යාචකයින් මත සිටින දරුවන්

මතෙව් සෝලෝ විසින් ලියන ලද ලිපියකින් උපුටාගන්නා ලදී. මෙහි මුල් කතෘ කවුරුදැයි අප කිසිවෙකු හරිහැටි නොදනී. එහෙත් මෙම කතාවේ සත්‍යයතාව කාම්බෝජය සහ බැංකොක් හි වෙසෙන හිතවතුන්ගෙන් සහතික කර ඇත(මතෙව් සෝලෝ). පුදුම හිතෙන කරුණක් නම් ඔවුන්ගේ ඉල්ලීම වන්නේ “යාචකයන්ට කෑම හා ජලය පමණක් සපයන්න,මුදල් දීමෙන් වළකින්න. මේ සැබෑ කරුණකි. එහෙත් ඔබ මේ සඳහා වැඩිපුර වියදම් නොකිරීමට වග බලා ගන්න. මන්ද මේ හිඟමන් ඇදීමේ කර්මාන්තයයි. කාටද උදව් කළ යුත්තේ, කෙසේද උදව් කළ යුත්තේ ඔබ නුවණැතිව සිතා කටයුතු කරන්න. පවතින තත්වය මත හොඳින් දැනෙන ඔබේ තීරණය ගන්න”.

“වයස ගැන කිව නොහැකි කාන්තාවක් පැමිණ Metro දුම්රිය නැවතුම් පල අසල අසුන්ගනියි. ඇයගේ අපිරිසිදු කොණ්ඩය අවුල් වී, මුහුණ ශෝකයෙන් බරිත වී ඇත. ඇයගේ බෑගය කුණු තැවරුණ බිම මත පසෙකින් තබා ඇත. අපිරිසිදු බිම මත ඇති එම බෑගය වෙත පා ගමනින් යන මිනිසුන් විසින් මුදල් විසි කරනුලදී. කාන්තාවගේ දෑත මත අපිරිසිදු හිස් වැසුමකින් හා අපිරිසුදු ඇඳුමකින් සැරසුණු වසර 2ක් පමණ වන නිදන දරුවෙක් විය.

යාචකයින්ගේ දරුවන් නිදා සිටින්නේ ඇයි? දරුවා සමග Madona යන අන්වර්ථ නාමයෙන් මෙම කාන්තාව වෙත බොහෝ මගින් මුදල් පරිත්‍යාග කරයි.අපි දරුවා සමග දැකීමෙන් කණගාටුවක් උපදී. දෙවරක් නොසිතා ඔවුන් වෙත අන්තිම ඇඳුම,අන්තිම සතය දක්වා දීමට සූදානම්ය.උදව් කිරීම හොඳ වැඩක් ලෙස දැක්වියහැක.

මම මසක් පුරා මෙම යාචකයා පසුකර ගියේය. හිඟන්නන්ගේ මාර්ගයෙන් මුදල් එකතු කරන කණ්ඩායමක ක්‍රියාවක් බව මා දන්නා නිසා මුදල් දීමෙන් වැළකී සිටියෙමි.ඔවුන් හට බොහෝ සුඛෝපභෝගී දේපල සහ වාහන ඇත.හිඟන්නා හට වොඩ්කා බෝතලයක්, Dona kebab වැනි දෙයක් හමුවෙනු ඇත.දිනක් යාචකයා පසුකරගෙන යන විට මට එකවරම යමක් සිහියට නගිණ.

මම කාර්යබහුල පදික මාරුව ක සිට දරුවා දෙස බලා සිටියේය.හැමදාම මෙම දරුවා අපිරිසිදු ඇඳුමින් සරසවා සිටියේය. දරුවා සෑම විටම නින්දේ පසුවිය. කෙදිනකවත් කිසිම හඬක් නො නංවයි.සෑමවිටම ඔවුන්ගේ මූණ ඇයගේ ඇකය මත හොවා ගෙන සිටි. අපිරිසුදු උමං මාර්ගය අසල උදෑසන සිට සවස් කාලය දක්වා මෙලෙස දරුවකු සිටීම නිසා මට යමක් වැරදී ඇති බව වැටහුණි.

ආදරණීය පාඨකයිනි ඔබට දරුවන් සිටී ද? ඔවුන් අවුරුදු 1,2 හෝ 3 කාල වලදී කොපමණ කාලයක් නිදා ගන්නේ ද?පැයක් දෙකක් උපරිම වුනත් එයත් කඩින් කඩ නොවන්නේද? සන්ධ්‍යා භාගයේ කෙටි නින්දකින් පසු ඔවුන්ගේ හැසිරීම කෙසේද?ඔවුන් ක්‍රියාශීලී අන්දමින් එවැනි වෙලාවට හැසිරෙන අන්දම ඔබ දැක තිබේද? සෑම මසකම සෑම දිනකම මම උමං දුම්රිය ස්ථානය වෙත ඇවිද ගියේය.දරුවා අවදියෙන් සිටින කිසි දිනක් මම නොදුටුවෙමි.මෙම එකම ක්‍රියාව දැකීමෙන් මා ගේ සැකය එන්න එන්න වර්ධනය විය.දිනක් දරුවා දෙස බලාගෙන සිට “හැමදාම දරුවා නිදා ගෙන එන්නේ ඇයි?” දැයි ඇසුවේය.

හිඟන්නා මට ඇහුම්කන් නොදුන්නේ ය. ඇගේ දෙනෙත හා මුහුණ දිරාගය ඇඳුමේ කොලරයට මුවා කර ගත්තේය.මම නැවත නැවතත් ප්‍රශ්න කළේය. කාන්තාව නැවත බැලුවේය.ඇගේ දෑස් මගෙන් පිටුපස හිස් අවකාශය වෙත යොමු කරගත් විලසම සිටියේය.ඇගේ පෙනුම අත්භූත ජීවියකුගේ බැල්ම හා සමාන විය.අසම්මත වචනයක් ඇගේ දෙතොලින් පිට විය.ඇයි ඔහු නිදි මම නැවත වරක් විමසීය.

එකවරම මට පිටුපසින් යමෙක් මගේ උරහිස මත අත තැබිය. මම හැරී බලන විට මගේ ක්‍රියාව අනුමත නොකරන බැල්මත් සහිතව ඔහු හිඟන්නා දෙස බලා සිටියේය. “ඇයගෙන් ඔබට අවශ්‍ය කුමක්ද?ඇයගේ ජීවිතය කෙතරම් රළු ද කියා ඔබට නොපෙනේද?” තමාගේ සාක්කුවෙන් ගත් කාසි කීපයක් අතට ගෙන හිඟන්නාගේ බෑගය දෙසට ඔහු විසි කළේ ය.හිඟන්නා ද එය ලබාගෙන යටි ස්වරූපය නොපෙනෙන ලෙස මුහුණෙන් ඉතා යටහත් පහත් ස්වභාවයක් ඉස්මතු කර ගත්තේය.පපුව මත කුරුසිය ප්‍රදර්ශණය කර භක්තිය ප්‍රදර්ශනය කළේය.ඔහු මගේ උරහිස මත අත තබා ගෙන ඔහුත් සමග උමං දුම්රිය පළෙන් ඉවතට කැඳවා ගෙන ආවේය.ඔහු නිවසට ගොස් දුප්පත් අසරණ කාන්තාවක් අධම මිනිස්සෙකුගෙන් බේරා ගත් ආකාරය මෙනෙහි කරනු ඇත.

ඊළඟ දිනයේ මාගේ යාළුවෙකු කැඳවිය. ඔලිව් ඇස් ඇති ඔහු විනෝදකාමී අයකු විය. තවද ඔහු රොමේනියානු ජාතිකයකු විය.ඔහුගේ අධ්‍යාපනය ලබා ඇත්තේ අවුරුදු තුන හමාරක කාලයක් පමණි. එහෙත් අඩු අධ්‍යාපනය ඔහුගේ සමාජය කෙරෙහි දැක්මට බාධාවක් නොවීය.මට හිඟමන් යෙදීමේ ව්‍යාපාරික කටයුත්ත ගැන දීර්ඝ අවබෝධයක් ලබාදුන්නේය.ව්‍යාජ ස්වරූපය වෙනස් කොට අව්‍යාජ පෙනුමක් හිඟන්නන් හට ලබාදී ඇත. එය මනාව සංවිධානය කර ඇත. මේ සඳහා සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් අවධානය යොමුකර ක්‍රියාවන් අධීක්ෂණය කරන්නේය. මේ සඳහා යොදා ගන්නා දරුවන් බේබදු පවුල් වලින් කුලී පදනම මත හෝ සොරකම් කිරීම මගින්ලබාගෙන ඇත.

“සෑම මොහොතකමදරුවන් නිදා සිටින්නේ ඇයි?” යන මගේ ප්‍රශ්නයට පිලීතුරක් අවශ්‍ය විය. අවසානයේ එය අධික කම්පනයක් සමග හමු විය. මගේ මිතුරා එය කාරුණික සන්සුන් හඩින් පැහැදිලි කළේය. මට එය දැනුනේ ගිගුරුම්ලන වර්ෂාවක් ලෙසයි.” ඔවුන් හෙරොයින් හෝ වොඩ්කා වලින් මත් ව සිටී”. කම්පනයට ලක්වූ මම මෙසේ ඇසීය. “හෙරොයින් හෝ වොඩ්කා වලින්මත් ව සිටින්නේ කවුරුන්ද?” ඔහු දිගටම කතාව කරගෙන ගියේය. “දරුවා එම නිසා කෑ මොර දෙන්නේ නැත. දරුවෙකු සමඟකාන්තාවක් මෙලෙස වාඩිවී සිටීමේදීවෙහෙසට පත්වන අයුරු සිතා බලන්න.”

දරුවාගේ නින්ද සඳහා දිනය පුරා හෙරොයින් හෝ වොඩ්කා පොම්ප කරයි. එවැනි අධික මාත්‍රාවක් දරාගැනීමට දරුවන්ගේ ඇඟ නිර්මාණය වී නොමැත. දරුවන් බොහෝවිට මියයයි. දරුණුතම දේ වන්නේ සමහර වැඩ කරන වේලාවන් වලදී සිදුවන දරුවන්ගේ මරණයි. ව්‍යාජ මව විසින් දිනය අවසන් වනතුරු මියගිය දරුවා වඩාගෙන සිටි. මේවා ම ව්‍යාපාරයට අදාළ නීති රීති වේ. මල්ලට මුදලක් දමා තනියම සිටින මවගේ ආත්ම විශ්වාසය ව්‍යාපාරිකයින් විසින් ගොඩනංවයි.

යාචකයින්ගේ දරුවන් නිදා සිටින්නේ ඇයි? ඊළඟ දින උමං දුම්රිය මාර්ගය අසල ඇවිදිමින් සිටියේය. මම මාධ්‍යවේදියෙකු ලෙස ආත්ම විශ්වාසය ගොඩනගාගෙන බරපතළ සංවාදයක් සඳහා සූදානම්ව සිටියේ ය. නමුත් සංවාදයෙන් නිසි ලෙස ක්‍රියාත්මක කළ නොහැකි විය. ක්ෂණිකව වෙනත් ආකාරයකට ක්‍රියාත්මක වන්නට විය. කාන්තාව බිම හිඳගෙන වෙනත් දරුවෙකු වඩාගෙන සිටියාය.දරුවාගේ අනන්‍යතාව පිළිබඳව මම විමසුවෙමි. වැදගත්ම දෙය නම් ඊයේ සිටි දරුවා කොහෙද කියා විමසා සිටීම යි. ඇය මාව නොසලකා හැරිය. එහෙත් එතැන පසු කරන්නන් විසින් මාගේ ප්‍රශ්නය නොසලකා නොහැරිය. එය මගේ මනසින් ඉවත් ව ගොස් තිබිණි. අවසානෙදි මා අපකීර්තියට පත් විය. ඉතිරිව තිබුණු එකම දෙය පොලිසිය කැඳවීමයි. පොලිසිය පැමිණෙන විට දරුවා සමග යාචකයා අතුරුදහන් ව සිටියේ ය. අවසානයේ මා හට හැඟී ගියේ ‘සුළඟ සමඟ සටනක නියුතු වු බවයි.’

ඔබ උමං මාර්ග වල, වීථිවල ඇවිද යන විට දරුවන් සමඟ හිඟාමන් යදින්නන් දකින විට ඔවුන්ට ආධාර දීමට පෙර දෙවරක් සිතන්න. ඔබේ අතින් ලැබෙන සිය දහස් ගණනක් මුදල් වලින් මෙම ව්‍යාපාරය වැඩි දියුණු වේ.තව තවත් දරුවන් මිය යනු ඇත. එම නිසා නිදාසිටින දරුවා දෙස කාරුණික දෑසෙන් නොබලන්න. එහි ඇති ගැඹුරු භයානක යතාර්ථය දකින්නට පෙළඹෙන්න. මේ ලිපිය කියවීමෙන් “සිඟන්නන් අත සිටින දරුවන් නිදා සිටින්නේ ඇයි දැයි?”දැන් ඔබ දන්නවා ඇත