැසූ විශාල ගලක් උපයෝගී කරගෙන තම බෝට්ටුව නැංගුරම් ලා වෙරි මතින් නිදාගත්හ. නින්දේ පසුවෙද්දී බෝට්ටුව දිය පහරකට හසුව පාවී දූපත අසලට ගොස් ඇත. ධීවරයෝ තම බෝට්ටුව ගිලෙන බව පවසමින් උදව් ඉල්ලා කෑ ගැසුව ද එහි ප‍්‍රතිඵලය වූයේ ගෝත‍්‍රික මිනිසුන්ගේ ප‍්‍රහාරයට ඔවුන් ගොදුරු වීමයි. අනතුරට පත්වූ මේ බෝට්ටුව අදට ද දූපත ආසන්නයේ ගිලී තිබෙනු දක්නට ලැබෙයි. මේ ධීවරයන් ඝාතනය කර ඔවුන් ආහාරයට ගන්නට ඇතැයි මතයක් තිබිණි. අනතුරට පත්වූ ධීවරයන්ගෙන් ලැබුණු පණිවිඩයකට අනුව එහි ගිය ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ හෙලිකොප්ටර් යානයකට ද ගෝත‍්‍රිකයෝ ගල්වලින් ගසමින් ඊතලවලින් විදිමින් ප‍්‍රහාර එල්ල කළහ. හෙලිකොප්ටර් යානයේ සිටි මිනිසුන් දැක ඇත්තේ ද මේ ගෝත‍්‍රිකයෝ ප‍්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ගිනි මැලයක් වෙත වේගයෙන් දිව ගිය බවයි. කෙසේ වෙතත් ධීවරයන් දෙදෙනකු මරා කෑමට65 ගන්නට ඇතැයි සිතා සිටිය ද මිනිසුන් දෙදෙනකු වළ දමන්නට ඇතැයි සිතිය හැකි වළවල් දෙකක් නොගැඹුරු මුහුදු දියේ දක්නට ලැබුණු බව පසුව හෙළිවිය. ඒ හේතුවෙන් එහි සිටින්නේ මිනී මස් කන ගෝත‍්‍රිකයන් යැයි තිබූ මතය අභියෝගයට ලක්වෙයි. වරක් මේ දූපත බැලීමට තනිවම ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් දින කිහිපයකට පසු ඉන්දීය වෙරළාරක්ෂකයන් විසින් සොයාගෙන ඇති අතර මළ සිරුර හමුවන අවස්ථාවේ දී මියගිය පුද්ගලයාගේ උගුරු දණ්ඩ කෑලි කෑලිවලට කපා දමා තිබූ බව ඉන්දීය වෙරළාරක්ෂකයෝ පවසති.දූපතේ සිටින ගෝත‍්‍රිකයන් මිනී!මස් ආහාරයට ගන්නේ නම් මියගිය තැනැත්තාගේ සිරුර හමුවීමට ඉඩක් නැත. වර්ග කිලෝ මීටර 72ක් පමණ විශාලත්වයෙන් යුතු මේ කුඩා දූපත ඝන වනාන්තරයකින් වැසී පවතී. පර්යේෂකයන් විශ්වාස කරන්නේ මේ දූපතේ ගෝත‍්‍රිකයන් 50ත් 200ත් අතර ප‍්‍රමාණයක් සිටිය හැකි බවයි. කොරල්පරවලින් වටවී ඇති දූපතේ යාත‍්‍රා ගොඩබැස්සවිය හැකි ස්ථානයක් නොමැති බැවින් එය වඩාත් හුදකලා වන්නට ඇතැයි ද පර්යේෂකයන්ගේ මතය වී තිබේ. දූපත ගැන සටහන් තැබූවන් පවසන්නේ 1980 දී හා 1990 දී මෙම දූපත් වාසීන් බොහෝ දෙනකු නූතන මිනිසුන් අතින් ඝාතනය වී ඇති බවයි. මුහුදු බත් වූ නැවකින් මෙහි පැමිණි පුද්ගලයන් ඔවුන් මරා දමා ඇත. මේ සිදුවීම වනතුරුම ඔවුන් ලෝකයෙන් හුදකලා වී සිටි බව පර්යේෂකයන්ගේ මතයයි. කෙසේ වෙතත් ගෝත‍්‍රිකයකුගේ ඞී. එන්. ඒ ගත් පර්යේෂකයකු ඒවා පරීක්ෂා කිරීමෙන් සොයාගෙන ඇත්තේ ඔවුන් අවරුදු 60,000ට පෙර අප‍්‍රිකාවෙන් එළියට පැමිණි නූතන මානවයන්ගෙන් පැවත එන්නන් බවයි.

අන්දමන් දූපත් සියල්ල ගවේෂණය කැර ඇතත් දකුණු දූපතේ සිට සැතපුම් 25ක් පමණ ඈතින් පිහිටි මේ කුඩා දූපත අධ්‍යයනයට ලක්වී නැත. අන් සියලූ දූපත්හි වසන ගෝත‍්‍රිකයෝ අන්දමන් රජය සමඟ සම්බන්ධතා පවත්වති. එසේ වුව ද උතුරු සෙන්ටිනල් දූපතට කිසිදු පිටස්තරයකු පය තබා නැත. ඉන්දීය රජය මේ දූපත වටා සැතපුම් තුනක තහනම් මුහුදු සීමාවක් ප‍්‍රකාශයට පත්කර ඇත. ඉන්දීය රජය පවසන්නේ මේ දූපතේ සිටින ස්වදේශිකයන්ගේ ආරක්ෂාව සඳහා තමන් එසේ කළ බවයි. වසර දහස් ගණනක පරිනාමික ක‍්‍රියාවලියේ දී හුදකලාව විකාශනය වූ මේ ගෝත‍්‍රිකයෝ අනෙක් මිනිස් සමාජයට බොහෝ අසමානතා දක්වති. පේරු, බටහිර පැපුවා හා බ‍්‍රසීලයේ ඇමසන් වනාන්තරවල ජීවත්වන බාහිර ලෝකය හා සම්බන්ධයක් නැති ගෝත‍්‍රික කණ්ඩායම් සමඟ මොවුන්ගේ සමානකම් ඇතත් මේ ගෝත‍්‍රිකයෝ ඔවුන්ටත් වඩා තවත් අතීත ගල් යුගයේ ජීවමාන සාක්ෂියක් බව ද පර්යේෂකයන්ගේ මතයයි. අනෙක් ගෝත‍්‍රිකයෝ ඇතැම් කාරණාවල දී බාහිර ලෝකය සමඟ සම්බන්ධතා දක්වති. පර්යේෂකයන් පවසන්නේ සෙන්ටිනල් දූපතේ සිටින ගෝත‍්‍රිකයන්ගේ භාෂාව අන්දමන් දූපත්වල සිටින කිසිදු ගෝත‍්‍රික ජනකොටසකට තේරුම්ගත නොහැකි බවයි. එයින් තේරුම්ගත හැකි කරුණක් වන්නේ මේ ගෝත‍්‍රිකයෝ අන්දමන් දූපත්වල සිටින සෙසු ගෝත‍්‍රිකයන්ගෙන් ද හුදකලා වී වසර දස දහස් ගණනක් ගතවී ඇති බවයි. මේ ගෝත‍්‍රිකයන් පිළිබඳ සොයා බැලීමේ ක‍්‍රියාවලිය ආරම්භ වන්නේ 1880 වර්ෂයේ දී ය. ඉන්දියාව කේන්ද්‍රකරගනිමින් අන්දමන් දූපත් ද පාලනය ගෙන ගිය බි‍්‍රතාන්‍යයන්ගේ ජනපද නිලධාරීන් වරින් වර අන්දමන් දූපත්වලට ගොස් එහි සිටි ගෝත‍්‍රිකයන් සමඟ සම්බන්ධතා ඇතිකර ගනිමින් ඔවුන් ද නව ශිෂ්ඨාචාරයට ගෙන ඒමට දැඩි උත්සායක නිරතවූහ.

එවැනි අවස්ථාවක ඔවුන්ගේ ඉලක්කය වූයේ උතුරු සෙන්ටිනල් දූපතයි. එහි ගිය බි‍්‍රතාන්‍ය නිලධාරීන් දූපතේ කඳවුරු බැඳගෙන දින හතරක් ගත කළ ද ඔවුන්ට සොයාගත හැකි වූයේ පත්වාසී ඇවිද යා නොහැකි තරමට අබල දුබල වූ මහළු යුවලක් සහ දරුවන් හතර දෙනකු පමණි. මේ හය දෙනා ද රැුගෙන ඔවුහු ඉන්දියාවට පැමිණියහ. ටික දිනකින් සරම්ප රෝගයට ගොදුරු වූ මහළු යුවල මියගියහ. තම නව ශිෂ්ඨාචාරය පිළිබඳ මේ දරුවන්ට අත්දැකීම් ලබා දුන් බි‍්‍රතාන්‍යයෝ කෑම බීමෙන් ද ඔවුන්ට සංග‍්‍රහ කර ඉන් අනතුරුව තෑගි බෝග ද දී ආදරය කරුණාව දක්වා දූපතට ගෙන ගොස් ඇරලවූහ. දූපතට ගිය මේ ළමයි වෙරළට බැස තම ඥාතීන් සොයා වහා පලා ගිය ද ඉන් පසු දින ගණනක් ගතවනතුරු ඔවුන් යළි පැමිණියේ නැත. බි‍්‍රතාන්‍යයන් සිය පාලන වාර්තාවල දක්වා ඇත්තේ ගෝත‍්‍රිකයන් වෙත ගොස් කිහිප දෙනකු ගෙනවිත් කන්න බොන්න දී ඇඳුම් ද තෑගි බෝග ද ලබාදුන් පසු එවැනි ළමයින් ගෝත‍්‍රික මිනිසුන් හා තමන් අතර සමීප සම්බන්ධතා ගොඩනැංවූ බවයි. නමුත් සෙන්ටිනල් දූපතෙන් ගෙන ගිය ළමෝ තවදුරටත් හුදකලා වූහ. බි‍්‍රතාන්‍යයෝ ද මේ දූපතේ සිටි ගෝත‍්‍රිකයන් සමඟ සම්බන්ධතා ඇතිකැර ගත නොහැකිව හිස් අතින් ආපසු ආහ. ඒ නිසාම අදට ද ඔවුහු ගල් යුගයේ ජීවත් වෙති. ඉන්දියාව ඉන් අනතුරුව 1967 වර්ෂයේ දී විශාල මානව විද්‍යාත්මක දූත මෙහෙවරක යෙදෙමින් ස්වදේශිකයන් සමඟ සම්බන්ධතා ඇතිකැර ගැනීමට උත්සාහ ගත්ත ද ඔවුහු යළි කැලයේ සැඟවුණු බව ඒ වාර්තාවල දක්වා ඇත. එම ව්‍යාපෘතියේ දී පළතුරු ඇතුළු කෑම බීම, හට්ටි මුට්ටි, මාල වළලූ, ප්ලාස්ටික් ද්‍රව්‍ය, බෝල ආදී දේ රැුගෙන ඉන්දියානු පර්යේෂකයන් එහි ගොස් ඒවා වෙරළේ තබා බලා සිටියහ.

ඉන්දියාවෙන් ගිය පිරිස වැඩිවීම නිසාදෝ පහර දීමට නොපැමිණි ස්වදේශිකයෝ වනයේ සැඟවී ගියහ. දින කිහිපයකින් වෙරළට පැමිණි ඔවුහු ඒ සියළු දේ මුහුදට විසිකරමින් විනාශ කැර දැමූහ. 1970 දී සහ 1973 දී දූපතට ගොඩ බසින්නට ගිය පුද්ගලයන් ඊතල ප‍්‍රහාර නිසා ආපසු හැරී පැමිණ බව ද සඳහන් වෙයි. 1970 දශකයේ දී මේ දූපතේ ගෝත‍්‍රිකයන් ඇසුරු කිරීමේ අරමුණින් ගිය පුද්ගලයන් බොහෝ දෙනකු ඊතල ප‍්‍රහාරයෙන් තුවාල ලබා හෝ මරණයට පත්ව තිබූ බව ද පැවසේ. 1975 දී නැෂනල් ජියෝග‍්‍රෆි ආයතනයේ අධ්‍යක්ෂවරයකු ගෝත‍්‍රිකයන් සම්බන්ධ වාර්තා වැඩසටහනක් සැකසීමට එහි ගිය අවස්ථාවේ දී ඊතල ප‍්‍රහාරයකට ලක්වූයේය. ඉන් තුවාල ලැබූ ඔහු ආපසු පැමිණියේ සිය අදහස වෙනස්කරමිනි. අදින් වසර 20ට පෙර එනම් 1995 දී ඉන්දියාවේ මානව විද්‍යා මහාචාර්යවරයකු වූ ට‍්‍රයිලෝකිනාත් පණ්ඩිත් මහතා මේ ගෝත‍්‍රිකයන් සමඟ සියුම් ලෙස සම්බන්ධතා පවත්වාගැනීමට දැඩි උත්සාහයක නිරත වූයේය. එය යම් තරමකට සාර්ථක වූ බව පැවසේ. මහාචාර්යවරයා නිතර නිතර එහි යමින් ඔවුන්ගේ ඊතල ප‍්‍රහාර මගහරිමින් ඔවුන්ට අවශවනු ඇතැයි සිතූ ලෝහ වර්ග හා පොල් වැනි ද්‍රව්‍ය ඔවුන්ට ත්‍යාග වශයෙන් ලබා දීමට කටයුතු කළේය. වසර ගණනාවක් තිස්සේ ටිකෙන් ටික ඔවුන්ට සමීප වූ මහාචාර්යවරයාට තම සිරුරේ ඇති ඇඳුම් උනා දැමීමට පවා ගෝත‍්‍රිකයන් ඉඩ දුන්නේය. ඔහු ස්වදේශිකයන්ගේ සංස්කෘතිය හා සම්බන්ධවීමට ගත් උත්සාහයේ දී සිදුවූ අලාභයන් හා ස්වදේශීයයන්ගේ අනන්‍යතාව තහවුරු කිරීමේ අවශ්‍යතාව මත ඉන්දියානු රජය මේ දූපත අවට කිලෝ මීටර 3ක් දක්වා මුහුදු ප‍්‍රමාණය ඇතුළු සමස්ථ ප‍්‍රදේශයම තහනම් කලාපයක් බවට පත්කරන ලදී.

අන්දමන් දූපත්වල ජීවත්වූ අනෙක් ගෝත‍්‍රිකයන් බාහිර සමාජය සමඟ සම්බන්ධතා ඇතිකැර ගැනීමෙන් පසුව විනාශ වී ගොස් ඇති ආකාරය සැලකීමේ දී ඉන්දියාව ගත් මේ තීරණය ඉතා කාලෝචිත බව ලොව පුරා මානව විද්‍යාඥයන්ගේ අදහසයි. දූපත ආසන්නයේ පියාසර කරන හෙලිකොප්ටර් යානා මගින් ගන්නා ලද වීඩියෝ දර්ශන හා ඡුායාරූපවලින් පැහදිලි වෙන්නේ මොවුන් නිරුවතින් දිවි ගෙවන කාලවර්ණ ඉතා සෞඛ්‍ය සම්පන්න හා ශක්තිමත් ජන කොට්ඨාසයක් බවයි. ඔවුහු මාළු, කැස්බෑවුන්, කටුස්සන්, කුඩා කුරුල්ලන් ඇතුළු දඩයම් කළ හැකි සියළු සතුන් මරා කන බවත් පොල් හා වන ඵල ඔවුන්ගේ ආහාරයට එක්ව ඇති බවත් පර්යේෂකයෝ කියති. පර්යේෂකයන් පවසන්නේ මේ ගෝත‍්‍රිකයෝ ඊතල සඳහා අවශ්‍ය ලෝහ ලබාගන්නට ඇත්තේ මුහුදු බත්වූ නැව් වලින් බවයි. මේ ගෝත‍්‍රිකයන් පිදුරු හෝ කොළ අතු සෙවිළි කළ පැල්පත් වැනි නිවාසවල ජීවත්වන්නේ යැයි පර්යේෂකයෝ විශ්වාස කරති. ඔවුන් පවසන්නේ කුඩා දියකඩන සෑදීමට මොවුන්ට හැකියාව ඇති බවයි. එමෙන්ම එකිනෙකාගේ උකුල්මත ඉඳගනිමින් අපූරු ආචාර ක‍්‍රමයක් අනුගමනය කරන බවත් පිටුපස හැරී එක් අයකුගේ තට්ටම්වලට අනෙක් පුද්ගලයාගේ තට්ටම් වද්දවමින් ගී ගයමින් සිටින බවත් නිරීක්ෂණය කැර ඇත. 2004 වර්ෂයේ සුනාමියෙන් මේ ගෝත‍්‍රිකයන් දිවි ගලවාගැනීම පුදුම සහගතය. කාලගුණයේ වෙනස්වීම් සම්බන්ධයෙන් මොවුන් සතුව ඇති ගුප්ත හැකියාවන් ඒ සඳහා ප‍්‍රයෝජනවත් වන්නට ඇතැයි ද මතයක් පවතී. යම් පාරම්පරික ඥානයකින් සුනාමි අනතුර සම්බන්ධයෙන් කල්තියා දැන උස් ප‍්‍රදේශවලට වී සිටින්නට ඇතැයි ද පර්යේෂකයන්ගේ මතයයි. වසර 60000ක පමණ කාලයක සිට හුදකලා වී පරිනාමිකව මිනිසුන් ලෙස දියුණු වුව ද සංස්කෘතික දියුණුවක් නොලැබූ මේ අපූර්වතම ගෝත‍්‍රික ජනයා තවදුරටත් නවීන ලෝකය සමග සම්මිශ‍්‍රණය නොකර ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ සිටීමට ඉඩදීම වඩාත් සුදුසුයැයි මානව විද්‍යාඥයෝ කියති.

අවුරුදු 300 ක් ඉපැරැණි ඔරලෝසුව

අක්කර තුන්දහස් ගණනක වපසරියකින් යුතු ගීකියනකන්ද වතුයාය පිහිටියේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල මැතිවරණ කොට්ඨාසයේ තෙබුවන පොලිස් වසමේ නෑබඩ ප්‍රදේශයේය. මුහුදු මට්ටමේ සිට අඩි 600 ක් පමණ උසින් පිහිටි මෙම වතුයාය රමණීය කඳු වළල්ලකින් වට වූ සුන්දර ස්ථානයකි.

2013 අප්‍රේල් මස 16 වනදා ගී කියන කන්ද වතුයායේ පැරණි බංගලාව හොරු බින්දේය. මේ බංගලාව මිනිසුන් දන්නේ රොනී ද මැල් මුදල් ඇමැතිව සිටිනා අවධියේදී මේ බංගලාවේ සිට රටේ අය වැය හැදූ නිසාය. ගී කියන කන්ද බංගලාව හොරුන් විසින් බිඳීමෙන් අනතුරුව රැගෙන ගොස්‌ තිබුණේ දුර්වර්ණ වී ගිය පැරණි ඔරලෝසුවක්‌ හා පැරණි ලාම්පු ර`දවනයකි. ඔරලෝසුව පැවතියේ ක්‍රියා විරහිතවය. උස්‌ රැ`දවුමක්‌ සහිත ලාම්පුවද අවපැහැ ගෙන තිබිණි.

ගෙට ඇතුළු වී තිබුණේ අවුරුද්දට අරක්‌කු ටිකක්‌ බොන්නට සල්ලි නැති නන්නත්තාරේ යන පාදඩයන් දෙදෙනෙකි. බංගලාවට ඇතුළු වූ මේ පුද්ගලයන් දෙදෙනා කිසි ලකයක්‌ නැති මේ පැරණි බඩු දෙක ගෝනියක දමාගත්තේය. ක්‍රියා විරහිත වූ පැරණි ඔරලෝසුව කිලෝ විසි පහකට වඩා බර විය. ලාම්පු ර`දවනයත් එවැනිම බරක්‌ සහිත එකක්‌ වූයේය. එබැවින් මේ මිනිස්‌සු තමන් හොරාගත් භාණ්‌ඩ ගෝනියක දමාගෙන ආයාසයෙන් බිම දිගේ ඇදගෙන ගොස්‌ පරණ යකඩබඩු කඩේකට ගියෝය. යකඩ බරට අමතරව මේ පරණ බඩු දෙකේ ඇති විශේෂයක්‌ ඉවෙන් මෙන් වටහාගත් යකඩ බඩු කඩේ මුදලාලි රුපියල් දස දහස්‌ පන්සියයකට මේ භාණ්‌ඩ දෙකම මිලට ගෙන කඩේ පසෙකින් තබා තිබුණේය.

මේ අතරතුර මෙතැනට පැමිණි පුද්ගලයෙක්‌ මේ ඔරලෝසුව දුටුවේය. එය පරීක්‌ෂා කළ හෙතෙම එය රුපියල් ලක්‌ෂ දෙකකට මිලදී ගැනීමට යකඩ බඩු කඩේ මුදලාලි හා කතා කළේය. මුදලාලිට මේ පැරණි භාණ්‌ඩයේ ඇති අමුතු වටිනාකම වැටහිණි. එය අලෙවි කිරීම පසෙක තබා හෙතෙම මේ කෞතුක භාණ්‌ඩ දෙක ගෙදර රැගෙන ගියේය. රැගෙන ගොස්‌ සැ`ගවුයේය. මේ අතර කෞතුක භාණ්‌ඩ නැතිවීම පිළිබ`දව එහි හිමිකරුවන් පොලිසියට පැමිණිලි කළේය. ඒ අනුව කළුතර පොලිස්‌ අධිකාරී රොෂාන් සිල්වාගේ මැදිහත්වීමෙන් කොට්‌ඨාස අපරාධ මර්දන ඒකකයේ නිලධාරීහු කළ වෙහෙසකර පරීක්‌ෂණයකින් පසු මෙම කෞතුක භාණ්‌ඩ සොරාගත් සොරුන් හා එය ස`ගවා තබාගත් යකඩ බඩු කඩේ මුදලාලි පොලිස්‌ අත්අඩංගුවට පත්විය.

මේ කෞතුක භාණ්‌ඩ වල වටිනාකම කවුරු කවුරුත් දැනගත්තේ මේ සොයා ගැනීමෙන් අනතුරුවය. එය ගී කියන කන්ද වතුයායේ අතීතය හා බැඳුනකි. මේ වතුයාය එවකට අක්‌කර තුන්දහස්‌ දෙසීය තිහක්‌ පුරා පැතිරුණ තේ රබර් වගාවෙන් යුතු එකක්‌ විය. එය අයත්ව තිබුණේ සර් හෙන්ඩි්‍ර හර්බට්‌ එල්ෆින්ස්‌ටන් ආදිපාද වරයාටය. ඔහු වත්මන් එංගලන්ත මහ රැජනගේ මවගේ සොහොයුරෙක්‌ හෙවත් මාමා කෙනෙක්‌ වූයේය. මේ වතුයායේ ඔහු වෙනුවෙන් කළ මැඳුරු දෙකක්‌ විණි. ප්‍රසිද්ධ ගී කියන කන්ද බංගලාව ඉන් එකකි. මේ මැඳුරු වල පුරාණ ගෘහ භාණ්‌ඩ පවා එංගලන්තයේ රාජකීය පන්නයට ගැළපෙන සේ තැනුණ ඒවා විය. මේ ඔරලෝසුවද එවකට එංගලන්ත රජ පවුල වෙනුවෙන්ම නිර්මාණ කළ, රජ පවුලේ උරුමයක්‌ ලෙසම පැවතුන වසර තුන්සියයක්‌ තරම් පැරණි නිර්මාණයකි. මෙවැනි ඔරලෝසු මේ වනවිට ලෝකයේම ඉතිරිව ඇත්තේ හතරකට ආසන්න සංඛ්‍යාවකි. එවැනිම කෞතුක අගයක්‌ සොරා ගත් ලාම්පු ර`දවනයටද තිබිණි.

මේ වතුයායත් පෞරාණික භාණ්‌ඩ සහිත මන්දිර දෙකත් පනහේ දශකයේ මේ රටේ සිටි සුපිරි ධනවතෙක්‌ වූ සර් ලියෝ ප්‍රනාන්දු විසින් මිලදී ගනු ලැබුවේය. සර් ලියෝ ප්‍රනාන්දු යනු එවකට මේ රටේ ලොකුම බස්‌ සමාගම වූ පානදුර මෝටර් ට්‍රාන්සිට්‌ හිමිකරුවාය. 1955 වනවිට ඔහු සතුව බස්‌ රථ තුන්සිය පනහක්‌ පමණ පැවතිනි. බ්‍රිතාන්‍ය රාජකීයයන් සතුව තිබූ මේ වතුයාය ගැනීම ස`දහා මූලික සාකච්ඡා පැවැත්වීමට සර් ලියෝ ප්‍රනාන්දු එංගලන්තයට ගියේය. එම සාකච්ඡා පවත්වා තිබුණේ බකිංහැම් මාලිගාවේදීය. අනතුරුව ඔහු 1950 නොවැම්බර් මස 29 වැනිදා අක්‌කර තුන්දහස්‌ තුන්සිය විස්‌සක්‌ වූ මේ දැවැන්ත වතුයායත් මාලිගා දෙකක්‌ සේ පෙනෙනා මන්දිර දෙකත් මිලදී ගත්තේය.

1955 වන විට පානදුර මෝටර් ට්‍රාන්සිට්‌ ආයතනය සතුව තිබූ බස්‌ රථ තුන්සිය පනහක්‌ රජයට ගැනිණි. 1970 වනවිට වතු ජනසතු කිරීමේ ප්‍රතිපත්තියත් සමග සර්. ඩබ්ලියු. ලියෝ ප්‍රනාන්දු ගී කියන කන්ද වතුසමාගමට අක්‌කර පනහකුත්, මන්දිර දෙක හා ඒවායේ පැවති බ්‍රිතාන්‍ය රාජකීයන්ට අයත් කෞතුක භාණ්‌ඩත් පමණක්‌ ඉතිරිකොට රජයට පවරා ගත්තේය. මේ වනවිට එහි හිමිකම සර් ඔලිවර් ලියෝ ප්‍රනාන්දුගේ දරුවන් වන කුසුමලතා සිල්වා, හිටපු මුදල් ඇමැති රොනී ද මැල් ගේ බිරි`ද වන මල්ලිකා ද මැල්, රංජිත් ප්‍රනාන්දු හා කාන්ති ප්‍රනාන්දු සතුව පවතී. එය වෙනම කතාවකි.

අරක්‌කු බොන්නට සල්ලි මදි වූ රස්‌තියාදුකාරයන් විසින් සොරකම් කර යකඩ බඩු කඩයට විකිණූ ඔරලෝසුවේ වර්තමාන වටිනාකම ඩොලර් ලක්‌ෂ ගණනකි. එහෙත් ගෝනියක දමා බිම දිගේ ඇදගෙන යැම නිසා එහි මුහුණතට හානි වී ඇත. දැන් මේ හොරකම කළ බේබද්දන් දෙදෙනාට දුක හිතනු ඇත. හොරකමක්‌ කළත් තමන් හොරකම් කරන්නේ කුමක්‌ ද යන්න ගැන නොදැනීමේ දුක අනික්‌ බොහෝ දුක්‌ වලට වඩා බලවත් වනු ඇති බව අපගේ හැ`ගීමය.

නාසා ජයගත් මේඝ විජේවර්ධන

පෘථිවියට ආසන්නයේ පිහිටි ‘බෙනූ’ ග්‍රාහකයේ සිට අධ්‍යයනය සදහා නියැදි යළි පෘථිවියට රැගෙන එන නාසා ආයතනයේ OSIRIS-Rex මෙහෙයුමට දැනට සම්බන්ධ වී සිටින ලොව ළාබාළතම සාමාජිකයා වන්නේ මේඝ මහීම විජේවර්ධනයි. ඔහු, ‌මෙරටට පළමු චිත්‍ර කතා පත්තරය හදුන්වා දුන් සුප්‍රකට කලාකරුවකු වූ ලේක්වුස් ආයතනයේ සේවය කළ අනුර විජේවර්ධන මහතාගේ මුනුබුරායි. පුංචි මේඝට ලැබී ඇත්තේ අනුර විජේවර්ධන මහතාගේ ජනප්‍රියතම ‘මේඝ’ චිත්‍ර කතාවෙහි නාමයයි. මේඝ අවුරුදු 09ක් තරම් වයස කුඩා දරුවෙක්. මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ළාබාළතම ව්‍යවසාකයා ද වන මේඝ, දැනට නාසා ආයතනයේ ඔස්ට්‍රේලියාව සදහා ළාබාළතම අභ්‍යාවකාශ ව්‍යාපෘති තානාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

ග්‍රාහකයක සිට සාම්පල පෘථිවියට රැගෙන ඒමින් ග්‍රාහකයේ සිට ද පරීක්ෂණ සිදුකරන අමෙරිකාවේ පළමු ව්‍යාපෘතිය වන්නේ ද OSIRIS-Rex මෙහෙයුමයි. 2023 වසරේදී බෙනූහි මුල්ම සාම්පලය පෘථිවියට ගෙනෙමින් කෙරෙන මෙම මෙහෙයුමේ ඔස්ට්‍රේලියානු සන්නිවේදන කටයුතු භාරව සිටිමින් ව්‍යාපෘතියේ යාවත්කාලීන පුවත් ජනතාව වෙත ලබාදීමටත් මෙහෙයුමට අදාළ පුහුණු හා සන්නිවේදන අංශයේ සම්බන්ධීකරණ කටයුතු කිරීමත් පැවරී ඇත්තේ පුංචි මේඝටයි. කිසිවකුට අනුමාන කිරීමට හෝ නොහැකි තරමේ කුඩා වයසකදී මෙවැනි දැවැන්ත අභ්‍යාවකාශ මෙහෙයුමකට සම්බන්ධ වී කටයුතු කරන්නට තරම් මේඝ සමත්කම් දක්වන්නේ ඔහු තුළ උපතින්ම ඇති සුවිශේෂී දක්ෂතා නිසාමය.

මේඝ තම පියා හා මව සමග දැනට ජීවත් වෙන්නේ ඔස්ට්‍රෙලියාවේ. පුංචි දෑස් දල්වා අහසේ තරු බලන්නට පටන් ගත්දා සිට පෘථිවිය හා අභ්‍යාවකාශය අතර සිදුකෙරෙන මෙහෙයුමක් නියෝජනය කිරීමට අවස්ථාව ලැබීම දක්වා මේඝ මහීම විජේවර්ධනගේ ගමන ගැන ඔහුගේම වචනයෙන් දැනගන්නට අපිට හැකියාව ලැබුණි. පුංචි මේඝට අභ්‍යාවකාශය ගැන අදහසක් මුලින්ම ඇතිවුණේ කෙලෙස ද යන්න ඔහු අපිට කීවේ මෙලෙස ය. ‘මම පුංචි කාලේ දී බයිබලයේ එන ලෝකය මැවූ කතාව මට කියලා දුන්නා. ඒකෙදි මට අහස, තරු, වල්ගා තරු වගේ දේවල් ගැන අහන්න ලැබුණා. මට පුදුම හිතුණා මේ දේවල් ගැන. මම ඒ ගැන අම්මාගෙන් තාත්තාගෙන් නිතර අහන්න ගත්තා. මට හරිම ආස හිතුණා අහස ගැන දැනගන්න. අහස කොච්චර ලොකු ඇත්ද? කොච්චර ගැඹුරු ඇත්ද වගේ ප්‍රශ්න මට හිතෙන්න ගත්තා. මට ඒ ගැන හිතන ඒක නවත්තන්න පුළුවන් වුණේ නෑ. මම නිතරම ඒවා ගැන අහන්න පටන් ගත්තා. ඒ ආසාව දවසින් දවස වැඩිවුණා. මම විස්තර දැනගන්න දැනගන්න මට ඒ ගැන තියෙන උනන්දුව වැඩිවුණා.’

පුංචි මේඝට අහස, සද, තරු ගැන ඇතිවූ නොසන්සිදෙන ආශාව ගැන මුලින්ම තේරුම් ගත්තේ ඔහුගේ පියා වන චරිත් විජේවර්ධන හා මව වන දොෂන්ත්‍රි විජේවර්ධනයි. මේඝගේ මව අපිට ඒ බව කීවේ මෙලෙසයි. ලෝකය මැවූ කතාව අහන්නට ලැබුණට පස්සේ මේඝ අතිශය පුදුමයට පත්වුණා. අහස, තරු, වල්ගා තරු, වළාකුළු මේ හැම දෙයක්ම මේඝට අලුත් දේවල්. ඔහු නිතරම ඒ ගැන සිතන්නටත් සීයා, ආච්චි හෝ අම්මා තාත්තාගෙන් නිතර දෙවේලේ ඒ දේවල් අහන්නටත් පෙළඹුණා. පුංචි වුණත් මේඝ සිතුවේ අහස කියන දේ කොච්චර ගැඹුරු ඇත්ද කියලයි.

මේඝගේ නිමක් නැති ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට අපිට සිදුවෙනවා. කාලයත් එක්ක ඔහු අහන ඇතැම් ප්‍රශ්නවලට මටත් මගේ සැමියාටත් පිළිතුරු දෙන්න අපහසු වුණා. මොකද මම සන්නිවේදන උපාධියක් කරලා අලෙවිකරණ සන්නිවේදන අංශයේ කටයුතු කරන නිසාත් මගේ සැමියා ග්‍රැෆික් නිර්මාණ අංශයේ කටයුතු කරන නිසාත් අපි දෙන්නටම විද්‍යා විෂය සම්බන්ධ පසුබිමක් නැති නිසාත් ඒක අපිට අමාරු දෙයක් වුණා.

මගේ තාත්තා අනුර රණතුංග. ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විද්‍යා විෂය ධාරාව හැදෑරූ අයෙක්. ඉතින් අපි මේඝගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඔහු මගේ පියාට ස්කයිප් ඔස්සේ සම්බන්ධ කළා. පුංචි මේඝ අවුරුදු 3 විතර ඉදන් තාත්තාගෙන් අභාවකාශය ගැන බොහෝ දේ දැනගත්තා. නිතර තාත්තා හා සම්බන්ධ වී කරුණු දැනගත් මේඝ කියවන්න පුළුවන් වුණු ගමන්ම අභ්‍යාවකාශයේ දේවල් කියවන්න ගත්තා. අපි නිතරම ඔහුට පොත් ගෙනත් දුන්නා. ගේන පොත් හරි ඉක්මණින් ඔහු කියවා අවසන් කරනවා.

ඔහු ප්‍රබන්ධ කතා කියවන්න පොඩ්ඩක්වත් කැමති නෑ. පසු කාලෙක පාසලේ පුස්තකාලයේ සියලුම ප්‍රබන්ධ නොවන කතා පොත් ඔක්කොම වාගේ කියවලා ඉවර කළා. ඔහු කියවන පොත් ඔහුට බර වැඩි කියලා. අන්තිමේදී ඔහුට පාසල් පුස්තකාලයෙන් ප්‍රබන්ධ නොවන පොත් කියවීම තහනම් කරලා පවා තිබුණා. මොකද මේඝ තවම පුංචියි. ඔහුගේ න්‍යායාත්මක දැනුම් විතරක් වැඩෙද්දී එය දරුවකුගේ මනසට බලපෑ හැකි ආකාරය ගැන හිතලා. නමුත් මේඝ ඒකට කැමති වුණේ නෑ.’

මේඝගේ මොළය සැකසී ඇත්තේ ඔහුගේ වයසට වඩා අවුරුදු 5කින් වැඩුණු අයකුගේ අයුරින් බව වෛද්‍යවරුන් පවසා තිබේ. සුරතල් හඩකින් කතාකරන පුංචි මේඝ වේගවත්ව කතාකරන දරුවෙකි. එය ඔහුගේ සිතීමේ වේගය හා සමව අදහස් පළකිරීමේ උත්සහයක් වන අතර ඔහුගේ දැනුම සොයායාමේ වේගය ද එලෙසම බව මාපියෝ පැවැසූහ. මේ නිසාම පුංචි මේඝට පුංචි යහළු යෙහෙළියන් නැත. පාසලේ දී පවා ඔහු ඇසුරු කරන්නට කැමති වී ඇත්තේ වයසින් වැඩුණු සොයුරු සොයුරියන්, ගුරුවරුන් ය. මේඝගේ සුවිශේෂී බව නිසාම ඔහු ඇඩ්ලේඩිහි වෙස්ට්මිනිස්ටර් පාසල වෙත මාරු කිරීමට මාපියන්ට සිදුවිය. එම පාසලේදී වැඩි වශයෙන් ඔහුගේ මොළය වැඩෙන ආකාරයට උචිත ලෙස ක්‍රියාකාරකම් කරන්නටත් ඔහු වෙනුවෙන් වෙනම අධ්‍යයන රටාවක් සකස් කිරීමටත් පාසල් බලධාරීන් කටයුතු කර තිබේ.

පුෂ්පා රණතුංග මහත්මිය පුංචි මේඝගේ මිත්තණියයි. කුඩාම කාලයේදී ඇය සමග සිටින්නට මේඝට අවස්ථාව ලැබී තිබුණි. ඔස්ට්‍රේලියාවේ සිටියත් මේඝට ලංකාවේ දරුවන්ට මෙන්ම මිත්තණිය සමග නිර්මාණාත්මක දේවල් කරන්නට, ගීත ගයන්නට, වාදනය කරන්නට මේඝට අවස්ථාව ලැබුණි. මිත්තණියගේ මගපෙන්වීමත් පියාගේ නිර්මාණකරණයත් ශක්තියක් වූ නිසාදෝ මේඝගේ මොළය තුළ විද්‍යාව පමණක් අරක්ගෙන නැත.

අවුරුදු 3ක් තරම් පුංචි වයසේදී මේඝ professional drum set එකක් වාදනය කරන අපූර්ව වාදකයෙක් විය. අවුරුදු 3 හමාරක තරම් වයසේදී පියානෝ වාදනය ද ඇරඹි ඔහු වාදනය පිළිබද හැදෑරීමට ගිය අවස්ථාවේදී හි සිටි පුංචිම සාමාජිකයා ද විය. පාසල් චෙස්, ක්‍රිකට්, පිහිනුම් කණ්ඩායම්වල සිටින ඔහු කිසිදු අමතර පන්තියකට නොයා තනිවම පාසල් අධ්‍යයන කටයුතු සිදුකරයි. කිසිම විටෙක නිකරුණේ කාලය ගතකිරීමට අකමැති මේඝ නින්දට යන කාලය අපතේ යැවීමක් බව කියයි. ඔහු අලුයම නැගිට පොත් කියවන්න ඔහු නිතරම කුමන හෝ ක්‍රියාවක යෙදී සිටීයි.

මේඝගේ අභ්‍යාවකාශය පිළිබද දැනුම පිපාසය නිසාම මාපියන් ඔහු Future Problem-solving club එකෙහි අධ්‍යයන සදහා යැවීය. වයස අවුරුදු 4දී මේඝ දකුණු ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ අභ්‍යාවකාශ විද්‍යාව පිළිබද පාඨමාලාවක් හැදෑරීමට ඇතුළත් කළේය. විශ්වවිද්‍යාල සිසුන් සමග කරට කර සිටිමින් අධ්‍යයන කටයුතු කරන මේඝ ඒම පාඨමාලාව සාර්ථකව අවසන් කළේය. මහන්සියක් නොදැනෙන මේඝ ඉන්පසුව ලොව පුරා අභ්‍යාවකාශ භෞතිකවිද්‍යාව පිළිබද මහාචාර්යවරුන් පැමිණ දේශන පවත්වන ඇඩිලේඩි විශ්වවිද්‍යාලයේ රාත්‍රි දේශන සදහා සහභාගි විය. එහිදී මේඝ අධ්‍යයන කටයුතුවලට සහභාගි වූයේ විශ්ව විද්‍යාල සිසුන්, විද්‍යාඥයින් සමගය.

2017 වසරේදී NASA Space App Challenge ඒක සදහා මේඝ ලියාපදිංචි වනවිට ඔහුගේ වයස අවුරුදු 6 සපිරුණා පමණි. එහි සාමාජිකත්වය ගෙන තිබුණේ ඉංජිනේරුවරු, සරසවි සිසුන් ය. වායුගෝලය පිළිබද අභියෝග දෙකක් ජයගත් මේඝ එහි ළාබාළතම කණ්ඩායම් නායකයා වූ අතර ඔහුගේ කණ්ඩායම් සාමාජිකයන් වී ඇත්තේ ද ඉංජිනේරුවන් හා විද්‍යාඥයන් කිහිපදෙනෙකි.

Airbus සමාගම හා ප්‍රංශ රජය ඒකාබද්ධව කරන Acting Space ව්‍යාපෘතියේ 2018 දී චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කර මුහුද මැදදී නෞකා අතුරුදන් වන ක්‍රියාවලිය වළක්වන ක්‍රම සොයාබැලූ අභියෝගය ද ජයගත් මේඝ ඉන්පසුව, වසර 200කින් පමණ පෘථිවිය හා ගැටෙන බෙනූ ග්‍රාහකය වැළැක්වීමේ මෙහෙයුමට 2018 වසරේදී NASA Space App Challenge සමග සම්බන්ධ විය. නාසා ආයතනයත් සමග කරන ලද ඒම කටයුතුවලදී ඔස්ටේ්‍රලියානු නාසා ආයතනයේ OSIRIS-Rex මෙහෙයුමේ තානාපතිවරයකු ලෙස අයදුම් කරන්නට අවස්ථාව මේඝට උදාවේ. අමෙරිකාවේ හෝ කැනඩාවෙන් හැරෙන්නට තානාපතිවරයකු තෝරානොගන්නා ඒම තනතුර මේඝට ලැබෙන්නේ ඔහු පිළිබද සියලුම ආරක්ෂක, සමාජ සම්බන්ධතා, සෞඛ්‍යමය තත්ත්වයන් පිළිබද දීර්ඝ අධ්‍යයනයක් නාසා ආයතනය විසින් සිදුකිරීමෙන් පසුවයි.

මෙම තනතුරේ කටයුතු කළ යුතු ආකාරය පිළිබද නාසා ආයතනය මහජන සම්බන්ධතා පිළිබද කටයුතු කරන ආයතන වන ඇරිසෝනා විශ්වවිද්‍යාලය විසින් මේඝට වෙනම පුහුණුවක් ලබාදේ. OSIRIS-Rex මෙහෙයුමේ යාවත්කාලීන තොරතුරු ඔස්ට්‍රේලියාවෙ මහජනතාව වෙත ලබාදීම, සමුළු සදහා තානාපතිවරයකු ලෙස සහභාගී වීම, පුහුණු වැඩමුළු, සන්නිවේදන කටයුතු, නවමු ව්‍යාපෘතියක් වන මේ පිළිබද සමාජයෙන් මතුවන ගැටලු සියල්ලට නාසා ආයතනය නියෝජනය කරමින් ඔස්ට්‍රෙලියාව තුළ පිළිතුරු දීම ළාබාළතම තානාපතිවරයා ලෙස ඔහුට පැවරී ඇති වගකීම් ය. නාසා ආයතනයේ විශේෂ පරීක්ෂණයකට මුහුණ දී ඉහළින්ම සමත්වූ මේඝ දැන් ඒම දීර්ඝ හා අතිශය සංකීර්ණ පුහුණුව ලැබීමට සූදානමින් සිටියි.

විද්‍යාව පමණක් නොව නිර්මාණකරණයෙන් ද දක්ෂතාවෙන් අඩුවක් නොමැති මේඝගේ අරමුණු වන්නේ අවුරුදු 15දී ගුවන් නියමු බලපත්‍රය ලබාගැනීමටත් කවදාහෝ නාසා ආයතනයේ රොකට් පිළිබද විද්‍යාඥයෙක් වීමටත් ය. මේඝයක් ලෙසින්ම ගුවන අරා වැජඹෙමින්, දැන් රිදී රේඛා විහිදුවන මේඝ මහීම විජේවර්ධන, මහී තලය ආරක්ෂා කරන්නට දරන වෑයමට ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ අපගෙන් සුබපැතුම්

මිනිසුන්ට පා තබන්න බැරි ලෝකයේ දූපත්

සත්ව සංහතියෙන්ම ඕනම දෙයක් කරන්න ඔස්තාර්ලා විදියට මිනිසා මිනිසාව ම හඳුන්වාගෙන හිටියට සමහර දේවල් කරන්න මිනිස්සුන්ට තියා මවපු දෙයියන්ටවත් බැහැ. මේ ලෝකේ අපි නොදන්නා අපෙන් සැඟවුණ තැන් බොහොමයි. සමහර දේවල් එහෙම වෙලා තියෙන්නෙත් හොඳටයි කියලා හිතෙන්නේ යන යන තැන අහවල් වැඩේ කරන්න මිනිස්සු පෙළඹෙන නිසා. මේ විදියට මිනිසාගේ හැකියාවන් අබිබවා ගිහින් ශිෂ්ට කියලා හඳුන්වන මිනිස් අතක පහස කිසිදා නොලබන තැනට වැඩ සෙට් කරන් ඉන්න, භයානකම දූපත් කීපයක් තමයි මේ.

1.ගෘයිනාර්ඩ් දූපත – දෙවෙනි ලෝක යුද්ධ කාලයේ දී ජෛව අවි පර්යේෂණ රැසක් කරපු දූපතක් තමයි ස්කොට්ලන්තයේ ගෘයිනාඩ් දූපත කියලා කියන්නේ. 1942 දී මේ දූපත ඇන්ත්‍රැක්ස් බීජාණු එක්ක දුෂණයට ලක් වෙනවා. 1986දී දූපත ශුද්ධ පවිත්‍ර කරන්නට බ්‍රිතාන්‍යයට අණ ලැබුණත් අදටත් මේ භූමියේ පස්වල ඇන්ත්‍රැක්ස් මුසු වෙලා කියලා සැක කරන්න පුළුවන් සාක්ෂි තියනවා. ඒ නිසා මෙහි කාගේත් පදිංචියක් නැහැ. කවුරුත් ඒ පළාතට යන්නෙත් නැහැ.

2. පොවෙග්ලියා දූපත – වැනීසිය සහ වැනිටියානු කලපුවට අතරමැදිව පිහිටි මේ දූපත අද ප්‍රකට හොල්මන් දූපතක් විදියට. මේ දූපතට ගිය අය මුහුණ දුන් අමිහිරි අත්දැකීම් නිසාම දැන් කාගේත් පදිංචියක්වත් මෙහි නැහැ. අතීතයේ මේ දූපතේ ඉඳලා තිබුණේ මහාමාරිය රෝගය වැළඳුණ අය. පස්සෙන් පහු මානසික රෝහලක් ඉදි කරලා තියනවා. ඒ රෝගීන්ට වෛද්‍යවරු අතින් හිංසා පීඩා ගොඩක් වෙලා තියෙන බවත් මේ හොල්මන් කරනවාය කියන්නේ ඔවුන් බවත් වාර්තා වෙනවා.

3.රැම්රී දූපත – මියන්මාරයේ පිහිටන මේ දූපතේ යම් කොට්ඨාසයක් වාසය කරනවා. හැබැයි ඒ ඔක්කොම තඩිම තඩි කිඹුල් පතයෝ. දෙවෙනි ලෝක යුද්ධ කාලේ දවසක සොල්දාදුවන් 400ක්වම (සමහර විට ඊටත් වඩා) එකවර මුන් ටික එකතු වෙලා ගිල දාලා තියනවා. ගිනස් පොතෙත් තියෙන්නේ සතුන් නිසා මිනිසුන් මුහුණ දුන් විශාලතම ඛේදවාචකය එය කියලයි.

4.සර්ප දූව – ඉල්හා ඩා කෙයිමාඩා ග්‍රාන්ඩේ (Ilha de Queimada Grande) යන පෘතුගීසි නාමයෙන් හඳුන්වන බ්‍රසීලයේ පිහිටි මේ දූපත මුළු ලෝකය ම දන්නේ සර්ප දූපත කියලයි (Snake Island). ඉස්සරින් සඳහන් කරපු දූපතේ හිටියේ කිඹුල් පතයෝ. ඒත් මෙතන ඉන්නේ සර්ප දණ්ඩෝ. මේ දූපතේ වර්ග මීටරයකට ගෝල්ඩන් ලාන්ස්හෙඩ් වර්ගයේ අධික විෂ සහිත සර්පයන් පහක්වත් ඉන්නවාය කියලා වාර්තා වෙනවා. ඒ සර්පයන් ඉන්නෙත් මේ දූපතේ විතරයි. උන් විතරක් නෙවෙයි තවත් සර්ප විශේෂ 4000ක් විතර ඉන්නවා කියලා වාර්තා වෙනවා. ඉතින් කොහොමෙයි ඒකෙ පය ගහන්නේ?

5.උතුරු සෙන්ටිනල් දූපත – ඉන්දියන් සාගරයේ බෙංගාල බොක්කේ පිහිටා ඇති මේ දූපත අයිති වෙන්නේ ඉන්දියාවටයි. මේකට යන එක භයානක වෙන්නේ එහි ජීවත් වෙන ගෝත්‍රිකයන් නිසා. සාමයට ආවත්, යුද්ධයට ආවත්, ළඟින් ගියත් ඇහැක් නැතිවෙන්න සෙත්තපෝච්චි කරලා දාන එක තමයි මෙයාලාගේ ක්‍රමවේදේ. ඒ නිසා තාමත් කාටවත් මොවුන් එක්ක සම්බන්ධ වෙන්න ලැබිලා නැහැ. ගුවනින් ගත් ඡායාරූපයක් තියෙනවා. ඒකෙ ඉන්නෙත් දුනු අමෝරාගෙන.

6.ඉසූ දූපත් – මේක එක දූපතක් නෙවෙයි. දූපත් 12කින් යුතු සමූහයක්. පිහිටලා තියෙන්නේ ජපානයේ. මෙහෙ ඉන්න මිනිස්සු බොහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා එක දෙයක් ඇරෙන්න. ඒ තමයි නිතරම වාගේ ආරක්‍ෂිත මුහුණු ආවරණයක් පැළඳ සිටීම. මේකට හේතුව තමයි ගිනිකඳු. ගිනිකඳුම 17ක් තියෙනවා. වායුගෝලයේ ඉතා අධික වශයෙන් සල්පියුරික් අම්ලය තියනවා. මේ භූමියේ වාසය කරනවාට ඒ පදිංචිකරුවන්ට ගෙවීමකුත් කරනවා. පිටස්තරයෙකුට යන්න ආසාවක් තියෙනවා නම් ඒ ජීවිතය ගැන ආසාව අත හැරපු කෙනෙක්ම වෙන්න ඕනි.

7.බූවට් දූපත – අත්ලාන්තික් සාගරයේ දකුණු අප්‍රිකාව සහ ඇන්ටාර්ක්ටිකාව අතර පිහිටලා තියන මේ හුදකලා දූපත අයත් වෙන්නේ නොර්වේ රාජ්‍යයටයි. මිනිස් පුළුටක්වත් හොයාගන්න අපහසු මෙහි ගැවසීම නොර්වේ රාජ්‍ය විසින් සෑහෙන සීමා කරලා තියනවා. සම්පූර්ණයෙන්ම ග්ලැසියරයකින් වැහිලා තියනවා. අධික ශීතල සහ මිනිස් වාසයකින් තොර වීම නිසා මෙහෙ යන එක නම් ආසා හිතෙන වැඩක් නෙවෙයි

පෘථිවියෙ ගස් හිටවන්න යන බිලියනපතියා

පසුගිය මාසයේ නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඩොලර් බිලියනයකට අධික මුදලක් පරිත්‍යාග කළ විට, බොහෝ අය විමසා සිටියේ නිවාස නැතිකම හෝ පරිසරය වැනි දැවෙන ප්‍රශ්න සඳහා මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් ලබා දිය නොහැකිද යන්නයි.

ඔක්තෝම්බර් මාසයේදී, කෝටිපති දානපතියෙකු වන වයිස් පදනමේ ප්‍රධාන විධායක නිලධාරී Hansjörg Wyss (හැස් යොග් වයිස්) ඉදිරි වසර දහය තුළ පාරිසරික සංරක්ෂණ කටයුතු සඳහා ඩොලර් බිලියනයක් පරිත්‍යාග කිරීමට පොරොන්දු විය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ලිපියක, හැන්ස්ජෝග් වයිස් ලොව පුරා විශාල ඉඩම් ප්‍රමාණයක් මිල දී ගෙන ඒවා මහජනයාට විවෘත වන උද්‍යාන බවට පත් කිරීමේ ඇදහිය නොහැකි සැලැස්මක් ප්‍රකාශයට පත් කළේය.

“වනාන්තර ඉඩම් සහ ජලය වඩාත් හොඳින් සංරක්‍ෂණය කරනු ලබන්නේ පුද්ගලික අතේ නොව, ගේට්ටු පිටුපස අගුලු දමා ඇති අතර, පොදු ජාතික උද්‍යාන, වනජීවී සරණාගතයින් සහ සමුද්‍ර සංචිත ලෙස, සෑම කෙනෙකුටම අත්දැකීම් සහ ගවේෂණය සඳහා සදහටම විවෘත ය. කොලරාඩෝ හි පාෂාණ කඳුකරයේ පොදු ඉඩම්වලට නැගීම සහ නැගීම යන විට තරුණයෙකු ලෙස මා දැඩි ලෙස බලපෑවේ මෙම ස්ථාන මහජන විශ්වාසය මත තබා ගැනීමයි. ”Hansjörg Wyss (හැස් යොග් වයිස්) පැවසීය.

“අපගේ ස්වාභාවික ලෝකයේ සුළු ප්‍රමාණයක් දැනට ආරක්ෂා වී ඇති ආකාරය සහ කොපමණ ප්‍රමාණයක් ආරක්ෂා කළ යුතුද යන්න අතර ඇති අතිමහත් පරතරය නිසා පුරවැසියන්, පරිත්‍යාගශීලීන්, ව්‍යාපාරිකයින් සහ රජයේ නායකයින් වන අප සෑම කෙනෙකුම කරදරයට පත්විය යුතුය. අපගේ මිනිස් අඩිපාර පෘථිවියේ ඉතිරිව ඇති වනාන්තර පරිභෝජනය කිරීමට පෙර එය හදිසියේම පටු විය යුතු පරතරයකි.

ඔහුගේ දායකත්වය 2030 වන විට පෘථිවියේ 30% ක් ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇතැයි විස් බලාපොරොත්තු වේ. අක්කර මිලියන 3.5 ක තෙත්බිම් පරිසර පද්ධතියක කොටසක් වන සහ බොහෝ සතුන් වාසය කරන වයඹ දිග ප්‍රදේශවල එඩීසි ජාතික වනජීවී ප්‍රදේශය සඳහා කළමනාකරණ වැඩසටහනක් නිර්මාණය කිරීමට කැනඩාවේ ඩෙහෝ පළමු ජාතීන්ට උපකාර කිරීම සඳහා එම පරිත්‍යාගයන්ගෙන් සමහරක් ඩොලර් 750,000 ක් විය. මෙම පදනම ආර්ජන්ටිනාවේ පැරණිතම සංරක්ෂණ කණ්ඩායම වන ඒව්ස් ආර්ජන්ටිනාවට ඩොලර් මිලියන 5.8 ක පරිත්‍යාගයක් කරයි. මෙම පරිත්‍යාගය අක්කර මිලියන 1.5 ක ජාතික උද්‍යානයක් නිර්මාණය කිරීමට උපකාරී වේ. ආර්ජන්ටිනාවේ ටුකුමන් පළාතේ අක්කර 178,000 ක ජාතික උද්‍යානයක් පිහිටුවීම සඳහා විස් ෆන්ඩේෂන් ෆ්ලෝරා වයි ෆවුනා වෙත ඩොලර් මිලියන 22 ක් පරිත්‍යාග කරයි.

හන්ස්ජෝර්ග් වයිස් යනු සංරක්‍ෂකයින් සඳහා පවා ගෘහ නාමයක් නොවිය හැකි නමුත් Hansjörg Wyss (හැස් යොග් වයිස්) පසුගිය විසි වසර පුරා නිහතමානිව තම මිලියන ගණනක් පරිසරයට පරිත්‍යාග කර ඇත. ඇත්ත වශයෙන්ම,Hansjörg Wyss (හැස් යොග් වයිස්) ඒ හා සමාන උත්සාහයන් සඳහා ඩොලර් මිලියන 450 කට වඩා ලබා දී ඇත.

ඔහුගේ New York Times පුවත්පත සඳහන් කලේ අනාගතය පිළිබඳ ඔහුගේ සුභවාදී අදහස් බෙදා ගත් බවයි. “මෙම මුදල් ලොව පුරා දේශීයව මෙහෙයවනු ලබන සංරක්ෂණ ප්‍රයත්නයන් සඳහා සහාය වනු ඇත, ගොඩබිම සහ සාගර ආරක්ෂාව සඳහා ගෝලීය ඉලක්ක වැඩි කිරීමට තල්ලු කිරීම, මෙම ප්‍රයත්නයේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට උත්සාහ කිරීම සහ අපගේ ඉලක්කය කරා ළඟා විය හැකි හොඳම උපාය මාර්ග හඳුනා ගැනීම සඳහා විද්‍යාත්මක අධ්‍යයන සඳහා අරමුදල් සපයයි. මෙම අභිලාෂක ඉලක්කය සපුරා ගත හැකි යැයි මම විශ්වාස කරමි. අවට සිටින ප්‍රජාවන්ගේ සංරක්ෂණය, ආර්ථික හා සංස්කෘතික වටිනාකම් පිළිබිඹු වන ආරක්ෂිත ප්‍රදේශ වෙන් කිරීම සඳහා ලොව පුරා ආදිවාසීන්, ප්‍රාදේශීය නායකයින් සහ සංරක්ෂණ කණ්ඩායම් දැනටමත් කාර්යබහුල වී සිටිති.

“මෙය කෙලින්ම දිග හැරෙනු මම දුටුවෙමි. පසුගිය දශක දෙක තුළ, මගේ පදනම අප්‍රිකාව, දකුණු ඇමරිකාව, යුරෝපය, කැනඩාව, මෙක්සිකෝව සහ එක්සත් ජනපදය යන රටවල වනාන්තර ආරක්ෂා කිරීම සඳහා වන දේශීය ප්‍රයත්නයන් සඳහා සහාය වී ඇති අතර අක්කර මිලියන 40 කට ආසන්න ඉඩම් සංරක්ෂණය කිරීමට අපගේ හවුල්කරුවන්ට උපකාර කිරීම සඳහා ඩොලර් මිලියන 450 කට වැඩි මුදලක් පරිත්‍යාග කර ඇත.” ඔහු තවදුරටත් පැවසීය. Mihindu Fonseka

විද්‍යුත් පරිපථ යාන්ත්‍රික සැලැස්ම තනියම නිරමාණය කළා

මගේ දුව හම්බ වුණාට පස්සේ මම හිතුවා මගේ දුවට මම ගත කරපු ජීවිතය ම ගත කරන්න දෙන්න බෑ. එහෙම හිතල තමයි මම ඇමෙරිකාවට ආවේ. එතකොට ගැහැණු ළමුන්ටත් පිරිමි ළමුන්ටත් එක හා සමාන අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන් කියලා හිතුනා. මෙලනි නිලන්ති මහආරච්චි 2003 වසරේදී සිය ස්වාමිපුරුෂයා සමග ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට ගත් තීරණය පිළිබඳ සිහිපත් කළේ එලෙසය.

ඇමෙරිකාවට පැමිණි මෙලනි මේ වන විට අභ්‍යවකාශ සහ ගුවන් යානා නිර්මාණ ක්ෂේත්‍රයේ දිගු ගනමක් ගිය ඉංජිනේරුවරියක් ලෙස සැලකිය හැක. සඳ තරණයෙන් පසු ලොව අභ්‍යවකාශ තාක්ෂණයේ ඇස යොමු වූයේ අඟහරු (Mars) ග්‍රහයා වෙතය. එහි ජීවීන් සිටී ද, ජලය තිබේ ද යන්න සහ ජීවීන් ට පැවතිය හැකි ද සෙවීමට විද්‍යාඥයෝ වෙහෙසෙති.

මෙලනි පවසන්නේ නාසා ආයතනය (National Aeronautics and Space Administration) සහ SpaceX (Space Exploration Technologies) නම් පෞද්ගලික ආයතනය ද මේ වනවිට අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් ගෙන යාහැකි ආකාරය ගැන පරීක්ෂණ කරමින් සිටින බවය. ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි එලොන් මස්ක්ගේ යටතේ ක්‍රියාත්මක SpaceX ආයතනය අඟහරු ග්‍රහයා මත 2050 වනවිට මිනිස් ජනපදයක් පිහිටුවීම අරමුණු ඇතිව කටයුතු කරයි.

මෙලනි, මේ වනවිට එම ආයතන දෙකෙහි ම සේවය කර ඇත. ඇය නාසා ආයතනය සමග එක් වී ඇත්තේ 2015 වසරේදීය. “මම විශ්ව විද්‍යාලයෙන් අස්වෙන කොට මම හිතුවා කවදා හරි මගේ ඉලක්කය තමයි නාසා එකට සම්බන්ධ වෙලා Mars Rover ව්‍යාපෘතියට එක් වෙනවා කියලා. ඇත්තටම නාසා එකට සම්බන්ධ වෙන එක හරි අමාරුයි. මගේ ප්‍රධානියා මාව LinkedIn එකෙන් දැකලා මැසේජ් කරලා ඇහැව්වා රැකියා අවස්ථාවක් ගැන එයත් එක්ක කතා කරන්න කැමති ද කියලා. මම එතකොට බෝයිං සමාගමේ වැඩ කළේ. ව්‍යාපෘති දෙක තුනක්ම තිබ්බා. මම එයත් එක්ක සාකච්ඡා කළා. මම කිව්වා මට බෝයිං එකෙන් හොඳට ගෙවනවා නමුත් Mars Rover නිර්මාණ සැලසුම් අංශයට බඳවා ගන්නවා නම් එන්නම් කියලා. සම්මුඛ සාකච්ඡා දවසෙ ම තිබ්බා. 10 දෙනෙක් විතර මාත් එක්ක කතා කළා පැය 8ක් විතර. මට අන්තිම වෙන කොට හරිම මහන්සියි. ඔක්කොම ඉවර වෙලා මගේ ඉල්ලීමට ඔහු කැමති වුණා .”

මෙලනි පවසන පරිදි ‘Mars Rove’r යානය තුළ විද්‍යුත් පරිපථ යාන්ත්‍රික සැලැස්ම (Electrical system mechanical layout) තනියෙන් ම නිර්මාණය කර ඇත්තේ ඇය විසිනි.”මම මගේ ප්‍රධානියාට කිව්වා මේක හරි සංකීර්ණ වැඩක් මේක තුන් හතර දෙනෙක් කරන්න ගියොත් වෙන්නේ අර ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ වෙයි කියලා. මම එයාට කිව්වා මට මේක තනියෙන් ම කරන්න ඕනේ කියලා. ඔහු ඒකට එකඟ වුණා.”

‘Mars Rover’ යානය 2020 දී දියත් කිරීමට නියමිතය. මේ වනවිට එහි නිෂ්පාදන කටයුතු නිමවා ඇති අතර වසරක් පුරා එම යානයේ පුර්ව පරීක්ෂා කිරීම් කිරීමට සැලසුම් කර තිබේ.”නාසා එකේ තියෙන එකම අභිප්‍රාය තමයි අඟහරු ගැන හොඳට අධ්‍යයනය කරන එක. එතකොට අඟහරු ගැන ඉගෙන ගන්න දේවල් මේ ලෝකෙට යොදාගෙන බලන්න පුළුවන්. කවුරුත් තාම දන්නේ නැහැ අඟහරු මත මිනිස්සුන්ට ජීවත්වෙන්න පුළුවන් ද නැත්ද කියලා. ඒ වගේම ඉස්සර එහි ජීවීන් සිටිය ද කියලා අපි දන්නෙත් නැහැ. දැන් නාසා එකෙන් කරන්නේ අඟහරු ලෝකෙට මොකද වුණේ, මොනවද වෙන්නේ කියලා බලලා ඒ ඔක්කොම සාක්ෂි අරගෙන පෘථිවියේ වෙසෙන මිනිසාට එහි වාසියක් තිබේද කියන එක සෙවීම. මේ ‘Mars Rover’ එකේ එක් අරමුණක් තමයි ඒ.”

යානයේ නිෂ්පාදන කටයුතු නිම වීමත් සමග මෙලනි 2019 වසරේ ජනවාරි මාසයේදී නාසා ආයතනයෙන් අස් වී ඇත. කොළඹ උපන් මෙලනි නිලන්ති මහආරච්චි, දරුවන් තිදෙනෙකු සහිත පවුලක දෙවෙනියා විය. 10 වෙනි ශ්‍රේණිය දක්වා ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඇය උසස් පෙළ හැදෑරීම සඳහා බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයට ඇතුළත් වූ බව ඇය පවසයි.

“පොඩි කාලේ අපිට අමාරුකම් තිබ්බා. මම තමයි එකම දුව. සිහින දකින්න මට තිබ්බ සම්පත් අඩුයි. අපි නොදන්න දේවල් ගැන අපිට සිහින දකින්න බැහැ. ඉතිං මම කවදාවත් ඉංජිනේරු වෘත්තිය, ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණය ගැන එහෙම සිහින දැක්කේ නැහැ මොකද මම ඒවා දැනගෙන සිටියේ නැහැ. නමුත් මම විද්‍යාවට, ගණිතයට ඉස්කෝලේ යන කාලේ හරිම දක්ෂයි. හැම තිස්සෙම ගණිතයට දුන්න තෑග්ග මම තමයි ගත්තේ.”

2003 වසරේදී ඇමෙරිකාවට පැමිණි මෙලනිට තම දක්ෂතා උරගා බැලීමට සිත්විය. ගණිත විෂයට ඇති ඇල්ම නිසාම විශ්වවිද්‍යාලයකට ඇතුළත් වී ඉංජිනේරු ක්ෂේත්‍රය ඔස්සේ තවදුරටත් ඉගෙන ගත හැකිදැයි සොයා බැලු විට, තමාට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට ඇතුළත් විය හැකි බව ඇයට තේරුම් ගියේය.

“ඇමෙරිකාවට ආවහම මට හිතුනා අනේ මට ඉංජිනියරින් කරන්න බැරි වුණානේ, මම ගණන් වලටත් ආසයි නේද එහෙම කියලා පොඩ්ඩක් හොයලා බැලුවේ. මගේ දක්ෂතාවෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනව ද කියලා. එතකොට තමයි මම දැන ගත්තේ මට ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන් මම අම්මා කෙනෙක් වුණාට කියලා.”

කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් වසර හතරකින් සිය උපාධිය සම්පූර්ණ කළ මෙලනි, ඉන්පසු ගුවන් යානා නිර්මාණ ඉංජිනේරු ක්ෂේත්‍රයේ වෘත්තීය ඇරඹීය. “මම හිතන්නේ පොඩි කාලේ ඉඳන් ම සිහින දකින්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් තමන්ට අවස්ථාව ලැබුණු විට ඒ අවස්ථාව ගන්න එක තමයි වැදගත්. ඒක මම ගත්තා,” මෙලනි පවසයි.

2010 වසරේදී ඇය Space x සමාගම හා සම්බන්ධ වී තිබේ. SpaceX සමාගම හා සම්බන්ධ වී මාස තුනක් ඇතුළත ඇය විදුලි පරිපථ නිර්මාණ අංශයේ ප්‍රධානියා ලෙස පත්කර තිබේ. “ඒක විශාල වගකීමක්. මට වැඩ දාලා ගෙදර දුවන්න සිතුනු වාර අනන්තයි.” SpaceX කණ්ඩායමේ ‘ෆැල්කන් 9’ රොකට්ටුව සඳහා ‘Merlin’ එන්ජිම නිර්මාණ කළ කණ්ඩායමට සම්බන්ධව ද ඇය කටයුතු කර තිබේ.

එසේම, අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග 2012 දී එක් වූ ඩ්‍රැගන් යානාවේ විදුලි පරිපථ පද්ධතිය සම්පූර්ණයෙන්ම නිර්මාණය කිරීමට හැකි වූ බවත් ඇය කියා සිටී. “බොහෝ ‘අභ්‍යවකාශ කැප්සියුල’ නිර්මාණයට මම දායක වෙලා තියෙනවා. ඒවා බොහොමයක් අභ්‍යවකාශයේ තියෙනවා. ඒ ගැන හිතෙන කොට ආඩම්බරයක් දැනෙනවා.” ඉන්පසු 2014 වසරේදී ඇය බෝයිං සමාගම හා සම්බන්ධ විය. එහිදී 777x සහ 787 වැනි ගුවන් යානා නිර්මාණයට සිය දැනුම ලබා දුනි.

වර්තමානය වන විට ගුවන් තාක්ෂණ සහ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයන් හි පුරුෂ ආධිපත්‍යයක් ඇති බවත් තම අරමුණ එය වෙනස් කිරීමට යම් දායකත්වය ලබාදීම බව ද මෙලනි පවසයි. “පිරිමි සමහරු හුඟක් වයසයි. ඒක හරි සම්ප්‍රදායික විෂයක්. විශේෂයෙන්ම නාසා එකේ ඉන්නේත් වයසක පිරිමි අය. මම නාසා එකට ගියහම එතන හිටපු තරුණ අයගෙන් කෙනෙක් මම. හැමදාම හරියට රැස්වීම් තිබ්බා ඒ හැම එකකම කාන්තාවෝ අඩුයි. මගේ අංශයේ රැස්වීම් වල ගොඩක් වෙලාවට මම විතරයි කාන්තාවකට හිටියේ.”

නාසා ආයතනයෙන් ඉවත් වීමෙන් පසු ගණිතය, විද්‍යාව සහ තාක්ෂණික විෂයයන් හැදෑරීම සඳහා ගැහැණු ළමුන් ධෛර්යමත් කිරීමට ඇය විසින් ‘iSTEM without Borders’ නමින් සංවිධානයක් පිහිටුවා ගෙන තිබේ.”ගොඩක් ගැහැණු ළමයි ඉංජිනේරු විෂය, ගණිතය වගේ අංශ වලින් ඉගෙන ගන්න අකමැතියි. ලංකාවේ විතරක් නොවේ බොහෝ රටවල තත්ත්වය එහෙමයි. මම ඒක දැක්කා හොඳට. අපි ළමයිව හැම දේටම සහභාගී වෙන්න උනන්දු කරන්න ඕනේ. එකෙන් පෞරුෂය වර්ධනය වෙනවා. මම කතෝලික නමුත් භක්ති ගීත තරගවලටත් ගියා. මම උපාධිය ඉවර කරලා රස්සාව කරන්න ගිය විට දැකපු දෙයක් තමයි ඒ ආයතන වල ගැහැණු ළමයි ඉන්නවා හැබැයි රැස්වීම් වල කතා කරන්නේ නැහැ. නමුත් පෞරුෂ වර්ධනය පටන් ගන්න ඕනේ ඉස්කෝලෙන්.”

විශ්වවිද්‍යාල වල ඉන්න ගැහැණු ළමයි සවිබලගැන්වීමට ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරයා විසින් අරඹන ව්‍යපෘතියක උපදේශක මණ්ඩලයට ඇය සම්බන්ධව කටයුතු කරන්නීය.”තාක්ෂණය අපි ගැහැණු පිරිමි ඔක්කොම පාවිච්චියට ගන්නවා. ඉතිං ඒක නිර්මාණය කරන කොටත් සමාන දායකත්වයක් ලැබිය යුතුයි.” යනුවෙන් ද මෙලනි මහආරච්චි පැවසුවාය.