සුදු කබර සදහා ප්‍රතිකාර

සමේ ස්වභාවික පැහැය ක‍්‍රමයෙන් නැති කරමින් ප‍්‍රථමයෙන් ඇස් වටා, මුඛය වටා, ඇගිලි තුඩු වැනි ස්ථාන වල ඇතිවන සුදු පැහැ ලප පසුව ශරීරයේ අනෙක් ප‍්‍රදේශ කරා වේගයෙන් පැතිරෙමින් අවලස්සන මෙන්ම විටෙක භයානක ස්වරුපයක්ද ඇති කරයි. මෙම රෝගයෙන් කිසිදු වේදනාවක් හෝ දෛනික වැඩ වලට බාධාවක් හෝ ඇතිනොවන නමුදු එය මහත් සමාජීය බලපෑමක්ද දරුණු මානසික ආතතියක්ද රෝගියා කෙරෙහි ඇති කරවයි.

මෙම රෝගයට හේතු සාධකද විවිධාකාර වේ. මීයන්, බළලූන් හෝ සර්පයින් සපා කෑම නිසා මෙම රෝගය වැළදෙන බව සමහරුන් පවසන අතර තවත් අය මෙය දෙවියන්ගේ ශාපයක් නිසා වැළදෙතැයි විශ්වාස කරති. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙම රෝගයට හේතු ව‍න්නේ සමේ ෙසෙල තුල ඇති මෙලනීන් කණිකා යම් කරුණක් නිසා ක‍්‍රමයෙන් නැතිවී යාමයි. මෙලනීන් යනු සමේ වර්ණය ලබා දෙන කණිකා විශේෂයකි. තවද දියවැඩියාව, පීණස, මානසික ආතතිය වැනි කරුණුද මේ සදහා බලපෑ හැකිය. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුදු කබර රෝගයේ හේතු කාරකය සොයාගෙන ඇති නමුදු ඒ සදහා සාර්ථක කල් පවතින ප‍්‍රතිකාර ක‍්‍රමයක් නම් සොයාගෙන නොමැත. එහෙත් ආයුර්වේද වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමය මගින් ඈත අතීතයේ සිටම මෙම රෝගය සාර්ථකව මැඩ පවත්වා නිට්ඨාවට සුවපත් කරනු ලැබ ඇත.

ආයුර්වේදයට අනුව ශාරීරික සුවතාව පවතින්නේල වා.පිත්.සෙම්. යන ජීව සාධක වල මනා සමබරතාවය අනුවය. මෙම සමබරත‍ාවය බිදී යෑමෙන් ශාරීරික සෞඛ්‍ය අඩාල වේ. සුදු කබර රෝගයද මෙලෙස සමබරතාවය බිදී යෑමේ එක් ප‍්‍රතිථලයකි. ඒ අනුව එක් එක් ජීව සාධකයේ අසමතුලිතතාවය අනුව සුදු කබරද ප‍්‍රභේද තුනකට බෙදා ඇත. ඒ කවර ප‍්‍රභේදයක් වුවද ආයූර්වේද ප‍්‍රතිකාර මගින් සුවකළ හැකිය. එසේ වුවද රෝගය පැතිරීම අනුව සුව වීමේ කාලය වෙනස් විය හැක. ප‍්‍රථම සුදුපැහැ ලපය ඇති වනවාත් සමගම සුදුසු ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් ප‍්‍රතිකාර ආරම්භ කලේ නම් සතියක පමණ කාලයකින් රෝගය සුව කරගත හැකිය. එහෙත් ‍රෝගයේ පැතිරීම වැඩි වුවහොත් එය සුව වීමට ගන්නා කාලයද වැඩි විය හැක.

මෙම රෝගය සදහා සම මත ආලේප කරන පත්තු, ඖෂධීය තෙල් මෙන්ම ශරීරය තුලට ලබාදෙන ගුලි, කල්ක සහ කුඩු ලෙස ආයුර්වේද ප‍්‍රතිකාර විවිධ වේ. මේවා සියල්ලෙන්ම ශරීරයේ නැතිවී ගිය සමතුලිතතාවය යලි ඇතිකර අවශ්‍ය මෙලනින් කණිකා නිපදවා ගැනීම සදහා අවශ්‍ය ශක්තිය ලබා දේ. ආයුර්වේද ප‍්‍රතිකාර වලට ආවේණික අයුරින් මේවායේද අහිතකර ප‍්‍රතිථල කිසිවක් නොමැත. තවද ‍රෝගියා අනුභව කරන ආහාර පානද ප‍්‍රතිකාර කෙරෙහි බලපායි. කතුරුමුරුංගා, මුකුණුවැන්න වැනි පලා වර්ගද දිවුල් වැනි පළතුරුද කරපිංචා යුෂ සමග තණ හාල් කැදද ඉක්මන් සුවය සදහා මහත්සේ දායක වේ. එලෙසම සියලූම ආකාරයේ මාංශ වර්ග ඇඹුල් රස පළතුරු හා අච්චාරු වර්ග මේ සදහා සුදුසු නොවේ. ඒවා ප‍්‍රතිකාර කෙරෙහි අහිතකරව බලපායි. ඒ අනුව මනා ආයුර්වේද ප‍්‍රතිකාර විධි සමග සුදුසු ආහාර වේලක් ලබාගන්නේ නම් මෙම අප‍්‍රසන්න චර්ම රෝගය ඉතා කඩිනමින් සුව කළ හැකිය.